- Chapter 2 -

323 74 9
                                    

ඔහ්.. මන් ගැන කියන්න බැරි උනානෙ මම ජන්ග්කුක්.. ජියොන් ජන්ග්කුක්... අපේ පවුලෙ වන් ඇන්ඩ් ඔන්ලි සන්..
එතකොට පාක් ජිමින් කියන්නෙ මගෙ හොදම කොට ගොං යාලුව...

🔔 ට්‍රීංං...

බෙල් එකේ සද්දෙත් එක්කම මිස්ටර් කායි නොහොත් අපේ පන්තිබාර
ටීච අපේ පන්තියට ගොඩ වැදුන. මිනිහ වෙලාවට වැඩ..

මිස්ටර් කායි ගැන කතා කරොත්, එයා අපිට උගන්නන්නෙ ඉතිහාසය.. කොහොමද උදෙන්ම ඉතිහාසය.. රජවරු , සටන් , ආදර අන්දර වගේ නොයෙක් දේවල් වලින් පිරිල තියෙන අපේ ඉතිහාසෙ පොත දැක්කම ආස හිතෙන එකක් උනත් , අපේ මිස්ටර් කායි කියන්නෙ මේ ආස හිතෙන විශය ජීවිතේ එපා වෙන්නම උගන්නන්න පුලුව අති දක්ශ ගුරුවරයෙක්..

මුලු කාලපරිච්ඡේදය පුරාවටම එයාගෙ ආදරණීය මාකර්පෙන් වලින් රජවරුන්ගෙයි , විශේශ පුද්ගලයන්ගෙයි නම්වලිනුයි අවුරුදු වලිනුයි අච්චාරු දාල ඒව වලිනුයි එයා කියන විදිහට 'වැදගත් කරුණු' වට්ටෝරු වලිනුයි වයිට්බෝඩ් එක පුරවන එක තමා මිස්ටර් කායිගේ රාජකාරිය.

කොහොම හරි අන්තිම එයා බෝඩ් එකේ ලිව්ව අගක් මුලක් නොපෙනෙන වට්ටෝරුයි , අච්චාරුයි අපේ පොත් වලට කොපි පේස්ට් කරගන්න එකයි , මොලේට ෆෝවර්ඩ් කරගන්න එක තමයි අපේ රාජකාරිය - මිස්ටර් කායි කියන විදිහට -

ඔන්න ඕක නිසා තමයි මට ඉතිහාසෙ පේන්නම බැරි විශයක් වෙන්නෙ..(සත්‍ය කතා)*

ගුඩ් මෝනින්ග් කියල ඉදගත්තට පස්සෙ ක්ලාස් එකේ දොර ඩාං ගාල ඇරගෙන මූණත් රතු කරගත්ත කොන්ඩෙ තණකොළත් තියාගෙන ජිමින් පන්තියට කඩා වැදුන.. මිස්ටර් කායිව ගණන් ගන්නෙවත් නැතුව මටත් රවල මගේ එහාපැත්තෙන් ඇවිත් ඉදගත්ත විතරයී...

" පාක් ජිමින් මම හිතන් හිටියෙ ඔයා හරි විනීත ලමයෙක් කියලා..
ඔයා දැන් වැරදි කීයක් කලා කියලද හිතන් ඉන්නෙ.. එකක් පරක්කු උන එක , තව එකක් excuse කරන් නැතුව පන්තියට ආව එක.. ඔයා පන්තියෙ ලමයින්ට ඩිස්ටර්බ් කලා ජිමින් දැම්ම නැගිටල හැමෝගෙන්ම සමාව ඉල්ලන්න.. මේ දැම්ම...!!"

ඔව් හරි ඒ මිස්ටර් කායි. එයාටම ආවෙනික වුන වචන උච්චාරණයකින් එහෙම කිව්ව මිස්ටර් කායි ජිමින් දිහාවට බැල්මක් දාගෙන හිටියෙ එයා නැගිටල සමාව ගන්නකන්...
ඇස් කැරකෙව්ව ජිමින් පුටුවත් තල්ලු කරගෙන නැගිටල " sorry-everyone" කියල ඉදගත්ත...

Fall In Love With My Class Monitor  ||  Taekook  ||Where stories live. Discover now