- Chapter 1 -

547 83 15
                                    

" කොට ජිමින්ශී...."
ගෙදරින් එලියට බැහැල පොඩ්ඩක් දුර යනකොට හුරු පුරුදු කොට ජීවියෙක් දැක්ක නිසා මම පොඩ්ඩක් එයාව අවුස්සන්න හිතාගෙන කෑගැහුව..

" යාහ්...මෝඩ ගොං හරක... උදේ පාන්දර ගුටි කන්න ඕනෙද.."
මගෙ පැත්තට මූනත් රතු කරන් ආපු එයා එහෙම කිව්වෙ මට ටොක්කකුත් ඇනල 'ආව් ඒකනම් රිදුන..'

" අනෙ ඔයා ගහ්නකම් මම බලන් ඉදී ..."

" හා.. දැන් තමුසෙ කියන්නෙ මට ගහන්න බෑ කියලද.. ඈ.."

" දැං මම ඒහෙම කිව්වෙ නෑනෙ "  මම කිව්වෙ ජිමින් මට ගහන්න අත උස්සද්දි ඔලුව බේර ගන්න අත්දෙකෙම්ම ඔලුව බදාගන්න ගමන්

" ඒක නෙවෙ වෙලාව කීයද.."

" ඔය ඔයාලග තියෙන්නෙ ඒකෙන් බලාගන්නවකෝ.." මම ඇහුවෙ ජිමින අතේ බැදල ඉන්න සිල්ව කලර් වොච් එක දිහා බලල..

"අඩේ ඒක පේන්න විතරයි බං.. ඒක කැඩිලා.. කියහංකො වෙලාව.."

" ඒ උබ නම්... ආ හයයි විසිහතරයි... තව වෙලා තියෙනව.."

" ආහ් හිමින් ගාටමු.."

අපි දෙන්න එහෙම කතා කර කර මගක් දුර එද්දි තමයි මට මතක් වුනේ මම ගෙදරින් එලියට බැස්සෙ හතයි දහයට නේද කියල.. සැකේටත් එක්ක ඔරලෝසුව දිහා බැලුවම...

" ඒ ජිමින් ශීඉ..."

" මොකද මනුස්සයො බෙරිහන් දෙන්නෙ..."

" හතයි විසිඅටයි..."

" ඉතින්- මොහ්... හතයි විසි අටයී... යකෝ දුවහාඅන්...."
ජිමින් මාවත් ඇදගෙන ඉස්කෝලේට පියෑබුවෙ ඔන්න ඔය වෙලේ..

" හැහ්..හැහ්.. එච්චර ඉක්මනට වෙලාව ගියේ කොහොමද බං පැයක්ම.." ජිමින් දුවන ගමන් හති ඇර ඇර මගෙන් ඇහුව..

"මම හැහ්.... හිතන්..නෙහ්.. මම වැරදියට වෙලාව බලල තියෙන්නෙ..."

"අම්මපා තො.. නම්...."

" හතයි විසි නවයයී..."

අපි මැරතන් එකක් දුවනව වගේ ඉස්කෝලෙට දුවද්දි තමා අපි දැක්කෙ අපේම ඉස්කොලෙ තව ලමයි ටිකක් ඉස්කෝලෙ ගේට් එක දිහාවට පොරක්කා දුවනව...

අපෙ ස්පෝට් ටීචයි , විනබාර සර්යි එකතු වෙලා ටයිමරේකුයි වේවැල්කුයි තියාගෙන අන්තිම තප්පර ගාන ගනන් කරනව..
ගනන් කරල ඉවර වෙන්න කලින් ගේට් එකෙන් ඇතුලට ගියේ නැත්තන් පරක්කු පෝලිමට වැටෙන්න වෙනව..

" ඉක්මන් කරහාඅ... යා ජිමින්න්."

අති සාර්තක ලෙස මට ජිමින්ව මග ඇරුන....

" පහ - හතර..."

" යහ්..."  මට ටිකක් පිටිපස්සෙන් ජිමින්ගෙ කටහඩ ඇහුන . ගේට්ටුවෙන් ඇතුලට ගිය ලමයි සැනසුම් සුසුම් හෙලල පන්තිවලට දුවද්දි මම ජිමින් එනකන් ටිකක් නැවතුනා..

" තුන - දෙක.."

ඒත් කඩාගෙන දුවගෙන ආපු ලමයින්ට මැදි වුන මාව නිකන්ම ගෙට්ටුවෙන් ඇතුලට ඇදිල ගියේ... ටීචර්ල දෙන්න  ' එක ' කියල
අන්තිම ලමයි පස් දෙනාව අල්ල ගනිද්දි..

අනේ මගෙ අසරන ජිමින් අද එයාට වල්පැල ගලවන්න වෙයි වගේ...

ජිමින් පරක්කු පෝලිමේ රැදෙද්දි මට පන්තියට යන්න උනා.. අ එයාට පන්තියට යනව කියල පොඩි සැලුට් එක්ක් ගැහැව්වම.. මෙන්න මූ මට රවනව..  අතමිටමොලවල මහපට ඇගිලෙන් එයාගෙම බෙල්ල දිගේ ඉරක් ඇදගත්ත  ජිමින් ' තමුසෙව මරනව කියල ' මිමිනුව..
මමත් නිකන් හිටියෙ නෑ... ' තමුසෙ මරනකන් මම බලන් ඉදී  ' කියල එයාට පේන්න කට හොලවල එයාට ෆ්ලයින් කිස් එකකුත් දීල උඩ පැන පැන පන්‍තිය දිහාවට ගිය...

" යාආහ්හ්හ්... ජියොන් ජන්ග්කූක්... මම තමුසෙව මරනවා...."








Jeon jungkookAge 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook
Age 19

Jeon jungkookAge 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park jimin
Age 19










Hyung එක සෑඩ් එන්ඩින්ග් දුන්න නිසා හැපි එන්ඩින්ග් එකක් ලියන්න කිව්ව.. ඉතින් ඔන්න ලිව්ව.. ටේකුක් ටේකුක්..
Jeon_Meesha0901 ඔන්න දුන්න හරිද...

සැ.යු : ඔතන ටීචර්ල කිව්වට එයාල පිරිමි අය හරිද...
             අතිශය ටේකුක්වරුන් සදහා පමනි...

Fall In Love With My Class Monitor  ||  Taekook  ||Where stories live. Discover now