🍷🥂07🥂🍷

173 17 9
                                    

🥂07🥂

__________🖤__________

නවිදු ෂේද්ගේ කාමරයට ඇවිත් බැල්කනියේ හිටගෙන ඉන්න ෂේද් දිහා බලාගෙන ඉදියා. වැහිපොඳටත් තෙමි තෙමී ඔහේ හිටගෙන බලන් ඉන්න ෂේද්ව ඇතුලට ඇදලා අරගෙන දෙක තුනක් ගහන්න තරම් නවිදුට තරහක් දැනුණා.

ඒ එක්කම නවිදුට එයා ගැනම තරහක් දැනුනා. මීටකලින් ෂේද්ගේ ප්‍රශ්නෙට මැදිහත් වුනානම් අද මේ හැම ප්‍රශ්නයක්ම යම්තාක් දුරට විසදගන්න තිබ්බා කියලා හිතුනා.

ටික වෙලාවක් ෂේද් දිහා බලාගෙන ඉදපු නවිදු කලිසම් සාක්කුවෙන් ෆෝන් එක අරගෙන ගයාන්ට කෝල් එකක් ගත්තා.

"කියපන් නවිදුවා.."

රින්ග් යන්නත් කලින් ගයාන් ආන්සර් කලා ගයාන් ෆෝන් එක අතේ තියාගෙනම බලන් ඉදලා වගේ.

"උඹ අර කොල්ලා පස්සෙ යනවා නේද?"

නවිදු හඬ බාල කරලා කතා කලා.

"මම දැනුත් ඉන්නේ ඌ දිහා බලාගෙන. මේ ප*යා ක්ලබ් එකෙන් කෙල්ලෙක් අරගෙන හොටෙල් එකට යන ගමන්."

ගයාන් කෑගහලා කියද්දි නවිදුට හෝන් සද්දයක් ඇහුනා.

"ඒ බං... ඌව පොලිසියෙන් නැවැත්තුවා. මං ටිකකින් උබට ගන්නම්"

ගයාන් කලබලෙන් කියලා කෝල් එක කට් කරලා දැම්මා. නවිදු ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉදලා ආපහු ෂේද් දිහා බැලුවා. ෂේද් බැල්කනියෙ ඉදන් කාමරේ ඇතුලට ඇවිදන් එනවා.

"තමුසෙ මොකද මෙතන කරන්නෙ.. එලියට යනවා මං වොෂ් දාගෙන එන්නම්"

ෂේද් කිසිම දෙයක් නොවුන ගානට වොෂ් රූම් එකට ඇවිදන් යන ගමන් කියද්දි නවිදු ෂේද්ගෙ පස්සට පයින් පහරක් ගැහුවා..

ෂේද් වොෂ් රූම් එක අස්සට ගිහින් දොර වහගත්තම නවිදු ෂේද්ගෙ ඇඳෙන් හාන්සි වුනේ ගයාන් ආපහු කෝල් එකක් ගන්නකන්.

එදා නවිදු ෂේද්ගෙ ගෙදරට එන්න කලින් ගයාන් ඉන්දියන් කොල්ලෙක් ඉස්සුවා. නවිදු අවුරුදු දෙකක් තිස්සෙ මේ කොල්ලා ලංකාවට ආපහු එනකම් බලාගෙන ඉදියේ ලොකු ප්‍රශ්නයක් විසද ගන්න. ගයාන් එයාපෝර්ට් එකෙන් උස්සගෙන ආපු කොල්ලා සිහිය ආවාට පස්සෙ කිසිම දෙයක් නොවුන ගානට හොටෙල් එකෙන් එලියට ඇවිදන් යන දිහා ගයාන් වගේම නවිදුත් බලාගෙන ඉදියා. එදා කොල්ලාව අල්ලගත්තේ ගයාන් ලඟ වැඩ කරන කෙල්ලෙක්ව දාලා. කොල්ලා හිතන්න ඇති කෙල්ල එක්ක රූම් එකෙ ඉදියා කියලා. එදා ඉදන් ගයාන් ඒ කොල්ලව ෆලෝ කරනවා.

MeMo - මෙමෝWhere stories live. Discover now