_18_

1.3K 189 9
                                    

යුග්ම හිටියෙ ක්ලබ් එක ඇතුලෙ එයාගෙ සුපුරුදු තැනට වෙලා.. මීට කලින් නම් යුග්ම ආසම තැන වුනෙ ඇතුලෙ එයාලටම වෙන් වෙච්ච සෙට් එක. ලගට ඇවිත් දැවටෙන කෙල්ලෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දාන ගමන් පොඩි ආතල් එකක් අරන් දවස් ගෙව්ව කෙනෙක් තමයි යුග්ම කියන්නෙත්.
විශ්වාස කරන්න පුලුවන් ද එකම එක රූපයක් නිසා මනුස්සයෙක්ටමේ තරම් වෙනස් වෙන්න පුලුවන් කියලා. හරි කෙනා හරි වෙලාවෙදි හම්බෙන්නම ඕන ඒකට.

සමහරු කෝපි කෝප්පෙ එක්ක එලිමහනට පෙම් බැන්දට තවත් සමහරු හිටියා බියර් කෑන් එක එක්ක නිශ්ශබ්ද අහසට පෙම් බැන්ද..
යුග්ම ගෙ අතෙත් ඉතුරු වෙලා තිබ්බෙ හිස් බියර් කෑන් එකක් විතරයි. කොල්ලට මහන්සියි. මේ ගෙවෙන තත්පරෙ ඇතුලෙත් ඔලුව නිදහසක් ඉල්ලද්දි ගතින් මහන්සිය දැනෙන එක සාමාන්‍ය යි. 

ජීවත් වෙන්න හේතු හොයන එක කොච්චර අමාරුයි ද කියලා නිකමටවත් හිතිලා තියද ඒක ජීවත් වෙනවට වඩා අමාරුයි...

යුග්ම දන්නෙ නෑ උත්තර හොයන්න අඩුම ප්‍රශ්නෙ මොකක්ද කියන්න. ඔලුව ඇතුළෙ දාහක් දේවල් එකම වෙලාවෙ රිපීට් වෙනවා ඇගට දැනෙන මත් බව නිසා ද කියන්න දන්නෙ නෑ කකුල් දෙක ටිකෙන් ටික දුර්වල වෙනවා වගෙ..යුග්ම ළග තිබ්බ අත් වැටට හේත්තු වුනා මහ ගොඩක් රෑ නොවුනට මොකද ලයිට් එලියක් නැති මෙතන යුග්මට ඇති තරම් කලුවර තිබ්බා.
අම්මා ගිහිල්ලා දවස් ගානක් වෙනවා කලින් දවස් වල අතරින් පතර කෝල් එකක් ආවත් මේ දවස්වල නම් යුග්ම ඉන්නවද කියලා බලන්නවත් නිකමට කෝල් එකක් ආවෙ නැති වෙද්දි කොල්ලා ගෙ හිත රිදුනා. තමන් ගෙ නමට එක කෝල් එකක් අඩුම තමන් කියලා කෙනෙක් මේ ලෝකෙ හුස්ම ගන්නවද කියලා බලන්න කෙනෙක්.. යුග්මට ඕන වුනේ එච්චරයි.
සමහරුන්ට විදින්න පුලුවන් විදියෙ මායාවක් තමයි තනිකම කියන්නෙත්.. යුග්මටත් ඕන වුනෙ මේ වෙලාවෙ තනිවෙන්න මේ ලෝකෙ යුග්ම කියලා කෙනෙක් නැති විදියට පැත්තකට වෙලා ඉන්න ඕන වුනා. ඔලුව ඇතුළෙ කැරකෙන හැමදේම එකට එකතු කරලා ඒ ටික වෙනම පැත්තකට කරලා තියන්න ඕන වුනා. බියර් එකෙන් ආව මත් ගතිය ටික ටික ඇගට දැනෙද්දි කොල්ලට ඕන වුනු ඒ තනිකම කලුවර රෑ අහස එක්ක යුග්ම ට විදගන්න පුලුවන් උනා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now