_04_

1.7K 242 13
                                    

" අභිලාෂ්... උබට ඇහෙනවද බල්ලො මගෙ අත නෑ වගෙ ඔය එලියෙ ඉන්න පොඩි එකෙක් ට එන්න කියපන් මෙ ටිකෙ නම් ලියන්න.." 

යුග්ම මෙ ඉන්නෙ ප්‍රිෆෙක්ට් රූම් එකට වෙලා සෙටිෆිකට්ස් වල නම් ලියන ගමන් ප්‍රයිස් ගිවින් එකට තව ටික දවසයි. බෝඩ් එකෙ ඔක්කොම උන් අද මේක ඇතුලෙ පිරිලා හැරෙන්නවත් ඉඩක් නෑ. ඒ අස්සෙ යුග්ම යි අභී නුයි හිටියෙ ඔලුව ලගටම වැඩ වලින් හිරවෙලා.

" මන් ඉන්විටේෂන් කාර්ඩ් ටික ගැන බලන්න ඕන ටේෂාන් එක්ක. යසිදු උබ ප්‍රයිස් ගිවින් ඉන්න උන්ගෙන් සල්ලි එකතු කරලා දිනුජි මිස්ට දීපන් සල්ලි නැති වෙන්න දෙන්න එපා හරිනෙ.. නැත්නම් අපෙන් දාන්න වෙන්නෙ.
තරිදු මන් එක්ක වරෙන් ජූනියර් උන්ට අද ඩියුටි ටික දාන්න ඕන අපෙ උන් ට යන්න වෙන්නෙ නෑ නෙ...
මෙහෙ වරෙන් යකො ඉක්මනට තෝත් නැලවෙනවනෙ ඉතින් ලද වගෙ.."

අභී ප්‍රිෆෙක්ට් රූම් එක දෙක වෙන්න කෑගැහුවෙ තරිදු වාඩිවෙලා හිටිය පුටුවත් පෙරලන් නැගිටිද්දි

" ඌට මොනා වෙලාද බන් අර බෙරිහන්  දෙන්නෙ .. නිකන්
ගෑනි වෙන මිනිහෙක් එක්ක  පෑලදොරෙන් පැනලා ගිහිල්ලා වගේ.."

" පෑලදොරෙන් නෙවෙයි මන් උබට පැනලා ගියපු තැන පෙන්නන්න වරෙන් ලගට..
හෙට වෙද්දි සෙටිෆකට් ටිකෙ වැඩෙ ඉවර කරන්න ඕන කිව්වා ප්‍රින්සිපල් සර්. ඊටපස්සේ දිනුජි මිස් මෙහෙ සල්ලි ගැන අහනවා බලහන් එකක්වත් ඉවර නෑනෙ මට ප්‍රෙසර් නැගලා වගෙ යකු.."
අභිලාශ් ආයිත් කෑගගහ එලියට ගියෙ පපුවටත් අතකින් ගහ ගහ .

" ප්‍රයිස් ගිවින් එක අවුරුද්දෙ මුල දාපු පගයා කවුද වුත්තො මන් මරාගෙන මැරෙනවා ඕකව.."

" ඔයැ යි ප්‍රින්සිපල් සෑර්ට ද අඤෙ ඔය බනින්නෙ .."

" ලබ්බක් නෙ බන් අපිට ඇකඩමික් වැඩත් එක්ක පට්ට කට්ටක් නෙ මේවා.."

" උබලත් ඕවා දැන දැනමනෙ ඉතින් බෝර්ඩ් එකට ඉල්ලුවෙ දැන් විදවපන් ඉතින් "

යුග්ම කිව්වෙ සෙටිෆිකට් ගොඩ එක ෆයිල් එකකට දාන ගමන්
" ප්‍රයිස් ගිවින් එකෙන් පස්සෙ කෙලින්ම ස්පෝර්ට් මීට් ලැස්ති වෙයන් ගේම්ස් කැප්ටන්ලා එහෙම.."

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now