"ජිමින්ෂී.. ග්වෙන්චන්නා??"
"නේ කම්සාමිදා.."
එයාගේ wheelchair එක තණකොල අතර හිර වෙලා පෙරලිලා.. මං එයාව ගහට හේත්තු කරලා wheelchair එක කෙලින් කරනකොට එතනට ආවේ අර අනිත් පිරිමි ලමයා.. එයා ජිමින් ලගට ගිහින් බැලුවේ එයාට තුවාල වෙලාද කියලා..
"හ්‍යොන්ග්.. ග්වෙන්චන්නා.."
"නේ.. බය වෙන්න එපා... මට wheelchair එකට යන්න උදව් කරන්න.."
මං එයාලා ලගට wheelchair එක ගෙනත් දෙනකොට ඒ ලමයා මොකුත් නොකියා මට ඔලුව නවලා ස්තූති කලා.. මං එයාට ජිමින්ව ආයේ wheelchair එකේ ඉන්දවන්න උදව් කරලා ඈත් උනේ මං එයාලාට කරදර කරනවදෝ හිතුන නිසා..
"චෝගී.. ටිකක් ඉන්න.."
ඒ පිරිමි ලමයා ජිමින්ව එහෙමම තියලා මං ලගට ආවා..
"කම්සාමිදා.. නූනා.."
එයා mask එක අයින් කරන ගමන් කීවා..
"ජන්ග්කුක්ෂී...."
මං තවත් පුදුම උනා.. ඒ මං දැකලා තිබුන ලස්සන හුරුබුහුටි කුකී නෙමෙයි.. එයාගේ ඇස් වට කලු වෙලා.. තොල් වේලිලා තැනින් තැන පුපුරලා.. මුන අදුරු වෙලා.. ඇස් රතු වෙලා ඉදිමිලා අඩලම..
"හ්ම්ම්ම්ම්ම්... සමාවෙන්න මෙහෙම කියනවට.. ඒත් අපි අද මෙතන හම්බුනා කියන දේ අමතක කරන්න පුලුවන්ද? එහෙම දෙයක් උනේ නෑ කියලා හිතාගන්න පුලුවන්ද?"
කුකී ගොඩක් අසරන විදියට අහන ගමන් ආයෙත් වට පිට බලලා mask එක දාගත්තා..
"නේ... ඒත් ඇයි? මං කාටවත් කියන්නේ නෑ.."
ඒ එක්කම අජුස්සි ඈත ඉදන් මට කතා කරනවා ඇහිලා මං ඒ පැත්ත බැලුවා.. ඔහු අතින් මට එන්න කියනවා..
"ජන්ග්කුක්ශී.. චෙසොහම්මිදා.. මං යන්න ඕන.. බය වෙන්න එපා.. මං අමතක කරන්නම්..."
ටික ටික ඉර පායාගෙන එනවා.. සකුරා මල්වල සුවද cafe එක පුරාම.. ඒ සුවද අතරින් මට දවසම මතක් උනේ ඒ දෙන්නාගේ කදුලු පිරුනූ ඇස්... ඒ වරදකාරි වචන...
"ආහ් බෙල්ල.."
අද නම් වැඩ වැඩි.. මං sandwich එකයි coke එකයි අරන් ආයෙත් bench එක ලගට ගියා... bench එක තිබුනේ park එකට මුහුනලා.. මං කනගමන් කල්පනා කරේ කුකි ඒ තරම් පසුතැවෙන්න තරම් එයා කරපු වැරැද්ද මොකක්ද කියලා... cafe එකේ වැඩ ඉවර නිසා මං හෙමින් ආයෙත් park එකට ඇවිදගෙන ගිහින් නැවතුනේ උදේ කුකි අඩ අඩ හිටිය තැන..
"In memory of Kim Seok Jin"
කලු පාට ග්‍රැනයිට් පලකේ සුදු පාටින් කොටලා තිබුනා.. ඒ පලකේ උඩ වැටුන සකුරා මල් පෙති... ඊයේ පත්තු කරපු ඉටිපන්දම් ගොඩක්.. මං lighter එක අරන් ඒ එක ඉටිපන්දමක් පත්තු කලා..
"සොක්ජින්ෂී.. ඔයාගේ චූටි මල්ලිලා දෙන්නාගේ හැටි දැක්කාද ඔයා?? ඇයි ඒ?? එයාට එහෙම උනේ ඇයි?? මොකක්ද එයා කරපු වැරැද්ද? ඔයාට බැරිද එයාලා ලගට ආපහු ඇවිත් බදාගන්න.. එයාලාගේ කදුලු පිහදාන්න??"
"හ්ම්ම්ම්ම්... මාත් කැමති එහෙම වෙනවා නම්.."
එක පාරම මගේ පිටි පස්සේ ඉදන් බර සුසුමක් එක්ක කවුරුහරි කියපු දේ නිසා මං නැගිටලා පිටි පස්ස බැලුවා..
"ජන්ග්කුක්ෂී... ඔයා මේ වෙලාවේ?? මෙතන"
"මං හැමදාම මෙතනට එනවා මේ වෙලාවට.."
එයා එතන පලක පහම ලග සුද්ද කරලා එයා ගෙනාව පාට පාට මල් තිබ්බා...
"ඒ එයාලා ආසම මල්.. නූනා.. මං හිතන්නේ ඔයා දැන් ගෙදර යන්න ඕන රෑ වෙනවා.."
"හ්ම්ම්ම් ඒකට කමක් නෑ.. මං දෙයක් අහන්නද?"
"එපා.. මං යනවා.."
මට මොකුත් කියන්න නොදීම කුකී එතනින් යන්න ගියා.. උත්තර නැති ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන මං ඉක්මනට ගෙදර යන්න දිව්වේ කූකී කීවා වගේ ගොඩක් රෑ වෙලා නිසා.. බස් එකේ එනකම් මතක් උනේ කූකීගේ ඒ අසරන ඇස් දෙක.. ඒ ඇස්වල කියාගන්න බැරි තරම් වේදනාවක් හිර වෙලා තිබුනා.. මං කොච්චර ඒ ගැන හිතුවද කීවොත් මං බහින්න ඕන තැනිනුත් ගොඩක් දුර ගිහින්..
"හන්නම්?? ආඅහ්හ්හ්"
මං හෙමින් හෙමින් ආපහු පයින් යනකොට කලු පාට SUV එකක් මං ඉස්සරහා නැවැත්තූවා..
"ඔහ්හ්හ්.. නූනා.. මාව මතකද?"
එකේ පිටි පස්සේ හිටියේ ජිමින්..
"ඔහ්හ්.. ජිමින්ෂී.."
"නූනා මෙහෙද ගෙවල්??"
"අනී.. මට බස් එකේ නින්ද ගිහින් මෙහාටම ඇවිත්.."
"ඔහ්හ්හ්... නූනා කැමති නම් මං drop කරන්නම්.. හ්‍යොන්ග් කමක් නෑනේ??"
එයා ඉස්සරහා හිටිය කෙනාගෙන් අහනකොට ඔහු ඔලුව වැනුවා..
"නූනා නගින්න.."
"කම්සාමිදා.."
මං නැගලා ජිමින්ට පැත්තකින් ඉදගත්තා.. එතකොටයි දැක්කේ කුකි පිටි පස්සේම සීට් එකේ හරහට වැටිලා නිදි වගේ..
"චෙසොහම්මිදා.."
"අනී ග්වෙන්චන්නා.. එයා හොදින්ද?"
"හ්ම්ම්ම්ම්.. physically එයා හොදින් ඒත් mentally... නෑ.."
ජිමින් කුකි දිහා බලලා කියලා බර හුස්මක් අරන් ඉස්සරහ බලාගත්තා.. තවත් නම් මේ ගැන හිතන්න මට බෑ.. ඒ වේදනාව ඇයි මට මේ තරම් දැනෙන්නේ.. කුකිගේ කම්මුලක් දිගේ ගලාගෙන යන කදුලු බින්දුව බිමට නොවැටි අතරමග නැවතුනා..
මං හෙමින් ඒ කදුල මගේ ඇගිල්ලට ගත්තා..
"මොකක්ද ඔයාගේ තේරුම??"
මේක වැරදී.. ඒත් එයාලා ලගදි මට මගේ පපුව හිර කරනවා වගේ දැනෙන ඒ වේදනාව තවත් දරාගන්න බෑ...
- වසර 5කට පෙර -
මං එයාලා එක්ක caravan එකේ.. එයාලා ගොඩක් සතුටින්.. ඒ හිනා හඩ.. කුකී drive කරන ගමන් හයියෙන් හිනා වෙනවා.. ජිමින් ටේහ්‍යොන්ග්ටයි යුන්ගිටයි තුරුල් වෙලා වගේ.. ඒ අතරේ ජින් ඉස්සරහ සීට් එකට ගියා.. ඒ පස්සෙන් මාත් ඒ දෙන්නා ලගට ගියා.. එක පාරටම කුකි කලබල වෙලා..
"Break එක වැඩ නෑ.. හිර වෙලා වගේ.."
කුකි කියලා වාහනේ වේගේ අඩු කලා.. ඒත් වංගුවක් ගන්නකොටම පාර හරහා පැන්න සතා නිසා වාහනේ ලිස්සලා පාරෙන් පිට පැනලා නැවතුනේ ප්‍රපාතයේ..
- වර්තමානය -
දෙවියනේ.. මගේ පපුව තාම ගැහෙනවා.. මං ආයේ කුකියි ජිමිනුයි දිහයි බැලුවා.. එයාලාට මේ වෙන දේ ගැන ගානක්වත් නෑ.. කාලය නැවතිලා.. මං හෙමින් කුකිගේ කම්මුලේ තිබ්බ කදුල පිස්සා..
"හ්‍යෝන්ග්.."
- මතුසම්බන්ධයි -