_48_

966 143 12
                                    

" තව සතියක් දෙන්නම් කැනඩා යන ෆ්ලයිට් එක ඉතාලි වලට හරවගෙන හරි කමක් නෑ  මෙහෙ වරෙන් නැත්නම් ආයිත් මගේ මරණෙටවත් උබ නැති වුනාට කමක් නෑ කියලා මන් හිත හදාගන්න වා "

---------------------------------------------------------

එදා කෝල් එක ආවේ යුග්ම ප්‍රිත්වි එක්ක එකට හිටිය නිසා කියන්න යුග්ම හොදටම දන්නවා. නැත්නම් මෙච්චර දවස් නිකමටවත් හොයලා නොබලපු කෙනා ට එකසැරේ ම කෝල් කරන්න හේතුවක් තිබ්බෙ නෑ.ආරෝන් ගෙන් ආව ඒ කෝල් එක ආවේ ආරෝන් ගෙ ඉරිසියාව නිසා ද නැත්නම් තිබ්බ තරහ නිසා ද කියන්න යුග්ම කල්පනා කරෙ නෑ..ඒ වෙනුවට යුග්ම ගෙ ඔලුවෙ හොල්මන් කරේ එක දෙයයි තාමත්  ප්‍රිත්වි එක්ක ආරෝන් ට තියෙන ගනුදෙනුව මොකක්ද කියලා. ප්‍රිත්වි කියන්නෙ මොන වගේ චරිතයක් ද කියන්න කලින් නොදැනුවත් ව හිටියත් දැන් යුග්ම ඌ කවුද කියන්න හොදටම දන්නවා.
ආරෝන් නෙක්ස්ට් වීක් කැනඩා යනවා කියලා යුග්ම දැනගත්තෙ එයෝන් ගෙන්. අනිත් තුන් දෙනාටම හොරෙන් එයෝන් ආරෝන් ගෙ හැම විස්තරයක්ම යුග්ම ට මේ කාලෙ පුරාවටම කිව්වා. ආරෝන් යුග්ම ෆෝන් වලින් කරන කතාබහ නැවතුනු කාලෙම චනෙරු එයෝන් ට ආරෝන් එක්ක ඉන්න එක තහනම් කරාට එයෝන් දැනටමත් ආරෝන් ගෙ ලගින් ම ආශ්‍රය කරන අයගෙන් එක්කෙනෙක් කියලා යුග්ම දන්නවා.  නෙක්ස්ට් වීක් කැනඩා යන ෆ්ලයිට් එක මිලානෝ වල Linate airport එකෙ පැයකට තියෙනවා. ඒ නිසා තමයි කොල්ලා ආරෝන් වන ගෙන්නගන්න බැලුවෙ.
හැබැයි එදයින් දවස් දෙකකට පස්සෙ වුනේ වැඩේ කනපිට ගැහෙන වැඩක්. චනෙරු ගෙ අම්මා ලංකාවෙ ඕගනයිස් කරලා තිබ්බ ඉවෙන්ට් එකකට එන්න ඉන්විටේෂන් එකක් යුග්ම ට ලැබෙද්දි ' සදා ' ගෙ ලොකු උත්සාහයක් මත යුග්ම ට ලංකාවට එන්න වීසා හම්බුනා. හිතුවෙවත් නැති විදියට වුනු දේ නිසා ආයිත් ලංකාවට යන්න ලැබුනු එක ගැන යුග්ම නම් තාමත් හිටියෙ ෆුල් ශොක් එකෙ. කොටින්ම කිව්වොත් කොල්ලා සිය පාරක් විතර ආයි ආයි කල්පනා කරා වුනු දේ ඇත්තටම වුනාද නැද්ද කියලා.



මහ රෑ එකයි හතලිස් පහයි.. යුග්ම හිටියෙ ෆ්ලයිට් එක ඇතුලෙ වාඩිවෙලා. කියාගන්න බැරි තරම් ලොකු සතුටකින් යුග්ම පිරිලා හිටියෙ අවුරුදු හතරකටත් වඩා වැඩි කාලෙකින් ආයිත් ඒ ආදරණීය මිනිස්සු ටික ලගට යනවා.. ඉතින් තවත් මොනවද යුග්ම හිටියෙ පැය දහයක් වුනු ගුවන් ගමන පුරාවටම අත් ඔරලෝසුව දිහා වට මූන හරවන ගමන්. මිලානෝ වල Linate airport එකෙන් ගොඩවුනු යුග්ම ලංකාවෙ කටුනායක ගුවන් තොටුපලෙන් බහින්න සූදානම් වෙලා හිටියෙ. එක විනාඩියකට යුග්ම ගෙ මූනෙ තිබ්බ හිනාව මේ පැය ගානටම පොඩ්ඩක්වත් අඩු වුනෙ නෑ. නෙක්ස්ට් වීක් එකේ මැද ආයිත් යුනිවර්සිටි පටන් ගන්නවා වුනාට යුනිවර්සිටි එකට දැනුම් දීලා යුග්ම ඒ සතිය වැකේෂන් ගත්තෙ ආයිත් මූනවත් බලන්නෙ නෑ කියලා දිව්රලා ආව තාත්තාව හම්බවෙන්න ගිහිල්ලා දෙපාරක්ම ඇවටිලි කරලා. තාත්තගෙ මාර්ගයෙන් ගත්ත දිග් වුනු වැකේෂන් එකයි  ' සදා ' ගෙන් ලැබුනු බිස්නස් ක්ලාස් වීසා එකයි යුග්ම ට මුලු ලෝකයක් වුනා.
යුග්ම එහෙන් එයාර්පෝට් එකට එනකම්ම එයෝන් කෝල් එකෙ ඉදන් එකදිගට ඇවිත් කරන ඒවා ගැන කියෙව්වා. චනෙරු නම් හිටියෙ යුග්ම ට ආයිත් යන්න වෙන එක ගැන කියලා මූඩ් ගහන්. යශ් හිටියෙ දැනටමත් ප්ලෑන් කරලා තිබ්බා ට්‍රිප් එක ගිහින් නවතින්න තැන් හොයන ගමන්. එතකොට අභී විතරක් පරිස්සමින් එන්න කියලා විතරක් ටයිප් කරපු මැසේජ් එකක් එවලා තිබ්බා.. අභී ඉතාලි ඇවිත් ආයිත් ලංකාවට ගිහින් තාම දවස් කීපයයි.
යුග්ම අත් දෙකෙ ඇගිලි එකට පටලවන් ඇස් පියාගත්තා. කොල්ලට වැඩියෙන්ම ඕන වුනෙ එක දෙයයි ඒ ඇස් දෙක තව එක පාරක් හරි දකින්න...









ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now