සියපත් මණ්ඩපය

399 91 6
                                    

කාලය වේගයෙන් ගතව යුන්මෙන්ග් උත්සව දිනය ළඟා වූ අතර සිව්දෙනාම සූදානම්ව ගූසු වලා අසපුවේ පිවිසුම් ද්වාරය අසල සිටගෙන සිටියහ. ලන් දෙසොහොයුරන් සහ ලන් චිරන් ප්‍රධානීතුමා තම අසිපත් මතට නැංග නමුත් අසිපතක් නොමැතිව සිටි වූෂියෑන් තම වස්කුල වූ චෙන්චිනය සුරතෙහි රඳවා ගෙන ඔවුන් දෙස බලා සිටියේ ය. වන්ග්ජි ඔහු වෙත තම'ත දිගු කළ අතර ඔහුගේ අත ගෙන බිචෙනය මතට වූෂියෑන් නැගි පසු සියලුදෙනා යුන්මෙන්ග් බලා පිටත් වූහ.

යුන්මෙන්ග් වෙතට ආසන්න වත්ම ඔවුන් වටා වූ වාතය සියපත් සුගන්ධයෙන් පිරී තිබූ අතර තම කුඩා කල මතකයන් සිහියට නැගුණු බැවින් වූෂියෑන්ගේ නෙත'ගට කඳුළු බිඳු එක් වන්නට විය. ඒ බව දුටු වන්ග්ජි “වෙයි යින්ග්” යි ඔහුව ඇමතූ අතර වූෂියෑන් තම දෑස්වල වූ කඳුළු පිස දමා ගෙන කිසිවක් නැතැයි හඟවන්නට මෙන් හිස දෙපසට වැනුවේ ය. ඔවුන්ට පහළින් වූ ප්‍රදේශය තරමක් කුඩාව දිස්වන්නට විය. එහි කඩිමුඩියෙන් එහා මෙහා දිව ඇවිද යන මිනිස් සමූහයා දැක ගත හැකි විය. ඔවුන් කෙතරම් ඉහළින් ගමන් කරමින් සිටියා ද කිව‌හොත් ඔවුන්ට පහළ සිටි මිනිසුන් දිස්වූයේ ප්‍රමාණයෙන් ඉතා කුඩාවට ය. නමුත් ඒ මිනිසුන්ගේ කතාබස් හඬ හා සිනහ හඬ ඔවුන් වෙත ද ළඟා වූයේ යුන්මෙන්ග්හි උණුසුමෙන් ඔවුන්ව ආවරණය කරගනිමිනි.

මදෙකින් සියපත් මණ්ඩපය ඉදිරියෙන් ඔවුන්ගේ අසිපත්වලින් බිමට බට ඔවුහු අසිපත් අතට ගෙන පිවිසුම් ද්වාරය වෙත ඇවිද ගියහ. ඔවුන්ගේ ආගමනය දුටු සියපත් මණ්ඩපයේ ආරක්ෂකයකු එතුළට දිවගියේ ඔවුන්ගේ ආගමනය පිළිබඳ පුවත නිකාය ප්‍රධානීතුමාට දැනුම් දීමටය. සුළු මොහොතෙකින් සියපත් මණ්ඩපයේ නව නිකාය ප්‍රධානී ජියැන්ග් චෙන්ග් ද්වාරය තුළින් පිටතට පැමිණි අතර ඔහු සියළු දෙනාට ආචාර කොට පිළිගත්තේ ය. අන් අය ආචාර කරන තුරු හෝ නොසිටි වූෂියෑන් ඉදිරියට පැන තම ආදරණීය මලයණ්ඩියව වැළඳ ගත්තේ ඔහුගේ විරෝධය ද නොතකමිනි.

“වෙයි වූෂියෑන්! මාව අතාරිනවා.” යි කෑගැසූ ඔහු ව තවත් තදින් වැළඳ ගත් වූෂියෑන් “ඉතින් චෙන්ග්, ඔබට කොහොම ද? මම ඉතින් කාලෙකින්නේ ඔබව දකින්නේ. ටික වෙලාවක් මෙහෙම ඉන්න.”යි පැවසුවේ ය. ජියැන්ග් චෙන්ග් පිටතට නොපෙන් වුවද ඔහු තම දඟකාර අයියණ්ඩි දැකීමෙන් ප්‍රීතියට පත්ව ඇති බව දුටු තවමත් එකිනෙකාව වැළඳගෙන සිටි ඔවුන් දෙස බලා සිටි ලන් ශිචෙන් මදහසක් පෑවේ පිටතට නොපෙන්වූ නමුත් තමා සහ තම මලයණ්ඩිය අතර වන බැඳීම පිළිබඳ සිහි කරමිනි.

වලා සියපත් ( නිමාවී ඇත.)Where stories live. Discover now