🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎ 02

76 6 4
                                    

.
සිතලයි .....

නත්තලේ සීතල මුලු ඇගම වෙලා ගද්දි හොස්පිට්ල්  එක ලගම තියෙන පල්ලියේ සිනූව දොලොස් වෙනි පාරටත් වැදුනේ අතේ බැදගෙන හිටිය ඔරලෝසුවේ කටු තුනම එකම ඉල්කම  ගාව නතර වෙනකොට ..

දවල්ට අව් කාශ්ටකේ ඇතුලේ දිය වෙද්දි පාන්දර ජාමේ තියෙන සිතල දරා ගන්න බැරැව වෙවුලන තොල් වලට උණුම උනු කෝපි කොප්පයක් ලං කරන් තොල් පිච්චිගෙන යනකොට එන රස්නෙයි පැනි රසයි කෝපි උගුරක් උගුරෙන් පහලට යනකොට එන තිත්ත ගතියයි දෙකම විදගත්තේ මේ වෙලාවේ තදින්ම ඔනි වෙන ඇදයි බෙඩ් ශිට් එකයි ගැන අමතක කරන්න තියෙන උවමනාට ..

අනේ එත් ගුලිවෙලා නිදාගන්න තිබ්බ නම් ..

දැන් පාන්දර......

කටවහරෙට නම්  යක්කු ගස් නගින වෙලාව ...

රැ දොලහයි ...

පේලියට තියලා තිබ්බ ඇදවල්වලින් මගේ ඇස් මුලින්ම ගියේ කෙලවරේම ඇදේ නින්ද ගිහින් ඉන්න පුංචි රෝස මල දිහා ට ....

ඔපරේශන් එක හරි ගිහින් යාන්තමට පන රැකුනට මොකද සිහිය ඇවිත් හිරි වැටෙන්න විදපු බෙහෙත් වල පවර් එක නැත්තටම නැති වෙලා උඩ ආපු කැපුන් වේදනාව දරා ගන්න පුංචි රෝස මලට බැරි වුනා...

වේලක් කාලා දෙවේලක් නොකා බොහොම අමාරැවෙන් පන කෙන්ද රැකන් ජිවතේ ගැටගහගෙන ගිය එ පුංචි කෙලි පොඩඩගේ ඇට ගැහුනු සරිරේ ට මැහුම්  පහලොවක් දාපු කැපුම් තුවාලේ වෙදනාව දරාගන්න බැරි වුන එක සාදාරනයි .....

සිව්ලිමේ තැනින් තැන එකම රිද්මෙකට වැඩ කරන ෆැන් වල  රැං..... රැං.....සද්දේ .., නර්ස්ලගේ වගේම  පැය එකහාමාරෙන් එකහාමාරට වොඩ් රවුන්ඩ් යන ඩොක්ටස්ලගේ සපත්තු අඩි වැදෙන සද්දේ නින්දෙන් එහාට මෙහාට පෙරලෙන පොඩි බබලගේ හුරතල් හඩ
වගේම ලාවට එහාට මෙහාට යන සුලග ඇගේ වදිද්දි දැනෙන සනිපෙත් එක්ක මම කොරිඩෝ එකට හෙත්තු වෙලා ලොකු හුස්මක් ගත්තා..

මහන්සියි ..උදේ ඉදන් පාන්දර වෙනකන්ම වොර්ඩ් එකේ ...අලුත් තැනට හුරැ වෙන්නත් කලින් නයිට් ශිප්ට් එකකට ඉන්න වුනෙත් අර රෝස මල නිසා ..දැන් ඉතින් එයාව ඩිස්ජාජ් කරනකන්ම නයිට් ඉන්න වෙයි ..

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Dove le storie prendono vita. Scoprilo ora