දොළොස්වන හිමිවීම 💙

738 149 47
                                    

"අයියේ.... කීයට විතරද යන්නේ......"

සිංදුවෙන් සිංදුව.... කතාවෙන් කතාව දිගින් දිගටම ඇදුණු උපන්දින සාදය නවතින පාටක් පේන්නවත් නැති නිසා මහිත්ගේ කණට ළංවුණු සනුත් හෙමින් ඇහුවා.....

"ඇයි සනූ.... කීයද වෙලාව..... යන්න හදිස්සිද....."

"මේ..... දැන් 10ටත් කිට්ටුයි..... මට හෙට ක්ලාසුත් තියේ.... ඔයාලටත් තියෙනවනේ ...."

මහිත් අහද්දි සනුත් උත්තර දුන්නේ දුරකතන තිරයෙන් වෙලාව පෙන්වමින්....

"එහෙනම් යං...... මුන්ට කියලම යං...."

"මචං..... අපි යන්නම් දැන්..... එනිවේ.... තෑන්ක්‍යූ ෆෝ ද ට්‍රීට්මන්ට් ඇන්ඩ් හැපි බර්ත්ඩේ අගේන් මචං...."

නිකිත් ළඟට ගියපු මහිත් ආයෙමත් වතාවක් නිකිත්ව බදාගෙන සුබ පැතුවා......

"අ..... *හික්.......අ...ඩෝ..... දැ....දැ...න්...මම.... *හික් දැ...ම්...ම ය....න...න..ව....ද්....ද උ.....බ්...බ...ර්....*හික්"

මේ වෙනකොට ඉරංග නම් සඳ බොඳ වුණ ගානටයි උන්නේ.... වයිට් විස්කි වලට අමතරව තව මොනා නමුත් මිනිහා එකතු කරගෙන වග නම් මහිත්ට තේරුණා....

"යන්නම් මචං........ කොල්ලට හෙට ක්ලාස්නේ.... "

සනුත් ව ඇස් දෙකෙන් පෙන්නපු මහිත් එහෙම කියලා නිකිත්ටත් සවින්දටත් සමුදුන්නේ....ඉරංගට කතා කරලා වැඩක් නැති බව දන්න නිසයි......

"යං සනූ....."

"නිකිත් අයියේ.... තෑන්ක්‍යූ අද දවසට..... යන්නම් එහෙනම්..."

"My pleasure Sanuth..... ඔයාටත් තැන්ක්‍යූ අද ආවට.... ආයෙ දවසක හම්බවෙමු....."

නිකිත්ට අතට අත දුන්නු සනුත්, සවින්දටත් යන්නම් කියන බැල්මක් විතරක් දීලා මහිත් ගේ පිටිපස්සෙන් වැටුණා...

"මහියා.... පොඩ්ඩක් හිටපං...."

මේතරම් වෙලා නිහඬව හිටපු සවින්ද පුටුවෙන් නැගිටලා තරමක් උස් හඬකින් කියමින් මහිත් දිහාට ආවා.....

"කා එකට යන්න සනූ.... මං එන්නම්...."

අතේ තිබුණු ගිටාරය සහිත බෑග් එකත් කාර් එකේ යතුරත් සනුත්ගේ අතට දීල සනුත්ව පිටත් කරපු මහිත් එතැනම නතර වුණේ සවින්ද ආව විදියට මේක පෞද්ගලිකව කතා කරන්න ඕනි දෙයක් කියලා ඉවෙන් වගේ දැණුනු නිසයි.....

හිමි අහිමි 💙Where stories live. Discover now