තිළිණ

362 77 3
                                    

නැවත යුන්මෙන්ග් සියපත් මණ්ඩපයේ උත්සවය දෙසට අවධානය යොමු කළහොත්.......

අසිපත් ශාලාව මධ්‍යයේ විසල් මේසයක් පනවා තිබුණි. එය පත්‍ර නවයක් සහිත වූ පද්මයක හැඩය ගත් අතර එය බොහෝ සෙයින් පිරී තිබුණේ සියපත් ආශ්‍රිත කොටගෙන සැකසූ ආහාරපාන වර්ගවලිනි. සියපත් පස්තෑල, සියපත් රසැති බත්, සියපත් අලවලින් සකසන ලද බැදුමක්, සියපත් මුල්වලින් සකසන ලද ආහාරයක්, සියපත් පත්‍ර සලාදයක්, සියපත් දඬුවලින් සකසන ලද ආහාර වර්ගයක්, සියපත් සූපයක්, සියපත් බීජවලින් සකසන ලද ආහාර වර්ගයක් සහ ඔවුන්ගේ සියපත් මණ්ඩප‌යේ වැවෙන්ම අල්ලා ගන්නා ලද මත්ස්‍යන්ගෙන් සකසන ලද ව්‍යාංජනයක්, මත්ස්‍ය බැදුමක් ආදී බොහෝ ආහාර ඒ අතර විය. එම සියලු ආහාර වර්ග සියපත් හැඩයට සකසා තිබූ බඳුන්වල පිළිගන්වා තිබුණි.

අසිපත් ශාලාවේ පිවිසුම් ද්වාරය දෙසින් පියවර හඬක් ඇසුණු අතර රැස්ව සිටි පිරිස ඒ දෙස බැලූහ. පැමිණෙමින් සිටියේ ජියැන්ග් යුවල ය. යූ ආර්යාව දම් පැහැ අලංකාර වස්ත්‍රයකින් සැරසී සිටි අතර ඇගේ ඉහළට කොට රඳවා තිබූ හිසකෙස් මත විකසිත අරවින්දයක් රඳවා තිබුණි. ඈ සිටි දෙසින් තද සියපත් සුගන්ධයක් වහනය විය. එය පැමිණ සිටියවුන්ට එතරම් ගණනක් නොවූයේ ඒ වන විට ඔවුන් සියපත් සුගන්ධය ඇති පරිදි ආඝ්‍රාහාණය කොට තිබූ බැවිනි. ඇගේ පසෙකින් අරවින්දයකට වසන ලද බිඟුවෙකු මෙන් ඇදී එමින් සිටියේ ජියැන්ග් ෆෙන්ග්මියන් හිටපු ප්‍රධානීතුමාය. රැස්ව සිටි පිරිස දෙසට අරවින්දයක සුන්දරත්වය පරදවන අන්දමේ දීප්තිමත් සිනහවක් පෑ යූ ආර්යාව අමුත්තන් දෙසට පැමිණ ඔවුන් සමග කතාබස් කිරීම ඇරඹුවා ය.

පළමුව ලන් පිරිස වෙත පැමිණි ජියැන්ග් යුවල වෙත කාරුණික සිනහවක් පෑ ලන් චිරන් "දෙන්නාටම සුබ විවාහ සංවත්සරයක්. තවත් දිගු කාලයක් සතුටින්, සමගියෙන් ජීවත්වෙන්න යි මම ප්‍රාර්ථනා කරනවා."යි පැවසූ අතර තම අත වූ හම් බැම්මෙන් බඳින ලද පුස්තකයක් ඔවුන් වෙත පිළිගැන්වූ ඔහු වෙත යූ ආර්යාවගෙන් හිමිවූයේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවීය. ඒ ඔහුගේ පැතුම හේතුවෙන් නොව ඔහුගේ තිලිණය නිසාවෙනි. එනමුදු තම මිතුරාගේ තිලිණය අතට ගත් ෆෙන්ග්මියන් ඔහුට තම ස්තුතිය පුද කළේ ය. ලන් ශිචෙන් විසින් ඔවුහු වෙත වූ සුබ පැතුම් සමගම ගූසුවල වැඩෙන මැග්නෝලියා පැළයක් තිලිණ කරන ලදහ. යූ ආර්යාව එය තම අතට ගෙන ස්තුතිය පුද කොට එතැනින් පිටව යාමට හැරෙත්ම "මගෙනුයි ලන් චන්ගෙනුයිත් තෑග්ගක් තියෙනවා." යි පැවසූ විට ඔවුන් දෙසට හැරුණු ජියැන්ග් දෙපළ ඔවුන් දෙස බලා සිටියහ.

වලා සියපත් ( නිමාවී ඇත.)Where stories live. Discover now