You'll Never Walk Alone

By JinHit_Ent1204

3.6K 695 54

එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත්... More

Chapter 01
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9 (END)

Chapter 4

328 74 3
By JinHit_Ent1204

දවස් දෙකකට පස්සේ කුකීත් මමත් ජිමිනුත් ජේජුවලට ගියා..

"ජන්ග්කුකා වේ?? ඇයි අපි මෙහෙ ආවේ??"

ජිමින් ආව වෙලාවේ ඉදන් අහන එකම ප්‍රශ්නේ ඒක විතරයි.. එයා හිටියේ ගොඩක් දුකින්.. මුහුදට මුහුනලා තියන විශාල villa එක කුකි අරන් තිබුනේ Accident එකට මාසෙකට කලින්.. එයාලා accident උනේ මේකට එන අතර ගමදි.. ඒ නිසා ඊට පස්සේ කුකීවත් ජිමින්වත් මෙහෙට ඇවිත් නෑ..

ජිමින් බැල්කනි එකට වෙලා ඈත පෙනෙන මුහුද දිහා බලාගෙන හිටියේ හිස් හැගීමෙන්..

"ජිමින්ශී.."

"ආහ්හ් නුනා.."

"ග්වෙන්චන්නා?"

"අනී.. මං කැමති නෑ මෙහෙට එන්න.. එයාලාව මතක් වෙනවා වැඩි මෙහෙට ආවම.."

කුකී කීවේ බර හුස්මක් පිටකරන ගමන්.. මං එයාට ටිකක් තනියම ඉන්න දිලා පහලට ගියා.. ඒ යනකොටත් කුකී ඇදුම් මාරු කරගෙන..

කූකීව දැක්කා විතරයි මං පඩි පෙලේ මැද නැවතුනා.. එයාගේ දිග කොන්ඩේ කපලා, ලාවට තිබුන රැවුලත් කපලා. එයා වෙනදා අදින කලු ලිහිල් ටිශර්ට් එකත් ඩෙනිම් එකත් වෙනුවට සුදු hoodie එකකුත් ලා නිල් පාට ඩෙනිම් කලිසමකුත් ඇදලා.. වෙනදාට වඩා එයා පිලිවලයි.. හරියටම ඉස්සර වගේ...

"නූනා අපි යමුද?"

කුකී මං ලගට ඇවිත් අතින් අල්ලන ගමන් කියනකොටයි මං පියවි සිහියට ආවේ..

"ආහ්හ්හ් නේ.."

අපි දෙන්නා විනාඩි කීපයක ගමනින් පස්සේ එයාලා accident උන තැනට ආවා.. කුකී ප්‍රපාතය ලග යකඩ වැටට අත තියාගෙන පහල බැලුවා.. පහල මුහුදු රළ වේගෙන් ඇවිත් ගල් පර වල වැදෙනවා.. ටිකක් වෙලා යනකම් මුහුදු රලවල සද්දය ඇර සද්දයක් මට ඇහුනේ නෑ..

"නූනා.."

කූකී බර හුස්මක් ගන්න ගමන් මං දිහා බැලුවේ එයා ලෑස්ති කියන්න වගේ.. මං කුකි ලගට ඇවිත් අත අල්ලගත්තා.. එයාගේ අත සීතලයි, වෙල්වට් වගේ සිනිදු, ශක්තිමත් ස්පර්ශයක් මට දැනුනේ..

වේගෙන් ගොඩබිමට එන මුහුදු රල පෙල හෙමින් එයාලාගේ ගමන නැවැත්තුවා.. තප්පර කීපයකින් ගල් පරයක වැදුන රළක වතුර හිස් අවකාශයේ පිනි බිදු මෙන් නතර උනා.. ගත උනේ තප්පර කීපයයි, ගොඩ බිමට ආව රළ ආපහු මුහුදට ගලාගෙන ගියා... ක්ෂනයකින් අපි දෙන්නම කාලයේ ආපස්සට ගිහින්.. ඒ accident එක දවසේ උදේ..

"ජන්ග්කුක්ෂී.. ඔයාට මතකද එදා උන දේ??"
"හ්ම්ම්.. ඔව් එක පාරටම අන්න අර වංගුවේදි break නැතුව ගියා.. ඒත් මං drive කරා.. හරියටම අර ගහ ලගින් සතෙක් පාරට පැන්න නිසා මං හැරෙව්වා.. වැස්ස නිසා පාර හොදටම ලිස්සනවා, මට වාහනේ control නැතුව මේ යකඩ වැටත් කඩාගෙන පහලට පෙරලුනා.."

"හ්ම්ම්ම් break නැති උනා?? ඔයාට විස්වාසද ඒ වාහනේ staff එකෙන් check කලා කියලා.."

"ඔව්.. අපිට මරන තර්ජන කොහොමත් තිබුන නිසා security එකෙන් හැමදේම බලනවා"

කුකී කියලා ඉවර වෙනකොට යාන්තම් පොද වැස්සක් පටන් ගත්තා.. අපි දෙන්නම ඒ ලගම තිබුන අතෑරලා දාලා තිබුන පොඩි මඩුව යටට ගියා..

"ජන්ග්කුකිෂී, අපි ඔයාලා caravan එක ගත්ත තැනට යමුද? අපිට ගොඩක් වෙලාව නෑ"

"නේ මං පාර කියන්නම්.."

අපි දෙන්නා taxi එකක් නවත්තගෙන එයාලා caravan එක ගත්ත තැනට ගියා.. ඒ යනකොටත් BTS Staff එකේ අය වාහනේ පරික්ෂා කරනවා..

"Lunch එක ලෑස්ති හැමෝම කලා ඉන්න.."

කෙනෙක් කියනකොට කට්ටියම ඇතුලට ගියා.. ඒ එක්කම අපි දෙන්නා එතනට යන්න හැදුවත් කුකි මාව නැවත්තුවා..

"වේ??"

"අර බලන්න.."

කවුදෝ මනුස්සයෙක් හොරෙන් හොරෙන් වාහනේ ලගට එනවා.. ඒ මනුස්සයා වටපිට බලලා ඉක්මනට වාහනේ යටට ගියා.. කුකි එතනට යන්න හැදුවත් එතනට ආව තව වාහනෙකින් බැස්සේ BTSලා.. එයාලා හිනා වෙවී වාහනෙන් බැහැලා අත පය දිග ඇරලා වටපිටාව බලනවා.. අන්තිමටම වගේ කුකී බැහැලා ඈනුමක් අරින ගමන් restaurant එක ඇතුලට ගියා.. එයාලාගේ වාහනේ නිසා අපි දෙන්නට caravan එක පේන්නේ නැතුව ගියා..

"කෝ අර මනුස්සයා??"

කුකි කට්ටිය ඇතුලට ගියාට පස්සේ හෙව්වේ කලින් ආව සැකසහිත මනුස්සයාව.. අපි දෙන්නා වටේම බැලුවත් කවුරුත් පෙන්න හිටියේ නෑ..

"මට පේන්නේ ඔයාලාගේ accident එක හිතලා කරපු දෙයක්.. ඉක්මන් කරන්න.. එයාලා මෙතනින් යන්න කලින් අපි නවත්තන්න ඕනී.."

ඒත් අපි දෙන්නා පරක්කු වැඩි.. caravan එක start කරනවා අපි දෙන්නට ඇහෙනවා එක්කම දුවගෙන එනකොට කුකි(අතීත) වාහනේ එලියට අරන් ඉවරයි.. ඊට පස්සෙන් staff එකේ වාහන දෙකත් පිටත් උනා..

"ඔහ්හ්හ්හ් ශිට්.. නූනා මොනවහරි කරන්න.."

මං කාලය නවත්තන හැදුවත් ඒක කරන්න බැරි උනා.. සමහරවිට අපි අතීතයේ නිසා වෙන්න ඕනී..

එතනින්ම හොරෙන්ම වගේ තවත් වාහනයක් ගත්ත අපි දෙන්නා වාහනේ පස්සෙන් ගියා.. ටිකක් දුර යනකොට staff එක ගිය වාහන දෙකේම patch එකක් ගිහින් නිසා මග නවත්තලා..

"චොගී?? ඇයි ඔයාලා මෙතන? උදව්වක් ඔනීද?"

"අනී කම්සාමිදා.. මේ වාහනේ patch එකක්.."

"ආහ්හ්හ්.."

ඒ එක්කම එක වාහනයක් ඇතුලේ walkietalkie එකෙන් ජින්ගේ කටහඩ ඇහුනා..

'හ්‍යොන්ග්, උදව් කරන්න.. අපිට ප්‍රශ්නයක්..'

ඒක ඇහුනා විතරයි කුකි වාහනේ පුලුවන් තරම් වේගෙන් drive කරා..

"නූනා අතන.."

අපි ඈතටම වාහනේ යනවා දැක්කා.. accident එක උන තැනට තිබුනේ මීටර් කීපයයි.. අපි දෙන්නා පරක්කු වැඩි.. කුකි කීව විදියටම වාහනේ ලිස්සලා ප්‍රපාතයට වැටුනා..

"අන්ද්වේ...."

කුකී වාහනෙන් බැහැලා දුවගෙන යනගමන් කෑගැහුවා..

"ජන්ග්කුක්ශී.. පරිස්සමින්..".

"අන්ද්වේ.. නූනා.. මොනවාහරි කරන්න.."

කුකී අඩ අඩම පහලට යන්න හදන නිසා මං හරි අමාරුවෙන් එයාව අල්ලගෙන හිටියේ..

"මොකක්ද මේ වෙන්නේ??"

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නැවතුනු රල පෙල ආයෙත් පුරුදු විදියටම වේගෙන් ඇවිත් ගල් පරවල වදිනවා.. කුකී වැස්සෙම පාරේ ඉදගෙන..

"ජන්ග්කුක්ෂී.. අපි ආයේ උත්සහ කරමු.. නැගිටින්න.."

"නූනා.. එයාලා.."

කුකී මුහුද දිහා බැලුවේ කදුලු පිරුනු ඇස්වලින්..

ඒ එක්කම අපි ආව වාහනේ අපි ලග නවත්තනකොට මං කුකීව අමාරුවෙන් නැගිට්ටවලා වාහනේ ඉන්දුවා..

"නූනා අපි අරවා අරන් යමුද? ජිමිනි ආසයි ඒවට.."

"නේ.."

"අජුස්සි.. ඔය ඉස්සරහා fish cake truck එක ලග නවත්තන්න.. ජිමින්ශීට ටිකක් අරන් යමු.."

මං ඒක කීවා විතරයි වාහනේ drive කරපු කුකීගේ මැනේජනිම් මං දිහා බැලුවේ පිස්සෙක් දිහා බලනවා වගේ..

"වේයෝ??"

"අනී.. මොකුත් නෑ.. ඉන්න මං අරන් එන්නම්.."

අපි ටිකකින් ආයෙත් villa එකට ආවා..

"හ්‍යොන්ග් මං ඔයා ආස දෙයක් ගෙනාවා.."

කුකී ජිමින්ට කතා කරත් එයාගේ කාමරෙන් කවුරුත් ආවේ නෑ..

"එයා කොහෙද?"

"ජන්ග්කුකා.. කවුද හොයන්නේ??"

"ජිමින් හ්‍යොන්ග්.."

"දේ????"

මැනේජනිම් කුකි දිහා ඇසුත් ලොකු කරලා බැලුවා.. ඒ එක්කම පඩි පෙල දිගේ පහල ආව දෙන්නා දැකලා මං ඉහල ගත්ත හුස්මත් හිර උනා.. කුකි එයාලා දැකලා අතේ තිබ්බ බෑග් එකත් බිම වැටුනා..

"හ්‍යොන්ග්.. ඔයාලා??"

"වේ?? මොකද උනේ?? ගිහින් ඇදුම් මාරු කරගන්න ඔයාලා අසනීප වෙයි.."

මාත් කුකිත් තාම සාලේ මැද තෙත ඇදුම් පිටින් හිටගෙන බලන් ඉන්නවා..

"යා පල්ලී.."

"ජින් හ්‍යොන්ග්.. ටේහ්‍යොන්ග්.. ඔයාලා.. කොහොමද?? එතකොට කෝ කෝ ජිමින්??"
කුකි ජිමින් ගැන අහනකොට ජින් ටේ දිහා බැලුවේ බය වෙලා වගේ..

"හරි හරි දැන් ගිහින් ඇදුම් මාරු කරගෙන එන්න.. පස්සේ කතා කරමු.. මං මේවාගෙන් ඔයාලාට stew එකක් හදන්නම්.."

ජින් බිම තිබුන fish cake බෑග් එක අරගන්න ගමන් කියනකොට කුකි කාමරේට ගියේ කවදාවත් නැතුව අමුතු සතුටකින්.. ඒත් මට දැනුනේ මොකක් හරි වැරදි කියලා.. මං ජිමින්ගේ කාමරේට යනකොට ඒක අවුරුදු ගානකින් ඇරලා නැතුව වගේ මුලින්ම ආවේ පුස් දූවිලි ගදක්..

"නූනා.. කුකීට මොකද උනේ??"

මට පිටි පස්සෙන් ටේ හ්‍යොන්ග් ඇවිත් අහනකොට මං ගැස්සුනා.. එයාගේ ඇස් දිලිසෙනවා කදුලුවලට..

"ඔයා මාව දන්නවද?"

"නේ.. ඇයි මං නොදන්නේ? ඔයා අපේ ජන්ග්කුකීගේ නූනා"

"නූනා?? ටේහ්‍ය්න්ග්ෂී කෝ ජිමින්??"

"නූනා.. මොකද මේ?? ඔයාට මතක නැද්ද accident එකෙන් බේරුනේ අපි තුන්දෙනා විතරයි.."

  - මතුසම්බන්ධයි -

Continue Reading

You'll Also Like

10.2M 599K 69
#Dec - 20 - 2019 #Moewathan #Art by Maythitsar🌹 ယခုဇာတ်လမ်းတွင်ပါဝင်သော အကြောင်းအရာများနှင့် ဇာတ်လမ်း ဇာတ်ကွက်များဟာ စာရေးသူ၏စိတ်ကူးယဥ်သက်သက်သာဖြစ်...
173K 26.4K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
3M 264K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
572K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...