- Chapter 3 -

361 85 23
                                    


මගෙ පලවෙනි හාද්ද..
අනේ දෙයියනේ එයා ඒක ගන්නයි යන්නෙ..
එයාගෙ රතු පාට හීනි තොල්
ඒව මගේ තොල් එක්ක යාවෙද්දිම....

ට්‍රීංං

හයියෙන් ඇහුන එලාම් එකේ සද්දෙත් එක්ක හීන ලෝකෙ පාවෙවී හිටපු මාව ජොහ්.. ගාල බිමට පතබෑ උනා..

" ආඅහ්.... මොන මගුලක්ද... කඩනව කියල මෙහෙමත් හීන කඩනවද..ශිට් දැන් ඉස්කෝල් යන්ඩත් ඕනෙ නේද.."

එලාම් එක්ටත් බැන බැන නැගිට්ට මට ඇහුනෙ මගෙ හොදම යාලුව ජිමින්ගෙ කටහඩ

" ආ මහත්තය හොදට නිදාගත්තද.."
මූ කොහෙන්ද මගේ ඇදට ආවෙ... ඇස් දෙකට සෙලෝටේප් ගහල වගේ මෙලොදෙයක් පේන්නෙත් නෑ සෙද්ද...
ආ ශුවර් එකට මූ මාත් එක්ක පාඩම් කරන්න අපේ ගෙදර එන්න ඇති..

" මූන හොදගෙන.... ලෑස්ටි වෙයාඅම් ඉස්කෝලෙ යම්ම..." ආපහු නැගිටල ඇගේ හිරි අරින ගමන් මන් කිව්වහම... මෙන්න යකෝ මූ හිනා වෙනව... අද සෙනසුරාදද??.. නෑ වෙන්න බෑ.. මම හෝම්වර්ක් සේරමත් කරල කැලැන්ඩරෙත් බැලුවනෙ. අද අගහරුවාද..
ඔන්න් ඔන්න.. මගෙ ඇස්දෙක ලාවට වගේ පේන්න ගන්නව...
මේ මොකද ජිමින් වේලාසන ලෑස්ති වෙලා... තාම නැගිට්ට විතරනේ...
මේ මොකද.. කවද්ද මගේ කාමරේ මෙච්චර ලොකු උනේ..

" මේ ජිමින් මට මගේ කාමරේ අපේ පන්තිය වගේනේ පෙන්නෙ හලෝ.."
තරු පෙනිල හිටිය මම ජිමින්ගෙන් ඇහුවම..

වගේ නෙමේ පන්තියේ තමයි යකෝ ඉන්නෙ... බෙල් එක ගැහැව්වෙ ඉන්‍ටවල් එකට නැතුව ඒ එලාම් එක නෙවේ..පන්තිය මැද නිදාගන්න එපා කියන්නෙ ඕකයි.."
ඔන්න එතකොට තමා මට සීන්කෝන් එක තේරුනේ..මම පන්තිය වෙලේ නිදාගෙනනේ..

" මම හිතුවෙ උදේ කියල.. කමල්ලෑ.. කන්ඩ යමු.. ඉන්ග්‍රීසිනෙ තිබ්බෙ කොහොමත් නින්ද යනවනෙ.."

" මතක ඇතුව කෙහෙල් කිරි එක මට දීපං උබේ"

* * * * *

අපි දෙන්න ප්ලේට් දෙකත් අරගෙන ඇවිත් හිස් ටේබල් එකක ඉදගත්ත..
එතකොටම මම දැක්කෙ....


















මොනාද ?


අපේ පන්තියේ මීටරේ..
අපේ ක්ලාස් මොනිටර්..
අපේ ප්‍රින්සිපල්ගෙ එකම පුතා..
ගොඩක් ටීචලගෙ සුරතලා..
ක්ලාස් ෆස්ට්..
සෙක්ශන් ෆස්ට්...
හැමෝගෙම ක්‍රශ් එක..
මගෙත් ක්‍රශ් එක...
කිම් තේහියුන්ග්..

Fall In Love With My Class Monitor  ||  Taekook  ||Where stories live. Discover now