"ලන් චන්.........!"

1.1K 115 16
                                    

ගූසු වනයේ කඳු අතරින් තම කිරණ විහිදුවමින් පායා ආ හිරු නැවුම් දිනයක සලකුණු කියා පෑවේ ය. වලා අසපුවෙහි වූ පියොනි* ගසෙහි මල් පිබිදී අවට වාතය පිවිතුරු මල් සුවඳින් පුරවාලූවේ හුස්ම ගන්නා සියලු දෙනාගේ සිත් සතුටින් ප්‍රමුදිත කරවමිනි. සෙමින් ගමනින් වලා අසපුව තුළ එහා මෙහා ඇවිද යන ශ්වේත පැහැ වස්ත්‍රධාරීන් දැකගත හැකි විය. උදාසන පිරිසිදු වීම් අවසානයෙහි සියලු දෙනා තම තම කාර්යයන්වල නිරතවීම අරඹා තිබූ අතර තරුණ ලන්වරුන් පිරිසක් උඩවැඩියා කුටිය* තුළ පැවති තම උදා දේශනය සඳහා සහභාගී වී සිටියහ. එහි දේශකයා වූයේ ගූසුලන් නිකායෙහි ප්‍රධානී ලන් ශිචෙන් ය.

ලන් ශිචෙන් තම දේශනය අරඹා මද වේලාවක් ගත වූ කල වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි.

"ලන් චන්.................!"

ඒ හඬ අසා තැතිගත් තරුණ ලන්වරුන් පිරිස තම නිකාය ප්‍රධානී ලන් ශිචෙන් දෙස බැලුවේ භීතියට පත් හැඟීම් ප්‍රකාශනයන් මුවෙහි දරා ගනිමිනි. නමුත් ඔවුන්ට ලන් ශිචෙන්ගේ මුහුණෙන් දැක ගත හැකි වූයේ අසීරුවෙන් යටපත් කරගත් සිනහවකි.

"සේවූජුන්, ජ්‍යෙෂ්ඨ වෙයිට මොකක් හරි කරදරයක් ද දන්නේ නැහැ." තම හඬ අවදි කළ ලන් ශිෂුයි කියා සිටියේ ය. ඔහු උඩවැඩියා ශාලාවේ ඉදිරිපස අසුනක හිඳගෙන සිටි අතර පසෙකින් වූයේ ඔහුගේ සගයා වූ ලන් ජින්ග්යි ය. ශිෂුයිගේ පැනය අනුමත කරමින් අනෙක් සිසුන් ද තම හිස් වනමින් තම ප්‍රධානියා දෙස නෙත් දල්වා ගෙන බලා සිටියහ. තම මුව තුළ දඟ කළ සිනහව පලවා හැරි ලන් ශිචෙන් "ඔහුට කරදරයක් නැතිව ඇති. එහෙම වුණොත් හන්ගුවාන්-ජුන් ඉන්නවා ඔහුගේ උදව්වට." යි පැවසුවේ ය.

ඒ පිළිතුර ජින්ග්යිගේ මුවට දඟකාර සිනහවක් ගෙන ආ අතර ශිෂුයිගේ සවන දෙසට නැවුණු ඔහු යමක් පැවසුවේ ය. එය ඇසූ ශිෂුයිගේ මුහුණ රතු වූ අතරම ඔහු තම මිතුරා දෙස නොරුස්නා බැල්මක් හෙළීමට උත්සාහ කළේ ය. නමුත් ලන් ශිචෙන්ගේ පිළිතුරෙන් අන් සිසුන් සෑහීමකට පත්ව සිටි බැවින් ඔහුට තම දේශනය බාධාවකින් තොරව සිදු කරගෙන යාමට හැකි විය.

දේශනය අවසානයේ ලන් ශිචෙන් පිටව ගිය පසු ශිෂුයි හා ජින්ග්යි දෙදෙනා ගූසු වනය දෙස සිටි සාවුන් සුරතල් කිරීමට පිටත්ව ගියහ. ඔවුන් ඒ දෙසම තණ කමින් සිටි 'පුංචි ඇපලේ' ද දුටුවහ.

වලා සියපත් ( නිමාවී ඇත.)Where stories live. Discover now