NO MORE DREAMS

Jeon_min_ema

20.6K 2.5K 638

Hobby ඔයාට හොදටම විස්වාසද මේක ඔයාම කරන්න ඕන කියලා? මම ඇහුවේ hoseokගෙ අතින් අල්ලගෙන නවත්තන්න ගමන්. Hyung මට gu... Еще

chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 10
Chapter 11
Last Chapter

Chapter 09

1.2K 188 38
Jeon_min_ema

Chapter 09

Jin p.o.v

Seokjinah….  හැමදේම ලෑස්තිද….?

ඔව් sir

එහෙන්ම් Namjoonට කියන්න මම ගියාට පස්සෙ කොල්ලො ටිකත් අරන් එතනට එන්න කියලා. මගෙන් සංඥාව ලැබෙනකන් ඇතුලට එන්න එපා. අපි මේක පුළුවන් තරම් හොදින් බේරගන්න බලමු. 

Sangook මගේ hal-abeoji (සීයා) එයාගෙ gun එක ඉනේ හංගගන්න ගමන් කියුවා.

hal-abeojiට විස්වාසද මන් එන්න ඕන නෑ කියලා. 

මම දෙගිඩියාවෙන් අහද්දී hal-abeoji මගේ උරහිසට අත තිබ්බා.

Jinahh…. කලබල නොවී අවදානෙන් ඉන්න. මට තාම පුළුවන් මගේ ගැන බලා ගන්න..

ඒත් ….

අද මේ mission එකේදී මොනව හරි නොවිය යුතු දෙයක් සිදවුනොත් මගේ කොල්ලෝ ටික ඔයාට බාරයි. මම ඔයාව විස්වාස කරනවා. 

ඒත් hal-abeoji…

මට මොනවම හරි දෙයක් සිද්දවුනොත් පොඩි කට්ටියත් අරන් හැංගෙන්න. නිදහසේ බය නැතුව එලියට බහින්න පුළුවන් වෙනකන් එලියට එන්න එපා. මම උගන්නපු දේවල් මතක තියා ගන්න jin.

ඒ වගේම මගෙ namjoonව හොදට පුරුදු කරන්න. එයාගේ ලගින්ම ඉන්න. එයා පණ්ඩිතයා වගේ මගෙ පස්සෙන් ආවට තාම පොඩිඑකා.

මගේ උරහිස මිරිකන ගමන් hal-abeoji හිනාවුනා.

Jinaa.. මට පොරොන්දු වෙන්න … මගේ කොලො ටික ඔයාගෙ පන වගේ රකිනව කියලා…..

-

-

-


hal-abeoji ……

මම රකින්නම්.. මගේ පණ දීලා හරි … මගේ පණටත් වඩා රකින්නම්..

********************************************************************

Jakson p.o.v

ඔහුගේ පපුව හරහා පිහිතලය ඇදෙද්දී ඔහු වේදනාවෙන් නැගූ හඩ මුළු කාමරය පුරාම දෝංකාර දුන්නා. මම ආයෙත් ඔහුගෙන් එකම ප්‍රශ්නය අහන්න පටන් ගත්තා.

කොහෙද RM ඉන්නේ..…..?

මම අහද්දී ඔහු කලේ වේදනාවෙන් කෑගහපු එක විතරයි. ඔහුගේ කඩවසම් මූණ වේදනාවෙන් ඇඹරෙද්දී tao තවත් ගැඹුර කැපුමක් ඔහුගේ පපුව හරහා ඇති කලා.

අපි මූට කෑම දෙන එක දවස් දෙකකට කලින් නැවැත්තුවා. සිහි නැතිවෙනකන් දිහින් දිගටම පහර දුන්නා. දෙන්න තියන හැම විදිහකටම වද දුන්නා. ඒත් කිසි දෙයක් කියන්න ඔහුව පොලඹවා ගන්න අපිට බැරිවුණා. 

ඒ වෙද්දී  මම මගේ සීමාවේ අන්තිම අඩියට ඇවිල්ලයි හිටියේ… 

මම දන්නෙ නෑ.. 

tao එයාගේ අතේ තිබුණු පිහිය seokjinගේ එක අතක මස්ගොබයක් ඇතුලට හිමින් බස්සද්දි seokjin කෑගැහුවා.

ඇති…. මම කෑගැහුවා .. දැන් මේ සෙල්ලම හොදටම ඇති.. මම මගේ gun එක අරගෙන කෙලින්ම  seokjinගේ හිසට ඉලක්ක කලා.

මේ උඹේ අන්තිම අවස්ථාව jin…ඇත්ත කියනවා.. මම තුනට ගණන් කරනවා.

මම gun එකේ ආරක්ෂක අගුල ඉවත් කලා.

1…..2….

Seokjin එයාගේ ලෙයින් නෑවුණ මූණ යන්තන් උස්සලා කෙලින්ම මගේ ඇස් දිහා බැලුවා.

මම දන්නෙ නෑ….

සතියක් .. සතියක් තිස්සේ මේ තරම් වද දීලත් මේ මිනිහගෙ මුරණ්ඩුකම…

Gun එකේ මිටෙන් seokjinගේ ඔළුවට තද පහරක් දෙන ගමන් මම කෑගැහුවා.

අරන් පලයල්ලා මේකව…

මගේ පහරෙන් ආයෙත් සිහිමූර්ඡා වුණු seokjinව පෙන්නන ගමන් මම කාමරෙන් එලියට ආවා.

********************************************************************

Namjoon p.o.v

Jackson jin hyungව රළු විදිහට වාහනෙන් එලියට ඇදලා ගනිද්දි මට මගේ ඇස් අදහා ගන්න බැරිවුණා. අමාරුවෙන් එලියට ඇදුනු hyung කකුල් පැටලිලා බිම වැටෙද්දී jackson අඩුම තරමේ ඔහුව අල්ලන්නවත් උත්සහ කලේ නෑ. 

Hyung ….

Jin hyung හිටපු තත්වේ දැක්ක ඇගේ ලේ රත් වෙන්න පටන් ගත්තා.

ඉරිලා වැරහැලිවෙලා ගියපු ඇදුම් ලේ වලින් පෙගිලා තිබුනා. මගේ hyungගේ මුළු ඇගම කැපුම් තුවාල වලින් වැහිලා. මූණ ඉදිමිලා අදුරගන්නවත් බැරි තරමට නිල් වෙලා.. මගේ hyung … කෙහොමද ඔයා දරාගෙන ඉන්නේ.. 

මගේ ඇග වේදනාවෙන් ගැහෙන්න පටන් ගනිද්දි jackson අත් දෙකත් දිග ඇරගෙන මගේ ඉස්සරහට ආවා.

RM RM RM  එහෙනම් අන්තිමේදී අපි හම්බවුනා. 

Jackson කියද්දී මට ඕනෙ වුනේ ඉස්සරහට පැනලා මගේ අත් දෙකෙන්ම උගේ බෙල්ල මිරිකලා මරලා දාන්නයි.

Jin hyung තාම ඌ ගාව namjoon...relax….. වැරදී දේවල් කරන්න එපා… jin hyung තාම ඌ ගාව.. උගේ ඉස්සරහට නොපැන ඉන්න මම මගේ හිතත් එක්ක සටන් කරන්න පටන් ගත්තා.

මොකෝ මූණ වහගෙන… ගියපාරත් ඔය මූණ මට නොපෙන්නනේ ගියේ….

Jackson කියද්දී මම ඔහුව නොතකා හැරියා.

තමුන් ඉල්ලපු හැමදේම මෙතන තියෙනවා.. මගේ හැම business එකකම හැම දේකම තොරතුරු මෙතන තියෙනවා. මම මගේ අතේ තිබුනු briefcase එක පෙන්නුවා.

දැන් මට jinව දෙන්න.

කට කොනකින් හිනා වෙන ගමන් jackson ඔළුව දෙපැත්තට වැනුවා.

එච්චර ඉක්මනට….??  RM RM RM මුලින් හොඳ හුස්මක් ගන්න… මම මේ පටන් ගත්තා විතරයි.. 

මම තමුන් ඉල්ලපු දේවල් ගෙනාවා. තවත් මොනවද ඕනේ.. මට jinව දෙන්න.. මම මෙතන ප්‍රශ්න ඇති නොකර යන්නම්. 

මම කියද්දී jackson සමච්චලේට හිනාවෙන්න පටන් ගත්තා.

නෑ නෑ යාළුවා …. තමුසෙ ඊට කලින් මගේ ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න ඕනේ …ඊට පස්සෙ අපි අනිත් දේවල් ගැන කතා කරමූ.

තරහින් නලියන මගෙ ඇග පාලනය කරගන්න උත්සහ කරන ගමන් මම හොඳ හුස්මක් ඉහලට ඇද ගත්තා.

අපේ deal එකේ එහෙම දෙයක් තිබ්බෙ නෑ.. 

මම කියද්දී jakson එයාගෙ හිනව නතර කර ගත්තා.

ඔහ් නෑ නේන්නම්…. දැන් මොකද කරන්නේ.. ඒත් වැඩේ කියන්නේ මට තියෙන කුතුහලේ නිසා මට ඒ ප්‍රශ්න වල උත්තර හොයා ගන්නම වෙනවා…. 

ඔහු එක් ඇගිල්ලකින් තම නිකටට තට්ටු කරමින් හිතන්න පටන් ගත්තා.

හම්ම්ම්ම්ම්ම් …… කරන්න තියෙන්නෙ එක දෙයයි… අපි deal එක අළුත් කරමු…

නිකටෙන් අත් ඉවත් කල ඔහු සතුටින් තම අත් එකට අතුල්ලන්න පටන් ගත්තා 

මෙන්න මේක තමයි දැන් සිද්දවෙන්නේ තමුසෙට පණ පිටින් මෙතනින් යන්න ඕනෙන්ම් මට ඕන විදිහට වැඩ කරපන්. එතකොට අපිට මේක සාමදානෙන් විසදගෙන උඹව පණපිටින් ඉතුරු කරන එක ගැනත් හිතන්න පුළුවන්.

මේක අපේ deal එක නෙවෙයි .. තමුසෙට ඕන දේ අරන් අපිට යන්න දෙනවා.. 

මම දත් අතරින් කියද්දී jackson හිනාවෙන්න පටන් ගත්තා..

තමුසෙ ඉන්නෙ මට නීති දාන්න පුළුවන් තත්වෙක නෙවෙයි RM … මේ මුළු building එකම වට කරලා ඉන්නෙ මගෙ උන්. මගේ කොල්ලො … තමුන් මෙතන තනියෙම හිටන් මට මොනව කරන්නද…?? 

ඒ නිසා මේවා deal එකේ තිබ්බත් නැතත් තමුන්ට වෙන විකල්පයක් නෑ. එහෙම නේද jinah..? 

ඔහු jin hyungගේ හිසකෙස් වලින් අල්ලලා අදින ගමන් ඇහුවා..

අත අරිනවා එයාව..

මම කෑ ගහද්දී jackson හිනාවෙන්න පටන් ගත්තා. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ..

උඹ ඇත්තටම කවුද ?

දෙක….

 ඔහු දෙවනි ඇගිල්ල jin hyungගේ පැත්තට දික් කලා.

තමුසෙට මූත් එක්ක තියෙන සම්බන්දේ මොකක්ද …?

Jin hyungගේ කොන්ඩේ අතාරින ගමන් ඔහු ඇහුවා 

මම උත්තර දුන්නොත් තමුසෙ jinට යන්න දෙනවද…?

ඒක තීරණය වෙන්නෙ තමුන් දෙන උත්තරය මත… 

jin hyung ගාවින් නැගිට්ට Jackson එයාගේ කොල්ලො තුන්දෙනෙක්ට සංඥා කලා.

වහාම මගේ ගාවට ආපු jacksonගේ ගෝලයෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මගේ අතින් briefcase එක අරන් ආපහු යද්දී  අනිත් මිනිස්සු දෙන්නා මගේ හිසට තුවක්කුව තියලා මට දන ගහගන්න අණ කලා.

මම ගෙනාපු හැම ලියකියවිල්ලක්ම පරීක්ෂා කලාට පස්සේ jackson සතුටින් මගේ පැත්තට හැරුණා.

අපිට දැන් යන්න පුළුවන්ද….?

මම අහද්දී jackson හිමින් මගේ පැත්තට ඇවිදන් ආවා.

ගලවනවා ඔය mask එක.. 

ඔහු අණ කලා. 

මම හිමින් මගේ මූණට අත යවලා හිමීට මගේ face mask එක ගැලවද්දී මගේ මූණ දැකපු jackson පුදුමයෙන් පස්සට විසිවුනා.

N.. Namjoon …. 

Jackson පුදුමයෙන් ගොතගහද්දී මම යන්තන් හිනාවුනා.

හහ් ..හහ්...හා…… jackson හිනාවෙන් පුපුරන ගමන් අත්පුඩි ගහන්න පටන් ගත්තා….

උඹ….. උඹ තමයි මට මෙච්චර කාලෙකට හම්බවුන දක්ෂම මිනිහා..RM … උඹ මාව ඇත්තටම පුදුම කලා….

ඔහු දිගටම හිනා වෙන්න පටන් ගත්තා.

එහෙන්ම් එහෙන්ම් මේක පවුලේ ව්‍යාපාරයක්… නියමයි නියමයි….. මගේ මූණ ඉස්සරහ උඹ ඉදලත් මට උඹව අදුරගන්න බැරිවුණා. දක්ශයි… හරිම දක්ශයි…

දැන් තමුසෙ මොනවද කරන්න හදන්නෙ අපිත් එක්ක. මතක තියාගන්නවා මාව මැරුවත් එලියෙ මගේ තැන ගන්න තව කට්ටිය ඉන්නවා කියන එක… 

මම දත්මිටි කමින් කියද්දී jackson එයාගෙ හිනාව බොහොම අමාරුවෙන් නවත්තගත්තා…

ඕඕඕඕ…… මට ඒක අමතක වුනානේ… sungook කුණුගොඩෙන් අහුලගත්ත පොඩිවුන් ටිකක් එලියෙ ඉන්නවා නේ.. දැන් මොකද කරන්නේ….. අපි කොහොමද ඉස්සරහට ඒ පොඩිවුන්ගෙන් එන කරදර වලින් බේරෙන්නේ……. ඔහු කල්පනා කරන බව අගවන්න පටන් ගත්තා….

අහ්හ්… හරිනේ මම ඔය ගැන කලින් හිතුවා… මම මෙතනට එන්න කලින්ම මගේ කොල්ලො ටික අපේ seokjinගෙ ගෙදරට යැව්වා… බය වෙන්න එපා. දැනටත් ඒ කට්ටිය ඔයාලගේ hal-abeoji sungook ගාව ඇති…

Jackson ආයෙත් හිනා වෙන්න පටන් ගත්තා .

Jacksonගේ වචන ඇහිච්ච ගමන් මෙච්චර වෙලාවක් පණ නැතුව පැත්තකට වැටිලා හිටපු jin hyung අකුණක් වැදුණා වගේ කෙලින් වෙලා එයාව බැදලා තිබුණු බැමි වලින් නිදහස් වෙන්න උත්සහ කරන්න පටන් ගත්තා..

මම උඹව මරණවා…. මගේ එක කොල්ලෙක්ගෙ කෙස්ගහකට අත තියලා තිබුනොත් මන් උඹව මරලා දානවා… 

jin hyung එයාගේ බැමි පිටින්ම තරහින් ගුගුරන ගමන් හිතා ගන්නවත් බැරි ශක්තියකින් නැගිටලා jacksonගේ ඇගට පැන්නා … 

තප්පරයක් විතර පුදුම වෙලා බලන් හිටපු jacksonගෙ මිනිස්සු ඉක්මනට jin hyungව jacksonගෙ ඇග උඩින් අහකට ඇදලා අරන් බිම දාගෙන එයාගෙ පිටට දනහිස් තියලා බිමට තද කර ගත්තා.

උඹ හිටපු තැනෙන් අගලක් හෙල්ලුනොත් මම මුගේ ඔළුව කුඩු වෙන්න තියනවා.. ඒ අතරේ දණගහන් හිටපු තැනින් නැගිටපු මම jin hyung ගාවට දුවගෙන යන්න හදද්දී jin hyungගේ ඔළුවට gun එක තද කරපු jacksonගෙ දෙවනියා කෑ ගැහුවා…

එපා… හරී මම මොකුත් කරන්නෙ නෑ එයාට ඉන්න දෙනවා… 

මම අත් උස්සන් එතනම දනගැහුවා.

හහ් උඹ මගේ ඇගට අත තියන්න…. මෙච්ච්ර දෙයක් කරලත් උඹ තාම ඉගෙනගත්තෙ නෑ නේ.. 

වැටුණු තැනින් නැගිටපු jackson එයාගෙ මිනිස්සු අමාරුවෙන් අල්ලන් හිටපු  jin hyungගේ බෙල්ලෙන් රළු විදිහට අල්ලලා එයාව කෙලින් කලා.

තමුසෙට…….. 

කකුල වක් කරලා දනහිසෙන්  jin hyung බඩට ගහපු jackson jin hyung බිමට වැටෙද්දී ආයෙමත් එයාගෙ කොන්ඩෙන් ඇදලා එයාව කෙලින් කලා.

Jacksonගේ මිනිස්සු උගේ ඇගට පනින්න දගලන මාව අල්ලන් බිමට තද කර ගනිද්දී යන්තන් ඔළුව උස්සලා මගේ දිහා බලපු jin hyungගෙ ඇස් වලින් කදුළු බේරේන්න පටන් ගත්තා..

බය වෙන්න එපා hyung එයලා හොදින්… 

මාව අල්ලන් හිටපු මිනිස්සුන්ගෙන් බේරෙන්න දගලන ගමන් මම එයාට පේන්න මිමිනුවා.

දෙන්නම ලෑස්ති වෙයන් එකට පරලොව යන්න… 

jackson එයාගේ දෙවනියා දිහාට අත දික් කරන ගමන් තරහින් දත්මිටි කෑවා.. tao jacksonගෙ අතට එයාගෙ gun එක දෙන්න හදද්දීම කොහෙ හරිතැනක phone එකක් ring වෙන්න පටන් ගත්තා…

ඕඕඔ…. උඹල එහෙදි තනිවෙන එකක් නෑ.. දැනටම උඹලගෙ මල්ලිලා ටික එහෙ ගිහින් ඇත්තේ මේ එන්නේ මම මෙච්චර වෙලාවක් බලන් ඉදපු call එක…

ඔහු gun එක වෙනුවට phone එක අතට අරන් හිනාවෙමින් එක කනට තියාගත්තා.

ඊළඟ විනාඩිගාන නිශ්ශබ්දව ගත වෙද්දී jacksonගේ මූණෙ හිනාව ටික ටික ගිලිහුනා..

හහ්...හහ්...හා….. jackson හිනා වෙද්දි මම ඔහු දිහා අවිස්වාසෙන් බැලුවා. 

මගේ plana වරදිලද…?

මගේ ඇග සීතල වෙන්න පටන් ගනිද්දි  jackson එයාගේ හිනාව අතරෙම කතා කලා.

දක්ශයි …… හරිම දක්ශයි… උඹ එන්න කලින්ම කොල්ලො ටික හැංගුවා නේ….. කමක් නෑ අපි උන් ගැන පස්සේ බලා ගන්නම්… දැන්….

තවත් දුරකථන ඇමතුමක් ඔහුගේ කතාවට බාදා කලා.

මම මෙතන වැදගත් වැඩක් මිනිහෝ…. 

Call එක answer කරපු ඔහු කෑගැහුවා.

මොකක්..? 

Jacksonගේ මූණ එයාට ඇහෙන දේ අනූව වෙනස් වෙද්දී කට කොනකින් හිනාවෙන ගමන් මම jin hyung දිහා බැලුවා.

Jin hyung ඇස් ලොකු කරන් මගේ දිහා බලද්දී jackson පුපුරන්න පටන් ගත්තා..

මොකක්… මගේ factoryය…..නෑ….එතකොට ඉතුරු …….නෑ…..නෑ…… ඔහු දිගටම කෑ ගහද්දී මම යන්තම් මගේ අත් මාව අල්ලන් හිටපු මිනිස්සුන්ගෙන් නිදහස් කරගෙන උන්ට පෙන්නෙ නැති වෙන්න මගේ මැණික්කටුවේ බැදලා තිබුණු watch එකේ button එකක් එබුවා.

තමුසෙ ….. තමුසෙ මොකක්ද කලේ…. Phone එක පොලොවෙ ගහපු jackson මගේ කොලර් එකෙන් අල්ලලා මාව හොල්ලද්දී මම කලේ කටකොනකින් හිනාවෙන එක විතරයි.

වෙඩි තියපන් මුන් දෙන්නට මෙතනම වෙඩිතියලා මරලා දාපන්…

jackson යටි උගුරෙන් කෑ ගහද්දී උගේ මිනිස්සු මගෙයි jin hyungගෙයි ඔළුවට ඉලක්කය ඇල්ලුවා.

********************************************************************

Namjoon, jin jacksonගෙන් බේරෙයිද…?

ඊළඟ කොටසෙන් හමුවෙමූ !!!

********************************************************************

සමාවෙන්න මම jinට වද දුන්න එකට 😞 අපි jinව හොදින් බේරගන්න බලමු.🙏 මට අහන්න දෙයක් තියෙනවා අපි jacksonට මොකක්ද කරන්නේ…? Option දෙකක් තියෙන්වා

01-  මරණ එක

02 - බේරලා අරින එක

ඔයාලම කියන්නකෝ..😌

කතාව ගැන ඔයාලට හිතෙන දේත් මට කියන්න හොදේ..

Продолжить чтение

Вам также понравится

65K 4.9K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
154K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
420 124 16
ඩිස්නි ලෑන්ඩ් එකට අමතක උනනේ 😗👉👈මං තමා දැං ඩිරෙක්ටර්........ කුමාරවරු හත්දෙනෙක්ට කුමාරිකාවෝ හොයනවා දැංම අයදුම් කරන්න 🌝ඉඩකඩ සීමීතයි 🙂 2022.8.12 20...
41.6K 6K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...