NO MORE DREAMS

De Jeon_min_ema

20.6K 2.5K 638

Hobby ඔයාට හොදටම විස්වාසද මේක ඔයාම කරන්න ඕන කියලා? මම ඇහුවේ hoseokගෙ අතින් අල්ලගෙන නවත්තන්න ගමන්. Hyung මට gu... Mais

chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 09
Chapter 10
Chapter 11
Last Chapter

Chapter 08

1.2K 195 36
De Jeon_min_ema

Chapter 08

Jin pov

මගේ කම්මුල හරහා වැදුනු තද අතුල් පාරත් ඒත් එක්කම වැදුනු තද වතුර පාර මාව පියවි සිහියට අරගෙන ආවා. 

ඇග පුරාම තිබුනු කැපුම් තුවාල වලත් තැළුම් තුවාල වලත් වේදනාව දැඩි වෙද්දී මම කල්පනා කලේ මම කොයි තරම් වෙලාවක් මේ වදකාගාරේ ඇතුලේ ගත කලාද කියලයි.

ආයෙත් මගේ කම්මුල හරහා අතුල්පාරක්වදිද්දී මම යන්තන් ඔළුව ඉස්සුවා. මගේ ඉස්සරහින් පුටුවක සැපට වාඩිවෙලා හිටපු jakson එතනින් නැගිටලා ඇවිත් රළු විදිහට මගේ නිකටෙන් අල්ලලා එයාගෙ පැත්තට මගේ මූණ හරවගත්තා. 

දැන්වත් කට ඇරපන්. කියපන් කවුද RM…?

මම දන්නේ නෑ. 

මගේ එහා පැත්තෙන් හිටපු මිනිහෙක් මගේ බඩට අතමිට මොලවලා ගහද්දී මාව පිටිපසට විසිවුනා. එත් මාව බැදලා තිබුනු දංවැල් නිසා මාව ආයෙත් බිමදිගේ හිටපු තැනටම ඇදිලා ආවා.

Jin Jin…. උඹ මට ඕන දේ කෙලින්ම කියුවානම් මෙලහකටත් අපි උඹව අතඇරලා. 

එහෙන්ම් අපිත් නිදහස්, උඹත් නිදහස්. 

Jakson කියද්දී මම මට පුළුවන් උපරිමයෙන් සමච්චල් හිනාවක් මූණට නගාගත්තා.

මම දන්නෙ නෑ.  

මම ස්ථීරවම කියද්දී jacksonගේ මූණට බලාපොරොත්තු කඩවුනු, සෑහීමකට පත් නොවුණු පෙනුමක් නැගුනා.

මට මේක දිගටම කරන් යන්න කිසි උවමනාවක් නෑ. මේක තමුන්මටයි තමුන්ට කර ගන්නේ…

Jakson අත් ඔසවලා මගේ දෙපැත්තේ හිටපු මිනිස්සුන්ට සංඥා කරද්දී මම ඇස් පියාගත්තේ ඊළඟට වෙන දේවල් දරා ගන්න මාවම සූදානම් කරමුනුයි.

********************************************************************

Jakson p.o.v

මිනිහා මොනවා හරි කියුවද..?

මම taoගෙන් ඇහුවේ dungeon එකෙන් එලියට ඇවිත් පැයකට පස්සෙයි.

නෑ boss. මිනිහා කටක් හොල්ලන්නෙ නෑ.

Tao කියුවම මම පුදුම වූනේ මිනිහා මෙව්චර තද මනුස්සයෙක් කියලා මම නොහිතපු නිසයි.

මිනිහා පේනවට වඩා තදයෙක් එහෙනම්.

Boss සමහරවිට RM කියන්නෙ මූ වෙන්න බැරිද..? මම කියන්නෙ මූනේ ඒ පවුලේ ලොක්කා. 

නෑ. මිනිහා නෙවෙයි. මම taoට බාදා කලා.

නැත්තන් මිනිහා ඇත්තටම දන්නෙ නැද්ද දන්නෙ නෑ..

මිනිහා හරියටම දන්නවා RM කියන්නෙ කවුද කියලා …

Boss කොහොමද හරියටම කියන්නේ…..?

ඔය මිනිහා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි tao. ඒ කාලේ sang-ookගේ දකුණු අත විදිහට හිටියේ jin. ඌ කල්ලියේ වැඩ වලින් අයින් වුනත් තාම කල්ලියත් එක්ක ළගින් සම්බන්ධකම් තියෙනවා. උඹම මට කියුවානේද ඌ එක්ක SUGA හිටියා කියලා. Suga කියන්නෙ දැනට ඒ කල්ලියේ දෙවනියට බලවත්ම මිනිහා. ඌ දෙවනි වෙන්නෙ RMට විතරයි.

ඒ කියන්නෙ අනිවාර්යයෙන් jin RMව දන්නවා. Tao කියද්දී මම ඔළුව වැනුවා.

ඒත් boss උන්ට පුළුවන්නේ RM වෙනුවට වෙන කෙනෙක් RM වගේ එවන්න. අපි කවුරුත් දන්නෙ නෑ ඇත්තටම RM කියන්නෙ කවුද කියලා. උන්ට අපිව රවට්ටන එක ලේසී.

Tao කියද්දී මම හිනාවුනා.

වෙන කාට බැරිවුණත් මට පුළුවන් ඕන තැනක ඌව අදුරගන්න.

මම මගේ පුටුවෙන් නැගිටටලා ජනේලේ ගාවට යන ගමන් කියුවා.

උගෙ කටහඩ මට ජීවිතේට අමතක වෙන්නෙනැති කටහඩවල් වලින් එකක්.

මම කියුවේ පළවෙනි වගේම අන්තිම වතාවට RMව මගේ මූණට හම්බවුන දවස මතක් කරමිනුයි 

********************************************************************

06 years ago 

ලේ විලක් මැද්දේ වැටිලා හිටපු sangook දිහා බලන් හිටපු මම ආපහු හැරිලා මගේ තාත්තා ගාවට යන්න පටන් ගත්තා.

ඒත් එක්කම මගේ පිටිපස්සෙන් ඇහුන වෙඩි හඩ නිසා මම ක්ෂණිකව පහලට නැවෙද්දී මගේ hyung ඒ වෙඩි පහරෙන් මගේ ඇස් ඉස්සරහම බිමට ඇදන් වැටුණා.

Kyongට වෙඩි වැදුනා……

Chen කෑ ගහද්දී වෙඩි පාරවල් යටින් kyong ගාවට පුළුවන් තරම් වේගෙන් දිව්ව මම අඩසිහියෙන් හිටපු kyongව ඇදලා ගන්න ගමන් වෙඩි නොවදින තැනකට මුවාවුනා.

කවර් වෙලා හිටපු වාහනේ බිදුන side mirror එකෙන් මම මුල් වතාවට ඔහුව දැක්කේ අන්න ඒ වෙලාවෙදියී.

මම මේකට තමුස්සේගෙන් පළිගන්නවා jakson…. මම පළිගන්නවා….. 

ඒ වෙනකොටත් මගේ වෙඩිපාරෙන් මියගිහින් හිටපු sungookගේ මිනියත් දෑතින් දරාගෙන වෙඩි පහරවල් මැද නැගීහිටපු ඔහු දිව්රද්දී ඒ කටහඩේ තිබුණු ස්ථීරත්වයට වගේම උතුරමින් තිබුණු වෛරය දැණුනු මගේ බෙල්ල පිටිපස්සේ නිකන්ම හිරිගඩු පිපුණා.

මේ හැමදේටම මුල වුනේ අපිට ලොකු තර්ජනයක් වෙලා තිබුණු bangtan gang එක විනාස කරලා දාන්න තියෙන හොදම විදිහ bangtan gang එකේ leaderවුනු sangookව මරලා දාන එක කියලා මගේ තාත්තා තීරණය කරපු එකයි. අපි හිතුවේ sangookට පස්සෙ gang එක විසිරිලා යයි කියලා. ඒත් අපි නොහිතපු විදිහට උන් හිටියටත් වඩා බලවත් වෙන්න පටන් ගත්තා.

අළුත් කෙනෙක් sangookගේ තැනගත්ත බව දැනගත්ත ගමන් අපි ක්‍රියාත්මක වුනත් එ කෙනාගෙ නම ඇරෙන්න වෙන කිසිම තොරතුරක් හොයාගන්න අපිට බැරිවුණා.

අපේ සැකේ කෙලින්ම එල්ල වුනේ sangook අරන් හදාගත්ත ළමයි හත්දෙනා ගැනයි. ඒත් ඒ හත් දෙනා හිටපු තැන්වලින් අතුරුදන් වෙද්දී අපි සම්පූර්ණයෙන් අතරමං වුනා. ඒ අතර bangtan gang එක අපේ හැම business එකකටම අතගහන්න පටන්ගත්තා. අපේ clientලා එයාලගේ පැත්තට හරවගත්තා.අපේ gang එකේ උන්ගෙ ඔත්තුකාරයො පිරෙන්න පටන් ගත්තා. අන්තිමේ අපි කඩාවැටෙද්දී මගේ ජීවිතේ ගැන හිතලා මට හැංගෙන්න සිද්දවුනා. 

අවුරුදු දෙකක් යනකන් මම americaවල හැංගිලා හිටියා.

නිකන් නෙවෙයි ඒ ගතකරපු හැම දවසකම bangtan gang එක වට්ටන්න මගේ පළිය ගන්න මම කරන්න ඕන දේවල් ගැන හිමීට plan කලා. අවුරුදු 02කට පස්සේ මම ආයෙත් එද්දී මගේ කල්ලිය එහෙම්පිටින්ම විනාස වෙලා විසිරිලා.

මට සිද්දවුනේ මුල ඉදන් හැමදේම පටන් ගන්න. මුල ඉදන්…..

මම දැන් ඉන්න තත්වෙට එන්න මට තවත් අවුරුදු 03ක් ගියා. RMට මාව අල්ලන්න තියා හිතන්නවත් මට කිට්ටු වෙන්නවත් බැරි වෙන්න මම මගේ බලය වැඩි කරගත්තා. මම මගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුනා. අදටත් උන්ට මම ඉන්න තැන ගැන කිසිම අදහසක් නෑ. ඒ වගේම මම උන් තරමටම බලවත්.

මීට අවුරුදු 04කට කලින් sungookගේ ළමයි හත්දෙනා හැංගුණු තැන්වලින් එලියට ආවා. ඊළඟ අවුරුද්ද වෙද්දී පවුලේ ලොකුම කොල්ලා ඒ කියන්නෙ seokjin jinhit එක පටන් ගත්තා.

උන් එන්න එන්න දියුණු වෙද්දී මම මගේ කොල්ලෝ උන් වටේ දැම්මේ උන් අතරින් එකෙක් bangtan gang එක handle කරනවා කියලා මට තිබ්බ සැකය තහවුරු කර ගන්නයි. 

නමුත් මේ වෙනකන් ඒ එක්කෙක්වත් මට අල්ලගන්න බැරිවුණා. 

මම මගේ හොඳම කොල්ලොන්ව උන් ගැන ඔත්තු හොයන්න උන්ගෙ gang එක ඇතුලට යැව්වා. ඒත් ඒ එකෙක්ටවත් මාසයකට වඩා පනබේරගන්න බැරිවෙද්දී මට වෙන ක්‍රමයක් ගැන හිතන්න සිද්දවුනා. අන්තිමේ එක්කෙනෙක්ට පුළුවන්වුනා උන්ගේ ගේ ඇතුලට රින්ගන්න. මගේ කෙල්ල yoonah. 

පවුලේ එක කොල්ලෙක් කොහොම හරි අල්ලගත්ත yoonah ඇතුලේ ඉදන් මට උවමනා කරන තොරතුරු ටික දෙන්න පටන්ගත්තා. උන්ගෙ ගෙදර, මෙච්චර කාලයක් උන් හැංගිලා හිටපු තැන වගේම එහෙ ආරක්ෂාව ගැන සම්පූර්ණ තොරතුරු හොයාගන්න yoonahට පුළුවන් වුනා. ඒ වගේම උන්ගෙ headquarters තියෙන තැන් පවා ඒ කෙල්ල හොයා ගත්තා. 

අපරාදේ … මගේ ලග හිටිය දක්ෂම කෙල්ලෙක්. එයාට හොයාගන්න බැරිවුණ එකම දේ RM. 

පවුලේ දෙන්නෙක් කෙලින්ම gang එකට සම්බන්ධයි. 

JHOPE , SUGA  Bangtan gang එකෙ ප්‍රධාන බලකණු දෙකක්.

අනිත් පස්දෙනා gang එකට ඒ තරම් සම්බන්ධ නෑ කියලා yoonah ස්ථීර කලා. ඒ කියන්නෙ RM kim පවුලේ කෙනෙක් නෙවෙයි. 

අපි දිගටම kim කොල්ලෙක් අල්ල ගන්න උපරිමයෙන් උත්සහ කලා. අපේ target එක වුනේ namjoon. මොකද අඩුම gard එකක් තිබුනේ namjoonට. ඒත් මගේ දෙවනිය වෙච්ච suhoගෙ එක මෝඩ වැඩක් නිසා මගේ මුළු plan එකම විනාස වුනා. මෝඩවිදිහට කිසි plan එකක් නැතුව kaiව බේරගන්න ගිහින් suho උන්ගේ අතටම අහුවුණා. 

ඒ සිද්දියෙන් පස්සේ namjoonගේ gard එක දෙගුනයකින් වැඩිවුණා විතරක් නෙවෙයි පවුලේ බාලම කොල්ලෝ තුන්දෙනා ගාවටවත් අපිට කිට්ටු වෙන්න බැරිවුණා. 

එත්….. අන්තිමේ අන්තිමේ මම එකෙක් අල්ලගත්තා…...

අන්තිමේ වාසනාවට පවුලේ බාලම කොල්ලා තනියෙන් රවුම් ගගහ ඉද්දී අපිට අහුවුණා. මගේ කොල්ලෝ පොඩි එකා වෙනුවට් seokjinව මගේ ළගට අරන් එද්දි මට දැණුනු සතුට……..

කොහොම හරී අන්ත්මේ Seokjinගෙන ඇත්ත එලියට ගන්න හැටි ගැන වගේම මේ මාර්ගයෙන් මගේ පරම හතුරා වුණු RMගෙන් පළිගන්න විදි ගැන අදහස් වලින් මගේ ඔළුව පිරෙද්දී මම තනියෙන් හිනාවුනා

අදට ඇති.. අපි මිනිහව පනපිටින් තියාගන්න ඕනේ… පහලට ගිහින් අපේ මිනිස්සුන්ට විවේක ගන්න කියන්න…

මම taoට කියුවේ ආයේත් seokjinව හම්බවෙන්න dungeon එකට යන්න පිටත් වෙමිනුයි. 

දංවැල් වල එල්ලිලා යන්තන් ඇගිලිතුඩු වලින් හිටන් ඉදපු seokjinව දැකපු මට තවමත් මේ මිනිහා හිටගෙන ඉන්නෙ කොහොමද කියන එක ගැන ඇත්තටම පුදුම හිතුනා.

මාව දැකපු ගමන් එයාගෙ කටේ පිරුණු ලේ ටික බිමට කෙලගහපු seokjin මගේ මූණ දිහා බලන ගමන් පුරුදු සමච්චල් හිනාව එයාගේ මූණට ආරූඪ කරගත්තා.

මූ නම් යකෙක් ..

මටම මුමුණගත්ත මන් මගේ මිනිස්සුන්ට කතා කලා.

තප්පරගානකදී දංවැල් වලින් මිදිලා බිම වැටුණු seokjin ගාවට ගියපු මම ඔහුගෙන් ආයෙත් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

********************************************************************

No one p.o.v

උන් දැනටම jin hyungව මරලා දාල ඇතී……ඇයි අපි තවමත් මෙතනට වෙලා ඉන්නේ…..

Jimin කෑගහද්දී taehyung එයාගෙ ළගම තුබුණු පුටුවට බලෙන්ම jiminව ඇදලා වාඩි කෙරෙව්වා.

ආපු වෙලේ ඉදන් කාමරේ උඩට පහලට නොනවත්වා ඇවිදින namjoon දිහා තරහින් බලපු jimin තවමත් පියවි සිහියට නො ආපු  yoongiගෙ අත අල්ලන් නිහඬව අඩන්න පටන් ගත්තා.

නෑ…. උන් hyungට දැන්ම මොනවත් කරන්නෙ නෑ. උන් එච්චර මෝඩ නෑ. 

Hoseok කියද්දී jungkook තවත් ඔහුට ගුලිවුනේ ඉකිය වලක්වා ගන්න උත්සහ කරමිනුයි.

පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න jimin. උන්ට ඕන RM ගැන දැනගන්න. ඒ ගැන දන්න උන් යටතෙ ඉන්න එකම කෙනාව උන් මරන්නෙ නෑ. උන් දන්නවා seokjin කියන්නෙ කොයිතරම් අපිට ඒ ඒවගේම අපේ කල්ලියට වටින කෙනෙක් ද කියලා.

Hoseok කියනවත් එක්කම namjoon කාමරෙ මැද්දේ නැවතුනා.

උන් දැන් මගේ ගැන දැනගන්න jin hyungට දස වද දෙනවා ඇතී….

තරහින් ගුගුරපු namjoon අත මිට මොලවලා බිත්තියට පහර දුන්නේ කාමරේ තුල හිටි පිරිස බියට පත් කරමිනුයි.

Namjoonah මේ වෙලාවෙ ඔයා උපරිම ඉවසිල්ලෙන් වැඩ කරන්න ඕනේ..

සන්සුන් ඒත් තදින් කියපු Yoongiගේ රළු කටහඩ ඇහෙද්දී මෙච්චර වෙලාවක් කාමරය ඇතුලේ තිබුනු වාතාවරණය එහෙම්පිටින්ම වෙන්ස්වුනා.

Yoongi hyung ….

කටහඩවල් පහක් එකපාර කෑගහද්දී yoongi වේදනාවෙන් ඇඹරුනා.

Hyung ඔයාට දැන් කොහොමද …? තාම රිදෙනවද…?.

Jimin ඉන්න තැනින් වේගෙන් නැගිටින ගමන් ඇහුවේ අනිත් හතරදෙනා yoongගේ ඇද වටේ එකතු වෙද්දියි.

Namjoon අපි ඉක්මන් කරමු. මට ගෙදර යන්න ඕනේ. අපිට මේව මෙහෙ ඉදන් කතා කරන්න බෑ. 

Yoongi ඇදෙන් නැගිටින්න උත්සහ කරන අතරේ කියුවා. 

Hyung ඔයා rest කරන්න ඕනේ. ඔයාගෙන් ලේ ගොඩක් ගිහින් තිබ්බා..

taehyung කියද්දීත් එයාට ගහල තිබුනු සේලයින් බට ඔක්කොම ගැලෙව්ව yoongi ඇදෙන් බිමට බැස්සා.

මම හොදින්… 

yoongi ස්ථීර හඩින් කියුවත් namjoon එයාව නැවැත්තුවා. 

Hyung අපිට දැන්මම jin hyung නැතිවෙලා ඉවරයි.මට ඔයාවත් නැතිකරගන්න බෑ.

Namjo කියද්දි yoongi namjoon දිහා එක එල්ලේ බැලුවා.

Namjoon ඔයාට jinව බේරගන්න ඕනෙනෙම් මාව ගෙදර එක්කන් යන්න. මම විතරයි jin ඉන්න තැන් දන්නේ. ඔහුගේ වටේ හිටිය පස්දෙනා පුදුමයෙන් තමන් දිහා බලද්දී Yoongi කියුවා.

Namjoon……

Yoongi බින්දුවක්වත් නොහෙල්ලී හිටපු namjoonට ආයෙත් කෑ ගැහුව ගමන් එකපාරක් ඔළුව නවපු namjoon එලියට දුවගෙන ගියා.

********************************************************************

Yoongiට jinව බේරගන්න පුළුවන් වෙයිද… ?

Jin අන්තිමේ jaksonට හැමදේම කියයිද…?

මේ හැමදේටම උත්තර එක්ක අපි ඊළඟ කොටසෙන් හමුවෙමූ !!!

********************************************************************

Hyy army… ඔයාලට කොහොමද ….?

මොකද හිතන්නෙ අපෙ කොල්ලො ටික අළුතෙන් එලියට දාපු album එක ගැන. මගේ කැමතිම bts songs 10 අතරට ඔන්න stay gold song එකත් එකතුවුනා..💜🔥💜

අද chapter එකන්ම් ටිකක් boring ඇති. ඒත් ඉස්සරහට වෙන දේවල් තේරුම් ගන්න මේ chapter එක ගොඩක් වැදගත්. ඒ නිසා මට දාන්නම සිද්දවුනා.😌  

ඒ වගේම jackson wangගේ fansලා මාත් එක්ක තරහ වෙන්න එපා එයාව දුශ්‍ටයා කරපු එකට. මේක ff එකක්නේ 💞💞

මගේ කතාව හොදද නරකද කියලා වගේම ඔයාලගෙ අදහසුත් මට අමතක නොකර කියන්න හොදේ 😍

Stay gold army 💜

මම අමන්දි 💜💜 

Continue lendo

Você também vai gostar

154K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
8.3M 107K 63
"Bad guys can be good too... when they're in bed." #1 in FANFICTION✓ © sujinniie 2018-2019 ✓ © sujinniie revised 2022
295K 50.6K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
178K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."