කුකී ඉක්මනට ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ආවා.. එයා එලියට එනකොටම යුන්ගී දුම් දාන කැද එකක් අරන් කාමරේට එන ගමන්.. කැද එකෙන් ආපු දුම් අවකාශයේ නැවතිලා.. කුකී හෙමින් හෙමින් එලියට ආවා..
"ආහ්හ්හ් හරි මහන්සී.. එයාලා කොහේ ගියාද.."
කුකී ටිකක් දුර පාරේ ඇවිදගෙන ඇවිත් දනහිස් දෙක අත් දෙක තියාගෙන අමාරුවෙන් හති ඇරියා.. එයා තාම දුර්වලයි..
කුකී ටිකක් දුර දුවගෙන එනකොට දැක්කේ එයාලාගේ වාහන තුනක් පොලිස් කාර් දෙකක් එක්ක පාරේ නවත්තලා තියනවා.. ඒ එක්කම කූකී පුදුම උනේ කන්ද උඩ කැබින් එකේ ඉදන් බැහැගෙන එන සුදු කෝට් එකක් දාගත් කෙනා දැකලා..
"එයා.. කොහොමද?? කාලය නැවතිලානේ..."
ටිකක් ලං වෙනකොටයි එයා දැක්කේ ජීසෝව කරේ තියාගෙන එනවා..
"නූනා.. ඒයී....ඔහොම ඉන්නවා.. "
කුකී ඉක්මනට දුවගෙන ලගට යනකොට ඒ කෙනා පුදුමෙන් කුකී දිහා බලන් හිටියා..
"තමුන්.. කොහොමද?"
ඒ කෙනා ජීසෝව බිම තියලා කුකීට ගහන්න ඉස්සරහට පැන්නා.. ඒත් කුකී ඒ මැදි වයසේ කෙනාට වඩා ශක්තිමත් වගේම වේගවත්..
ජන්ග්කුක්ගේ පාරවල් දෙකකින් ඒ කෙනා වැටුනා.. කටට ආව ලේ ටික කෙල ගහපු ඔහු ආයෙත් නැගිටින්න උත්සාහ කරනකොට කුකී ගහපු පයින් පාරට කකුල් බැලන්ස් නැතුව ආයේ වැටුනා.. තවත් නැගිටින්න තරම් හයියක් නැති නිසා ඔහු එහෙමම බිම වැතිරිලා හිටියා..
"නූනා.."
කුකි ජීසෝගේ ඇස් බැදලා තිබුන රෙදි කඩ අයින් කරා..
"ජන්ග්කුක් බලාගෙන.."
ඒ එක්කම කාලය නැවත ගලා යන්න පටන් ගත්තා.. ඔලුව පුපුරන්න තරම් වේදනාවක් එක්ක බෙල්ල දිගේ උනුසුම් මොනවහරි ගලාගෙන යනවා කුකීට යාන්තමට දැනුනා.. එයාලා හිටියේ පොලිස් කාර් දෙකක් මැද..
මැදි වයසේ පිරිමි කෙනා පොලිසියෙන් බිම පෙරලගන්නකොට ජන්ග්කුක් පණ නැතිව ජීසෝගේ උකුලට වැටුනා..
"ජන්ග්කුකා..."
ජීසෝගේ කටහඩට එක පාරටම නම්ජුන් පහල බැලුවා.. එයාට වැටිලා ඉන්න ජන්ග්කුක් අදුරගන්න වෙලා ගියේ නෑ.. ඒ එක්කම පිරිමි කෙනෙක් පොලිසියෙන් අල්ලන් ඉන්නවා දැකලා එයාට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා..
"නූනා.. ඔයා හොදින්ද?"
නම්ජුන් දුවගෙන එනගමන් ඇහුවා... එයා පොලිස් නිලධාරීයකුගේ උදව්වෙන් අත් දෙක බැදලා තිබුන රෙදි කැල්ල ගලවගත්තා.. ජන්ග්කුක්ගේ ඔලුවට වැදුන පාර නිසා එයා සිහිය නැතුව හිටියේ..
ඒ එක්කම සේජින් එක්ක එයාලාගේ බොඩිගාර්ඩ්ට වාරු වෙලා පහලට ආවේ ජින් එක්ක හෝසොක්.. එයාලා සිහියත් අසිහියත් අතර වගේ එයාලාගේ බිමට බර මූනෙන් පෙනුනා..
ජින් හොබි වැටිලා ඉන්න ජන්ග්කුක් දැකලා ලගට ආවේ වැනි වැනි වගේ..
"එයාට මොකද උනේ?? ඇයි මේ??"
"අර මනුස්සයා ඔලුව ගැහුවා.."
ජීසෝ කුකිගේ තුවාලේ උඩින් අත තියාගෙන කීවා..
"Ambulance එක ආවා.."
කට්ටිය ඉක්මනට තුන්දෙනාව හොස්පිට්ල් එකට එක්කන් ගියා...
හොබීටයි ජින්ටයි ටිකක් විවේක ගන්න ඇරලා ජීසෝ හෙමින් ගියේ ජන්ග්කුක් ලගට එයාට තාම සිහිය නෑ..
ජීසෝ කුකී ලගින් ඉදගෙන කුකීගේ ඔලුව අත ගෑවා...
"ජන්ග්කුකා.. ඔයාගේ හ්‍යොන්ග්ලා ඔක්කොම ඔයා ලග.. දැන් ඇස් අරින්නකෝ.. බලන්න ඔයාගේ දෙවනි අවස්ථාව ලැබිලා.."
ජිසෝ කදුලු පුරෝගෙන කියනකොට නම්ජුන් සද්ද නොකරම ලගට ඇවිත් ජීසෝගේ උරහිසට අත තිබ්බා..
"නූනා බය වෙන්න එපා... කුකි ඉක්මනට ඇස් අරී.. ඩොක්ට කීවා එයා හොදින් කියලා.. කම්පනට තමා සිහිය නැත්තේ.. අපි ටිකක් බලන් ඉමූ.."
"හ්ම්ම්.. ඔයා අනිත් අය බැලුවද?"
ජීසෝ කදුලු පිහදාගන්න ගමන් ඇහුවා..
"ඔව්.. මං යනකොට හොබීට නින්ද ගිහින්.. ජින් හ්‍යොන්ග් ඔයාව හොයනවා... ඒකයි මං ආවේ.."
"ආහ්හ්.. මං එයාව බලන්නම්.. කුකී ඇහැරුන ගමන් මට කතා කරන්න."
"නේ.."
නම්ජුන් කියනගමන් ඒ ලගම සෝෆා එකට වැටුනා.. එයා කුකී දිහා බලලා.. ලග තිබ්බ පොතක් අතට ගත්තා..
ජීසෝ යනකොට ජින් නැගිටලා ඇදේ ඉදගෙන.. ජීසෝ ගිහින් ජීන්ව තදින් තුරුල් කරගත්තා..
"ඔයාට කොහොමද ??"
"මං හොදින්.. ජීසෝ... මට කියන්න.."
"මොකක්ද??"
ජිසෝ ජින්ව තුරුල් කරගෙනම ඇහුවා..
"ඔයා උදේ කොහෙද ගියේ?? මොකද උනේ?? මං දන්නවා මේක පිස්සුවක් වෙන්න ඇතී ඒත් වෙලාවකට මට හිතෙනවා කාලය එක තැන නැවතිලා කියලා... අනික මං ඔයාගේ තාත්තාව දැක්කා.."
ජීසෝ ගැස්සුනේ අවුරුද්දකට කලින් නැති උන එයාගේ තාත්තා කොහොමද ජින් දැක්කේ කියලා..
"ජින්.. ඔයාගේ ඔලුවට,වැදුන පාර සැර වැඩි වගේ.."
"අනී.. මට විස්වාසයි ඒ අන්කල් ජොන්.. එයා මොනවද කීවා මට හරියට මතක නෑ.. එයා මොකක් හරි ඔරලෝසුවක් ගැන කීවේ.. ඒක විනාශ කරන්න කීවා.. මට හරියට මතක නෑ.."
ජින් ජීසෝගෙන් ඈත් වෙලා ජීසෝගේ මූණ දිහා බැලුවා..
"මං හිතන්නේ ඔයා හරි මගේ ඔලුවට වැදුන පාර සැර වැඩි.."
ජින් හිනා වෙනගමන් කියනකොට ජීසෝත් බොරුවට හිනා උනා.. ඒත් එයාට මතක් උනේ එයාලා ලග තියන ඔරලෝසු...
ටික දවසකින් තුන්දෙනාම discharge උනා... ඒත් ගෙදර යන්න කලින් ජීසෝටයි ජන්ග්කුක්ටයි පොලිසියට එන්න කීවා..
"සමාවෙන්න ජන්ග්කුක්ෂී කරදර කලාට.. ඒත් එදා අල්ලගත්ත කෙනා අමුතු දේවල් කියනවා.. ඔහු කියනවා ඔහු ඔබේ පියා එක්ක වැඩ කරාලු.. ඊයේ රාත්‍රියේ ඔබේ පියා දැක්කා කියලා කෑගැහුවා.. දැන් ඔහුට ඔබලාව හම්බෙන්න ඕනී කීයනවා.."
පොලිස් පරික්ෂක කියලා ඔවුන්ව ප්‍රශ්න කරන කාමරේට එක්කන් ගියා.. ඒ කෙනා බිමට හරවගෙන හිටිය ඔලුව ඉස්සුවා..
"අපිට ටිකක් තනියම කතා කරන්න දෙනවද?"
ඔහුගේ ඉල්ලීමට ඉඩ දිලා පොලිස් පරික්ෂක එලියට ගියා..
"ජීසෝ.. ජන්ග්කුක්.. මට සමාවෙන්න.. මං සල්ලිවලට තියන ආසාව නිසා ඔයාලාව ඔයාගේ යාලුවන්ව මරන්න හැදුවා.. මට ඕනී උනේ ජන්ග්කුක් ලග තිබුන ඔරලෝසුව විතරයි.."
"මොකක්ද? අපිව මරන්න??"
"ඔව් අවුරුදු 5කට කලින් ඔයාලාගේ ඇක්සිඩන්ට් එක උනේ මං ඔයාලාගේ වාහනේ break cable කඩපු නිසා..."
ඒකට නම් ජන්ග්කුක්ට තරහා ගියා..
"තමුන්..."
ජන්ග්කුක් ලගට ගිහින් ඒ මනුස්සයාගේ කමිසෙන් අල්ලා උස්සලා ලගට ගත්තා..
"තමුසේ දන්නේ නෑ.. මේ අවුරුදු 5 මං හිටියේ කොහොමද කියලා.. ජිමින් තව පොඩ්ඩෙන් තමුන් නිසා සදහටම රෝද පුටුවේ.. හ්‍යොන්ග්ලා සදහටම අපිව දාලා යනවා.. මං තමුසෙව ඉතුරු කරන්නේ නෑ.."
"ජන්ග්කුක් ඔය මනුස්සයා අතාරින්න.. දැන් ඔක්කොම හරී.. ඔයාට ඔහොම තරහ ගන්න හොද නෑ.."
ජීසෝ ජන්ග්කුක්ව සන්සුන් කරලා ආයෙත් පුටුවේ ඉන්දුවා..
"මට සමාවෙන්න... ඊයේ ඔබේ පියා මට හම්බුනා.. ඔහු කවදාවත් මට සමාවක් නොදේවී.. මේ ඔරලෝසු හැදුවේ ඔහු.. ඒත් ඔහුට ඒවා විකුනන්න උවමනාවක් තිබුනේ නෑ.. ඒකයි මං මෙහෙම කලේ.. එක් ආයතනකින් මට ඒකට හිතාගන්න බැරි තරම් ගානක් දෙන්න පොරොන්දු උනා.."
ඔහු මගෙත් ජන්ග්කුක්ගෙත් අතේ තියන ඔරලෝසු පෙන්නලා කීවා.. ජන්ග්කුක් වටපිට බලලා එයාගේ ඔරලෝසුව ගැලෙව්වා..
"නූනා ඔයාගේ එකත් දෙන්න.."
ජීසෝ ජන්ග්කුක්ට ඒක ගලවලා දුන්නම ජන්ග්කුක් දෙකම බිම දාලා හයියෙන් කකුලෙන් පෑගුවා.. ඒවා කෑලි වෙලා යන්න ගියේ තප්පර කීපයයි..
"එපා.. ඕවාගේ වටිනාකම ඔයාලා දන්නේ නෑ.. ඕක නවත්තන්න.."
අර මනුස්සයා කෑගැහුවත් ජන්ග්කුක් නැවතුනේ ඒවා හොදටම විනාශ උනාට පස්සේ.. ජන්ග්කුක් කැඩුනු කෑලි ටික අතට අරගෙන සාක්කුවට දාගත්තා..
"නූනා අපි යමූ.. එතකොට තමුන් ජීවිත කාලෙම මේක ඇතුලේ ඉන්න මං ඉඩ හදලා දෙන්නම්.. බලන් ඉන්නවා.. මේ මගේ හ්‍යොන්ග්ලට මගේ නූනාට කරපු දේවල්වලට.."
ජන්ග්කුක් ඒ මනුස්සයාගේ මූණටම ගහපූ පාරට ඒ මනුස්සයාගේ කටින් ලේ ආවා.. පස්සවත් නොබලා ජන්ග්කුක් ජීසෝවත් එක්ක එලියට ආවා..
"ජන්ග්කුකා.. මොකක්ද ඒ කරේ??"
"නූනා.. කෑගහන්නේ නැතුව එන්නකො මං කියන්නම්.."
ජන්ග්කුක් ජීසෝව කාර් එකට නග්ගලා එයාත් අනිත් පැත්තෙන් නැග්ගා..
දෙන්නා යනකම් කිසිම කතාවක් නෑ.. ජන්ග්කුක් හන් ගග ලග නවත්තලා ඔරලෝසුවේ ඉතුරු කෑලි ටික ගගට විසි කලා..
"ජන්ග්කුක්."
ජීසෝ ගෙදර ආව ගමන් බැලුවේ ජන්ග්කුක් ගෙන් උත්තරයක්..
"නූනා.. ඉදගන්නකෝ.. ඊයේ මට අපේ තාත්තා හම්බුනා.. එයා ආවේ අතීතෙන්.. මට කීවා ඒ ඔරලෝසු විනාශ කරන්න කියලා.. මොකද මේ හැකියාවට ඔරලෝසුව ඕනී නෑ ඒක අපි දෙන්නාගේ ජානවල තියන දෙයක්.. මං දන්නේ නෑ ඒක කොහොමද කියලා.. තාත්තා කරපු පරික්ෂණයකින් එයාට ඒ හැකියාව ලැබිලා තියෙන්නේ.. ඉතින් එයාගේ දරුව උන අපි දෙන්නාටත් ඒ හැකියාව තියනවා.. "
ජන්ග්කුක් මූනේ දගකාර හිනාවක් එක්ක කියනකොට එලියේ වැටුන වැස්ස නැවතුනා.. ජන්ග්කුක් ඔරලෝසුව නැතුව කාලය නවත්තලා..
ඒත් උනේ හිතුව නැති දෙයක්.. ජින් කොහෙද ඉදන් ඇතුලට ආවා.. එයා එක තැන හිටගෙන බලාගෙන හිටියේ මොකද මේ වෙන්නේ කියලා.. ජන්ග්කුක්ගේ ගෙදර එක පැත්තක්ම වීදුරු ඉතින් එලියේ ලෝකය නැවතිලා කියලා ජින්ට හොදින්ම පෙනුනා...
"ජීසෝ.. ජන්ග්කුක්.. මොකක්ද මේ වෙන්නේ??"
ජින් දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් අහනකොට ජීසෝ ආයෙත් කාලය ගලායන්න ඉඩ දුන්නා..
"නූනා මං යනවා වීහ්‍යොන්ග් ගේ ගෙදර.. "
"යා... යා.."
"අන්‍යොන්ග්...."
ජන්ග්කුක් දගකාර විදියට හිනා වෙවී දොර වහගෙනම එලියට ගියා.. ජීසෝ දැනන් හිටියා මේක කවදා හරි කාට නැතත් ජින්ට කියන්න ඕනී කියලා... ඒත් එයාට තේරුම් ගන්න බැරි උනා කොහොමද ජින් එයාගේ කාලය ඇතුලේ ඉන්නේ කියලා... ජින් මුලින් බය උනත් ටිකකින් එයා ජීසෝවත් ජන්ග්කුක්වත් විස්වාස කලා...
"හ්ම්ම්ම්.. ඒකත් හොදයි.. මොකද මට එතකොට ඔයා ලග ගොඩාක් වෙලා ඉන්න පුලුවන්.."
ජින් දගකාර හිනාවක් එක්ක කියනකොට ජීසෝ ජින්ට රිදෙන්න ගැහුවා..
"ආව්... ආව්.. ඔහොම ගහනවද මේ ලෙඩා දුකාට.."
- නිමි -