🥂 03🥂
I don't hate you!
But yes I get hurt!
__________🖤__________වරුණයි ඉෂානුයි දැන් පැයක් තිස්සෙ ෂේද්ගේ කාමරේ ඉස්සරහා බිත්තියට ඔලුව හේත්තු කරගෙන ඇස් පියාගෙන වාඩි වෙලා ඉන්නවා. වරුණ් ඇඟිලි තුඩු වලින් නළල පිරිමදිමින්ම ඉෂාන් දිහා බැලුවා. ඉෂාන් නිසොල්මනේ ඇස් පියාගෙන කාමරේ ඇතුළෙන් ඇහෙන ශබ්දෙට කන් දී ගෙන ඉන්නවා.
වරුණ්ට තවත් නම් මේ වගේ වාඩි වෙලා ඉන්න හිතුනේ නෑ. කාමරේ ඇතුලේ කෑගහලා අඩන ෂේද්ටයි බිම වාඩි වෙලා ගල් පිළිමයක් වගෙ නොසෙල්වී ඉන්න වරුණ්ටයි ඇදලා අරගෙන කන් අඩි පැලෙන්න ගහන්න හිතුනා. ඉවසන් ඉදලා බැරිම තැනයි වරුණ් ඉෂාන්ට කතා කලේ.
"ඉෂානයා... අපි ගිහින් අරූව එළියට අරන් එමුද?"
වරුණ්ගෙ කටහඬට ඉෂාන් ඇස් ඇරලා වරුණ් දිහා බැලුවා. ඉෂාන්ගේ ඇස් දැකලා වරුණ් ගැස්සුනා. ඉෂාන්ගේ ඇස් රතු වෙලා. මහා වේදනාවක් ඒ ඇස් අස්සෙ හිරවෙලා තියෙනවා කියලා වරුණ්ට දැනුනා.
"අපි මොකක්ද බං කරන්න ඕනි. අපි කොහොමද උගේ වේදනාව ඇදලා ගන්නේ.."
ඉෂාන් වරුණ් දිහා බලලා කිව්වා. ඊටපස්සේ ඇඟිලි වලින් ඇස් පොඩි කරගෙන හුන් තැනින් නැඟිට්ටා.
"ඇත්තටම අපිට කරන්න දෙයක් නෑ බං. අපිට තියෙන්නෙ ඔහේ බලාගෙන ඉන්න. අවුරුදු හතරක් බලාගෙන ඉදියා වගේ ඌ අඩන දිහා, ඌ නාස්තිවෙන දිහා බලාගෙන ඉන්න. "
ඉෂාන් කතා කලේ ලොකු කලකිරීමකින්. තව එකපාරක් බිම වාඩි වෙලා තමන් දිහා බලාගෙන ඉන්න වරුණ් දිහා බලලා හොද හුස්මක් ඉහළට ඇඳගෙනම ඉෂාන් ෂේද්ගේ දොරේ අඟුල කරකවාගෙන ඇතුළට ගියා.
ෂේද් උදේ නැඟිට්ටේ ඉෂාන්ගේ කලබලේ අස්සෙ. ඉෂාන්ට පහුවදා රෑ සාලිගේ යාලුවෙක් සෙට් කරලා උදේ පාන්දර ඉදන් ඉෂානුයි වරුණයයි මරා ගන්නවා. ඉෂාන්ට මළ යකා ආවේස වෙලා ෂේද්ටත් බැනලා කාමරෙන් එලියට ගියාට පස්සෙ වරුණයි ෂේද් එකතුවෙලා ඉෂාන්ට විහිලු කර කර හිනා වෙනවා. අවු. 4කට පස්සෙ ෂේද් එයාගෙ ඇත්තම හිනාවෙන් හිනා වුණා. ඒ දිහා ඉෂානුයි වරුණයි බලා ඉදියේ හරි ආදරෙන්. නමුත් ෂේද්ගේ ඒ සතුට, හිනාව රැඳිලා තිබ්බෙ විනාඩි කීපයක් විතරයි. ඒ හිනාව අතරින්ම ෂේද් කෑගහලා අඩන්න පටන් ගත්තා. මේ දැන් වෙද්දි හරියටම පැයක් ෂේද් එක විදියටම අඩනවා. කෑගහලා අඩනවා.
YOU ARE READING
MeMo - මෙමෝ
Non-Fictionනවත්තපන් ෂේද්...... දීපන් මට ඕක...... මැරෙන්නද බ%ලෝ හදන්නේ මෙච්චර මේ ජරාව බීලා..ඩොක්ටර් කියපු දේ මතක නැද්ද ?? කාලකණ්ණියා...... " "මට දී......පන් ඕ...ක..... මට ඕනි මැරෙන්න යකෝ.....මං ඉදලා මොකටද...මං වගේ නිකමෙක්, කාලකණ්ණියෙක් ඉදලා මොකටද...දීපන් මග...