You'll Never Walk Alone

Door JinHit_Ent1204

3.6K 695 54

එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත්... Meer

Chapter 01
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 7
Chapter 8
Chapter 9 (END)

Chapter 6

300 72 0
Door JinHit_Ent1204

මං තාත්තාගේ කාමරෙන් එලියට ආවේ ආයෙත් උත්සාහ කරන්න හිතාගෙන.. මං කුකිටවත් නොකියා මුහුද අයිනට ගියා..

හොද හුස්මක් අරන් මං ආයෙත් කාලයේ ආපස්සට ගියා... මං මුලින්ම ගියේ එයාලාගේ Caravan නවත්තලා තිබුන තැනට.. මං හැංගිලා බලන් හිටියේ කට්ටිය එනකම්.. Bodyguards ලා caravan එකම check කරනවා..

ඒ එක්කම මං දැක්කේ ඒ ලගම cafe එක ඇතුලේ හිටිය කෙනෙක් ඒ දිහා ඕනෑකමින් බලනවා.. මාත් වෙනසක් නොපෙන්වා Cafe එකට යන්න හදනකොට කවුද මගෙ ඉස්සරහට ආවා.. ඔහු මට වඩා උස මහත හරිම දරුනු පෙනුමක් තියන කෙනෙක්..

"සමාවෙන්න මිස්, අද මේ තැන අපි Book කරලා තියෙන්නේ.."

"ආහ්හ් සමාවෙන්න මං දැනගෙන හිටියේ නෑ.."

මං ආපහු පාරට ආවා.. ඒ එක්කම BTS වාහනේ ආවා.. මං ටිකක් නැවතිලා හැරිලා බැලුවා.. නම්ජුන් හොබි යුන්ගි හිනා වෙවි ඇතුලට යනවා.. මට ඉබේම ඇස්වලට කදුලක් ආවා..

"ඔයාලා 3 දෙනාව මං ලගම තියාගෙන බේරගන්න පුලුවන් නම්.."

මං මටම කියාගන්නකොට කවුරුහරි ලගට එනවා දැනිලා පිටි පස්ස හැරෙනකොට ජන්ග්කුක් මං ලගම හිටගෙන එයාලා දිහා බලාගෙන..

"ජන්ග්කුකාආආ... ඔයා කොහොමද ?"

"නූනා හිතුවේ මං දැනගන්නේ නැති වෙයි කියලාද? ආයේ හොර ගමන් යනකොට මට කියලා යන්න.."

එතකොටයි දැක්කේ කුකි ඇදගෙන ඉන්නේ එදා එයා ඇදගෙන හිටිය ඇදුම.. ඒක ගැන සැක හිතුන මං එයා දිහා බලනකොට කුකි හිනා උනා. 

"ඔහොම ඉන්නකෝ.."

මට මොකුත් කියන්න නොදි කුකි ගියා.. එයා ඇතුලේ ඉදන් කුකි එලියට එනවා බලන් ඉදලා ඇතුලට ගියා..

"ජින් හ්‍යොන්ග්.. අද ඔයා Drive කරනවද? මගේ උරහිස රිදෙනවා.. මං හිතන්නේ ආයෙත් අර අමාරුව.."

"ගොඩක් අමාරුද? "

නම්ජුන් ඇහුවේ ටිකක් කලබලෙන්..

"අනී අනී හ්‍යොන්ග්... අපි villa එකට ගියාම Massage එකක් කරගමු එතකොට හරි යයි.."

ඒ එක්කම ඇත්ත කුකි ඇතුලට යන්න ඒ පැත්තට යනවා.. ඒත් කුකි තාම ඇතුලේ.. මට කරන්න දෙයක් හිතාගන්න බැරි උනා..

"ආනේ.. ජන්ග්කූකී.."
"ඔයා BTS ජන්ග්කුක් නේද?"

මං බොරුවට Fangirl කෙනෙක් වගේ එයා ලගටගියා.. ඒ එක්කම ඇතුලේ හිටිය කුකි එලියට එනවා මං දැක්කා. 

"ආහ්හ්හ් නේ.. හමුවීම සතුටක්.."

"ඔයා මෙච්චර ලගට දැක්ක පලවෙනි වතාව.. ඔයා හරිම Cute ඒ වගේම ගොඩක් කඩවසම්.."

මං පිටි පස්සේ හිටිය කුකි දිහා බල බල කියනකොට එයා මං මොනවද බලන්නේ කියලා බලන්න පිටි පස්ස හැරුනා..

"ජන්ග්කුක්ෂී.. ".

මං බලෙන්ම එයාව මගේ පැත්තට හරව ගත්තා.. ඒ එක්කම ආව කුකි අතේ තිබුන මොකක්දෝ එකකින් එයාගේ ඔලුවට ගැහුවා.. ගැහුව පාරට එයා සිහිය නැතුව මගේ ඇග උඩට වැටෙනකොට මං අල්ලගත්තා..

"නූනා ඉක්මනට මෙයාව අර වාහනේට දාන්න.."

"ඉතින් මට උදව්කරන්න... ඔයා හරි බරයි.."

"සමාවෙන්න.. මං දැන් අනිත් අයට එකතු වෙන්න ඕනී.. ඉක්මන් කරන්න.."

මං අමාරුවෙන් එයාව කුකි පෙන්නපු SUV එකට දාගත්තා.. කෝකටත් කියලා අත් දෙකයි කටයි masking tape එකකින් තද කරලා බැන්දා..

"මියානේ ජන්ග්කුකාආ"

මං ඉක්මනට එයාලාට කලින් වාහනේ අරගෙන Accident එක උන තැනට යන්න පිටත් උනා.. ඒ වෙනකොටත් පරිසරයම අදුරු වෙලා වැස්ස පටන් ගන්න ඔන්න මෙන්න... පහල මුහුදත් රලු වෙලා.. මං වාහනේ පාරෙන් එලියට අරන් උස් පදුරු පේලියක් අතර නැවැත්තුවේ පාරේ යන අයට අපිව නොපෙන්න..

JK POV

"ජින් හ්‍යොන්ග්.. හෙමින් යමු වැස්සනේ.."

කුකී ඉස්සරහට ගිහින් ඉදගෙන තදට Seat belt එක දාගන්න ගමන් කියනකොට ජින් ඇස් ලොකු කරගෙන බැලුවා..

"ජන්ග්කුකා.. ඔයා කොහොමද ඔච්චර මහත් උනේ එක පාරම.."

"මහත? මේ මං හිටිය ගානමනේ.. හ්‍යොන්ග් lenses දාගෙන නැද්ද.."

ජින්ට හිතාගන්න බැරිව ඉස්සරහ බලාගෙන Drive කරා.. කුකි පිටි පස්ස බලනකොට එයාලාගේ Staff එකේ වාහන දෙක ලගම එනවා..

"කුකීයා.. වේ?? ඔයා ගොඩක් බය වෙලා වගේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද?"

ජින්ගේ seat එක පිටි පස්සේ ඉදගෙන හිටිය හොබි ඇහුවේ කුකි කලබලෙන් වටපිට බලන නිසයි..

"අනී.. හ්‍යොන්ග්.. වැස්සනේ.. පාර පේන්නෙත් නෑ.. පරිස්සමින් යමු.."

"නේ.. ජින් හ්‍යොන්ග්.. ප්‍රශ්නයක් නෑ නේද?"

"අනී.."

Jisoo POV

මං හෙමින් බැහැලා පදුරු අතරින් ගියේ එතන උඩ තිබුන පරන කැබින් එක පැත්තට... ඈතට ඒක ඇතුලේ කවුරුහරි ඉන්නවා මං දැක්ක නිසා පරිස්සමට හැංගිලා එක ජනේලයක් ලගට ගියා.. කැබින් එක ලී නිසා සමහර තැන් දිරලා.. මං ඒ එක් තැනක පුංචි හිලකින් ඇතුල බැලුවා..

"වැඩේ හරියට කරා නේද?"

"ඔව් බොස්.. කියපු විදියටම මං cable එක ගැලෙව්වා.."

"එතකොට Staff එකට?"

"ආහ්හ් ඒ ගැන මං එක්කෙන්ට බලාගන්න කීවා.. දැනටමත් උන් ටික ලග ඇති.."

එක්කෙනෙක් මට පිටුපාලා හිටිය නිසා මූන නොපෙනුනත් අනිත් කෙනා කලින් Cafe එකේ හිටිය පිරිමි කෙනා.. මං අඩ අදුරේ අනිත් කෙනා දිහා ඕනෑකමින් බැලුවා.. එක් අතක ඔරලෝසුවක්.. මං ඒක දිහා හොදින් බලලා මගේ එක දිහා බැලුවා.. ඔව් ඒ දෙකම එක වගේ..

ඒ එක්කම මං ඈතින් BTS ලාගේ Caravan එක එනවා දැක්ක නිසා හෙමින් පහල ගියා..

Jung Kook POV

"හ්‍යොන්ග් වාහනේ නවත්තන්නකෝ.. මට Photo එකක් ගන්න ඕනී.. අර බලන්න.."

කූකී ඈත ක්ෂිතිජයේ ඇදෙන රිදි පාට රේඛා පෙන්නලා කීවා.. ඒ නිසා ජින් හෙමින් Slow කරන්න උත්සාහ කලත් Break එක හිර වෙලා..

"වේ?? වේ??"

හොබි නැගිටින ගමන් අහනකොට කුකි කෑගැහුවා..

"හැමෝම Seat belt දාගන්න.. ඉක්මනට.."

"ජන්ග්කුකා.. වේ?? මොකක් හරි අවුලක්ද?"

"මං පස්සේ විස්තර කරන්නම් ඉක්මනට.."

කුකි කෑගහන නිසාම කට්ටිය ඉදගෙන Seat belt දාගත්තා..

"ජින් හ්‍යොන්ග්... මොනවා උනත් මං ඉන්න පැත්තට හරවන්න... අනිත් පැත්ත ප්‍රපාතය.."

ජින් වචනයක්වත් නොකියා ඒ පැත්තට හැරෙව්වා.. ඒත් වාහනේ ආව වේගේ නිසා ටිකක් control කරගන්න අමාරුයි..

"ජන්ග්කුකා පස්සට යන්න.. ඔය පැත්ත වැදුනොත් ඔයාට තුවාල වෙයි.. ඉක්මනට..."

"දැන් වෙලාවක් නෑ හ්‍යොන්ග් කපන්න.."

කුකි බලෙන්ම Steering wheel එක එයාගේ පැත්තට කපාගත්තා..

වාහනේ වේගෙන් පාරේ එක්පසක තිබ්බ ගලේ වදිනවාත් එක්කම කුකීට සිහිය නැති උනා.. හීනෙන් වගේ අනිත් අයගේ කලබලෙන් කතා කරන කටහඩ කුකීට ඇහුනේ..

Jisoo POV

මං දුවගෙන පහල යනකොටත් Caravan එක ගලේ වැදිලා.. ජින් අමාරුවෙන් එයාගේ පැත්තේ දොර ඇරලා බැස්සේ.. එයාගේ නලල දෙපැත්තෙන් ලේ ගලනවා.. ජින්ට තවත් හිටගෙන ඉන්න තරම් ශක්තියක් නැතිව වැටෙන්න යනකොට මං ලගට දුවලා ගියේ..

"අනේ.. ඇස් අරින්නකෝ.."

"ආහ්හ්හ් නු...ගුසෙ...යෝ??

ජින් අමාරුවෙන් කියලා ඇස් දෙක පියාගත්තා.. ඒ එක්කම මට මතක් උනේ කුකිව.. එයා හිටිය පැත්තමයි ගලේ වැදුනේ..

මං ජින්ව පරිස්සමට caravan එකට හේත්තු කරලා කුකිව බැලුවා.. අනේ දෙවියනේ Air bag එක අතරින් කුකිත් මුහුන පුරා ලේ ගලා ගියපු පාරවල් එක්ක seat එකට හේත්තු වෙලා.. පිටි පස්සේ හිටිය අය නම් බහින්න උත්සාහ කරනවා..

"door එක ලගින් අයින් වෙන්න.."

මං door එකේ Glass එකට ලොකු ගලකින් ගහලා කැඩුවා.. අනිත් 5 දෙනා අමාරුවෙන් එලියට ආවා.. එයාලා තවම shock වෙලා..

"ඔයාලා හොදින් ද? තුවාලයක් නෑනේ??"

වැස්සෙම කට්ටිය බිම වැටුනේ හිටගෙන ඉන්න තරම් ශක්තියක් නැති නිසා.. මං Driving seat එකෙන් ඇතුලට ගිහින් කුකිව එලියට ගන්න හැදුවත් එයා වාහනේ ඇබුනු කොටසට කකුල් හිර වෙලා.. ටිකකින් පියවි සිහියට ආව නම්ජුන් මං පිටි පස්සේ හිටගෙන..
"එයාට මොකද?"

"එයාව හිර වෙලා.. මට එලියට අදින්න බෑ.."

ඒ එක්කම මං දැක්කේ පදුරු අතරින් එලියට එන Jk ව.. කරන්න දෙයක් හිතාගන්න බෑ.. මං ඉක්මනට කුකිගේ අත අරන් එයාගේ ඔරලෝසුවේ වෙලාව හැදුවා ඒ එක්කම මාත් ආයෙත් වර්තමානයට ආවා..

ඒත් උනේ මං නොහිතපු දෙයක්.. කුකි මං ලග නෑ.. තාමත් සැරටම වැස්ස වහිනවා..

"දෙවියනේ ජන්ග් කුකාආ.. ඔයා කොහෙද ??"

මං නැගිටින්න හැදුවත් මට දැනුනේ මගේ කකුල් දෙක නෑ වගේ.. ඒ එක්කම කවුදෝ මුහුදු වෙරලේ ඈත මං දිහාවට දුවගෙන එනවා වැස්ස අතරින් දැක්කේ එයා ඇදගෙන හිටිය සුදු පාට ඇදුම නිසයි..

"ජී සෝ.. මං බය උනා ඔයා කොහෙද මේ තනියම ආවේ??"

මට තවත් ඇස් ඇරගෙන ඉන්න තරම් ශක්තියක් තිබුනේ නැති නිසා හෙමින් ඇස් පිය උනේ මාව වේගෙන් සීතල මුහුදු වෙරලේ වැල්ලට වැටෙද්දී...

  - මතුසම්බන්ධයි -

Ga verder met lezen

Dit interesseert je vast

95.8K 7.7K 12
⌫ Warning Yoonmin / Namjin ⌫ ☠︎︎-This is a story about the boy who Fell in love with Psycho Boy-☠︎︎
286K 49.3K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
187K 18K 54
Ta tafka babban kuskure a rayuwarta... Shin zata iya gyara wannan kuskuren ko kuwa??
1.8K 438 28
The love that turned a demon into a man. Mafia top and poor bottom. Read and enjoy. 💜️