🍷🥂 01🥂🍷

497 35 21
                                    

🥂 01🥂

__________🖤__________

"චූටි පුතා.... අනේ දරුවෝ කතා කරන්නකෝ..ඇයි දරුවෝ මෙහෙම කරගත්තේ.. ඇයි මෙහෙම හිතුවක්කාරකම් කරන්නේ."

කමන්ති ඇඳ ළඟ හිටගෙන කෑගැහුවේ කිසිම ගානක් නැතුව ඔහේ බලාගෙන ඉන්න කමන්තිගේ දරුවට. කමන්තිගෙ ඇස් වලින් කඳුළු වැල් කීපයක් කම්මුල දිගේ පල්ලම් බහිමින් තිබුණා.

"කමන්ති....මං ගෙදර යනවා එනවා යන්න..මේ මිනිහට කියනවට වඩා හොදයි බල්ලෙක් හදාගෙන ඌට කියලා දෙනවා."

ගේ ඇතුලෙන් ඇහුණ තම සැමියාගේ කෝපාවිශ්ට කට හඬත් එක්ක කමන්ති අඩි කීපයක් දොර දිහාට ඇවිදගෙන ගියා.

"මොනවද ඇන්තනී ඔයා මේ කියන්නේ.. මේ අපේ චූටි පුතා.. ඇයි හැමවෙලේම දරුවටම දොස් කියන්නේ. "

අම්මලා එහෙම තමයි. තමන්ගෙ දරුවට තාත්තා පවා වැරැද්දක් කියනවට කැමති නෑ. මේ මොහොතෙත් කමන්ති තමන්ගෙ දරුවාගේ පැත්ත ගත්තේ.

"ඔයාගේ හුරතලේ තමයි මේ ඔක්කොටම මුල... ප්ලීස්...දැන් ඕක නවත්තගන්න කමන්ති.. එනව නම් එනවා මං යනවා.."

ඇන්තනී කාමරේ ඇතුලටම ඇවිල්ලා කමන්තිට කෑගහලා ගියා. දරුවෙක් මොන වැරැද්ද කලත් අවසානයේදි බැනුම් අහන්න වෙන්නෙ අම්මට කියන කතාව සනාථ කරලා ෂේද් වැරැද්දක් කරන හැම වෙලාවකදීම ඇන්තනී චෝදනා කරන්නේ කමන්තිට..

"ඇන්තනී..... ඔහොම ඉන්න. ඇන්තනී...."

කාමරේ දොර සද්දෙටම වහගෙන තරහින්ම යන්න ගිය තම සැමියා දෙස බලමින් කමන්ති ඇඳේ හෙඩ් බෝඩ් එකට පිටදීලා කමන්ති දිහා බලාගෙන ඉන්න ෂේද් ළඟින් වාඩි වුනා.

"අම්මා... ඔයත් දැන් යන්න. අරයට පරක්කු වෙයි...ඊලගට මට තමයි ඒකටත් බැනුම් අහන්න වෙන්නේ.."

ෂේද් කමන්ති දිහා බලලා නෝක්කාඩුවට කියද්දි කමන්ති ෂේද්ගේ ඔලුව අතගාන්න හැදුවා. ඒත් ෂේද් කමන්තිගෙ අත ඉස්සරහට ඇඳෙනවා දැක්ක ගමන් හිස ආපස්සට ගත්තා .

"චූටි පුතා.. ප්ලීස්... දරුවෝ...මාත් එක්ක ගෙදර යමු.. "

කමන්ති ෂේද්ගේ උරහිසින් අත තියාලා කියද්දි ෂේද් අම්මගේ අත උරහිසින් අයින් කලා.

MeMo - මෙමෝWhere stories live. Discover now