3 වෙනි කොටස ♡

209 35 62
                                    

ගම්පහ ඉඳන් high way එකෙන් දාල නුවරට එන්න අපිට පැය දෙකක් විතර යන්න ඇති....ඒ පොඩි කාලේ අස්සේ car එක අස්සේ වැඩිපුරම ඇහුනේ ඉස්සරහ ඉන්න ජෝඩුවගෙ කච බචේ..ඒත් ඊට වඩා සද්දයක් මගේ ගැහෙන පපුවේ අස්සේ මට දැනුනා...

පාන්දර තිබ්බ අදුරු සීතල ගතිය ටික ටික ඈත් වෙලා දැන් ඉර පායගෙන ඇවිත්.. දැන් උදේ 8 30 පහු වෙලා..එහෙට ලාවට උදේ වැස්සක් තිබ්බට මෙහෙට නම් වැස්සක ලකුණක් වත් නෑ..ලා කහ පාට උදේ ඉර එළිය ෂටර් එක උඩින් ඇවිල්ල car එක අස්සේ උණුසුම් කරා.

ලා රෝස පාට එක්ක සුදු පාට mix වෙච්ච නුවර අහස යට අපි මේ ඉන්නෙ. මෙච්චර වෙලා එයා තෝරපු playlist එක එක්ක කිසිම කතා බහක් නැතිව නුවරටම ආපු මං ඒ playlist එකෙ සැරින් සැරේ අතරින් පතර play වෙච්ච මං ආසම k pop song ඇහෙද්දි පුදුම වෙලා එයාගෙ දිහා බැලුවත් එයා හිටියේ ඇස් දෙක පියාගෙන ....ඒ කියන්නේ එයත් ඒවා අහනවා...

ටිකකට කලින් ගලවලා අතට ගත්ත එයාගෙ ear bud එක එයාට දෙනකොට එයාගෙ මූණේ තිබුණේ මොන වගේ හැඟිමක්ද කියලා තවමත් මට හිතාගන්න බෑ...ඒත් ඒ messy hair එක හැමදාම වගේ මාව පිස්සුවක් කරා...

එකක් විශ්වාසයයි...එයා මං වගේ ලේසියෙන් කෙනෙක් එක්ක බොක්ක දීලා ගනුදෙනු කරන social character එකක් නෙවෙයි... ඒත් Idk she is fking cool...

නුවර කියන්නේ කවි පද ලියන්නොන්නට, කතා ගොතන අයට, සින්දු කියන ලියන අයට අර හද වගේම විසාල topic එකක් වෙද්දී නුවර අහස යට මම ඉන්න පළවෙනි වතාව මේක නොවුනත් අද මට දැනුනෙ වෙනදා නොදැනුන වෙනස් හැගිමක්...සමහරවිට එයා මගේ එහා පැත්තෙ ඉන්න නිසා වෙන්න ඇති...

සාදිලා ගෙදර තිබුණේ පේරාදෙණියේ...අපි එහාට යද්දිත් එයාලා මිදුලේ තවත් වාහන දෙක තුනක් නවත්තලා තිබුණා... එකක් නම් උන්ගේ වාහනේ ..මේ නම් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි..සාදියා අපිවත් surprise කරන්න වගෙ යන්නේ..

අපේ car එකෙ horn සද්දේ එක්කම සාදි දුවගෙන ඇවිත් gate එක ඇරියා..තවමත් උදේ නිසා සාදි හිටියේ පිජාමා කිට් එකෙන්..ඕකි ඔහොම්මයි..පෙරේති..හැබැයි මෙහෙමයි මමත් එච්චර තමා...

අයාන් කිෂා එක්ක ඉස්සෙල්ලා බැස්සා..ශව්ත් බැස්සට පස්සේ මමත් bag ටික අරගෙන බැහැ ගත්තා...ahh fk මේ ගවුම එක්ක බෑ අයියෝ...

𝑼𝒏𝑳𝑶𝒄𝒌𝒆𝒅🌙Where stories live. Discover now