විසි හතරවැනි හිමිවීම 💙

718 129 34
                                    

"සූකිරි......."

"..................................."

"සූකිරියෝ......."

"ඈ බං නිරෝධ..... කාටද උඹ ඔය ගිරිය කඩන් කෑ ගහන්නේ..... මොන සූකිරියෙක්ද..... දෙයියන්ගේ හාල් කැවිලද උඹට....."

පිටිපස්ස මිදුලේ ඉඳන් දෙතුන් වතාවක්ම සූකිරී කියලා කෑගහන මාමට අත්තම්මා බනින හැටි ඇහෙද්දිත් සනුත් හිටියේ කොට්ටෙනුත් එක්ක ඔලුව වහගෙන.....

"කෑ ගහන්නේද.... කෑ ගහන්නේ ආං අර ගෙට වෙලා ඉන්න ළමිස්සිට...... කන් ඇහෙන්නෙත් නෑ ඒ පාර....."

"ඒ පාර මොන විගඩමක්ද උඹ නටන්නේ මේ සූකිරියෙක් අල්ලගෙන..... මං අහගෙනයි දැන් දවස් දෙක තුනක ඉඳන් උඹ ඕකම කියවනවා ...... අම්මප නිරෝධ උඹට මදන යකා ගහලද..... හොයන හොයන මගුලට බෑ කිය කියා උඹ වෙනමම සන්නියක් නටනවා වගේ......"

"හෝව්.... හෝව්.... දැන් මගේ මගුලක් කොහෙන්ද මෙතෙන්ට ආවේ..... අනේ අම්මේ මේ.... මට මගුලක් ඕනි වෙද්දි මං කියන්නම්...අප්පච්චි වැටුණු වලේ මාවත් ඔබන්න හදන්නෙපා..... ආං අර ඇටයට අඬගහන්න වෙල් දිහා ගිහින් එන්න.... මොකද ඌ ජම්බු  ගහෙන් වැටිලද ගෙට රිංගන් පොරවන් ඉන්නේ......"

"මොකද්ද බොල ඒ කට කැඩිච්ච කතාව.... ඇයි උඹලයේ අප්පච්චිට මොනාද මං කසාද බැන්දයි කියලා අඩු උනේ.... කියපන් බලන්ඩ....."

"අප්පච්චි අවුරුදු 42ක්ම ඔය රේඩියෝ එක ඉවසන් උන්නු එකම මදෑ..... ආව්.... ආව්.... රිදෙනවා අම්මේ.... ආව්.... සොරි සොරි.... ආයේ කියන්නෑ...... ඔලුවටම ගහන්නෙපා අම්මේ..... පොල්කටු හැන්දෙන් ගහන්න හොඳ නෑලු..... ආයි ආයි......"

"ආයේ කියන්නෑ..... හහ්.... ඕවා බලන් තමා අර පුංචි එකා හැදෙන්නෙත්..... අම්මපා මෙහෙමත් මාමලා....  කට තලනවා මම අනිත් පාර දැනගන්......"

අත්තම්මාගෙයි මාමගෙයි සද්දේ එන්න එන්න වැඩි වෙද්දි තවත් ඔලුව ගහන් ඉන්න බැරි වුණ සනුත් හෙමීට කුස්සිය දිහාට ගිහින් පිටිපස්සේ මිදුලට හෙමින් සීරුවේ ඇහැ දැම්මා......

පිටිපස්සේ මිදුළේ වළං හෝදමින් ඉඳපු අත්තම්මා එක අතකින් මාමාගේ කනකින් මිරිකගෙන.... අනික් අතේ තිබුණු පොල්කටු හැන්දෙන් මාමට තඩි බාන හැටි දැක්කම නම් සනුත්ගේ කටින් බකස් ගාලා හිනාවක් පැන්නේ මෙච්චර වෙලා මූණේ තිබ්බ වැහි වලාකුළු පාවෙලා යද්දි......

හිමි අහිමි 💙Where stories live. Discover now