මාමණ්ඩි

371 97 11
                                    

"ආ ෂියෑන්....!"

ඔවුන් දෙසට පියවර තබා පැමිණෙමින් සිටියේ තරුණ ජින් මහත්මියයි. වෙනත් අයුරකින් පැවසුවහොත් වෙයි වූෂියෑන්ගේ හා ජියැන්ග් චෙන්ග්ගේ ආදරබර ජ්‍යෙෂ්ඨ සොහොයුරිය, හිටපු ජියැන්ග් යන්ලි ය. ඇගේ මුහුණ තම දඟකාර සොහොයුරා දිටීමෙන් ආලෝකවත් ව තිබූ අතර ආදරණීය සිනහවකින් ද සැරසී තිබුණි. ඇගේ පසෙකින් තරුණ ජින් මහතා ඇවිද එමින් සිටියේ ය. ඇය වෙත දිව ගිය වූෂියෑන් ඇයව වැළඳ ගත්තේ පසෙකින් සිටි ජින් ශිෂුවාන්ව ද පසෙකට විසි කරවාලමිනි. යන්ලි ද ඔහුව පෙරළා වැළඳ ගත් අතර ඔවුන් පිටුපසින් ඇසුණු හඩක් නිසාවෙන් රැස්ව සිටි පිරිස ඒ දෙස බැලූ නමුත් යන්ලි හෝ වූෂියෑන් නොවේ, ඒ දෙස බැලුවේ.

"වෙයි මාමණ්ඩි, මගේ මෑණියන්ගෙන් එහාට වෙන්න." යි හඬ ගෑ ඔහු ඔවුන් දෙසට දිව ආවේ ය.

තම කුඩා බෑණනුවන්ගේ හඬ ඇසුණු විගස තවත් තදින් තම ජ්‍යෙෂ්ඨ සොහොයුරියව වැළඳ ගත් වූෂියෑන් තම පසෙකින් රත්වූ ගිනි කබලක් වන් මුවක් දරාගෙන සිට ගෙන සිටි ජින් ලින්ග් දෙසට තම දිව දිගු කළේ ය. ඊට ප්‍රතිචාරයක් වශයෙන් ජින් ලින්ග් ද තම දිව දිගු කළ අතර සිටි පිරිස සිනහ හඬක් නැගූහ. නැවත නිසිව සීරුවෙන් තම බිරින්දෑ අසලින් සිටගෙන සිටි ජින් ශිෂුවාන් තම පුතුගේ හැසිරීම අනුමත නොකරන අන්දමේ හඬක් මුවින් පිටකළේ ය.

ඉන්පසු නැවතත් තම මෑණියන්ව තම ජ්‍යෙෂ්ඨ මාමණ්ඩියගෙන් ගලවා ගැනීමට උත්සාහ කළ ඔහු "මාමණ්ඩි, මෑණියන් මගේ." යි පවසමින් තම අයිතිය ප්‍රකාශ කළේ ය. "ඔබේ මෑණියන් වෙන්න කලින් ජ්‍යෙෂ්ඨ සොහොයුරිය මගේ වුණේ." යි පැවසුවේ ජින් ලින්ග් ව තවත් ඊර්ෂ්‍යාවෙන් දැවීමේ අපේක්ෂාවෙනි. තම මාමණ්ඩියගේ ගති මදක් උරුම කරගෙන සිටි ජින් ලින්ග් ද නොදෙවෙනි වෙමින්, "ඔබට ඔතරම්ම කෙනෙක් ව වැළඳ ගන්න ඕනේ නම් හන්ගුවාන්-ජුන් ව වැළඳ ගන්නකො." යි පැවසූ අතර ඒ වදන් වන්ග්ජිගේ දෙකන් පෙති රතු කරලීමට සමත් විය. තම පුතුගේ කටකාර වදන් හේතුවෙන් හන්ගුවාන්-ජුන් අපහසුතාවයට පත්ව ඇති බව දුටු ජින් යන්ලි ඔහුගෙන් සමාව අයැද සිටියා ය.

තම සොහොයුරිය වෙතින් පසෙකට වූ කිසිදින වදනක් පැවසීමේ දී විචාරවත් නොවූ වූෂියෑන් "මම ඔහුව හැමදාම වැළඳ ගන්නවනේ. ඒත් මම කාලෙකින් සොහොයුරීව දැක්කේ." යි පැවසුවේ ඉන් අසරණ වන්ග්ජිට සිදුවන බලපෑම පිළිබඳව නොසිතමිනි. ඒ වදන් අබිමුව තවත් අසරණ බවට ලක් වූ වන්ග්ජිගේ දෙසවන් රතු වූ අතර එතැනින් පිටව යාම නොහොබිනා ක්‍රියාවක් යැයි වැටහුණු බැවින් තවදුරටත් එතැන් රැඳී සිටීමට ඔහු කටයුතු කළේ ය.

ශ්වේත පැහැ වස්ත්‍රයක් මත තැබූ ඇපල් ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වී සිටි සිය මලණුවන්ගේ මුව දුටු ශිචෙන් ඔවුන්ගේ අවධානය වෙනතකට හැරවීමට සිතා ජින් ලින්ග් දෙසට හැරී "ජින් ලින්ග්, ඔබ හොඳින් ඉන්නව ද? යි විමසුවේ ය. "ශිචෙන් මාමණ්ඩි! මං හොඳින්" යි පවසමින් ඔහු වෙත හැරී ආචාර කළ ජින් ලින්ග් ලන් චිරන්තුමා දෙසට ද හැරී ආචාර කළ අතර ඉන්පසු බියෙන් මෙන් වන්ග්ජි‌ දෙසට ද හැරී තම ආචාරය පුද ‌කළේ ය.

තරුණ ජින් මහත්මිය වූෂියෑන්ගෙන් තොරතුරු විමසමින් සිටි අතර ඔහු ඒවාට මහත් ආශාවෙන් පිළිතුරු බඳිමින් සිටියේ ය. ලන් චිරන්තුමා "යූ ආර්යාව කොහේ ද?" යි විමසූ අතර තමා ඊට පිළිතුර නොදන්නා බව හැඟවීමට ෆෙන්ග්මියන් උරහිස් හැකිළූ අතර ඒ දෙස බැලූ යන්ලි "මෑණියන් මොකක්දෝ මිශ්‍රණයක් මුහුණේ තවරගෙන ඇගේ කුටියට වෙලා ඉන්නවා මම දැක්කා." යි පැවසුවා ය.

ඊට හිස සැලූ ෆෙන්ග්මියන් තම මිතුරාව ඔහු වෙනුවෙන් සූදානම් කළ කුටියට කැඳවා ගෙන ගිය අතර ශිචෙන් සහ චෙන්ග් ද ශිචෙන් වෙනුවෙන් වෙන් කළ කුටිය වෙත කැඳවා ගෙන ගියේ ය. ජින් ලින්ග් තම සුරතලා වූ සුරංගනා සෙවීමට පිටත්ව ගිය අතර ජින් ශිෂුවාන් ද තමාට උත්සවයේ වැඩ කටයුතු සූදානම් කිරීමට ඇති බව පවසමින් ඔවුන්ට සමුදුන්නේ තම ආදරණීය බිරිඳගේ කොපුලෙහි සිහින් හාදුවක් තැවරීමට අමතක නොකරමිනි. එය දුටු වූෂියෑන් සිනහවක් පළ කළ අතර යථා තත්ත්වයට පත් වෙමින් සිටි වන්ග්ජි නැවතත් රතුවීමට ඇවැසි නොවූ නිසාවෙන් වෙනතක් බලා ගත්තේ ය.

අසිපත් ශාලාව ඉදිරියේ ශේෂව සිටියේ ජින් තරුණ මහත්මිය හා වන්ග්ෂියෑන් යුවල පමණි. "ආ ෂියෑන් මං ඔබ වෙනුවෙන් සියපත් සූපයක් හැදුවා. රස බලන්න එනවා ද?" යි විමසුවා ය. සිය ජ්‍යෙෂ්ඨ සොහොයුරිය විසින් සකසන සියපත් සූපයේ මිහිරි බව සිහිපත් කළ වූෂියෑන් ඇගේ අදහස අනුමත කරමින් හිස සෙලවූ අතර වන්ග්ජිගේ අතෙකින් අල්වා ගත් ඔහු තම සොහොයුරිය පසුපස ඇදී ගියේ ය.

වලා සියපත් ( නිමාවී ඇත.)Where stories live. Discover now