NO MORE DREAMS

By Jeon_min_ema

20.7K 2.6K 638

Hobby ඔයාට හොදටම විස්වාසද මේක ඔයාම කරන්න ඕන කියලා? මම ඇහුවේ hoseokගෙ අතින් අල්ලගෙන නවත්තන්න ගමන්. Hyung මට gu... More

chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 11
Last Chapter

Chapter 10

1.1K 192 22
By Jeon_min_ema


Chapter 10

Boss bangtanලාගෙන් massage එකක් ඇවිත්.

Bangtan gang එකෙන්? ඒ පාර මොනවද hope ට ඕන වෙලා තියෙන්නේ...?

නෑ boss. ඒක jhopeගෙන් නෙවෙයි .

එහෙන්ම්

Red cord එකක්. RMගෙන්...

What.......!!!!!

********************************************************************

No one p.o.v

RM : කී දෙනෙක්ව එකතු කර ගත්තද..?

Max : දහයයි.

RM : අනිත් අය...?

Max: තාම එයාල අපිට reply කලේ නෑ boss.

තව පැයක් ඇතුලත අනිත් gang ඔක්කොම වගේ අපිට උත්තර එවයි.

RM : Reply කරපු අයව ලෑස්ති කරන්න. කොහෙද SUGA ...?

Max : Dungeon එකේ.

RM : Ok. දැන් යන්න පුළුවන්.

තමන්ට නැවිලා ආචාර කරපු max පිටවෙලා යනවිදිහ බලන් ඉදපු namjoon තමන් ඉස්සරහ තිබුණු screen එකේ පෙන්නන seokjinගේ ලේ ගලන වේදනාත්මක මූණ දිහාවට හැරුනා.

Hyung ටික වෙලාවක් අල්ලන් ඉන්න. මම එනවා ඔයාව බේරගන්න. ඔයාගෙ හැම ලේ බින්දුවකටම උන්ට වන්දිගෙවන්න සිද්දවෙයි.මේ සැරේ නම් මම පැත්තකට වෙන්නෙ නෑ.

වේදනාවෙන පිරුණු ඇස් වලින් විනාඩි කීපයක් ඒ දිහා බලන් හිටපු ඔහු හිටපු තැනින් නැගිටලා dungeon එකට යන්න පිටත් වුනා.

********************************************************************

JH : Namjoon..!!!

මිනිහා කතා කලාද.....?

JH : තාම නෑ.

යන්න දෙන්නම උඩට.

Tea: ඒත්.

Yoongi hyung ඇතුලෙද...?

JH: ඔව් .

එයා හිටියම ඇති. Hoseok දැනට එකතු වෙච්ච gang ටික එක තැනකට අරගන්න.

Tea ගිහින් jiminට එකතු වෙන්න. එයා weapon section එකේ ඇති.

වචනයක්වත් කතා නොකරපු taehyung, hoseok දෙන්නා එතනින් පිටවෙද්දී namjoon මෙච්චර වෙලාවක් දාගෙන හිටපු එයාගෙ mask එක ගලවන ගමන් dungeon එක ඇතුලට අඩිය තිබ්බා.

නිශ්ශබ්දව බිත්තියකට හේත්තුවුනු namjoon ඒ වෙද්දිත් sugaයි තව දෙන්නෙකුයි suhoව කතා කරවන්න ගන්න උත්සහය දිහා ටික වෙලාවක් නිහඬව බලන් හිටියා.

මම එයත් එක්ක කතා කරන්නම්...

අන්තිමේ නිශ්ශබ්දතාවය බිදිමින් namjoon කියද්දී dungeon එක ඇතුලේ හිටපු තුන්දෙනාම එක තැන ගල් ගැහුනා.

අහ්.. හහ් හහ් හා..... තව එකෙක් ගෙන්න ගත්තද මට වද දෙන්න.... ඇයි... උඹලට මහන්සිද...

suho එයාගෙ ලේ වලින් රතු පාටවුනු දත් පෙන්නමින් හිනාවුනා.

ඔය දෙන්නා උඩට යන්න. ගිහින් maxට එකතු වෙන්න.

Ok boss.

SUGA ...මගේ tools pack එක අරන් එන්න.

යන්තන් ඔළුව නවලා Yoongi dungeon එකෙන් එලියට යද්දී namjoon කාමරේ කොනක තිබුණු පුටුවක ඉදගෙන suhoව අධ්‍යනය කරන්න පටන් ගත්තා.

කෝ තමුසෙලාගෙ gang leader. බය වෙලාද හැංගිලා ඉන්නේ.

Suho එයාව බැදලා දාලා තිබුණු පුටුවෙම පිටිපස්සට හෙත්තු වෙලා නිශ්ශබ්දව ඉදන් හිටපු namjoon ගේ පැත්ත බලන ගමන් ඇහුවා.

කතා කරනවා..... ඇයි කතා නැත්තේ......

suhoo කෑ ගැහුවත් ඒ කිසිදෙයක් ගනන් නොගත්ත namjoon දිගටම නිශ්ශබ්දව ඔහු දිහා බලන් හිටියා..

ඊට ටික වෙලාවකට පස්සෙ suga briefcase එකකුත් අරන් dungeon එක ඇතුලට ආවා. කිසිම දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව briefcase එක මේසේ උඩින් තියපු suga ඒක ඇරලා ඇතුලේ තිබුණු දේවල් මේසෙ උඩින් පිලිවෙලකට අතුරන්න පටන් ගත්තා.

Boss tools ටික ලෑස්තියි.

Suga එයාගෙ වැඩ ටික ඉවර කරලා namjoon දිහාට හැරුනා.

Boss...?

Suho පුදුමයෙන් මුමුනද්දී යන්තන් කට කොනකින් හිනාවුන RM එයා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා.

තමන් යටතේ ඉන්න හිරකාරයෙක් ඇත්තටම තමන් කවුද කියලා හරියටම දැනගන්න වෙලාවට ඒ කෙනාගේ මූණෙ මතු වෙන හැගීම හැමතිස්සෙම namjoonගේ මූණට හිනාවක් ගෙනාවා. උන්ගේ මූණුවල මතුවෙන පුදුමය බය දකින ඔහු ඒ හැගීම රහසින් රසවින්දා.

Underworld එකෙ හැම කෙනෙක්ම දැනගෙන හිටියා කෙනෙක් RMව දකිනවා කියන්නේ ඒ ඒ කෙනාගෙ අවසානය බව. එලියේ හිටපු gang ඔහුට Real Monster නැත්නම් RM කියන්න පටන් ගත්තේ ඔහු gang එක බාරගත්ත මුල් කාලෙමයි.

RM .....?

Suho තමන්ට පිටුපස හරවලා හිටන් ඉන්න namjoon දිහා බලන් දත් අතරින් මුමුණද්දී namjoon බොහොම නිදහසේ තමන්ගේ ආයුධ තෝරන්න පටන් ගත්තා.

මේ ඇත්තම RM නම් මම ඉවරයි. මූ මාව පණපිටින් කෑලිවලට කපලා මරලාදායි.

තමන්ට පිටුපස හරවලා හිටන් ඉන්න කෙනා දිහා බලන් suho හිතද්දී RMගේ කටහඩ ඔහුව ආයෙත් පියවිලෝකයට ගෙනාවා.

අපි මීට කලින් හම්බවුනා... මාව මතක නැද්ද...?

ඔහු මේසය උඩින් ආයුධයක් අරන් ඒක පරීක්ෂා කරන ගමන් ඇහුවා.

අහ්.. මට අමතක වුනා. අපි හම්බවුනාට අපිට නිලවශයෙන් අදුරගන්න බැරිවුණානේ.... මම namjoon. මට RM කියලත් කියනවා.

Namjoon suho දිහාවට හෙමින් හැරෙන ගමන් සන්සුන්ව තමන්ව හදුන්වලා දුන්නා.

මම කෙලින්ම කතාවට බහින්නම්.

ඔහු තමන්ගෙ අතේ තිබුණු දිලිසෙන ආයුධය ඇගිලි අතර කරකවන ගමන් ඉදිරියට අඩිය තිබ්බා.

තමුන් දැනටම දන්නවා මගේ hyungව තමුන්ගෙ boos kidnapped කරපු බව. මට දැනගන්න ඕනේ....

මම දන්නෙ නෑ.. ඔය සිද්දිය සිද්දවෙද්දීත් ම.....

අ...අ... මම තාම කතා කරනවා....මම කතා කරන්න අවසර දුන්නම තමුන්ට කතා කරන්න පුළුවන්. දැන් කතා කරන්නේ මම.

Ok... මට දැනගන්න ඕනේ බොහොම සුළු දෙයයි.... කොහෙද උබේ boosගේ headquarters තියෙන්නේ..

********************************************************************

Taehyung-ah මට පැය 24ක් ඇතුලත් මේ තැන් ටික ගැන සම්පූර්ණ විස්තරයක් ඕනේ.

Yoongi තමන් අතට බර file එකක් දෙද්දි jimin එක්ක බැල්මක් හුවමාරු කරගත්ත taehyung පුදුමයෙන් ඇස් ලොකු කරගත්තා.

මෙච්චර ඉක්මනට...?

Namjoon ගැන ඔයාලා තාම හරියට දන්නෙ නෑ.

Yoongi කට කොනකින් හිනාවෙන ගමන් ලග තිබුණු gun එකක් අතට ගත්තා.

එයාට RM කියන්නෙ හේතුවක් ඇතුව. ඔයාලගේ වැඩ ඉවරද...?

නෑ hyung තව ටිකක් තියෙනවා. ඇයි hyungට තව මොනව හරි ඕනෙද..?

නෑ... නෑ...අහ් එක දෙයක් .. Maxට කියන්න කොල්ලො දෙන්නෙක්ව dungeon එක සුද්ද කරන්න යවන්න කියලා.

Hyung suho ගාවට gard කෙනෙක් යවන්න ඕනද...?

නෑ ඒ ගැන කරදර වෙන්න එපා... dungeon එක සුද්ද කරලා ඉවර වෙනකන් ඔය දෙන්නා ඒ පැත්තට නොයා ඉන්නවන්ම් තමයි හොඳ.

Gun එක ආයෙත් තිබුණු තැනින්ම තියපු Yoongi, taehyungගෙ පිටට තට්ටුවක් දාගේන එතනින් පිටවුණා.

ඔයාටත් හිතෙන්නෙ මට හිතෙන දේමද..?

Jimin තේරුම් ගත්ත බැල්මකින් taehyung දිහා බලද්දී taehyung ඇහුවා.

යමු....

********************************************************************
Jhope p.o.v

අපේ ආරාධනාව පිළිගෙන අපිත් එක්ක එකතුවුන හැම කල්ලියකටම අපි බොහොම ස්තූතිවන්ත වෙනවා. මම දන්නවා කාලය කියන්නේ අපි හැමෝටම බොහොම වැදගත් දෙයක් බව.ඒ නිසා වැඩි වෙලාවක් නාස්ති නොකර අපි වැඩේට බහිමු.

තමන් ඉස්සරහ ඉදන් ඉන්න ප්‍රසිද්ධ underworld gang වල leadersලා 15දෙනාගෙ අවදානය තමන් දිහාවට ඇදගන්න ගමන් SUGA කතා කලා.

අපි underworld එකෙ හැම කල්ලියක්ම මේ වෙනකන් සාමයෙන් අපේ සීමාවල අපේ වැඩ කරගත්තා. මීට අවුරුදු 05කට කලින් එකගවුන විදිහට අනිත් gangවල ප්‍රශ්න වලට අපි අත දාන්න ගියේ නෑ. නමුත් අපිට දැන් ලොකු ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. එක කල්ලියක් අපේ එක වැදගත් නීතියක් කඩලා තියෙනවා. මෙතන ඉන්න හැමෝම දන්නවා අපේ gang එකේ කලින් හිටපු leader sungookට දරුවෝ හත් දෙනෙක් හිටපු බව. මේ හත් දෙනාගෙන් වැඩිමලා මේ වෙද්දී ඉන්නේ jackson wang යටතේ හිරකාරයෙක් විදිහට. දවස් 5කට කලින් මේ හත් දෙන්නගෙන් බාලම පිරිමි ළමයව පැහැරගෙන යද්දී මමයි seokjin නැත්නම් මගේ hyungටයි වාසනාවකට උන්ව අල්ලගන්න පුළුවන් වුනා. නමුත් එතනදී බාලයව බේරගන්න ඕන නිසා මගේ hyung එයාලට බාරවුනා.

එතකොට ඔයාලට අපේ උදවු ඕනේ කරන්නේ seokjinව බේරගන්නද...?

Hwayong, SUGAට බාදා කරමින් අහද්දී suga එයාගෙ එක ඇහිබැමක් උස්සලා hwayong දිහාවට හැරුනා.

නෑ...

මුල් පුටුවෙ හිටපු RM පළවෙනි වතාවට කටහඩ අවදි කලා.

මම wangගෙ කල්ලියට පහර දෙන්න තීරණය කලා.... තවදුරටත් wangට මෙහෙම හිතුමතේ වැඩකරන්න දෙන්න මට කිසිම උවමනාවක් නෑ.

කොහොම වුනත් wangගෙ කල්ලිය සහ මුලින්ම අතුගාල දාන වැඩේට මට ඔයාලවත් සහභාගි කටවගන්න උවමනාවුනා.

අපේ නීති කඩන අයට වෙනදේ අපි හැමෝම බොහොම පැහැදිලිව දැනන් ඉදීම වැදගත්. ඒ නිසා මම හිතුවා ඔයාලම ඒක ඇහින් දැකලා විදලා මේ දේවල් වලට සහභාගි වෙන එක හොදයි කියලා. ඒක අපේ ඉදිරි වැඩ වලටත් පහසුයි.

RM එයාගෙ full mask එකෙන් වැහුනු මූණ අපි දිහාවට හැරෙව්වා.

කාටහරි මේකට විරුද්ධව මොනවා හරි කියන්න තියෙනවන්ම් , නැත්තන් මේකට විරුද්ධ නම් දැන් නැගිටලා යන්න පුළුවන්.

Suga ගොරෝසු හඩකින් කියද්දී leadersල 15 දෙනාත් ඔවුන්ගෙ දෙවනියො අතරත් මුණුමුණුවක් පැතිරුණා.

අපි මේකට විරුද්ධ වුනොත්...?

ඔයාලට මේ වැඩෙන් අයින් වෙන්න පුළුවන්...

Sugaගෙ සරල උත්තරයත් එක්ක leadersලා අතර තිබුණු මුණුමුණුවෙ හඩ තවත් වැඩිවුනා.

වීනාඩී ගානක දීර්ඝ නිහැඩියාවකට පස්සේ kangin අපහසුවෙන් වගේ එයාගෙ කටහඩ අවදි කලා.

mi-an-ham-ni-da (සමාවෙන්න) RM. මේ වැඩේට මට එකග වෙන්න බෑ. Jackson wang කියන්නේ මගේ දීර්ඝකාලීන සගයන්ගේන් කෙනෙක්.

බොහොම ආචාරශීලීව ඒත් බයෙන්වගේ කියද්දී RM එයාගෙ පැත්තට හැරුනා.

බොහොම හොදයි. SUGA ට බොහොම කාරුණිකව එලියට යන විදිහ පෙන්නන්න..

RM ගෙ විදානය ලැබුණු ගමන් විනාඩියක්වත් නාස්ති නොකර එයාගෙ රිදී පාට gun එක ඉනෙන් මුදවගත්ත suga එක පිටඑක වෙඩි 2කින් ඔහුව නිහඩ කලා.

තව කවුරුහරී ඉන්නවද...?

අනිත් gang leadersලා හෙල්ලෙන්න්වත් බයෙන් ගල් ගැහෙද්දී RM බොහොම සන්සුන්ව ඇහුවා.

තද නිහැඩියාවක් මුළු කාමරය පුරාම පැතිරෙද්දී පුටුවෙන් නැගිටපු RM මේසයට අත් දෙක තියලා ඉස්සරහට බර වුනා.

Suga ඔයාලට අවශ්‍ය හැම තොරතුරක්ම තවපැයක් ඇතුලත් ලැබෙන්න සලස්වයි. ඕනම වෙලාවක එලියට බහින්න ලෑස්ති වෙලා ඉන්න.

ඔයාලට අවශ්‍ය හැමදේම මම ලෑස්ති කරලයි තියෙන්නෙ. මොනව හරි ප්‍රශ්නයක් තියෙනවන්ම් sugaට හරි jhopeට හරි දැනුම් දෙන්න.

මෙච්චර වෙලාවක් බොහොම සැහැල්ලුවෙන් කතා කරපු RMගේ කටහඩ බයානක විදිහට වෙනස් වෙන්න පටන් ගනිද්දී room එකෙ හිටපු හැම කෙනෙක්ම RMගේ බැල්මෙන් බේරෙන්න බිම බලාගත්තා.

හැබැයි කවුරුහරී කෙනෙක් මේ තොරතුරු පිටට නැත්නම් jacksonට දැනගන්න සැලැස්සුවොත් kanginට වෙච්චදේට වඩා දරුණු ඉරණමකට මූණ දෙන්න වෙයි. ඒ වගේම ඒ කෙනාට ඒ ඉරණම මගේ අතින්ම අත් කරලා දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. ඒකත් හැම කෙනෙක්ම මතක තියා ගන්න..

Room එකෙ හිටපු හැම කෙනෙක්ම ගල් ගැහිලා බලන් ඉදිද්දී sugaට හිසෙන් සංඥාවක් කරපු RM meeting room එකෙන් පිට වුනා.

මේක කල් දන්න බෑ අපි හෙටම action එකක් ගන්න ඕනෙ.

Namjoon එයගෙ office room එකට ඇතුල් වෙලා එයාගෙ පිටිපස්සෙන් room එකට ඇතුල්වුනු මගේ දිහාවට හැරිලා එයාගෙ mask එක ගලවන ගමන් කියද්දී මම පරිස්සමට room එකෙ දොර වැහුවා.

Namjoon ....??

මෙතන ඉන්න එකෙක්වත් මට විස්වාස නෑ. අපි ඉක්මනටම එලියට බහින්න ඕනේ. අපි පරක්කු වෙන හැම දවසකම උන් hyungට තවතවත් වද දෙනවා.

Namjoon-ah අපේ weapon ටික එන්නෙ හෙට රෑට. ඒ ටික ලැබෙනකන් අපිට කිසිම විදිහකින් wangට ගහන්න බෑ. උන්ගෙ gard එක මේ දවස් වල හොදටම වැඩීයී. Weapon ටික තිබ්බනම් හෙට වුනත් අපිට යන්න පුළුවන්.

හ්ම්...... weapon ටික ලැබුණු ගමන් අපි එලියට බහිමු. Namjoon එයාගෙ මේසෙ උඩ තිබුණු සලකුණු කරපු සිතියමක් දිහාවට නැවෙන ගමන් කියුවා.

Jacksonගෙ හැම drag spot එකකටම හැම factory එකකටම අපි එකම වෙලවෙ attack කරන්න ඕනේ.කොහොමත් ඌ එදාට තමන්ගෙ වටේට තමයි ලොකුම gard එකක් දා ගන්නේ. ඒ නිසා අපිට පහසුයි.

Namjoon- ah අපි ඕක ගැන දැන් සිය සැරයක් විතර කතා කලානේ...

Namjoon ගාවට ගියපු මම එයාගෙ උරහිසට අත තිබ්බා.

බය වෙන්න එපා. මේ පාර කිසිම දෙයක් වරදිනෙ නෑ. අපි ඉක්මනටම hyungවත් බේරගෙන ඒත් එක්කම උගෙ කරදරෙත් ඉවර කරගමු.....

මම අද wangට reply කරනවා අපි deal එකට කැමතී කියලා. එයාගෙ ඊළඟ reply එකට අනුව අපි වැඩේට බහිමු.

එයාගෙ උරහිස උඩ තිබුණු මගේ අත උඩිම් එයාගෙ අත තියපු namjoon දිග හුස්මක් පහලට දාන ගමන් එයාගෙ පුටුවෙන් වාඩි වුනා.

Hyung අපි ඉක්මනටම එනවා.

Namjoon එයාගෙ screen එකේ තිබුණු jin hyung ගේ ලේ වලින් වැහුනු මූණ දිහා බලාගෙන ස්තීර හඩකින් පොරොන්දු වුනා.

********************************************************************
Namjoon jinව බේර ගනීද...?
එයාගෙ plan එක වැඩ කරයිද.....?
අපි ඊළඟ කොටසෙන් හමුවෙමූ .

********************************************************************

පරක්කු වුනාට sorryyyyy. ඊළඟ කොටස මම පුළුවන් තරම් ඉක්මනට දෙන්නම්. Army salanghae 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

Continue Reading

You'll Also Like

1.7M 105K 49
" ရေစက်မပြတ်လို့ တစ်ပတ်ပြန်လည်လာတဲ့ သံသရာဟာ သံသယနဲ့ အစပြုရတာမျိုးတော့ ဘယ်တော့မှမဖြစ်စေချင်ပါ ။ ချစ်ခြင်းအားဖြင့် တစ်ခါလောက်တော့ ငြိမ်းချမ်းချင်မိပါ...
3.9M 180K 42
Kim Hana replaces her sister as Park Jimin's bride when she runs off with another man cover by: chimchimicorn HIGHEST RANKINGS #1 fanfiction #1 btsji...
53K 5.1K 28
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
1.9M 71.4K 31
Modest & ordinary Y/n was arranged to marry Kim Taehyung, the son of one of the richest men in South Korea. Would cold Taehyung warm up to Y/n? Would...