You'll Never Walk Alone

By JinHit_Ent1204

3.6K 695 54

එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත්... More

Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9 (END)

Chapter 01

875 91 9
By JinHit_Ent1204

Caravan එක පුරාම ඇහුනේ සතුටු හිනා හඩ විතරමයි.. කවදාවත් නැතුව ජින්ගේ විහිලුවට යුන්ගි කදුලු එනකම් හිනාවෙනවා.. ජිමින් බිම වැටි වැටි හිනා වෙනවා.. මේ නිවාඩු කාලේ උනත් ජේජුවලට කට්ටිය ගොඩක් ආවේ නැත්තේ තිබුන වැසිබර කාලගුනේ නිසා.. ඒත් BTSලට නම් ඒක බාධාවක් උනේම නෑ.. එක් පසකින් තෙරක් නොපෙනෙන සාගරයත් අනෙක් පසින් වලාකුලින් වැසුනු කදු මුදුන් වැසිබර අදුරේ උනත් මැව්වේ සුරලොවක තියන නිස්කලංක බවක්...

"හොදටම වහිනවා නේ.. ජන්ග්කුකා.. drive කරන්න පුලුවන්ද? මං ටිකක් ගන්නද?"

ජින් ඇහුවේ ඉස්සරහා නොපෙනෙන තරම් තදට වැස්ස වැටෙනකොට කුකිට caravan එක drive කරන්න අමාරු ඇති හිතලා..

"අනී.. තව ටිකයිනේ.. හ්‍යොන්ග් ඔහොම ඉන්න.. ආහ්හ් seat belt දාගන්න.."

ජින් seat belt එක දාගෙන ඉස්සරා බලාගත්තා.. ටිකකින් මුලු caravan එකම එක පාරටම නිශ්ශබ්ද උනා..

"මොකෝ කට්ටියට මං නැතුව පාලුයි වගේ.. සද්දයක්වත් නෑ.."

ජින් seat belt එක ලාවට බුරුල් කරලා පිටිපස්ස බැලුවා..

"ඉසග්හේ.. වේ වේ??"

කුකි steering wheel එක අල්ලගෙන යට බලනගමන් කියනකොට ජින් ඒ පැත්ත බැලුවා..

"වේ??"

"Break එක හිර වෙලා වගේ.."

"පොඩ්ඩක් තදට පාගලා බලන්න.. දැනට හෙමිට යමු.."

කුකි කොච්චර තදට break එක පෑගුවත් break එක තිබුන විදියමයි..

"හ්‍යොන්ග්.. හ්‍යොන්ග්.. කතා කරන්න.. අපිට පොඩි ප්‍රශ්නයක්.."

Jin පිටිපස්සෙන් එන staff වාහනේ අයට කතා කරන්න හැදුවත් තද වැස්ස නිසා signal අවුල් වෙලා..

"ජන්ග්කුකා.. මං වාහනේ ගන්නම්.. ඔහොම අමාරුයි ඔයාට.. පුරුදුත් නෑනේ..ටිකක් slow කරන්න මං ගන්නම්...."

ජින් කියපු දේ නාහම කුකි ඉස්සරහට drive කරා.. පරිසරයම ටික ටික අදුරු වෙලා.. එක් වංගුවක් ගන්නකොටම පාර හරහා මොකෙක්හරි පුංචි සතෙක් පනිනවා දැකපු කුකි වාහනේ හැරෙව්වා.. එයා කලුවරේ දැක්කේ නෑ ඒ පැත්ත ප්‍රපාතය කියලා..

"ආආආආආආආආආආඅ... ජන්ග්කුකාආආආඅ... බලාගෙන.."

කුකි ජින් ඉන්න පැත්ත බලනකොට දැක්කේ ඉස්සරහා windscreen එක කඩාගෙන ජින් ප්‍රපාතය පැත්තට වැටෙනවා.. වාහනය වට දෙකක් පාරේ කැරකිලා ප්‍රපාතය පැත්තට ලිස්සලා ගියේ පිටි පස්සේ හිටිය යුන්ගිත් ජිමිනුත් කැඩුනු windscreen එකෙන් එලියට වැටෙන ගමන්මයි.. කුකි එයාලාව අල්ලගන්න උත්සහා කරත් වැඩක් නොවුනේ ඒ වෙනකොටත් කුකිගේ එක් අතකුත් ඉනෙන් පහල කොටසත් steering wheel එකටත් ඇබුන දොරටත් හිර වෙලා තිබුන නිසා..

කුකිට අවසානයට මතක වාහනේ පෙරලිලා මුහුදට වැටෙනවා.. තප්පර කීපයක් ඒ වතුරේ සිතල දැනේනකොට කුකිට සිහිය නැති උනා..
"ජින් හ්‍යොන්ග්.. මගේ අත අල්ලගන්න.."

කුකි ඇස් අරිනකොට හිටියේ රෝහලක ඇදක් මත... ඒ ලගම කුකිගේ report බලන doctor කුකි දිහා බැලුවේ එයා කලබලෙන් නැගිටින්න හදනකොට..

"ජන්ග්කුක්ශී.. ඔහොම ඉන්න ඔයාගේ කොදු ඇට පේලිය damage වෙලා තියෙන්නේ.."

කුකි doctor කියපු දේට වඩා කොන්දත් කකුලත් දෙසින් එන වේදනාව නිසා ආයෙත් ඇදේ ඇල උනා..

"Doctor අනිත් අය කෝ??"

Doctor කුකි දිහා බලලා බර සුසුමක් ඇරලා බැලුව විදියට කුකිට ඔහු කියන්න යන දේ ඉවෙන් වගේ දැනුනත් ඒක පිලිගන්න එයා කැමති උනේ නෑ..

"ජන්ග්කුක්ශී.. සමාවෙන්න එයාලා බේරගන්න බැරි උනා අපිට... ජිමින්ශී තාම කෝමා තත්වේ.. එයාගේ මොලේට ගොඩක් damage වෙලා.."

Doctor මොකුත් නොකියා TV එක දැම්මා..

"දැනට දින 2කට පෙර ජේජු හී සිදු වූ මාරක රිය අනතුරෙන් ලෝකප්‍රකට KPOP සංගීත කණ්ඩායමක් වන BTS හී සාමාජිකයන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ජන්ග්කුක් හා ජිමින් අසාධ්‍යය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.."

ඒ අතර Caravan එක පෙරලුන තැනත් එහිදි පිහිනුම්කරුවන් ඔවුන් බේරාගන්නා ආකාරයත් දැක්වෙන රූපරාමු tv screen එකේ පෙන්නුවා.. කුකි නිහඩවම ඒ දිහා බලාගෙන හිටියා.. අවසානයට මියගිය අය ලෙස අනිත් අයගේ රූප පෙන්වනකොට කුකි හයියෙන් කෑගහලා ඇඩුවා..

"අන්ද්වේ..  ඒක වෙන්න බෑ.. මේ ඔක්කොම මං නිසා... ඇයි මාත් මැරුනේ නැත්තේ.. හ්‍යොන්ග්.."

කුකි ටිකක් කලබල කරන නිසා doctor නින්ද යන්න බෙහෙත්ක් විද්දා.. ඊට පස්සේ දවසේ ජිමින්ට සිහිය ආවත් එයාට ඉනෙන් පහල පන තිබුනේ නෑ.. ජිමිනුත් කුකිත් කරන ඉල්ලීම නිසා එයාලා ඉන්න ඇදත් එක්ක අනිත් අයගේ අවමංගල්‍යය තිබෙන තැනට ගියා.. දවසක් එතනම හිටිය එයාලා සුසාන භූමියටත් ගියේ ගිලන් ඇදේ.. කුකිට මේ උන දේ දරාගන්න බෑ.. එයා හිතුවෙම ඒක එයාගේ වැරැද්ද කියලා.. ජිමින්ට අඩලා අඩලාම හෙම්බත් වෙලා.. එයා අමාරුවෙන් wheelchair එකක ඉදගෙන අන්තිම වතාවට හ්‍යොන්ග්ලා ලගට ගිහින් එයාගේ පපුවට තුරුල් උනා.. අන්තිමට ටේ ලගට ආව ජිමින්ට සිහිය නැති උනේ දරාගන්න බැරිම තැන.. කුකී අසරනව ගිලන් ඇද මත නිදාගෙන එයාලා දිහා බලන් හිටියා.. ලෝකයක් අඩද්දී එයාලා ඒ මූසල සන්ධ්‍යාවේ සදහටම ඇස් දෙක පියාගත්තා..

  - වසර 5කට පසූ -

"ජීසෝ නැගිටින්න.. ඔයාට පරක්කු වෙයි.."

හැමදාම වගේ අම්මාගේ සද්දේට මං නැගිට්ටේ කම්මැලිකමේ.. ඉක්මනට ලෑස්ති වෙලා දිව්වේ මං part time job එක කරන cafe එකට.. මං යනකොටත් cafe එක ඇරලා..

"සුභ උදෑසනක් අජුෂ්ෂි..."

"සුභ උදෑසනක් ජීසෝයා.. අන්න ඔයාට coffee එකකුයි පානුයි ඇති.. කාලා වැඩ පටන් ගන්න.."

අජුෂ්ෂිගේ බලේට මං coffee එකයි පාන් එකයි අරන් ආවේ cafe එක පිටි පස්සේ bench එකට.. මං එනකොට කවුදෝ ඒකේ ගුලි වෙලා නිදාගෙන හිටියා.. ලගට යනකොට දැක්කේ පරන පෝස්ටර් එකක් එලාගෙන එයා ඒක උඩ නිදි.. hoodie එකට මූන වැහිලා..

"චොගී.. චොගීයෝ.. නැගිටින්න.. ඔයාට සීතල නැද්ද??"

මං ටිකක් හොලවනකොට ඒ ලමයා නැගිට්ටා..

"චෙසොහම්මිදා.. මං යන්නම්.."

ඔහු මූන නොපෙන්නාම නැගිටලා පෝස්ටර් එක අත ගාලා නැගිටලා යන්න ගියා.. seoulවල මේ වගේ ගෙවල් නැති අය ටිකක් විතර දුලබ උනත් මේ පැත්තේ එයාලා ගොඩක් වෙලාවට ඉන්නවා.. පව්.. තරුන කෙනෙක් වගේ..

මට ඉබේම ඇස් ගියේ bench එක උඩ තිබුන පෝස්ටර් එකට.. ඒක BTS Memorial එකට ගේනාපු එකක්.. ඊයේ මෙතන එහා park එකේ එයාලාව සිහි වෙන්න හදලා තියන තැන ගොඩක් අය එයාලාව සිහි කරා.. එයාලා නැති වෙලා අවුරුදු 5 ගෙවිලා.. මං පෝස්ටර් එක නවලා cafe එකේ වතුර බටෙත් බිත්තියත් අතර රදවලා ඉදගෙන coffee එක බීවා.. මට ඉස්සරහින් තියන කුඩා උද්‍යානය BTS Fansලා හැදුවේ එයාලාව සිහි වෙන්න.. ඒකේ තියන සකුරා ගස්වල මල් පිපිලා පෙති හුලග දිගේ යනවා.. ඒ එක් ගසක් එක් සමාජිකයෙක් වෙනුවෙන් නම් කරලා.. ගස් 5ක්... ඒ හැම ගහක් යටම මල් ගොඩ ගහලා.. ඉටි පන්දම් පත්තු කරලා.. මං ඊට පස්සේ දැක්කේ මං කොහොමටව්ත් බලාපොරොත්තු උනේ නැති දෙයක්..

මෙතන නිදාගෙන හිටිය කෙනා තවත් කාවදෝ රෝද පුටුවක තියාගෙන තල්ලු කරගෙන එනවා.. දෙන්නම mask එකයි cap එකයි දාගෙන නිසා මූන පේන්නේ නෑ.. එයා රෝද පුටුව Kim Taehyung කියලා ගහපු ගහ ලග නවත්තලා ඊට එහායින් තිබුන Kim Seokjin කියලා නම් කරලා තිබුන ගහ ලගට ගියා.. එයා එතන බිම තිබුන පලකය ලග දන ගහගෙන ඒ දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා..

එයා මොනවාදෝ හෙමිහිට කියනවා මං ඈතට දැක්කා.. මේ වෙන දේ හිතාගන්න බැරිව මං ටිකක් ලගට ගියා.. මං පිටි පස්සේ ඉන්නවා එයාට දැනුනේ නෑ..

"මට සමාවෙන්න හ්‍යොන්ග්.. එදා මං ඔයා කියපු දේ අහන්න තිබුනා.. මට සමාවෙන්න.. අනේ මට තව එක පාරක් මගේ වැරැද්ද හදාගන්න පුලුවන් නම්.. ඔයාලාව ආයෙත් මං ලගට ගේන්න පුලුවන් නම්..."

ඔහු අඩ අඩම එතන බිම ඔලුව තියාගෙන.. ඔව් ඔයාට තව අවස්ථාවක් ලැබෙන්න ඕනි. හැමදේම හරිගස්සන්න.. එයාලාව ආපහු ගේන්න..

ඒ එක්කම ඇහුනේ යමක් පෙරලෙන සද්දයක්.. මට ඉබේම බැලුනේ එහායින් රෝද පුටුවේ හිටිය කෙනා දිහා.. එයා ඇත්තටම වැටිලා.. මං ඉක්මනට ගිහින් ඔහුට උදව් කරා..

"කම්සාමිදා.."

ඒ ඇස් කදුලින් පිරිලා.. mask එක උඩින් උනත් ඔහු අඩනවා කියලා මට තේරුනා..

"අනී.. ග්වෙන්චන්නයෝ??"

"නේ.."

ඔහු මාස්ක් එක ගලවලා මං දිහා බැලුවේ ඇස්වල කදුලු පිහින ගමන්..

"ජිමින්ශී.."

  - මතු සම්බන්ධයි -

Continue Reading

You'll Also Like

565K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
71.5K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
139K 12.7K 13
မင်းက ဘာလို့အဲ့လောက်ငါ့ကို ပြုစားနေတာလဲ ဘေဘီ မိန်းကလေးတွေတောငိ စိတ်မဝင်စားတဲ့ငါက မင်းကို မှ စွဲလန်းနေတာ jeon...
766K 74.8K 44
(Zawgyi) ဂနျးစတားသားအဖနှဈယောကျကွောကျရတ့ဲ ကောငျလေးတဈယောကျ သူလေးကဘယျလိုကိုငျတှယျမလဲဆိုတာကတော့..... (Unicode) ဂန်းစတားသားအဖနှစ်ယောက်ကြောက်ရတ့ဲ ကောင်လေး...