10 වෙනි කොටස ♡

207 27 37
                                    


දැන් උදේ 10 පහු වෙලා ඇති....Well උදේ සනීප අව්ව රැල්ල වෙනදට වඩා සැර වෙලා වගේ..ඒක හරියට ලා සනීප සන්ෆ්ලවර් කහ පාටට වඩා එහා ගියපු ටිකක් තද බිත්තර කහ මද පාට වගේ එළියක්....ලස්සනයි...

මේ වසන්ත කාලේ එන හුලං.. anyway මේ සිරිපාදේ යන කාලෙ...මුල් දවස්...කෝච්චි පාර දෙපැත්ත වෙනදට වඩා අමුතු ලස්සනක් පේනවා...හැබැයි තවමත් සමනල්ලු නම් නෑ...එයාලා ලෑස්ති වෙනවා ඇති...ඒක සෑහෙන්න දුර ගමනක්නේ..

Sooo දන්නවද විශේෂම දේ....ඒ දේ මම මෙච්චර ලස්සනට දකින පළවෙනි පාර...හරියට මම අහල තිබුණු සුරංගනා කතාවක වගේ....but ඒක කියනවට වඩා විඳින එක පිස්සුවක්...

හැබැයි ඔයාට පුළුවන් මතක සටහනක් තියාගන්න....ඒත් කැමරා කාච වලට ඒක ඒ විදියටම ගන්න බෑනෙ...ඒත් ලෝකේ හොඳම කැමරා දෙකක් ඔයාගෙ ළඟ තියනවා කියලා අමතක කරන්න එපා...

මොකක්ද...??? Yahhh ඔයාගෙ ඇස්...

ඒ ලස්සන දර්ශනය තවම මම දැක්කේ පැති ජනෙලෙකින් විතරයි...Sooo මම ඒක ලස්සනටම විඳින්න නම් දොර ගාවට යන්න ඕනෙ...එතකොට කියන්නම්...මතක් කරන්න ඔන්න මට...

උඩරට මැණිකේ කෝච්චියේ ඔයා යන්න ආසම මොන පෙට්ටියකද...සුඛෝපභෝගී පළවෙනි පංතියේ සීට් එකක??සාමන්‍ය දෙවැනි පංතියේ සීට් එකක...නැත්නම් හැමෝම යන තදබදය පිරිච්ච 3 වෙනි පංතියේ පෙට්ටියකද..

Well මම ආස නම්....3 වෙනි පංතිය...මිනිස්සු පිරිලා ඉන්න ඕනෙ මට පේන්න..නැත්නම් මම කෝච්චියේ එන්නේ නැතුව AC කරපු වාහනේක යනවනේ...මොකද අකීද් කියන්නේ ඉස්සර නම් Extrovert person කෙනෙක්...ඒත් තවමත් ඒ ගති ටිකක් මට තියනවා..but දැන්...?? ටිකාආආක් ඒක වෙනස් වෙලා...

ම්ම්ම්ම් දැන් ඔයා අහනවා what is the meaning of Extrovert person අකීද්...?? Yes of course මම කියලා දෙන්නම්...

Extrovert person කෙනෙක් සාමන්‍යයෙන් මිනිස්සු ගොඩක් එක්ක ඉන්න කැමති...ඒ කියන්නේ සමුහ විදියට ඉන්න කැමති අය..එතකොට එයාලගේ මානසික සතුට වැඩි...එයාලා happy එකෙ ඉන්නවා...යාළුවෝ ගොඩක් එක්ක විනෝද වෙන්න, party වලට යන්න, ට්‍රිප් යන්න මෙයාලා ගොඩක් ආසයි...Sooo මෙයාල ගොඩක් සමාජශීලී, ඒ වගේම සන්නිවේදන හැකියාව වැඩි..හරි ඉක්මණට කෙනෙක් ආකර්ෂණය කර ගන්න පුළුවන්..කතාවෙන්...ඉතිං එයාලා කොහේ ගියත් යාළුවෝ ඇති කර ගන්නවා...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 06 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑼𝒏𝑳𝑶𝒄𝒌𝒆𝒅🌙Where stories live. Discover now