You'll Never Walk Alone

By JinHit_Ent1204

3.6K 695 54

එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත්... More

Chapter 01
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9 (END)

Chapter 5

335 73 5
By JinHit_Ent1204

"නූනා.. මොකද මේ?? ඔයාට මතක නැද්ද accident එකෙන් බේරුනේ අපි තුන්දෙනා විතරයි.."

ටේහ්‍යොන්ග් කියපු දේට මට ඉහලට ගත්ත හුස්ම පහලට දාන්නත් අමතක උනා..

'මේක කොහොමද උනේ?'

මං කාමරේට ඇවිත් තෙත ඇදුම් මාරු කරගෙන ලැප් එක අරන් එයාලාගේ accident එක ගැන search කලා.

'මොකක්?? ජිමින්ගේ body එක හොයාගත්තේ නෑ.. ඒක කොහොමද වෙන්නේ?'

මං ඒ ආර්ටිකල් එකේ පහලට කියවගෙන ගියා.

" කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙක් පමනක් දිවි ගලවාගත් අතර ඔවුන්ගෙන් එක් අයකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටි.."

මං ලැප් එක වහලා කල්පනා කලේ මොකද උනේ කියලා.. මේසේ උඩ තිබුන ඔරලෝසුව මං දැක්කේ එතකොට.. මං ඒක අතට ගත්තා..
"JJS Jeon Ji Soo"

මං ඒක කියවලා ආයේ ඒක පෙට්ටියට දාන්න යනකොට කවුරුහරි දොරට ගහපු නිසා මගේ අතින් පෙට්ටිය බිමට වැටුනා..

"නූනා කෑම ලෑස්ති යමු.."

"නේ.. මං එන්නම්..."

මං ටේහ්‍යොන්ග්ට හිනා වෙලා කියලා පෙට්ටිය අතට ගත්තා.. වැටුන පාරට ඒකේ මැද ඔරලෝසුව රදවන්න තිබුන කොටස කැඩිලා වෙන් වෙලා.. ඒ නිසා පෙට්ටිය මැද ඇරිලා.. ඒ අස්සේ තිබුන පොඩි කඩදාසිය මං දැක්කේ දැන්..

"මේ මොකක්ද? කවුද මේ?"

ඒක ටිකක් පරන photo එකක්.. තරුන පිරිමි කෙනෙක් චූටි බබෙක් අතේ තියාගෙන.. මං තවත් ඕනෑකමින් බැලුවා..

"ඒ මං.. එතකොට මේ කවුද.."

ඒ මූන දැක්කාම මට මතකෙට ආවෙම කුකීව.. ඒ ඇස් දෙක, ඒ හිනාව ඒ වගේමයි.. ඒත් මේ කෙනා කුකිට වඩා වයසයි.. මං photo එකේ අනිත් පැත්ත බැලුවා..

"ජීසෝට වයස මාස 9යි."

කවුද මේ? මං ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට පහලින් ජින්ගේ කටහඩ ඇහුනා..
"ජීසෝ.. කෑම සීතල වෙන්න කලින් එන්න.."

"නේ.."

මං ඔක්කොම ටික ලාච්චුවට දාලා පහලට ගියා.. යනකොටත් තුන්දෙනා කෑම කනවා.. කුකි තාමත් දුකින් කියලා එයාගේ ඇස්වලින් පෙනුනා..

"ජන්ග්කුකා.. හොදට කන්න.. ඔහොම කෑම එක අත ගගා ඉන්නේ නැතුව.."

ජින් කුකි දිහා බලලා කියලා මං දිහා බැලුවා..

"ආහ්හ්හ් ජීසෝ.. ඔයත් එකයි.. සීතල වෙන්න කලින් කන්න.."

"නේ.."

"මොකද අද ඔයාලා දෙන්නා මෙහෙම? රණ්ඩුවත් උනාද??"

"අනී.. කුකීට මේ අනිත් අයව මතක් වෙලා අද.."

ඒක කීවා විතරයි කකා හිටිය ජින් chop stick දෙක පැත්තකින් තියලා කුකි දිහා බැලුවේ බර හුස්මක් පිට කරන ගමන්..

"ජන්ග්කුකා.. ඔහොම ඉන්න එපා.. ඔයා දන්නවා නේද ඔයා ඔහොම ඉන්නකොට අපි තුන්දෙනාගෙත් හිත කොච්චර රිදෙනවද කියලා... අපි අද රෑටම සෝල් යමු.. තවත් මෙහෙ ඉන්න ඕනී නෑ.."

"හ්‍යොන්ග්.."

කුකී හිටිය විදිය නිසා ජින් ටේහ්‍යොන්ග් හිටියේ ගොඩක් දුකින්.. එයාලා හිතුවේ ආපහු jeju ආව නිසා කුකීට පරන දේවල් මතක් වෙලා කියලා.. කොහොමහරි කුකී ටික දවසක් නතර වෙන්න තීරනය කලා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදා රෑ මට නින්ද අහලකවත් නෑ.. ඒ photo එකේ හිටියේ කවුද? Caravan එකේ break කැඩුවේ කවුද? කොහොමද ජින් ටේහ්‍යොන්ග් බේරිලා ජිමින් අතුරුදහන් උනේ? මං ඇදේ නිදාගෙනම එලියේ වැටෙන නොනවතින වැස්ස දිහා බලන් හිටියා.. ඒ එක්කම කවුදෝ මගේ දොරට ගැහුවා..

"ජන්ග්කුක්ෂී.. ඇයි මේ රෑ??"

"මට නින්ද යන්නේ නෑ.. "

එයාගේ ඇස් හොදටම රතු වෙලා නහයත් බර වෙලා.. ඒ නිසා මට හිතුනේ එයා අඩලා කියලා.. මොකුත් නොකියා කුකී මගේ කාමරේ ජනේලේ ලග තිබුන Couch එකේ වාඩි උනා.. මාත් එයා ලගින්ම වාඩි උනා..

"නූනා එහෙම කොහොමද උනේ?? ජිමින්ට මොකද උනේ?"

"මට තේරෙන්නෙත් නෑ.. ටේ ජින් බේරුනේ කොහොමද කියලා.."

කුකී බර හුස්මක් අරගෙන මගේ කකුල් දෙක උඩින් ඔලුව තියාගෙන Couch එකේ ගුලි උනා..

"නූනා.. මට එයාලා ඔක්කොම ඕනී.. එකෙනෙක් දෙන්නෙක් නෙමෙයි හය දෙනාවම... චෙබල්.."

කුකී ආයෙත් අඩන්න වගේ කියනකොට මට ඕනී උනේ එයාව සනසන්න.. මං හෙමින් එයාගේ ඔලුව අතගෑවා..

"අඩන්න එපා.. ඔයා ශක්තිමත් වෙන්න ඕනි.. තේරුනාද??"

"නූනා මේක ගොඩක් අමාරුයි...දරාගන්න බැරි තරම් අමාරුයි..."

කූකීගේ කදුලූවල සීතල මගේ කකුලට දැනුනා.. මං හෙමින් එයාගේ සිනිදු හිසකෙස් අතරින් ඇගිලි යවමින් එයාව සනසන්න හැදුවත් මට බැරි උනා.. ඒ නිසා මාත් එයාගේ ඔලුව උඩින් ඔලුව තියාගෙන එයාව තුරුල් කරගත්තා..

"උල්ජිමා.. චෙබල්.."

කුකී ටික ටික සන්සුන් වෙනවා මට දැනුනා.. ඒත් එයාට මගේ ඔඩෙක්කෙම නින්ද ගිහින්.. මං පරිස්සමින් එයාව Couch එකේ තියලා කොට්ටයකුත් blanket එකකුත් ගෙනත් එයාව ඇහැරෙන්නේ නැති විදියට තියලා ඇදට ආවා..

*පසුදා උදෑසන*

මං ඇහැරිනකොටත් කුකී couch එකේ නිදි.. මං සද්ද නොකරම මූන සෝදගෙන පහලට ගියා.. එයාලාට මගේ අතින්ම කෑම හදන්න හිතාගෙන ගියත් මාත් එක්කම වගේ පහලට ආවේ ජින්...

ඊයේ රෑට වඩා දැන් එයාව දකිනකොට මගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා..

"ඔයා උදෙන්ම ඇහැරලා.."

"නේ.. ජින්ෂී හොදට නිදාගත්තද?"

ජින් Fridge එකෙන් කිරි එක ගන්න අතරේ මං අනිත් පැත්ත හැරිලා පැන් කේක් හද හද ඇහුවා.. එයා කිරි එක table එක උඩින් තියනවා මට ඇහුනත් ඊට පස්සේ තප්පරේ උන දේට මගේ ඇගම සීතල උනා..

"ඔයා Jeju ආවට පස්සේ ගොඩක් වෙනස් වෙලා... ඊයේ ඔයාලා දෙන්නා කොහෙද ගියේ?"

ජින් එහෙම කීවේ මාව පිටි පස්සෙන් බදාගෙන මගේ උරහිසට නිකට තියාගෙන... මේ වෙන්නේ මොනවද කියලා මට හිතාගන්න බෑ..

"ජි.... ජී.... ජි.. න්...ස්...ෂී.."

"බයවෙන්න එපා කවුරුත් තාම ඇහැරලා නෑ.. අනික අපි දෙන්නා ලබන මාසේ Marry කරනවානේ.."

ඒකට මගේ අතේ තිබ්බ හැන්දත් Pan එක ඇතුලට වැටුනා..

"අයිගෝඔ...... පරිස්සමින් වැඩ කරන්න.. කෝ ඉදගන්න මං ඕක හදන්න.."

මේ මොනවද වෙන්නේ ජින් මාව stool එකේ ඉදවලා Pancake හදනවා.. අපි දෙන්නා marry කරනවා?? මොනවද මේ වෙන්නේ?? ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවට ආවත් මං එලියට පේන්න හිනා උනා..

උදේ කෑම කනකොට තමා මගේ ප්‍රශ්න වලට උත්තර හම්බුනේ.. ඒකත් හරි පුදුමාකාර කතාවක්..

"යා ජන්ග්කුකා.. ඊයේ රෑ කොහෙද ගියේ?? මං රෑ හෙව්වා.."

"මං නූනාගේ කාමරේට ගියා.."

කුකී ගානක් නැතුව කියනකොට ජින් ඔලුව උස්සලා බැලුවේ ඇත්තද අහන්න වගේ..

"ජන්ග්කුකා.. මං දන්නවා ජීසෝ ඔයාගේ අක්කා කියලා.. ඒ වගේම එයාව හම්බුන එකට ඔයා කොච්චර සතුටුද කියලා.. ඒත් දැන් ඔයා හුරතල් වෙන්න ඕනි වයසේ dongsaeng කෙනෙක් නෙමෙයි... අරස්සෝ??"

ඒකට කුකි වගේම මාත් ජින් දිහා බැලුවේ මොනවද මේ කියන්නේ වගේ.. කූකි මං දිහා බැලුවේ මොකුත්ම තේරුම් ගන්න බැරිව..

"ජින් හ්‍යොන්ග්.. ඔයා දැන් කීවේ ජීසෝ මගේ අක්කා කියලාද.?"

"දේ.. යා තාම නිදිමතේද?? මීට අවුරුද්දකට කලින් ජීසෝ හම්බුනේ ඔයාගේ තාත්තාගේ අන්තිම කැමැත්ත නිසා..."

ප්‍රශ්න ටිකකට උත්තර හම්බෙනකොට තවත් ප්‍රශ්න ගොඩක් හැදුනා වගේ මට හිතුනේ.. ඒ අතරේ ටේ කාමරේට ගිහින් ආයේ ආවේ බෙහෙත් වගයක් එක්ක.. එයා ඒක කුකිට දිලා වතුර එකක් දුන්නා..

"ඕක බොන්න.. වැඩිය හිතන්න එපා.. ඔයාට Stress වෙන්න හොද නෑ.. මතකනේ.."

"නේ"

කුකී මොකුත් නොකියා බෙහෙත් පෙති දෙක බීවා...

උදේ කෑමෙන් පස්සේ මං කාමරේට ආවේ මේ ඇලුත් කතාවේ මුල මැද අග ගලපගන්න හිතාගෙන.. ලැප් එක on කරලා මුලින්ම කරේ ජින් කොහොමද මාව බදින්නේ කියලා හොයපු එක.. එයා තවමත් ප්‍රසිද්ධි චරිතයක් නිසා ගොඩක් දේවල් හොයාගන්න ලේසි උනා..

"BTS සාමාජික Kim Seok Jin ලබන මස විවාහ දිවියට"

"මනාලිය පිලිබද පැහැදිලි විස්තර නොමැති ඇති අතර, මීට මාස කීපයකට පෙර ඔහු ගැහැණු ලමයෙකු සමග සිටිනු වාර්තා වූවත් පසුව ඒ BTS සාමාජික Jungkook ගේ සහෝදරිය බව හෙලි විය.. බොහෝ දෙනාගේ සැකය ජින්ගේ මනාලිය ඇය බවයි.."

ඒ එක්කම මට හරිම හුරුපුරුදු මතක ගොඩක් මතක් වෙන්න පටන් ගත්තා.. ඒ හැම එකකම ජින් ජන්ග්කුක් හිටියා.. ජින්ව මුලින්ම හම්බුන විදිය.. ජන්ග්කුක් මගේ මල්ලි උන හැටි.. හැමදේම මට මතක් උනා.. හරියට අලුත් මතකයක් වගේ..

"මොකද තනියම හිනා වෙන්නේ??"

ආයෙත් ජින් මගේ කන ලගටම ඇවිත් අහනකොට මං ගැස්සුනා..

"ඔප්පා.. මං බය උනා.."

"ඕඕඕඕ ඔයා මේකද බලන්නේ? හ්ම්ම්.."

එහෙම කියලා එයා ජනේලේ ලගට ගියා.. එතනින් එලියේ මුහුනලා තිබුනේ මුහුදට.. ඒ අසල වෙන ගොඩනැගිලි මොකුත් නැති නිසා හරිම ලස්සනට මුහුද පෙනුනා..

"ඔප්පා.. ඔයා මෙහෙට කැමති නෑ නේද?"

"හ්ම්ම්ම්... එදාත් මේ වගේ වැස්සක් තිබුනා.."

මං එයාගේ පිටට තුරුල් උනේ එයා ඉන්නෙ දුකින් කියලා දැනුන නිසා..

"ජීසෝ.. හැමදාම මං ලගම ඉන්න.. අනිත් අය ගියා වගේ මාව දාලා යන්න නම් හිතන්නවත් එපා.."

"අනේ ඇයි මේ?"

"නිකන්.. මට අමුත්තක් දැනෙනවා.. "

"ඒ කීවේ?"

"ඔයා හම්බුනාට පස්සේ තමා අපි තුන්දෙනා හුස්ම ගන්නවා හරි දැනුනේ.. ජන්ග්කුක් හිටිය විදියට අපි දෙන්නා ගොඩක් දුකෙන් හිටියේ.. ඔයා නිසයි එයා ටිකක් හරි සාමාන්‍ය අතට හැරුනේ.. ඒත් ඊයේ මට අමුත්තක් දැනුනා.. හරියට කාලය නැවතිලා වගේ.."

ජින්ට එහෙම දැනුන එක මට හිතාගන්න බැරි උනා.. එයා ටිකක් වෙලා කතා කරලා එයාගේ කාමරේට ගියා.. එයා ගියාට පස්සේ මං මේ පැටලිල්ල ලිහාගන්න විදියක් කල්පනා කරා.. ඒ වගේම මේ අලුත් වර්තමානය තේරුම් ගන්න උත්සාහ කලා..

ටිකක් වෙල කල්පනා කරනකොට මතක් උනේ ඇයි අපි මෙහෙට ආවේ කියලා... මේක අපි දෙන්නාගේ තාත්තා අපි දෙන්නටම ලියලා තිබුනා.. ඒක නිසයි අපි දෙන්නා ආවේ.. අපි එක්ක ටේ ජින් දෙන්නත් ආවේ වෙනසකටත් එක්ක කියලා..

මං පහලට තට්ටුවේ තාත්තාගේ කාර්යාල කාමරේට හොයන් ගියා.. ඒක පහල තට්ටුවේ මුහුදට මුහුනලා තිබුන පුංචි කාමරයක්.. මං එයාගේ පොත්පත් පෙරල පෙරල බැලුවේ එයාගේ එකම හරි photo එකක් ඇති කියලා..

"ඔබට අතීතය වෙනස් කල නොහැක.. නමුත් ඔබට වර්තමානය වෙනස් කල හැක.."

  - මතුසම්බන්ධයි -

Continue Reading

You'll Also Like

11.1K 2.3K 12
Teakook ship story 🐰❤️🐯 you can read & enjoy.☺️ 🚫 JUST A FANFICTION 🚫 ''නුහුරු තාලෙට හැගෙනා හදවතේ රිද්මෙට මාගේ... ආයේ ආයේ ඔය රූපේ මට...
66.8K 12.5K 58
🚫 JUST A FANFICTION 🚫 𒊹︎︎︎ Taekook ship story 🐰❤️🐯 ☞︎︎︎ Top - kook 😁 ☞︎︎︎ Bottom - tae 😋 𒊹︎︎︎ Side ships - yo...
93.2K 10.2K 28
The hardest thing to do is watch the one you love, love someone else. Yoongi x Jimin Jungkook x Taehyung
77.2K 6.9K 15
အကိုက ထယ့်ကိုအချိန်တိုင်းပြစ်ထားတော့ ထယ့်ကို ဦးစားပေးတဲ့ သူဆီသွားတာမမှားဘူးမလား .. Kim Taehyung ထယ်ငါက Mafia...