NO MORE DREAMS

By Jeon_min_ema

20.6K 2.5K 638

Hobby ඔයාට හොදටම විස්වාසද මේක ඔයාම කරන්න ඕන කියලා? මම ඇහුවේ hoseokගෙ අතින් අල්ලගෙන නවත්තන්න ගමන්. Hyung මට gu... More

chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Last Chapter

Chapter 05

1.3K 205 57
By Jeon_min_ema

Chapter 05

Jin pov

kookie……

Jungkook ගේ ඉදිමිලා ලේ ගලන මූණ දැකපු මම කෑගැහුවා.

මූණ දිගේ ගලනේ ලේ එක අතකින් පිහදාගත්ත jungkook බිම බලා ගනිද්දි මමයි, namjoonනුයි principalගේ office එකට ඇතුල්වුනා.

එන්න mr. Kim ඇවිත් ඉදගන්න…

අපි ඇතුල්වෙද්දිම අපිව දැකපු principal කියුවා. 

Sir මොකක්ද වුනේ ..? 

Namjoon අහද්දී මම ආයෙත්  jungkook දිහා බැලුවා.

ඔයාලගෙ මල්ලි අද ළමයි තුන්දෙනෙක්ට හොදටම ගහලා තියෙනවා.අපිට ඒ දරුවන්ව hospital එකට පවා අරන් යන්න සිද්දවුනා.

Principal කියද්දී අපි මූණට මූණ බලාගත්තා.

ඒ වගේම mr. Kim මේක මේ දරුවා මෙහෙම හැසිරිච්ච පලවෙනි වතාව නෙවෙයි. මම කිප සැරයක්ම අවවාද කරලා යැව්වා. නමුත් මේ වතාවෙ මට ඔය දෙන්නව ගෙන්නන්න සිද්දවුනා, මේ කාරනේ බරපතලකම නිසා.මට පුදුමයි අද මෙයත් එක්ක අනිත් තුන්දෙනා නැති එක ගැන විශේෂයෙන් මෙයගෙ අයියල දෙන්නා. ඒ දෙන්නත් මෙයාගෙ මේ රණ්ඩු වලට හැමතිස්සෙම එකතු වෙනවා. කොහොම වුනත් මේ සැරේ මට මේ දේවල් ලේසියෙන් අතාරින්න බැහැ mr. Kim මට මේකට action එකක් ගන්න වෙනවා.

ඒත් sir …..

මම කියද්දී principal මාව නැවැත්තුවා 

I'm sorry mr. Kim මට මේ දරුවව සතියකට suspend කරන්න සිද්දවෙනවා. ඒ වගේම ආයෙත් මෙහෙම දෙයක් සිද්දවුනොත් මට මේ දරුවව ස්කෝලෙන් අස් කරන්න පවා සිද්ද වෙයි. මේ වෙලාවෙ මට දෙන්න පුලුවන් අඩුම දඩුවම තමයි මම මේ දුන්නෙ. මම හිතනවා ඔයාල දෙන්න මේ ගැන ඔයාලගෙ මල්ලිත් එක්ක කතා කරයි කියලා.

Principal කියද්දී මම namjoon දිහා බැලුවා. 

හරි sir අපි මේ ගැන එයා එක්ක කතා කරන්නම්.

namjoon පුටුවෙන් නැගිටිද්දී මමත් එයා එක්කම පුටුවෙන් නැගිට්ටා.

අපි principalගේ office එකෙන් එලියට එද්දී  jungkook හිමින් සැරේ බිම බලාගෙනම අපේ පස්සෙන් වැටුණා. එලියේ කොරිඩෝවේ  පිරිලා හිටපු ළමයින්ගෙන් ගොඩදෙනෙක් අපිව දැක්ක ගමන් ඉක්මනට දෙපැත්තට වෙලා අපිට යන්න ඉඩදුන්නා.

Jin hyung …

Jungkook කියන්න පටන් ගනිද්දි මම එයාව නැවැත්තුවා.

දැන් සද්ද නොකර car එකට නගිනවා.. කෙලින්ම ගෙදර වෙන කොහෙවත් නවතින්නෙ නෑ. කිසිකෙනෙක් ගෙදරට ගෙන්න ගන්නෙ නෑ විශේෂයෙන්ම ඔයාගෙ පෝරිසාද යාළුවාව. මම ගෙදරට එනකන් ගෙදරින් එලියට බැහැල තිබුනොත් මම බලා ගන්නම්.

මම තරහින් කියද්දී යන්තන් ඔළුව වනපු jk ඔළුව පාත්කරගෙනම ගිහින් වාහනේට නැග්ගා.

Car එක නොපෙනී යනකන් ඉදපු namjoon මාවත් බයකරන ගමන් එකපාරට හිනා වෙන්න පටන් ගනිද්දි මම මගේ ගැහෙන පපුව අල්ලන් එයාට එරෙව්වා.

මොකද…?

මම තරහෙන් අහද්දි namjoon ළගම තිබුනු ගහකට හේත්තුවුනා.

ළමයි තුන්දෙනෙක් jin hyung. ළමයි තුන්දෙනෙක්. මේ පොඩි එකා තනියෙන් තුන්දෙනෙක්ට ගහලා විතරක් නෙවේ තුන්දෙනාවම hospital එකට යවන තැනටම වැඩ කරලා.

Namjoon ආයෙත් හිනාවෙන්න පටන් ගනිද්දි මමත් ඒකට එකතු උනේ තරහ අමතක කරන ගමනුයි.

ගෙදර හුරතල් වෙවී ඉන්න මේ පොඩි එකා ස්කෝලෙදී මොනවගේ පෝරිසාදයෙක්ද කියන එක මම හරියටම දැන ගත්තේ අද. Namjoon කියද්දී අපේ car එක අපි ගාවට ඇවිත් නැවතුනා.

අපි මුලින් hospital එකට ගිහින් එමු. ඒ ළමයින්ගෙ අම්මලා එක්ක සමහරවිට අපිට කතා කරන්න වෙයි.

Namjoon මට පිටිපස්සෙ දොර ඇරලා දෙනගමන් කියුවා.

********************************************************************

Jeon jungkook තමුන් මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ. 

මම කියද්දී සාලෙ ඉදපු පස් දෙනාම මගේ කටහඩට ගැස්සුනා.

මම jungkook ඉස්සරහින් හිටගෙන අත් පපුව හරහා බැද ගත්තා.

මේ අපි ගියානම් හොදයි වගේ.. 

jimin හිමින් සැරේ එතනින් ලිස්සලා යද්දී  jiminගෙ කනෙන් අල්ලගත්ත namjoon එයාව හිටපු තැනින්ම ඉන්දෙව්වා. ඔය පෝරිසාදයත් මෙතනට ආවනම් තමයි හොද.. 

taehyungට ඇගිල්ලකින් සංඥාකරන ගමන් namjoon ලගම තිබුනු පුටුවට බර වුනා. 

Namjoon දිහා බලපු tae හිමින් සැරේ ආයෙමත් සාලෙට පහු බැස්සා.

ඔය තුන්දෙනාව ස්කෝලේ යවන්නේ අනිත ළමයි එක්ක රණ්ඩු කරන්නද..? 

මම අහද්දී තුන්දෙනාම මීයො වගේ බිම බලා ගත්තා.

Jk ඇයි රණ්ඩු වුනේ…. ? 

මම අහද්දී බිම බලාගෙනම jungkook මොනවද හිමින් මිමිනුවා. 

මොකක්….?

එයාලයි මුලින් පටන් ගත්තේ…..

jungkook කියුවා 

එතකොට ඒ තුන්දෙනාට අර විදිහට ගහන එක හරිද?

මම අහද්දී taehyung ඉස්සරහට ආවා.

Jungkookට බනින්න එපා hyung ඒ ළමයි ඔය පේනවා වගේ හොද තුන් දෙනෙක් නෙවේයි.

ඔවු hyung මහ කරදරකාරයො ටිකක්. අපි කොහේ ගියත් එක එක ඒව කියකිය පස්සෙන් එනවා.

Jimin, jungkook වෙනුවෙන් කරුණු දක්වන්න පටන් ගත්තා.

ඔය එකක්වත් සමාවට කරුණු නෙවෙයි jimin.  Jungkook වගේ නෙවෙයි ඔයාල දෙන්න මේ ගැන හොදටම දන්නවා ඔයාල හරිනම් jungkookව බලාගන්න‍යි ඔනේ. එයා එක්ක එකතු වෙල ගහගන්න නෙවේ. 

මම කියද්දී tae,jimin දෙන්න ආයෙත් බිම බලා ගත්තා.

අනික jk මිනිස්සුන්ට පුළුවන් ඕන දෙයක් කියන්න. අපි දැනගන්න ඒ දේවල් හිතට නොගෙන ඉන්න. ඔයාලගෙ අයියලා ඇති වෙන කතා අහගෙනත් අද මෙතන ඉන්නේ අන්න ඒක නිසා. 

ඒ වුනාට අනාත කොල්ලා කියල කවුරුත් ඔයාලට කියල නෑනේ. Jungkook මගේ වචනවලට උඩින් කියද්දී මගේ කට ඉබේම ඇරුණා.

මොකක්….?

උන් තුන්දෙනා අද මට ඉන්න දුන්නෙම නෑ. Jimin hyung taehyung hyung දෙන්නත් ළග හිටියේ නැත් නිසා උන් අද වැඩිපුර මගේ පස්සෙන් ආවා. උන් මගෙන් ඇහුවා අද මම තනියෙන් ඉන්නෙ ඔයාලට මාව එපා වෙලා විසික් කරපු හින්දද කියලා . මාව අහුලගත්ත තැන් දන්නවද කියලාත් ඇහුවා. මම පුළුවන් තරම් සද්ද නොකර හිටියා. උන් hyungලට අනන් මනන් කියන්න ගනිද්දී තමයි මගේ රතු කට්ට පැන්නේ.

ඉතින් ඉන්න බැරි තැන මම අත මිට මොලවලා ඌට දෙකක ඇන්නා. ඊට පස්සෙ තමයි අනිත් දෙන්නත් මට ගහන්න පැන්නේ. ඉතින් hyung කියන්නෙ මට ගුටි කන්න කියලද..?

Jungkook කටත් උල් කරන් ඇහුවා.

මේ කොල්ලගේ චන්ඩිකම.. 

jungkook කතා කරපු විදිහ නිසා එලියට පනින ඔන්න මෙන්න කියලා තිබුනු හිනාව තද කරන් මම namjoon දිහා බලද්දී මගේ තත්වෙ තේරුම් ගත්ත namjoon ඉක්මනට හිටපු තැනින් නැගිට්ටා.

Jungkook ඔයා මීටවඩා තමන්ගේ තරහ පාලනය කර ගන්න පුරුදු වෙන්න ඕනේ. අනික අර මුලින් කියපු අනාත කතාව. ඔයාට අපි හය දෙනෙක් ඉන්නවා. අපි ඔයාගේ පවුල නෙවෙයිද…? 

Jungkook හිමීට namjoon දිහා බලල යන්තන් ඔළුව වැනුවා 

හරි එහෙනම් ඔයා කොහොමද අනාතයෙක් වෙන්නෙ..? අනික අපි ඔයාට අඩුවක් කරලා තියෙනවද…?

නෑ …. 

කදුළු පුරෝගත්ත ඇස් දෙකෙන් කදුළු එලියට පනින්න නොදී පිහිද ගන්න ගමන්  jungkook උත්තර දුන්නා.

ඒකනේ එහෙනම් ඔයාට තරහ ගන්න කිසිම හේතුවක් නෑ. 

Namjoon, jungkookගේ උරහිසට අත තිබ්බා.

අනික kookie මේ බලන්න ඔයට අම්මෙක් ඕනේ නම් මේන්න ඉන්නවා jin hyung . අඩු තරමේ මේ බලන්න ඔයාට සීය කෙනෙකුත් ඉන්නවනේ 

Hoseok yoongiව පෙන්නන ගමන් කියුවා.

Yaaaaaa…..ඇයි මම….. 

මමයි yoongi දෙන්නම එකට කෑගහද්දී අනිත් පස් දෙනාම හිනා වෙන්න පටන් ගත්තේ අපිවත් හිනා ගස්වමිනුයි.

කොහොම වුනත් මේ පාරනම් දඩුවමක් දෙන්නම වෙනවා තුන්දෙනාටම. 

මම කියද්දී macnae තුන්දෙනාම නහයෙන් අඩන්න පටන් ගත්තා. 

නෑ නෑ නහයෙන් ඇඩුවට වැඩක් නෑ. යනවලා තුන්දෙනාම කාමරේට. අද ඉදන් දවස් තුනක් යනකන් තුන්දෙනාටම කාමරෙන් එලියට බහින්න තහනම්. තුන්දෙනාටම video game , computer , phone හැමදේම තහනම්.

ආආ……

අනේ hyung ….

Hyung……..

තුන්දෙනාම එකට නහයෙන් අඩන්න පටන් ගනිද්දී මම ඉනට අත් දෙක තියා ගත්තා.

හ්ම් උඩට…. 

මම කියද්දී තුන්දෙනාම ගාටමින් පඩිපෙල නගින්න පටන් ගත්තා.

ඉක්මනට...  

මම කියද්දී jungkook ආයෙත් මොනවද මුමුණන්න පටන් ගත්තා.

.මොකක්ද kookie කියුවේ මට ඇහුනේ නෑ.

කොහොමත් වයසක මිනිස්සුන්ට කන් ඇහෙන්නෙ නෑ තමයි. 

උඩම පඩියෙ ඉදන් කෑ ගහපු jungkook ආයෙත් හැරිලා කාමරේට දිවුවා.

Yaaa...හැමදාම ඔයා තරුණව ඉදී කියලද හිතන්නේ.. 

මම පහල ඉදන් කෑ ගහද්දී  kookie එයාගෙ කාමරේ දොර සද්දෙට වහනවා මට ඇහුනා.

Hyung ඔයා ටිකක් සැර වැඩී කියලා හිතුනේ නැද්ද..?

Namjoon ඇහුවේ අනිත් දෙන්නා kookie කියපු දේට හිනා වෙවී කාර්යබහුලව ඉද්දීයී.

නැහ් මම රෑවෙලා ගිහින් එයා එක්ක කතා කරන්නම්. 

මම namjoonට කියුවා.

First aid box එකත් අරගෙන kookieගේ කාමරේට ගියපු  මට දකින්න ලැබුනේ ඇදුමක්වත් මාරු නොකර ඇදේ ගුලිවෙලා නිදාගෙන හිටපු kookieවයි

මේ ළමයනම්…… 

හුස්මක් හෙලපු මම එයාව නැගිට්ටේවුවා.

කෙදිරී ගාමින් අමාරුවෙන් නැගිටපු jk මාව දැක්ක ගමන් නහය උඩට හරවන් අහක බලාගත්තේ තාම මාත් එක්ක තරහබව පෙන්නනයි

ඒයි මැට්ටෝ…… මෙහෙ එනවා බෙහෙත් දාන්න. 

මම jkගෙ කකුල් දෙකෙන් අල්ලලා ඇද අයිනට ඇදලා ගත්තා.

ආව්….ආ...ආ….ආව් …. Hyung ….හිමින්…..jungkook කෑගහද්දී බොහොම අමාරුවෙන් මම මූණේ තිබුනු තුවාල වලට බෙහෙත් කරන්න පටන් ගත්තේ එයාගෙන් හම්බෙන ගුටි බැටත් දරාගෙනයි.

කෝ ගලවන්න ෂර්ට් එක. අර කොල්ලොන්ට කියල වෙන කොහෙද තලා ගත්තෙ කියල බලන්න. 

අන්තිමේ මම කියද්දී දිව එලියට දාලා මට ඇද කරපු kookie එයාගෙ ෂර්ට් එක ගැලෙව්වා.

මගේ දෙයියනේ මේ ළමයනම්…..

එයාගේ ඉනේ තිබුනු ලොකු තලුම් පරවල් වගේම ඇග පුරා තිබුන හීරීම දැකපු මට හීල්ලුනා.

Hyung මම දෙයක් අහන්නද….?.

හ්ම්ම්… 

මම උත්තර දුන්නේ First aid box එකට නැවෙන ගමනුයි.

මම දන්නවා hyungලා එකපාරටම අතුරුදන් වෙන්නෙ කොහෙටද කියලා.

kookie කියුවම මගේ අතෙ තිබුන බෙහෙත් ටියුබ් එක ආයෙත් box එකටම වැටුනා.

හොද හුස්මක් ගත්ත මම මගේ මූණ සාමාන්‍ය විදිහට තියාගන්න උත්සහ කලා.

අතුරුදන් වෙන්න. මොනවද kookie මේ කියන්නේ…?

බොරු කියන්න නම් ලෑස්ති වෙන්න නම් එපා hyung මම දන්නවා ඔයාල මොකක් හරි හොර වැඩක් කරනවා කියල. දවසක් මමයි yoonah nunai jimin hyung follow කලා …. ඔයාලා අර පරණ factory එකට යනවා අපි බලන් හිටියා. 

මොන ffactoryද..? 

මම තවදුරටත් සාමාන්‍ය විදිහට ඇහුවා.

අර cheese factoryය..!....... ආව්……

jk කෑගැහුවේ මගේ අතින් එයාගෙ තුවාලයක් තදවුන නිසයි 

Miane (සමාවෙන්න)  jungkookah 

මම ඉක්මනට අත ගත්තා.

Hyung අදන්ම් මම ඔයාට පැනලා යන්න දෙන්නෙ නෑ. මට දැනගන්න ඕනේ ඔයාල එතන මොනවද කරන්නේ කියලා. අනික yoonah nunaගේ මරණෙන් පස්සෙ sobbinගෙ අයියාත් මගෙන් ඔයාලා ගැන අහන්න පටන් ගත්තා.

Soobinගෙ අයියා ….?

ඔව්..එයා sobbinගෙම අයියා නෙවේ. එයාගෙ cousin කෙනෙක්. 

ඔහොම ඉන්න. එයාගෙ නමත් soobinමද..? මම ඇහුවෙ කලින් දවසේ ගෙදරට ආපු officersලා දෙන්නව මතක් කරගෙනයි.

ඔව්. ඇයි…?

නෑ කියාගෙන යන්නකෝ.. මම අහකට හැරුනා.

එයත් මගෙන් අමුතු ප්‍රශ්න ඇහුවා. 

ඒ කියුවේ මම ඇහුවා.

ඔයාල යන්නෙ කොහෙද…? සාමාන්‍යයෙන් ගෙදර එන වෙලාව ..? ඔයාල යන්නෙ එන්නෙ කොහෙද වගේ ප්‍රශ්න තමයි ඇහුවේ. ආ තව එදා nunaගෙ මරණය වෙච්ච දවසේ ඔයාලා කොහෙද හිටියේ කියලත් ඇහුවා.

ඉතින් ඔයා මොනවද කියුවේ.

මම කියුවා ඔයාල එදා office එකේ හිටියේ කියලා. 

Yoonah ඔයාට මොනවද කියුවේ ..?

Nunaනම් මොකුත් කියුවෙ නෑ එයා කියුවා hobby hyung එයාට නොකියා කොහෙද මන්ද ගියා එයාට සැකයි කියලා. එයා මගෙන් ඇහුවා එයාට උදවු කරන්න කැමතිද කියලා. ඊට පස්සෙ තමයි අපි jimin hyungව follow කලේ.

හ්ම්….. එහෙමද…?  දැන් එතකොට jkකියන්නෙ ඔයාට ඔයාලගෙ අයියලාව සැකයි කියලද..? 

මම දුකහිතෙන කටහඩින් ඇහුවා.

Hyung … මට කියන්නකෝ. ඔයාල මොනවද කලේ කියලා. ඔයාල කවුරුත් නරක වැඩවලට සම්බන්ධද? නෑ නේද?

Jk මගේ අතින් අල්ල ගත්තා. 

පිස්සුද kookie. අපි ඒවගේ දේවල් කරන්නෙ නෑ. 

මම අහක බලාගෙනම කියුවේ jungkookගේ මූණ බලාගෙන බොරු කියන්න බැරි නිසයි.

එහෙනම් ඇයි ඔයාල ගෙදර ආයුධ තියන් ඉන්නෙ….?

Jungkook අහද්දී මට ඉදන් ඉදපු තැනින් ඉබේටම නැගිට්ටේවුනා.

මම දැක්කා yoongi hyung gan වගයක් පහල ගබඩාවට දානවා. එතන beom hyungනුත් හිටියා. එයාලා මාව දකින්න කලින් මම හැංගුනා. Hyung මට ඇත්ත කිය්න්න මට දැනගන්න ඕනේ.

ආව්…. Jungkook ආයෙත් කෑගැහුවා. 

ටිකක් හෙලවෙන්නෙ නැතුව ඉන්න kookie…

මම ආයෙමත් ඇද උඩින් ඉදගෙන බෙහෙත් දාන්න පටන් ගත්තා.

Hyung ඔයා මට ඇත්ත කියුවෙ නැත්තන් ඇත්තමයි මම ඔයාලට මල වදයක් වෙනවා. ඔයාල යන හැමතැනටම මම පස්සෙන් එනවා. මේ ඇත්තමයි කියන්නේ.

Jjungkook තර්ජනය කරද්දී ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් මට මැවිලා පේන්න පටන් ගත්තා.

මේකනම් මහ යක්ෂ පැටියෙක්….

මටම කියාගත්ත මම namjoonට call එකක් අරන් jungkookගේ කාමරේට එන්න කියුවා.

මොකෝ උනේ..??

Namjoon අහද්දී මම jungkookව පෙන්නුවා.

මෙන්න මේයාට මොනවද අහන්න තියෙනවලු. 

මම කියද්දී namjoon පුටුවක් අරන් ඇවිත් අපි ඉස්සරහින් ඉදගත්තා.

Jungkook එයා හොයාගත්ත දේවල් ආයෙමත් namjoon ඉස්සරහ කියද්දී namjoon පුදුම වෙලා බලන් හිටියේ ඇත්තටම අප් හිතන් හිටියට වඩා ගොඩක් දේවල් jungkook දන්න බව අදහගන්න බැරුවයි.

Jin hyung පොඩ්ඩක් එලියට යමු.

namjoon පුටුවෙන් නැගිටින ගමන් කියුවා 

ඔයා මෙතනම ඉන්න ඕනේ . කොහෙවත් යන්නේ එහෙම නෑ.

මම jungkookට අණ කරන ගමන් namjoon පස්සෙන් වැටුනා.

අපි අනිත අයගෙනුත් අහලා ඉමු.

 මම එලියට ආව ගමන් කියුවේ namjoon මොනවත් කියන්න උත්සහ කරන්නත් කලිනුයි.

********************************************************************

අන්තිමේ jungkook ඇත්ත දැනගනීද….?

ඇත්ත දැනගත්තම jungkook මොනවා කරයිද…?

ඊළඟ කොටසෙන් හමුවෙමූ 

********************************************************************

මේ කොටස නම් ටිකක් boring ඇති. එත් අපේ කොල්ලොන්ගෙ පුංචි පවුල ඇතුලේ වෙන දේවල් අපි දැනගන්න ඕනනේ…. 

අපේ namjin couple එක (මට මේක fb එකේ හම්බවුනා. ඉතින් ඔයාලත් එක්ක එක බේදාගන්න හිතුවා. )
💞😍💞

ඔයාලගේ අදහස් මට කියන්න. අඩුපාඩු තියෙනවන්ම් එව මට කියයි කියලා හිතනවා. එතකොට මට පුළුවන් මීට වඩා හොදට කතාව ඉස්සරහට ලියන් යන්න.

ඊළඟ කොටසෙන් හමුවෙමූ !!!!

මම අමන්දි 💜💜 

Continue Reading

You'll Also Like

154K 8.2K 17
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
294K 50.5K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
17.1K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...