_32_

1.5K 185 63
                                    

" උබට මේ ගෙදර භූමි දෝෂයක් හැමදාම එද්දි එන්නෙ නිදාවැටීගෙන "

යුග්ම ඔලුව උස්සලා ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ඉන්න ආරෝන් දිහාවට හැරුනා. බාගෙට විවර වෙලා තිබ්බ ඇස් කාමරේ එලියට හුරු වෙද්දි යුග්ම ඇස් දෙක පොඩි කරලා ඇරගත්තා. යුග්ම හිටියෙ බිත්තිය පැත්තට හේත්තු කරලා තිබ්බ කොට්ටයක් උඩ ඔලුව තියාගෙන හරහට වැටිලා ඊට ඉස්සරහින් ආරෝන් හිටියෙ කකුල් දෙක ඇද දිගේ දිගැරගෙන ෆෝන් එක හරහට අල්ලගෙන.
පපුවෙ එක පැත්තක් සම්පූර්ණයෙන්ම වැහෙන්න ගහපු ටැටූ එක ඇස් ඉස්සරහට හමුවෙද්දි ඒ ගාවම තිබ්බ දිග අතට ලියවිලා තිබ්බ අකුරු ටික දිගේ යුග්ම පිලිවෙලින් ඇස් ගෙනිච්චා.

" කවද්ද ඔය ටැටූස් දෙක ගැහුවෙ "

" ගිය සතියේ "

" ම්.. ඒක ගති.. මොකක්ද ඔය අකුරු තුන "

" ඒක Chinese වලින් Love peace and happiness "

"අහ්.."

" පහලට යමු අද කීයටද ක්ලාස් තියෙන්නේ "

" මලා...මට ඒක අමතක වුනා දැන් වෙලාව කීයද අයියො මට නවයට ක්ලාස්.."

" වෙලාව ඇති තාම අටයි කාලයි...ඉක්මනට නැගිටිනවා මන් ගිහින් දාන්නම් "

" උස්සනවකො හලොව් "

යුග්ම ඒ හිටිය විදියටම ඇදේ වටයක් කැරකිලා ඇදෙන් එලියට වැටෙන විදියට කකුල් දෙක දාලා අත් දෙක ආරෝන් හිටිය පැත්තට දිග් කරා. ආරෝන් ගෙ ඇහිබැම ඇකිලුනා ෆෝන් එක ඇද පැත්තකින් තියලා ඇදෙන් නැගිටලා උඩට අත් දෙක දිග් කරන් හිනාවෙවි බලන් ඉන්න යුග්ම දිහා බලන් හිටියෙ ඉනට අත් දෙක තියාගන්න ගමන්. ටිකකින් ලාවට කට කොනෙන් හිනාවුනා. ඒ හිනාවට යුග්ම ගෙ ඇග ඇග දිගේ අමුතු හිරියක් පැතිරීගෙන ගියෙ.. ආරෝන් නැවිලා ඉස්සිලා තිබ්බ අත් වලින් ඇදලා යුග්ම ව උස්සගත්තා. ඉස්සිලා ගියපු පාරට යුග්ම බැලන්ස් නැතුව පිටිපස්සට වැටෙන්න යද්දි යුග්ම ඉක්මන් කරලා අත් දෙක ඒ බෙල්ල වටේ පටලන් කකුල් දෙකත් බද වටේ ඔතාගත්තා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now