JHope's Lily | JHS |✔

By Senu_31

31.3K 7.5K 1K

"තමුන්ට මට ලන් වෙන්නද ඕනේ?කියනවා..ඒකද ඕනෙ තමුන්ට?" "Jhopeශි මන්..." "ආ.. ඒකට අලුත් විදියක්ද මේක..මන් දැකලා ති... More

Chapter 01
Chapter-02
Chapter-03
Chapter - 04
Chapter-05
Chapter - 06
Chapter - 07
Chapter - 08
Chapter -09
Chapter - 10
Chapter - 11
Chapter - 12
Chapter - 13
Chapter - 14
Chapter - 15
Chapter- 16
Chapter - 17
Chapter - 19
Chapter - 20
🌼Sunshine🌼

Chapter - 18

1.3K 354 46
By Senu_31

මං හරි නම් දැන්පිටිපස්ස හැරිලා lights on කරපු මනුස්ස ප්‍රාණියව බලන්න ඕනි වුණත් මම හෙලවෙන්නෙවත් නැතුව හිටියා.අහුවුනොත් අහුවෙන්නැතෑ කියලා...

අනේ දෙවියනේ පොඩ්ඩක් මන් දිහා බලන්න කෝ.අර යක්ෂ බොනික්කි නැතුව හොල්මනක් ආවත් මං කැමතියි.😖

මට ඇහුණා මං ළඟට කවුරුහරි ඇවිදන් එනවා.ඒ කියන්නේ මාව දැකලා.

"ඇයි ඔයා හිතන්නේ මට ඔයාව පේන්නැති වෙන්න ඔයා කූඹීයෙක් වගේ කියලද?"

ඇති යන්තම්..හොල්මනකට ටිකක් ළග කෙනෙක් ඇවිත්.

හොබියා මන් ඉදන් හිටපු සෝෆා එකේ table එකේ මං ඉස්සරහ ඉදගත්තා.

"මං දන්නවා මං කූඹියෙක්ට වැඩිය ටිකක් ලොකුයි කියලා" මන් දත් තිස් දෙකම පේන්න හිනා වෙන ගමන් කිවුවා.

"Lunch එකකට ගියපු කෙනා මහ රෑ මෙතන මොකද කරන්නේ?"

මන් දැන් මෙතන නානවා වගේද පේන්නෙ මෙයාට.

"Lunch එකට ගිහින් කෑවාමනේ බඩ පිරෙන්නේ. කෑවේ නැත්තන් කොහොමද බඩ පිරෙන්නේ?" හිතට ආපු එක කියන්නැතුව ඇත්ත කිවුවා මන්.

"ඇයි ඉතින් එහෙනම්Ajummaට කිවුවේ කාලා ආවේ කියලා."එයා මගේ අතේ තිබ්බ පිගානයි හැන්දයි උදුරාගන්න ගමන් ඇහුවා.

"ඔයා Dinner එක ගත්තනම් දැන් ඇයි ඕක ගන්නේ?" මන් ප්‍රශ්නේ මගෑරියා.

කටක් දෙකක් කාලා නවත්තයි කියලා බැලුවම මෙන්න මේ පෙරේතයා දිගටම කනවා.😳😳

"නෑ මට ඔයා කන හැටි දැක්කම කන්න හිතුණා. ඒත් ඔයා තනියම ඉන්නකොට හැමතිස්සෙම කන්නේ ඔයවගේද?"
එයා මගේ දිහා නෝන්ඩි බැල්මක් දාන ගමන් හිනාවෙවී ඇහුවා.

යකූ.........
එතකොටයි මට තේරුනේ. කට වටේම ගාගෙන, ඒ මදිවට short එකක් ඇදගෙන කකුල් දෙකත් සෝෆා එක උඩ දාගෙන...හොද වෙලාවට ඔඩොක්කුවේ කොට්ටයක් තිබ්බේ.නැත්තන් ඉවරයි..

මං ටක් ගාලා අත් දෙකෙන් කටත් පිහිදාලා කකුල් දෙකත් බිමට අරන් හොබියගේ අතේ තිබ්බ මගේ දිව්‍ය භෝජනය උදුරගත්තා. ඒක දිහා බල බල එයා හිනාවෙනවා.

කලින් ගණන් ගත්තේත් නෑ. දැන් එනවා මෙතන හිනා වෙන්න. හහ්......😒

"ඇයි ඉතින් Lunchඑකට ගිහින් කෑවේනැත්තේ?"

"ම්ම්....ඒක ටිකක් දිග කතාවක්."

"මට පුළුවන් දිග කතා අහන් ඉන්න."

"ම්ම්....මේකයි" කියලා කතාව පටන් අරන් මං අභී ගැන වගේම අද වුණ දේවල් ගැනත් කියලා දැම්මා. මොනව වුනත් එයා එක්ක අයේ ඉන්න ඕන නෑ කියපු වෙලාවේ හොබියා එක පාරට ඉස්සරහට නැමිලා මාව බදාගත්තා.

ටික වෙලාවක් එහෙම හිටපු එයා මාව අතාරින්න කලින් මගේ කම්මුලට කිස් එකක් දුන්නා.ඊට පස්සේ නැගිටලා,
"හොඳ තීරණයක්" කියලා මගේ කොණ්ඩෙත් අවුස්සලා යන ගමන්,

"බඩ පිරුණනන් දැන් වත් ඉක්මණට ගිහින් නිදාගන්න නේහා. මට උදේම යන්න තියෙනවා. චල් ජායෝ"

මුකුත් කලේ නෑ වගේ යන හැටි විතරක්.

තව නිදාගන්නලු...

මෙහෙම කරන එකේ තේරුම මොකක්ද හොබියො..

Kitchen එක අස්කරලා කාමරේ ගිය මට බඩ පිරිල්ල කෙසේ වෙතත් හොබී ආයේ මාත් එක්ක හිනාවෙලා කතා කරපු එකෙන් හිත පිරුණ නිසා හොඳට නින්ද ගියා.

ඊළඟ දවසේ මං නැගිටිනකොට ටිකක් පරක්කු වුනත් මට ඇහුණ ලිලිගෙයි රේචල්ගෙයි කටහඬවල් නිසා මං මූණ හෝදගෙන ඉක්මනට එළියට ආවා.උඩ තට්ටුවේ living room එකේ රේචලුයි ලිලියි දෙන්නම හිටියා.එයාලා කොහෙහරි යන්න ලෑස්තිවෙලා හිටියේ.

මාව දැකපු රේචල් මට නෝන්ඩි හිනාවකුත් දාලා,😏
"එහෙනම් ඉක්මණට පහලට එන්න පැටියෝ" කියලා ලිලීට කියාගෙන ගියා.

"Angel.. Good Morning" ලිලී මන් දිහා බලන ගමන් කිවුවා.

"Good Morning පැටියෝ"මන් එයා ලගට ගියා."කොහේ යන්නද හදන්නේ?" මන් ඇහුවා.

"මං රේචල් ආන්ටි එක්ක එයා shooting කරන්න බලන්න යනවා.මං ඉක්මණට ගිහින් එන්නම් Angel" කියලා ලිලී යන්න හැදුවත් මං එයාගේ අත අල්ලලා නවත්තගත්තා.

"ඉන්න ලිලී.මේක අප්පා දන්නවද?"

"නෑ Angel.එයාගෙන් ඇහුවොත් මුකුත් කරන්න බෑනේ ඉතින්.ඒ නිසා රේචල් ආන්ටි කිවුවා එයා එක්ක ගිහින් ඉක්මණට එමු කියලා."

"ඒත් ලිලියා,අද Doctor එන දවස.ඔයා අද ඉන්නම ඕනෙනේ."මං එයාගේ අත අල්ලගන්න ගමන් කිවුවා.

"අනේ Angel...Doctor uncle ට වෙන දවසක එන්න කියන්න.අද මට යන්න ඕන."
එයා මගේ අත ගසලා දාලා පඩිපෙළ දිගේ දුවගෙන ගියා.

මං ඉක්මණට දුවලා ගිහින් එයාව අල්ලගන්න හැදුවත් මගේ අතට අහුවුණේ එයාගේ අතේ තියන් හිටපු Muffler scarf එක.

පඩිපෙළේ මැදහරියේ වගේ හිටපු එයා නැවතුණා.මං හිටියේ පඩිපෙළ මුදුනේ වුණත් ලිලියගෙයි මගෙයි අතේ scarf එකේ කෙළවරවල් දෙක තිබුණා.

"Angel...ඕක අතාරින්නකෝ...මට යන්න ඕන"එයා මුරණ්ඩු කටහඩකින් මට කතා කළා.

"අනේ ලිලියෝ...මේ අහන්නකෝ.අද Doctor එනකම්වත් ඉන්න.ඔයා අප්පගෙනුත් අහලා නෑනේ.ඒ නිසා යන්න එපා.අනික අප්පට මොකක්හරි ප්‍රශ්නයක් වුනොත්."මං පුලුවන් තරම් එයාව නවත්තගන්න try කළා.

"Angel...මට යන්න දෙන්න.
ඕක අතාරින්න!!."එයා කෑගැහුවා.

"ලිලියා...චේබල්...Doctor එනකම්වත්..."

මේ සද්දේ ඇහුණ රේචල්, පඩිපෙළ දිගේ ලිලීවත් පහුකරගෙන මං ළගට ආවා.එයා scarf එක අල්ලන් ඉන්න මගේ අත අයින් කරන්න හැදුවා.

"ඕක අතාරින්න නේහා.අපි ඉක්මණට එනවා.ඕක අතාරින්න දැන්ම.මට පරක්කු වෙනවා."

"ඔයා පැත්තකට වෙලා ඉන්න රේචල්.Doctor එනකම් එයා ඉන්න ඕන!ඒක ලිලීට වැදගත්ම දෙයක් "

"Angel...ඕක අතාරින්න දැන්ම...!!
ඔයා කවුද මාව නවත්තන්න හදන්නේ...??!!" ලිලියා කෑ ගහලා කිවුවා.

ලිලී මේ දැන් කියපු වචන ටික ඇහුණාම මට දැනුනේ මගේ පපුවට කවුරුහරි පිහියකින් ඇන්නා වගේ.

ඒක ඒ තරම් රිදුනා.මං හොදටම දැක්කා ඒක ඇහිලා රේචල් හිනාවෙනවා.

ඒ වෙලාවේ ලිලී තව හයියෙන් scarf එක ඇද්දා.මං shock වෙලා ඉන්න chance එකෙන් ප්‍රයෝජනය ගත්ත රේචල් මගේ අතින් scarf එක ගැලෙවුවා.

ඊට පස්සේ වුණ දේ.....!!!

ඒක ගැන මට හිතාගන්නවත් බැරිවුණා.

ඒ වෙලාවේ balance එක නැතිවුණ ලිලියා පිටිපස්සට තල්ලුවෙලා පඩිපෙළ දිගේ ලිස්සලා ගිහින්, ඒ පඩිපෙළින් හැරිලා ඊළග පඩිපෙළ පටන් ගන්න තැන තිබුණු බිත්තියේ ඔලුව වැදුනේ ලොකු සද්දෙකුත් එක්ක..

කකුල් දෙක පණ නෑ වගේ දැනුනත් මං පුලුවන් තරම් ඉක්මනට ලිලියා ළගට දුවගෙන ගියා.

එයාව මගේ ඇඟට හේත්තු කරගත්තත් එයාට සිහිය නැහැ කියලා දැක්කාම මං තවත් බය වුණා.

ඒ වෙලාවේ මගේ ඇස් දෙකෙන් කදුලු වැටෙන එක නවත්ත ගන්න බැරි වුණා.

"ලිලියා...නැගිටින්න...අනේ නැගිටින්න."
මං එයාගේ කම්මුලට තට්ටු කරන ගමන් කිවුවා.

"නේහා..!!"
ඒ කටහඩ ඇහුණු මං ඔලුව උස්සලා බැලුවේ කවුද කියලා.පඩිපෙළ පහලට වෙලා අජුම්මා එක්ක බය වෙලා බලන් හිටියේ ලිලියගේ Doctor.

"Doctor...ලිලී...එ..එයාව වැටුණා...එයාගේ ඔලුව වැදුණා.දැන් එයාට සිහිය නෑ.."මං අඬන ගමන් පිස්සියෙක් වගේ කියෙවුවා.

එතනට දුවගෙන ආපු Doctor ලිලීව බලලා එයාව ඉක්මණට වඩා ගත්තා.

"අපි මෙයාව hospital එකට අරන් යමු.Ajumma එන්න ඉක්මණට"

"හරි හරි Doctor "බයවෙලා හිටපු Ajummaයි Doctor යි ලිලීව car එකට දගෙන එතනින් යන හැටි අඬ අඬ බලන් හිටපු මං ෆෝන්එක ගත්තේ හොබීට call කරන්න.මං call එක dial කරන්න හදද්දිම එතනට ආපු රේචල් මගෙන් ෆෝන් එක උදුර ගත්තා.

"ඇයි ඔයා කතා කරලා මොනා කියන්නද?මං ඔයාගේ දුවව වැට්ටුවා, එයා දැන් hospital ගෙනිච්චා.ඒ වගේ දෙයක්ද කියන්න හදන්නේ??ආ?"

ඒක ඇහුවාම මට මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරිවුණා.

ඇත්තටම මං මොනාද කියන්න ඕන.මං නිසයි ලිලීට මෙහෙම කරදරයක් වුණේ.අනේ මං ඒ වෙලාවේ ඒක නොකර හිටියනම්...

"මේ අහන්න නේහා.ඔයා මේ ගෙදර ඉන්න එක හරිද?හොබියා මෙහෙට ඔයාව ගෙනාවා තමා.ඒත් ඒ ලිලීව බලාගන්න කෙනෙක් හිටියේ නැති නිසයි.ඒත් ඔයා දැන් මේ කරන දේවල් වලින් ඔයාට කියන්න පුලුවන්ද ඔයා ළග ලිලී පරිස්සමට ඉන්නවා කියලා.මේ කීවෙනි වතාවද?තව ටික කාලයක් මෙහෙ හිටියොත් ඔයාගෙන් ලිලීට මොනවා වෙයිද දන්නෑ."ටික වෙලාවක් එක දිගට කියවපු එයා මූණත් බිමට හරවන් තාමත් අඩන ගමන් ඉන්න මගේ හිත තව තවත් කෑලිවලට කැඩුවා.

"අනික ඔයා හිතන් ඉන්නේ හෝසොක් ඔයාට ආදරේ කරනවා කියලද?මං හෝසොක්ව දන්නේ ඔයාට වඩා ගොඩ කාලෙක ඉඳන්. එයා ඔයාව තියාගත්තේ ලිලී නිසා මිසක් වෙන හේතුවකට නෙවේ.ඔයා මෙහෙ ඉන්න එකෙන් එයාට හොදක් වෙනවා කියලද ඔයා හිතන්නේ?මේක media වලින් දැනගත්ත දවසට මොන වෙයිද? ඔයා නිසා මිනිස්සු එයාට මොනවා නොකියයිද? ඔයා දැනටමත් එයාලට දීලා තියෙන කරදර මදි නැද්ද නේහා?"

එයා කියන වචනයක් වචනයක් ගානේ මගේ කඳුළු අලුත් වුණා. තවත් ඒ වචන ඉවසන් ඉන්නම බැරි තැන එයාගෙන් මගේ ෆෝන් එක උදුරගත්ත මං මගේ කාමරේට දුවගෙන ආවා. තව හිත හිත ඉන්නැතුව මං තීරනයක් ගත්තා.මේ ගෙදර මං හිටියොත් මං නිසා ඇතිවෙන්නෙ ප්‍රශ්න විතරයි.

අනික ලිලී කිවුවා වගේ 'මං එයාලගේ කවුද!'

මේක මගේ තැන නෙමේ. මට මෙහෙ ඉන්න බෑ.
මං ආපහු මං අයිති තැනට යන්නම්. ඔයාලගෙන් හුගක් ඈතට....

මං මගේ බඩු ටික ආයේ ඔක්කොම suitcase එකට දාගත්තා.එතන මගේ කියලා ඇඳුම් දෙක තුනක් ඇරෙන්න මං ගෙනාපු වැඩි දෙයක් තිබුනේ නෑ. Cupboard එකෙන් ඇඳුම් අයින් කරනකොට හොබි මෙහෙට ආපු දවසෙම දුන්න ගවුමයි, photoshoot එකට ඇන්ද කහ ගවුමයි දැක්ක මං ඒවා එහෙමම cupboard එකේම තියෙන්න ඇරියා. ඊළගට හම්බුනේ මං ආසම gift එක වුන හොබියා දුන්න ලස්සන shoes දෙක දාපු box එක.ඒක අතට ගත්ත මං ඒ shoes දෙක දිහා බලන් මතක් කළේ Bergen වල හිටපු ලස්සන දවස් ටික.

ඒක මතක් කළාම වුණේ මගේ දුක තවත් වැඩි වුණ එක විතරයි.ඒ නිසා මං ඒ box එක මේසෙ උඩින් තියලා bathroom එකට ගිහින් මුණ හෝදගෙන trouser එකකුයි blouse එකකුයි දාගෙන suitcase එකත් උස්සගෙන පහළට ආවා.

වටපිටවත් බැලුවේ නැති මන් එහෙමම ඇවිදගෙන ගේට්ටුවෙන් එළියට ආවා. ගේ ප්‍රධාන පාරෙන් ගොඩාක් ඈතට වෙන්න හදලා තිබුන නිසා පයින් ඇවිදන් ආපු මට පාරට එන්න ගොඩාක් වෙලා ගියා. ඒ එන අතරතුරේ මන් හොබියට ගත්තේ මොනවා වුනත් මෙච්චර දවසක් එයාගෙ වහල යට ඉදලා කරදරයක් වුන ගමන් එක පාරට නොකියා දාලා යන එක හොද නැති නිසාමයි.
අන්තිමපාරට හරි එයාගේ කටහඩ අහන්න ගත්තට එයාගෙ ෆෝන් එක off.ඒකෙන් දිගටම කිවුවේ voice එකක් තියන්න කියලා.ඒ නිසා මන් අන්තිමට ඒක කළා.

"හෝසොකා...
මන් අතින් වුන හැම වැරැද්දටම සමාවෙන්න.මන් නිසා ඔයාටවත් ලිලීටවත් හොදක් වෙන්නේ නෑ.මට දැන් තේරෙන විදිහට ලිලීට වැඩිපුරම අනතුරක් වෙන්නේ මන් හිටියොත්.අනික මට අයිති නැති තැනක මට ඉන්න බෑනේ.ඒ නිසා මම ආයෙත් මගේ තැනටම යන්නම්. මට සමාවෙන්න හෝසොකා"අඬ අඬ කිවුව මන් voice එක ඉවර කරලා හොබියගේ number එක block කලා.

ප්‍රධාන පාරට ඇවිත් taxi එකකට නැග්ගත් මට යන තැන හිතාගන්න බැරි වුණා. Apartment එකට යනවා කියලා හිතුනත් ඒක හොබිත් දන්න නිසා මට එහෙට යන්න ඕන වුණේ නෑ.

ටිකක් කල්පනා කරපු මං හසියගේ යාලුවට call කරලා එහෙට එන්න පුලුවන්ද ඇහුවා.එයා ටිකක් පුදුම වුනත් එයාලගේ ගෙදර ඕනෙම වෙලාවක එන්න පුලුවන් කිවුව නිසා මට සැනසීමක් දැනුනා.එයාගෙන් address එක අහගත්ත මන් ඒක driverට කියලා Taxi එකේ sheat එකට හේත්තු වුනා.

කොච්චර නවත්තගන්න හැදුවත් මට තාම කදුලු නවත්ත ගන්න අමාරුයි.

ලිලී හොදින් ඇති නේද?අනේ එයාට කරදරයක් නම් වෙන්න එපා.

ඊළගට මන් හසියට call එකක් ගත්තා.ඒත් හසියා answer කලේ නෑ.එයා office එකේවත්ද? මට දැනුනේ කවුරුත් මන් ලග නෑ කියලා.ඒත් ටික වෙලාවකින් මගේ ෆෝන් එක ring වුනා.

හසියා....

Call එක answer කරපු මන් හසියට සේරම විස්තරේ අඬ අඬ කිවුවා.

"හරි හරී... දැන් ඔයා එන්නකෝ එහෙට.මන් off වුන ගමන්ම කෙලින්ම එහෙට එන්නම්.දැන් අඩන්නෙපා මැනික..ලිලී හොදින් ඇති." හසියා එක්ක කතා කරපු මන් ෆෝන් එක තිබ්බේ හොබියා කතා කලොත් මුකුත් කියන්නෙපා කියලා.

Auntyලාගේ ගෙදර අය මාව දැක්ක ගමන් තේරුම් ගත්තා මොකක්හරි අවුලක් තියෙන බව.එයාලා මට ඉක්මනට room එකක් ready කරලා දුන්නා.ඒකට ගියපු මන් wash එකක් දාගෙන ඇවිත් එහෙම්ම ඇදට වැටුනා.මට මතක මන් අඬ අඬ හිටියා කියලා විතරයි.

ඇහැරෙනකොට මගේ ඔලුව තිබුනේ හසියාගේ ඔඩොක්කුවේ.හසියා මන් දිහා බලාගෙන මගේ ඔලුව අතගාන ගමන් මට ආදරනීය හිනාවක් දැම්මා.ඉක්මනට නැගිට්ට මන් එයාව බදාගත්තා.

"හසියෝ.."

"මන් දන්නවා මැණික.." එයා මගේ පිට අතගාන ගමන් කිවුවා."දැන් ඔන්න ආයෙත් අඬන්න බෑ.අඬලා හැමදේටම උත්තර ලැබෙන්නේ නෑ නේ." මාව ඈත් කරලා මගේ මූන දිහා බලනගමන් හසියා කිවුවා.

හසියගෙන් මෙහෙම ආදරනීය වචන අහන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒකත් මන් දුකින් ඉන්න වෙලාවට තමා.ඒත් ඒවා ඇහුනම මගේ හිත පුදුම විදිහට සැහැල්ලු වෙනවා.වෙලාව දොළහටත් ලගයි කියලා දැක්ක මට මතක් වුනේ හොබියව.

"හසියෝ... හොබී කතා කලාද?"

"ම්ම්හුම්.. තාම නම් නෑ" එයා කිවුවා.

ඒක අහපු මට ටිකක් දුක හිතුනා.

සමහරවිට එයා මාත් එක්ක කේන්තියෙන් ඇත්තේ.මන් නේ මෙතන වැරැද්ද කලේ.එයා මට මොකට කතා කරනවද?

ඒ වෙලාවේ හසියගේ ෆෝන් එක vibrate වෙනව මට ඇහුනා.ඒත් හසියට ඒකෙවත් සිහියක් නෑ.

"ඔයාගේ ෆෝන් එක vibrate වෙනව ඇහෙන්නැත්ද බූරු පැටියො?"

"ආහ් එහෙමද? ඔව්මයි..ඒත් මේ number එක මන් අදුරන්නෑනේ.
යොබුසේයෝ.."

අදුරන්නැතී number එකක් කිවුවම මගේ හිතට පොඩි බලාපොරොත්තුවක් ආවා.

"ආහ් ඔව් doctor, මන් තමා.
නෑ මන් දන්නේ නම් නෑ.
මොකක්ද වුනේ doctor?
ආහ් එයා හොදින්ද?
හරි හරි. ඔව් මන් කියන්නම්."

මන් නියපොතු ටිකත් හපාගෙන හසියා දිහා බලන් හිටියේ එයා call එකට උත්තර දෙන දිහා.එයා call එක ඉවර වෙලා මන් දිහා බැලුවා.

"ලිලියාගේ doctor.. ඔයාගේ එකටත් ගත්තලු.ඔයා කොහෙද කියලා දන්නවද අහනවා.ලිලී හොදින්ලු. ඒත් එයා කිවුවේ ලිලී ලිස්සලා වැටුනා කියලනේ."

"ඒත් ඒක වුනේ කාගෙ අතින්ද කියලා කිවුවේ නෑනේ."

"අනේ මේ.. මන් දැන් එකපාරක් කිවුවේ නැත්ද ඒක ඔයාගේ වැරැද්දක් නෙවේ කියලා. කනේ වංගුද?"

" ඉතින් කොහොමත් වංගු තියෙයි නේ" මාත් බැනුම් අහල නිකම් ඉන්න බැරිකමට කිවුවේ හසියව අවුස්සන ගමන්.

ඒ වෙලාවෙ මන් silent දාලා තිබුන මගේ ෆෝන් එක අරන් බැලුවා.ඒකට numbers දෙක තුනකින්ම missed calls හෙන තොගයක් තිබුනා.

" milk fatherට dog barking කිවුවලු, මේකේ තියෙන missed call තොගේ!!" හසියා ෆෝන් එක දිහා බලලා කිවුවා."දැන් ඔයා මොකක්ද කරන්නේ?" හසියා ආයේ බැරෑරුම් mood එකකට ඇවිත් මගෙන් ඇහුවා.

"මන් ආයේ අම්මලා ලගට යනවා හසියෝ.මට මෙහෙ ඉන්න බෑ තවත්"
මන් හසියා දිහා බලන් කියනකොට එයා ටිකක් පුදුම වුනත් ටික වෙලාවක් හිතපු එයා ආයේ මෙහෙම කිවුවා.

"ම්ම්ම්ම්.. හරි ඔයා ගන්න ඕනේ තීරනේකට මාත් එකඟ වෙනවා.ඒත් නේහා ප්‍රශ්න වලින් පැනලා යන එක ඒකට උත්තරයක් නම් නෙවේ"

"මන් පැනලා යනවා නෙවේ හසියෝ. ප්‍රශ්නයක් වෙන්න කලින් යන එකයි කරන්නේ."

"ම්ම්ම්.. මට තේරෙනවා..
අම්මට යන්න කලින් කිවුවොත් හොදයි නේද? එතකොට flight එක?"

"Book කළා." මන් අමාරුවෙන් හිනාවෙලා කියද්දී හසියා මන් දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"කවද්ද departure එක?"

"තව දවස් හතරකින්" මන් අහක බලාගෙන කිවුවා.

"Resignation letter එක?"

"Email කලා."

"ඒ කියන්නේ ඔයා ඇත්තටම යන්නම යනවද නේහා? මේ ඔක්කොම දාලා!!?? මන් දන්නවා ඔයා දුක් වෙන්නේ ලිලී ගැනම හිතලා විතරක් නෙවේ කියලා."

"මට වෙන කරන්න දෙයක් නෑ හසියෝ. දරාගන්න බැරි වුනත්, අමතක කරන්න බැරි වුනත් මන් යන්න ඕනේ. ඒක තමයි මට එයාලා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ"
මන් ආයේ කදුලු පිරෙන ඇස් දෙක වහගෙන ඇඳට හේත්තු වුනා.

................................................................................................

Continue Reading

You'll Also Like

25.2K 3.7K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
2.5K 453 23
තම ආදරේ සොයන තරුණයෙක්... තම මතකය අහිමි වු තරුණියක්... මොවුන් දෙදෙනාගෙ ආදර කතාව කෙසේ ලියවි ඇතිද?... Start - 24.10.2022
15.9K 5K 19
Don't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐊𝐢𝐦 𝐒𝐞𝐨𝐤𝐣𝐢𝐧 &𝐊.𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐌𝐚𝐟𝐢𝐚 𝐊𝐢𝐥𝐥𝐞𝐫 _ 𝐃𝐞𝐚𝐭𝐡 𝐨𝐟 𝐀𝐧...
6.5K 1.6K 32
Horror තමන්ගේ ආදරය වෙනුවෙන්.. තමන්ගේම සහෝදරිය වෙනුවෙන්.. තමන්ගේ හොදම යාලුවො වෙනුවෙන්.. භූත ආත්මයකට බිලිවෙන්න සිදුවුනොත්...