Chapter 04

8 3 0
                                    

" ඒක නෙමෙයී කයීරොන් .................."

අප පිට වීමට දොර අසලට පැමීනී මොහොතේ ලූක් මදක් නැවතී කයිරොන් ට කතා කලේය.

"ඔව් කියන්න ලූක්"

" ඔයා ඔය අලුතින් මතු උනා කියන ගුහාව ඇතුලට අපව යවන්න තරම් කලින් වැඩී නැද්ද? ඒ විතරක් නෙමෙයී. අඩුම ගානේ අපිට කලින් ඔයාලා ඒක ඇතුලට ගිහින් මොනා ද තියන්නේ කියලා පොඩ්ඩක් අධික්ශනය කරලා බලන්න ඕන කියලා ඔයාට හිතෙන්නේ නැද්ද කයීරොන්. ඔයාට යන්න බැරී නම් වෙන විශ්වාසදායක කෙනෙක් ලව්වා හරී"

" ඒ ගැන බය වෙන්න එපා ලූක්. මම විශ්වාසවන්ත සැටර්ලා දෙන්නෙක් ව ඒක ඇතුලට යවලා ඕක පරික්ශා කරා. එයාලා කියන විදිහට හුගක් දුරට යනකම් උමගක් ගිහින් තියනවා.

ඒ වගේම අඩී කිහිපයක් යනකම් විතරයී උමග පටූ වෙලා තියන්නේ. ඉතින් ඒ ටික ඒ දෙන්නා තව කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා කඩලා විවරය විශාල කරන්න යන්නේ. එතකොට එකට මාත් ගිහින් බලන්න යන්නේ."

අනතුරුව අප අපගේ කැබින් කාමර වෙතට යාමට එම ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම වෙත පිවිසුනෙමූ.
අප සිව් දෙනා දොර අසලට පැමින ගත වුයේ ස්වල්ප මොහොතකී. එක්වරම මදක් විශාල ශබ්දයක් සමග පොලොව සෙලවෙන ආකාරයක් අපට දැනෙන්නට විය. එමෙන්ම අර්ධ ලෝහිත කදවුරට ඔබ්බෙන් පිහිටී වනාන්තරය දෙසින් රන් පැහැතී ආලොකයක් විහිදෙන්නට විය.

අපට අපගේ මුහුනෙන් මුහුන බැලුනේ ඉබේටමය.

"මන් හිතන්නේ මම පොඩ්ඩක් එතන ගිහින් බැලුවොත් හොදයී කියලා. මොකද එතන සැටර් වරූ 2-3 ට මොකක් හරී ප්‍රශ්නයක් උනාද දන්නේ නෑ මේ භූමී කම්පාව නිසා. ඔයාලා දැන් කැබින් වලට යන්න. මන් ගිහිල්ලා බලලා එන්නම්."
මෙතරම් වෙලා නිහඩව සිටී ඇනබෙත් විමසුවාය.

"නෑ ඔයාලා දැන් කබින් වලට යන්න. මොකද දැන් ඔයාලාට විවේකය ඕන."

"නෑ අපිත් එනවා කයිරොන්. අපිටත් ඒක දැන් බලා ගන්න පුලුවන් උනොත් හොදයී කියලා හිතනවා"

යැ'යී කියමින් ලූක් ඔහූ අසල තිබූ කුඩයද ඉහල ගනිමින් ඒ දෙසට පියවර තබන්නට විය.

සැගවුනු රහස : The hidden secrat Where stories live. Discover now