JHope's Lily | JHS |✔

By Senu_31

30.6K 7.4K 1K

"තමුන්ට මට ලන් වෙන්නද ඕනේ?කියනවා..ඒකද ඕනෙ තමුන්ට?" "Jhopeශි මන්..." "ආ.. ඒකට අලුත් විදියක්ද මේක..මන් දැකලා ති... More

Chapter 01
Chapter-02
Chapter-03
Chapter - 04
Chapter-05
Chapter - 06
Chapter - 07
Chapter - 08
Chapter -09
Chapter - 10
Chapter - 11
Chapter - 12
Chapter - 13
Chapter - 14
Chapter - 15
Chapter- 16
Chapter - 17
Chapter - 18
Chapter - 20
🌼Sunshine🌼

Chapter - 19

1.4K 359 36
By Senu_31

මේ දවස් ටිකේම හසියා මට නිතරම කතා කරලා මං තනියම ඉන්න වෙලාව අඩු කරන්න ගොඩක් tryකළා. එයා දන්නවා මං තනියම හිත හිත මගේ හිත රිද්දගන්වා කියලා.

ඒ කොච්චර try කළත් මගේ හිත රිදෙන එක නතර කරගන්න බැරි වුණා. ලිලි කිව්ව වචන ටික දිගටම මගේ හිත රිද්දුවා.

මොකද මට අන්තිමට එයාගෙන් අහන්න ලැබුණේ 'ඔයා කවුද ' කියන එක නිසා.

ලිලී.....
මට ඔයාට අයිතියක් නැති බව ඇත්ත. ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාගේ ඔම්මා තරමටම ආදරෙයි කියලා මට කියන්න බෑ, ඒත් ඒ තරමටම ආදරයක් මගේ හිතේ තියෙන බව මං දන්නවා. ඒ නිසා වෙන්නැති මට මේච්චර රිදෙන්නේ.
ඩොක්ටර්,හසියට ඔයා හොදින් කියලා කිව්වනේ. ඒක ඇති දැනට. හොඳින් ඉන්න මගේ පැටියෝ.....

හෝසොකා......
රේචල් කිවුවා වගේ ඔයාගේ හිතේ මං ගැන ආදරයක් නැද්ද? මාව ඔයාට ලිලීව බලාගන්න කෙනා විතරද?
ඒත් මට ඔයා ගැන තියෙන ආදරේ.....
ලිලීගේ අප්පා විදිහට විතරක් නෙවේ හෝසොකා, මං ඔයාට ගොඩක් ආදරෙයි.

ඒත් මං ඔයාලා ළඟ හිටියොත් ඔයාලට ගොඩාක් ප්‍රශ්න ඇතිවෙයි.ඒ නිසා මං මෙහෙම යන එක හරි තීරණයක් නේද? ඒකෙන් මට කොච්චර රිදුනණත් ඔයාට හොදින් ඉඳීනේද?ඔයාලා සතුටින් ඉඳිනේද? කියන්න....
මේක හරි තීරනයක් නේද?

දවසකට මං සිය පාරකට වඩා ඔය ටිකම හිත හිත ඉන්නවා.ඒත් මට ඒවට තාම හරි උත්තරයක් හම්බුණේ නෑ.හසියත් දිගටම කිව්වේ මේක මගේ හිතට සතුටක් ගේන තීරණයක් නෙවේ නම් ඒක කරන්න එපා කියලා.

"නේහා.. දැන් වුණත් නවතින්න පුළුවන් ඔයාට.....ඔයා හිතනවද මෙහෙම කලාම ඔයා දිගටම හොඳින් ඉඳී කියලා.....?" උදේ airport එකට යන්න බැරිවෙන නිසා රෑ Auntyලාගේ ගෙදරට ආපු හසියා මගෙන් දිගටම උත්තරයක් හිතාගන්න බැරි ප්‍රශ්නයක් ඇහුවා.

"මං දන්නැහැ හසියෝ...
අපි ඕක දැන් නතර කරමු"මං අහක බලාගන්න ගමන් කිවුවා.එතකොට හසියා මගේ ඉස්සරහට ඇවිත් මගේ උරහිසෙන් අල්ලගත්තා,
"මට අන්තිම පාරට මේ ප්‍රශ්න ටිකට විතරක් උත්තර දෙන්න නේහා. ආයේ මං මුකුත් අහන්නෑ."

"කියන්න හසියෝ"

"ඔයා ලිලියට තරම්ම හොබියටත් ආදරෙයි නේද?"

"හ්ම්..."

"දැන් තව පැය ගානකින් තියෙන flight එකෙන් ගියා කියලා ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්ද?"

මන් නෑ කියන්න ඔලුව වැනුවා.

"එහෙනම් මෙහෙම පැනලා දුවන් නැතුව එයාට කතා කරලා යන්න නේහා.බලන්න ඔයාගේ ෆෝන් එකේ තියෙන calls තොගේ. ඔයා තාම හිතන්නේ එයාට ඔයාව ඕනේ නෑ කියල ද?"

මගේ කදුළු ආයෙත් වැටෙන්න පටන් ගත්තා.

"මට බෑ හසියෝ. මට බෑ එයාට කතා කරන්න."

"ඇයි? ඇයි ඒ?" හසියා ඔලුව පහත්කරන් අඬන මගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් ඇහුවා.

"ඒ කටහඬ ඇහුනොත් මං මෙහෙන් යන්න ගත්ත තීරණේ මං නතර කරයි හසියෝ. මට ආයේ ඉන්න හිතෙයි. මට එයාව දාලා යන්න බැරි වෙයි"

ඔව්...මං ආයේ ආත්මාර්ථකාමී වෙයි...මට ආයේ මේ තීරණේම ගන්න බැරි වෙයි..ඒක වෙන්න දෙන්න බෑ. මං නිසා එයාලට කරදරයක් වෙන්න බෑ.

________________________________________________________

පාන්දර මං හැමෝගෙන්ම සමුඅරගෙන හසියවත් බදාගෙන ඉඳලා Taxiඑකට නැග්ගා.

ඒ වෙලාවේ හසිය Taxi Driver ගෙන් number එක ඉල්ල ගත්තා. මං හසියා දිහා බලන් හිටියේ මොකද මේ කරන්න යන විකාරේ කියලා. මං දිහා බලලා ඇහැක් ගහපු හසියා මට අත වනලා Bye කිවුවා.

ඒ මොකද්ද ඒ කලේ?

Auntyලගේ ගෙදර Airport එකෙන් ටිකක් ඈතින් තියෙන නිසා මං ෆෝන් එකෙන් song එකක් play කරලා earphone එක කනේ ගහගත්තා.

ටික වෙලාවකට පස්සේ Taxi එක එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා මාව ඉස්සරහට විසිවුනා.

මේ වෙලාවේ පාරේ එච්චරම වාහනත් නැති එකේ මේ මනුස්සයා මොකට බ්‍රේක් ගහනවද මන්දා!

"අජශ්ශී... ඇයි මේ?"
මං ටිකක් සැරෙන් වගේ ඇහුවේ මගේ ඔලුව ඉස්සරහා sheat එකේ හයියෙන් වැදුණු නිසා.

"මගේ වරදක් නෙවේ මිස්. අර කාර් එක,එකපාරටම හරස් කරලා නැවැත්තුවනේ.දැන් අයින් කරන්නෙත් නෑ"

මොන මීහරකෙක්ද මේ පාන්දර මෙහෙම කරන්නේ? මට පරක්කුත් වෙනවා.

"ඔහොම ඉන්න මං බලලා එන්නම් එයාට මොනාද ඕනෙ කියලා"මං Taxi එකෙන් බහින ගමන් කිව්වා.

"ඒත් මිස්...."Taxi driver මොනාහරි කියන්න හදද්දි මං එලියට බැහැලා දොර වහලා කාර් එක ළඟට යන ගමන් හිටියේ.ටික ටික උදේ වෙන්න ගත්ත නිසා එලිය වැටිලා තිබුනත් ඒ පාරේ වැඩිය වාහන ගියේ නෑ.

මෙයා කොහෙන් පාත් වුනාද මන්දා..

මන් glass එකට තට්ටුකලේ ඒක අරියි කියලා හිතලා.ඒත් එකපාරට එහා පැත්තේ door එක ඇරලා බැස්සේ වෙන කවුරුත් නෙවේ...හොබී!!!

එයා car එක ඉස්සරහින් මගේ පැත්තට ඇවිදන් ආවා.

මන් මේ ඉන්නේ හීනෙකද?

එයා ලා පාට shirt එකකුයි trouser එකකුයි ඇදගෙන හිටියා.

ඒත් වෙනදා තිබුන ලස්සන මූන අද කොහෙද දන්නෙත් නෑ.කොන්ඩෙත් අවුල් වෙලා. මූනෙත් තිබුනේ මලානික පාටක්.

ලඟට ආව එයා මන් දිහාවත් බලන්නැතුව මගේ අතින් තදින් අල්ල ගත්තා.ඊට පස්සේ car එකේ දොර ඇරපු එයා මාව ඒක ඇතුලට තල්ලු කලේ බලෙන්මයි. Car එකේ ඉන්දවුන මන් door එක අරින්න try කලත් ඒක ලොක් කරලා තිබුනේ. ඊට පස්සේ car එකට නැගපු එයා එහා පැත්තෙන් වාඩි වෙලා මාව දැක්කේ නැති ගානට drive කරන්න ගත්තා.

"මට කියනවද මොකක්ද මේ වෙන්නේ කියලා. මට යන්න දෙන්න.මට flight එකක් තියෙනවා"

එයා කිසිම දෙයක් ඇහෙන්නේ නැතිගාන්ට දිගටම Drive කළා. හැබැයි airport එක පැත්තට නම් නෙවේ.

"Car එක නවත්තන්න... හෝසොක්ශී.. දැන්මම car එක නවත්තන්න..." එයා මන් කියන දේ ගානකටවත් ගත්තේ නෑ.

ඒකට මට ටිකක් කේන්ති ගියා.ඒ වගේම දුක හිතුනා. ඇයි ඔයා ඔහොම කරන්නේ මට?

"Mr.Jung Hoseok.. දැන්මම වාහනේ නතර කරනවා!!"

ඒ වෙලාවේ මන් දිහා නපුරු විදිහට බලපු හොබියා වාහනේ එකපාරටම පාර අයිනෙන් නැවැත්තුවා.පාර දෙපැත්තෙම කැලේ වැවිලා වගේ තිබුනු පාලු පාරක් ඒක.වාහනේ දොර ඇරපු මන් එලියට බැස්සා.එයත් ඒවෙලාවේ එලියට ඇවිත් මගේ පැත්තට ඇවිදගෙන ආවා.

"මාව airport එකෙන් ගිහින් දාන්න.ඔයා මොකක්ද මේ මෙතන කරන්නේ?"
මගේ කටහඩ ටික ටික බිදිලා යනවා මට තේරුනා.

ඔය මූන දැක්කම මන් කොහොමද කදුලු නවත්තගන්නේ...ආයේ අඩවන්නෙපා මාව..
මගේ ලගටම ආපූ හොබියා මගේ අත තද කරලා අල්ලගත්තා.මට හිතුනේම එයා මට බනී කියලා.

ඒත් මන් දිහා බලපු ඒ ඇස් වල තිබුනේ කදුලු...

"මන් නෙවේ නේහා,ඔයා මේ කරන්නේ මොකක්ද? මෙහෙම එක පාරටම මාවයි ලිලීවයි දාලා යන්නේ කොහොමද?කොහොමද ඔහොම කරන්න පුලුවන් වුනේ?"

"ලිලී දැන් හොදින් නේ.එයා ඔයා එක්ක සතුටින් ඉදී. අනික එයා දැන් මට කොච්චර වෛර කරනව ඇතිද? මන් නිසයි එයාට මෙහෙම දෙයක් වුනේ?"

"බොරු කියන්නෙපා නේහා. මන් දන්නවා ඒක වුනේ රේචල් නිසා කියලා.මට ලිලියා හැමදේම කිවුවා. දන්නවද, එයාට සිහිය ආපු ගමන් එයා අහපු පලවෙනි දේ,මගේ ඒන්ජල් කොහෙද කියලා. එයාට ඕනේ වුනා ඔයාට කතා කරලා සමාව ගන්න. ඒ නිසා මන් ඔයාව කොච්චර හෙවුවද?"

ඒ කියන්නේ ලිලී නිසාද මාව හෙවුවේ?ඔයාට ඒ නිසා විතරද මාව ඕනේ වුනේ?

"එහෙනම් ලිලීට කෝල් එකක් අරන් දෙන්න.එයාට කතා කලාට පස්සේ මාව airport එකෙන් ගිහින් දාන්න."

"ඇයි නේහා මෙහෙම හැසිරෙන්නේ? එතකොට මන් ගැන හිතෙන්නෙම නැත්ද ඔයාට? ලිලීට විතරක් නෙවේ නේහා මටත් ඔයාව ඕනේ."

"ඒත් රේචල් මට කිවුවා..
එයා මට කිවුවා ඔයාට මන් නිසා කරදර වෙනවා කියලා.
ඒ වගේම ඔයාගේ හිතේ...."

"ඔයාට රේචල්ගේ වචන ඔච්චර විශ්වාස කරන්න පුලුවන් වුනේ කොහොමද?"
මන් කියාගෙන යන එක නතර කරපු හොබී එහෙම ඇහුවා.

ඇත්තටම මන් කොහොමද එයාව විශ්වාස කලේ?

"මේ අහන්න නේහා දැන්වත්... ඔයාට රේචල්ගේ වචන විශ්වාස කරන්න පුලුවන්නම් මගේ වචන ඊට වඩා ටිකක් හරි විශ්වාස ඇති කියලා මන් හිතනවා." ඒ කටහඩ දුකෙන් පිරිලා තිබුනා.

"ඔයා කිවුවනේ ලිලී මාත් එක්ක සතුටින් ඉදී කියලා. ඒත් එයාව සතුටින් තියන්නනම් මුලින්ම මන් සතුටින් ඉන්න ඕනේ නේද? ඒත් මගේ සතුට තියෙන්නේ ඔයා ලගනම් ඔයා නැතුව මන් කොහොමද සතුටු වෙන්නේ?කියන්න මට..
කාලෙකට කලින් තනිවෙලා තිබුන හදවතට ආදරේ පුරවගෙන මගේ ජීවිතේට කෙල්ලෙක් ආවා.එයා මට මගේ ජීවිතේ ලොකුම සතුට භාර දීලා, ඒ සතුටෙන් භාගයක්ම ආපහු අරගෙන මාව තනි කරලා ගියා.

එදා ඉදන් කැමරා එකට පේන්න හිනාවෙලා හිටියත් මන් හිත ඇතුලෙන් ගොඩාක් විඳෙවුවා.

ගෙදරක් තිබුනත් ඒක කවදාවත් ගෙදරක් විදිහට දැනුනේ නෑ.
පැය ගානක් practise වෙලා perform කරලා මහන්සි වෙලා විඳිනවට වඩා සිය දහස් ගුනයක වේදනාවක්, ලිලී දිහා බලද්දි හැමදාම මන් වින්දා.

ඒත් ඔයා ආවට පස්සේ ඒ හැමදේම වෙනස් වුනා.

ලිලී ආයේ හිනාවෙන්න පටන් ගත්තා. හැමවෙලේම එයා සතුටින් හිටියා.
ඒ වගේම මගේ ලඟිනුත් ඔයා හැමවෙලේම හිටියා. ගෙදර ආයෙමත් බිත්ති හතරක් නොවී ඇත්තම ගෙදරක් වුනා.ඔයා දැක්කම මගේ හැම දුකක්ම අමතක කරලා මට හිනාවෙන්න පුලුවන් වුනා.මගේ හිත ගොඩාක් සැහැල්ලු වුනා.

මට මුලින්ම ඒ හැගීමට දෙන්න නමක් හිතාගන්න බැරි වුනා.

ඒත් ඔයා ගිය වෙලාවේ මන් තේරුම් ගත්තා ඒ හැඟීම හරියටම මොකක්ද කියලා.

ඒ ආදරේ නේහා.. මන් ඔයාට ගොඩක් ආදරේ කරනවා.ඒ නිසා මාව මෙහෙම දාලා යන්නෙපා."

ඒක අහන් හිටපු මන් එයාව බදාගත්තා.

එයාත් මාව තද කරලා බදාගත්තේ හරිම ආදරේකින්.

මන් දන්නවා හොබී මට ආදරේ කරනවට වඩා මන් එයාට ආදරේ කරනවා.

ඒත්...ඒත්... අපේ ආදරේට ඉඩක් ලැබෙයිද...

"ඒත් හෝසොක්..කවදහරි මන් නිසා ඔයාට ප්‍රශ්නයක් වුනොත්.."ටික වෙලාවක් එයාගේ තුරුලට වෙලා හිටපු මන් ඈත් වෙන ගමන් ඇහුවා.

"දැන් ඔයාම නේද මට කිවුවේ ඕනෙම ප්‍රශ්නෙකදි මන් ළග ඉන්නවා කියලා"

"ඉන්නව තමා. ඒත්..."

"එහෙනම් ඒත් මේත් කතා නෑ.ඔයා මගේ ලඟ ඉන්නවා නම් එච්චරයි මට" කියපු හොබී මාව ආයේ තුරුල් කරගත්තා.

ඔව්..මන් ඔයා ලඟ ඉන්නවා හෝසොකා..

ඒ උනුහුමේ ඉද්දී මට දැනුනෙ ලොකු සැනසීමක්.මගෙ හදවතට දැනුන ඒ උනුහුම මාව සතුටින් පිරෙවුවා.

"දැන් කොයි වෙලාවටද මට ඒක කියන්නේ...?"ටික වෙලාවකට පස්සේ එයා මට කතා කලා.

"මොකක්ද?" තාම එයාගෙ පපුවට තුරුලු වෙලා හිටිය මන් ඇහුවා.

"මට ආදරෙයි කියලා"

ඒක ඇහුන මන් එයාගෙ තුරුලෙන් ඈත් වුනේ හිනා වෙවී.

ඒත් හොබියා මන් දිහා බලන් හිටිපු ආදරේ පිරුනු ඇස් වලින් කියවුනේ ඒක එයා ඇත්තටම ඇහුවේ කියන එක.

මන් එයාව බදාගෙන හිටපු අත් දෙක අරන් එයාගෙ කම්මුල් දෙපැත්තෙන් තියාගත්තත් එයාගෙ අත් තාමත් මගේ ඉන වටේ තද කරගෙන මාව බදාගෙන හිටියා.

ඊට පස්සේ එයාගේ ඇස් දිහා බලපු මන්,
"මන් ඔයාට ගොඩා............................ක්

ආදරේ නෑ." කියලා හිනා වුනා.

එයත් මාත් එක්ක හිනා වෙයි කියලා හිතුවත් ඒ මූන එක පාරටම අදුරු වුනා.

මෝඩ වැඩ කරන්නනම් ඔයා ගොඩාක් දස්සයි නේහා.මෙච්චර ලස්සන මොහොත කෑවනේ..

"ගොඩා..........ක් ආදරේ නෑ..ඊටත් වඩා ගොඩා............ක් ආදරෙයි" කියලා කිවුවම නැති වෙලා තිබුන එයාගේ හිනාව ආයෙත් එයාගෙ මූනට එන්න වැඩිවෙලාවක් ගියෙ නෑ.

මගේ තොල් වලට හෙමීට පහත් වුන එයා හරිම ආදරනීය විදිහට මාව කිස් කරන්න පටන් ගත්තා.

ඒ තොල් වලින් ඈත් වෙන්න මට හිතුනේ නැති වුනත් මට එක පාරට මතක් වුනා අපි ඉන්නේ පාරේ නේද කියලා.

හොබියා මාව බදාගෙන හිටපු අත් දෙකත් අයින් කරලා මන් එක පාරටම එයාගෙන් ඈත් වුනාම එයා 'මොකක්ද වුනේ' වගේ බය වුන මූනකුත් හදාගෙන මන් දිහා බැලුවා.

"මේක පාර" කියලා මම කියපු වෙලාවෙ එයා,

"දැන්ද මතක් වුනේ" කියලා හිනා වුනා.

අපොයි.. ඉවරයි..

"මේ පාරෙන් වැඩිය කවුරුත් යන්නෑ. බය වෙන්නෙපා." මන් භූගත වෙන්න උත්සහ කරන වෙලාවෙ එයා කිවුවා.

"හරි. දැන් කාර් එකට නගින්නකෝ. ඉතුරු ටික මන් ගෙදරදී බලාගන්නම්." කියලා ඇහැකුත් ගහලා හිනාවෙවී එයා car එකේ දොර ඇරියා.

ආ! ඒකේ තේරුම මොකක්ද?!

හොබියා හිතුවට වඩා ටිකක් දරුනුයි වගේ...
පරිස්සම් වෙන්න වෙයි නේහා...

Car එකට නැග්ගට පස්සේ මට හසියගෙන් call එකක් ආවා.
"කොහොමද? මගේ සමුගැනීමේ තෑග්ග හොදයි නේද?"

"ආ! මොකක්ද ඒ කතාව? එතකොට ඔයාද.."

"හරි හරි අපි පස්සේ කතා කරමුකෝ. Suitcase එක මන් ලග,ඒක කියන්න ගත්තේ"

"ආ ඒකද අර driverගේ.."

"පස්සේ කතාකරමූ.
දැන් ඉතින් ඔයා පෙම් සුව විදින්නකෝ වස්තු....ටටා.."

අනේ අම්මපා මේ පාප මිත්‍රයා නම්..

"ඔයයි හසියයි කවදා ඉදන්ද හවුලේ වැඩ කරන්න ගත්තේ?"
මන් කතා කරපු දිහා හිනා වෙවී බලන් drive කරන හොබියගෙන් මන් ඇහුවා.

"එයා ටේසුක්ගෙන් මගේ number එක ඉල්ලගෙන මට කතා කලා ඊයෙ රෑ. ඉතින් අපි දෙන්නා එකතු වෙලා ඔයාගේ සතුට වෙනුවෙන් පොඩි plan එකක් ගැහුවා. එච්චරයි." හොබී හිනා වෙවී කිවුවා.

__________________________________________________________

මන් ගෙදරට ආපු ගමන් ලිලියා දුවගෙන ඇවිත් මාව බදාගත්තා.

"Angel.."
ඒ වෙලාවේ මන් දණගහලා එයාව බදාගෙන තුරුල් කරගත්තා.

"මගේ පැටියෝ..ඔයා හොදින් නේද?"

"මට සමාවෙන්න Angel... මන් ඒ වෙලාවේ එහෙම මුරන්ඩු නොවුනානම් මේ මුකුත් වෙන්නේ නෑනේ." ඇස් දෙකේ කදුලු පුරවන් ලිලියා කිවුවා.

"නෑ පැටියෝ.. ඒක ඔයාගේ වැරැද්දක් නෙවේ." මන් එයාගේ කදුලු පිහිදාන ගමන් කිවුවා.

"Angel.. මන් ඇහුවා නේද එදා ඔයා මගේ කවුද කියලා. දැන් මන් ඒකට උත්තරේ දන්නවා. ඔයා තමා මගේ ඔම්මා..
ඔම්මා.. ආයේ කවදාවත්ම මාව දාලා යන්නැහැ නේද?"

"නැහැ මගේ පැටියෝ. මන් යන්නැහැ"

"බලන්න අප්පා..දැන් ඒ photo එක ගොඩාක් ලස්සනට පේනවා නේද?" අපි දෙන්නා දිහා ආදරෙන් බලන් හිටපු හොබියා ලගට ගිහින් ලිලියා ඇහුවා.

ලිලී අත දික් කරපු පැත්ත බැලුව මම දැක්කේ බිත්තියේ තිබුන තරමක් ලොකු photo එක. එදා Bergen වලදී ගත්ත ඒ photo එකේ ලිලියයි මායි ඇස් දෙක පියාගෙන නලළට නලළ තියගෙන ඉන්න දිහා හොබියා හරිම ආදරෙන් බලන් ඉන්න විදිහයි ඒකෙ තිබුනේ.

මන් වශී වෙලා වගේ ඒක දිහා බලන් ඉන්නකොට හොබී ලිලීව වඩාගෙන එතනට ආවා.

"ඕක ඊයේ උදේ ලැබුනේ. අපි දෙන්නා එක්ක ඕක ඒ වෙලාවෙම එල්ලලා ගොඩාක් වෙලා බලන් හිටියා. ලිලියානම් ඇඬුවත් එක්ක."

"මන් විතරද අප්පා... ඔයත් අඬනව මන් දැක්කා."

"හරි හරී මගේ පන්ඩිත කෙල්ල..." හොබී ලිලීගේ කම්මුල මිරිකන ගමන් කිවුවා.ඊට පස්සේ එයා අනිත් අතෙන් මාවත් තුරුලු කරගන්න ගමන්,
"දැන් මගේ පන්ඩිතයෝ දෙන්නම මන් ලග ඉන්නවනේ.." කියලා හරිම ආදරෙන් කිවුවා.

අපි තුන් දෙනා ඉන්න දිහා බලන් හිටපු අජුම්මගේ ඇස් වලත් සතුටු කදුලුද මන්දා පිරිලා තිබුනා.

"අජුම්මා.. එහෙනම් අපිට ඉක්මනට වැඩ පටන් ගන්න වෙයි නේද? ඉක්මනට තියෙන තරමට මන් කැමතී."හොබී එහෙම කියනකොට අජුම්මා කදුලු පිහිදාන ගමන් හිනා වුනා.

"ඔව් ඔව් sir, වැඩ ගොඩාක් තියෙයිනේ.ඉක්මනට පටන් ගමු."

ඒ තුන් දෙනාම හිනාවෙන දිහා මන් විතරක් බකමූනෙක් වගේ ඇස් දෙකත් ලොකූ කරගෙන බලන් හිටියා.

"ඉක්මනට දැනගන්න ලැබෙයි ඔයාටත්. මට පොඩි වැඩ වගයක් තියෙනවා. ඉක්මනට ගිහින් එන්නම්. ඔයාගේ suitcase එකත් ගන්නෙපැයි" එහෙම කියපු හොබියා ලිලීගේ කම්මුලටත් kiss එකක් දීලා මගේ නලළටත් kiss එකක් දුන්නා.

හිතුවෙවත් නැති වෙලාවක දුන්න kiss එක නිසා මන් පොඩ්ඩක් ගැස්සුනා. අනික මේ ලිලියත් ඉන්නවා..

"ඔම්මා.. ඔයාගේ මූන රතුම රතු ඇපල් ගෙඩියක් වගේ..ඔයාට සනීප නැත්ද?" ලිලියා මන් දිහා බලන ගමන් ඇහුවා.

ඒක ඇහිලා හිනාවුන හොබියා ලිලීව බිමින් තියන ගමන්,
"මන් එහෙනම් ඔම්මාට බෙහෙත් අරන් එන්නම්කෝ ලිලියෝ. එතකම් එයාව බලගන්නකෝ" කියලා හිනා වෙවී මට ඇහැකුත් ගහලා driver එක්ක වාහනේට ගියා.

මෙතන මේ මොනාද වෙන්නේ?
මන් දන්නැති වැඩේ මොකක්ද?

............................................................................

Continue Reading

You'll Also Like

293K 50.3K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
163K 27K 36
ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤
35.9K 8K 20
චරිත ඇතුලෙ හැංගිලා ඉන්න චරිත අදුරගන්න ඒ චරිත කතා කියවන්නම ඕන.. මේකත් අන්න එගෙම චරිත ගොන්නක් ඇතුලෙ හිරවුනු කතාවක්..