_The one chosen by the darkne...

By SadaSada

18 4 0

අඳුර විසින් තෝරාගත් රිවේෂා... ඇයගේ ඉරණම වෙනස් කරයිද? නැත්නම් ඇයගේම බලය ඇයව විනාශ කරයිද? More

2

1

15 3 0
By SadaSada

උදෑසන හිරු එළිය වැටෙන්නත් පෙරම අවදි උන ඇය හිටියේ කාලවර්ණ වූ මේඝයන් රත්ත වර්ණ අඩ සඳ ගිලගෙන යන විදියත් නැවත මේඝයන් අතරින් නැගීගෙන දීප්තිමත් වෙන අයුරුත් බලාගෙන.වෙනදා මෙන් නොව ඇය අද අවදී වූ වහාම තම නිවසෙන් එපිට සාදා තිබූ කුඩා ශවර් එක යට වතුර බිංදු වලට ඔහේ තම සිරුර පුරා ගලා යාමට අවසර දීලයි තිබුනේ.අනෙකුත් දවස් වලට උදේ සීතල වතුර අල්ලන්නවත් අකමැති වූ ඇය අද තම තීරණය දැඩි කරගනිමින් උදෑසනම නාන්න තීරණය කරලා.

අදුර ගිලගෙන ඇති පරිසරයේ නිසොල්මන් බව ඇයට ලොකු සහනයක් ගෙනදුන්නා.කිසිදු හාවක් හූවක් නැති පරිසරයේ සුන්දරත්වය විදිමින් ඇය ඒ මොහොත උපරිම නිදහසින් ගතකලා.පළ වෙනි වතාවට උදේ පාන්දර නාන නිසා වතුර අයිස් කැට මෙන් ඇති කියා සිතුවද එය එලෙස නොවීම පුදුමයක් වුනා. ඒ ගැන වැඩිය හිතන්න නොගිහින් තමන්ගෙම ලොකෙක තනිවුන ඇය වළාකුළු ඈතට පාවී යන විදියත් හිරු රැස් මාලා වළාකුළු අතරට වැටී උදෑසන වන අයුරු බලාගෙනම කල්පනාවක වැටුනා.

"රෑ වෙනවා කියන්නෙ මුළු ලෝකෙම අදුරු වළාකුළු වලින් වැහෙන එක වෙන්න බැරිද?.."

තමන්ගෙම්න අහගෙන නැවත ගේ තුලට ගොස් තම අල්මාරියෙන් සැහැල්ලු ඇදුමක්ද රැගෙන ලෑස්ති වුණා.ඇය නමින් රිවේෂා කාර්ටන් විය.

වසන් වන සඳ වළාකුළ කට
හඩාවැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..//

මවා දී තරු රටා අහසේ සිනා සී වුන් තරු කිනිත්තෙන් මළානික වූ පුංචි තරුවක් පොලෝතලයට කඩා වැටුනා..

සරා සදකට දරාගන්නට බෑ..
❤️‍🩹

තමන්ගෙ lap එකෙන් සිංදුවක් දාන ගමන් ගෙදර වැඩ ටික එක එක ඉවර කරන්න පටන් ගත්තෙ කිසිම කලබලයක් නැතුව.කුඩා කලදිම තම දෙමාපියන් අහිමි වූ ඇයට පවුලේ අයෙකුට සිටියෙ ඇගේ නැගනිය පමණි.තවම උසස් අද්‍යාපනය ලබන තම කුඩා සහෝදරිය සමග නැවත ලංකාවට පැමිණ තවම ගෙවී ඇත්තේ සති දෙකක් පමණි. නමුදු මේහි පරිසරයට , මිනිසුන්ට තාම හරියට හුරුවෙන්න හැකියාවක්නම් රිවේෂා ට තිබ්බෙනැ.හුගක් වේලාවල් වලට හුදෙකලා වෙලා ඉන්න උත්සාහ කරපු ඇය මිනිසුන් දැක්කෙ කරදරයක් විදියටයි.

ඇගේ නංගිගේ පැත්තෙන් ගත්තොත් නම් එක හාත්පසින්ම වෙනස් කෙනෙක් වුණා. මිරායා කාටර් කියන්නෙ අනිත් අයත් එක්ක ගොඩක් සමීපව ඉන්න ප්‍රිය මනාප චරිතයක් වුණා.ඕනෙම කෙනෙක් එක්ක පහසුවෙන් කතා කරන්නත් විනාඩි කිහිපයකින් ඒ පුද්ගලයා සමග මිත්‍ර වීමටත් ඇයට සහජ හැකියාව ලැබී තිබුනේ ඇහේ මවගෙන්මයි.ඒ නිසාම ගොඩක් මිනිස්සු මිරායාට ආදරේ කරන්න හේතුවක් වුණා.

"අක්කේ ඔයාට ගෙදර වැඩ තනියෙම කරන්න බෑනේ..."

"......."

"අක්කේ....!! ඇහෙන්නෙ නැද්ද අනේ. මං ඔයාට කතා කරන්නේ."

"හ්ම්ම්.. කියන්න."

"මාත් ඔයාට උදව් වෙන්නද?."

"එපා.."

ලංකාවට එන්න කලින් ඉදන් තමන්ගේ රාජකාරි වැඩ සමග කාර්ය බහුල වුන රිවේෂා ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා නිසා එයා ගෙදර වැඩ කරන්න ගියේ නැ. එයාගෙ නංගිව බලාගෙන ගෙදර වැඩ කරන්න එයාල නැනී කෙනෙක් අරන් තිබ්බේ. ඒත් ඉතින් ලංකාවට ඇවිත් තාම හරියට කාලයක් වත් නැහ්නේ.ඉතින් මෙච්චර ඉක්මන්ට නැනී කෙනෙක් හොයාගන්න බැරි නිසා රිවේෂා ගෙදර වැඩ වගේම නංගිගේ වැඩත් බලාගෙන ගෙදර ඉන්න ගමන් බිස්නස් වැඩ කලා.කරන දේ හරියටම තිතටම කරන්න ඔනි නිසා රිවේෂා කාගෙන්වත් උදව් බලාපොරොත්තු වුනේ නැ.

"මෙච්චර කාලයක් තනියෙම මගේ වැඩ කරගත්ත මට ඇයි දැන් විතරක් උදව් කරන්න කෙනෙක්."

රිවේෂා හැමදිස්සෙම හිතුවේ එහෙම.හවස් වෙන කොට හැම දෙයක්ම ඉවර කරලා රිවේෂා ගියේ එයාගේ කාර්ය කාමරයට.කොළඹ එපාට්මන්ට් එකක්වෙනුවට කුඩා තනි තට්ටුවේ නගරයට කිට්ටු නිවසක් අරන් තමයි මේ දෙන්නා මේ ඉන්නෙ. අක්කට සල්ලි තියේන නිසා හොදයි ඉතින් නංගිටත්.අනිත් ළමයි වගෙ නෙවේ මියාරා කියන්නෙ. තමන්ගේ වයස ළමයි දෙමව්පියන්ට බල කරලා තමන් කැමති දේවල් ගත්තත්, මත්ද්‍රව්‍ය වලට පුරුදු වුනත්,වෙන වෙන ඒවට සල්ලි නාස්ති කලත් මියාරා එ හැම දේටම වඩා බැලුවේ හොදට ඉගෙන ගෙන විභාගේ පාස් වෙලා තමන්ගෙ අක්කට සහනයක් වෙන්න.මොකද නැති බැරි කම එයා හොදට අත්විදපු කෙනෙක් අද මෙහෙම සල්ලි තිබ්බට. තමන්ගේ අක්කා කොච්චර කැපවීමක් කරලාද අද ඉන්න තත්වේ ඉන්නෙ කියලා මියාරා නොදන්න කාරනයක් නෙවේ.හැමදිස්සෙම තමන්ගේ නිදහසට මුල් තැනක් දුන්න රිවේෂා එයාගේ ව්‍යාපාරත් හොදට හසුරවන්න දක්ශ කෙනෙක්.

"ටීං...ටීං....!!!!!"

"hello.."

"hellow"

"....."

"ok.."

_________________

​රෑ තිස්සෙම කාමරයේ සීතල AC සුළඟ විතරක් හමද්දී, රිවේෂා හිටියේ ඇඳේ ඇලවෙලා සිවිලිම දිහා බලාගෙන. ඇගේ එක අතක් නළල උඩ තිබුණා.

​එළියට ගියත් අඳුරන කෙනෙක් දැක්කොත් මගහැරලා යන්න බලන,party වලට සෙනග ගැවසෙන තැන් වලට යන්න අකමැති, කියන්න තියෙන දේ කිසිම කෙනෙකුගේ මූණ බලන්නේ නැතුව කෙලින්ම කියන අද ඉන්න මේ තද, සීතල රිවේෂා නිර්මාණය වුණේ එකපාරටම නෙවෙයි.ඇත්තටම ඒක රිවේෂා ගේ සීතල කමකත් නෙවෙයි. එක ලෙඩක්....හ්ම්ම්.. ඔව් මං හරි.ඒක ලෙඩක්...
Social Anxiety Disorder / Social Phobia.

ඇගේ මනස හෙමින් අතීතයට දිව්වා.

"කො මගෙ චූටී දූ.. අම්මා ළගට එන්න බබෝ..."

"නැ නැ තාත්තා ළගට එන්න මැණික.."

"කෝ අම්මා ළගට එන්න දූ...."

"අහ්හ්...අනේ ඉතින් මගෙ කෝළම.."

සොෆියා කාර්ටර් හා Mr වික්ටර් කාර්ටන් චූටි තාත්තායි හුරතල් කරන ගමනුයි මේ ඉන්නේ.ඔය අතරෙම එයාලගෙ තාත්තා ගෙ පැත්තෙන් ඒ කියන්නේ Mr.විකටර් කාර්ටර්. ගෙ අක්කයි එයාගෙ දුවයි එනවා.කොච්චර කාලෙකින් ද මේ දෙගොල්ලො මෙහෙම හම්බ වෙන්නෙ.දැන් ඉතින් කියවයි අහ් නැ නැ සොරි දැන් ඉතින් හෝදයි කෝප්ප ටික නාකි අම්මන්ඩි.කොච්චර හොද තිබ්බත් මේ මිනිස්සු හදන්නෙම අඩුවක් හොයන්න. ඒවා කියවන්න.

"අනේ... බලන්නකො අම්මා. එයාගෙ ලස්සන. cute නේද?."

"හ්ම් ඔව් ඔව්.."

"කො අක්කා අතට එන්නා චූටි..."

"කවද්ද ළමයගෙ උපන්දිනෙ කිව්වෙ මල්ලි."

"අනිද්දා අක්කේ.."

"අහ් අපි එන්නම්කො. එහෙනම්..ලොකුවට පාටියක් එහෙම ගන්න වෙයි නේද?.."

"තාම නම් හිතලා නැ.."

ඔහොම හැමොම චූටි මියාරා ගැන කතාකරද්දි රිවේෂා ඒ දිහා හොදට බලාගෙන හිරියේ සාලේ දොර රෙද්දට මුවාවෙලා.පුංචි හිතට වුනත් කවුරුත් තමන්ට කැමතිනැ ආදරේ කෑ කියන එක කොච්චර තදින් දැනෙනවද කියලා සාලේ කතා කරන උදවියටනම් ගානක් නැති පාටයි.

ඔහොම දවස් ගෙවිලා මිරායා ගෙ උපන්දිනෙ දවසත් ආවා.හැමොම මිරායා වගේ එක් රැස් වෙලා ඉද්දි රිවේශා ගොඩක් පාලුවෙන් තනිකමින් එළියට යන්න පිටත් වුනා.හැමොම තමන්ගෙ නංගිට එක එක ස්සෙල්ලම් බඩු ගෙනත් වෙන දිහා එ පුංචි හිතට දරාගන්න අමාරුයි වගේ.තමන්ගෙ උපන්දිනෙ අමතක මිනිස්සු තමන්ගෙ නංගිගෙ උපන්දිනෙ හොදට මතක තිබුනා.ඒ නිසාම රිවේෂා එදා හිතාගන්න ඇති කාටවත් තමන්ගෙ උපන්දිනය කියන්නෙ නැ වගේම කිසිම කෙනෙක්ගෙන් තමන්ට ආදරයක් ඔනි නැ කියලා.

​පොඩි කාලේ ඉඳන්ම ගෙදර අය, නෑදෑයෝ, යාළුවෝ විතරක් නෙවෙයි ලඟින් හිටපු හැමෝම වැඩිපුර ආදරේ කළේ, අවධානය දුන්නේ මියාරාට. මියාරා මොනවා කළත් හැමෝටම ඒක ලස්සන වුණා. හැමෝගෙම ආදරේ, සුරතල් කිරීම් මැද මියාරා හිනාවෙද්දී, නිහඬව පැත්තකට වෙලා ඒ දිහා බලාගෙන හිටපු කුඩා රිවේෂාගේ හිත ඇතුළේ ලොකු තනිකමක් දැනුණා.

​ඒත් ඇය ඒ ආදරය ඉල්ලා අඬන්න ගියේ නැහැ. තමන්වත් කාගේ හරි ප්‍රමුඛතාවය කරගන්න කියලා කාගෙන්වත් ඉල්ලුවෙත් නැහැ. ඒ වෙනුවට ඇය පොඩි කාලෙම තමන්ගේ හිතට තදින්ම කියාගත්තා...

"මට ඕනේ නෑ කාගෙවත් favorite person වෙන්න.... මං ඒක පොඩි කාලෙමයි අතහැරලා දැම්මේ."

"මම.. මම කව්ද ? ඇයි ඉතින් මිනිස්සු මට ආදරේ කරන්න , මට කැමති වෙන්න ඕනේ. මම කවුරුත් නෙවේ. ඇත්තටම මම හොද කෙනෙකුත් නෙවෙයිනේ... කොහොමත්."

රිවේෂාට මතක තිබුණේ මිනිස්සු ඇයව අමතක කළ හැටි විතරයි.මිරායාගේ හිනාවට හැමෝම එකතු වෙද්දී, තමන්ගේ නිහඬ බව කාටවත් පෙනුනේ නැහැ. මිරායාට ලැබුණු ආදරය වැරදි දෙයක් කියලා ඇය කවදාවත් හිතුවේ නැහැ. ඇයට තිබුණු වේදනාව වුණේ..

.
"මටත් එක වතාවක් හරි කෙනෙක් මං ගැන හොයලා බලන්න ඉන්නව නම්..."

කියන පුංචි බලාපොරොත්තුව විතරයි.
ඒත් ඒ බලාපොරොත්තුව හැමදාම ඉටු නොවුණු නිසා, අවසානයේ ඇය ඒක අතහැරියා.ඇය ඉගෙනගත්තා කෙනෙක්ව බලාපොරොත්තු නොවී ජීවත් වෙන්න.කෙනෙක් තමන් ගැන අහන්නේ නැත්නම්, තමන් ගැන තමන්ම බලාගන්න.කෙනෙක් තමන්ට ආදරේ නොකරනවා නම්, ඒ ආදරය අවශ්‍ය නැහැ කියලා තමන්ටම කියාගන්න.
ඒත් ඇත්තටම ඇය ආදරය අකමැති කෙනෙක් නෙවෙයි...ඇය බය වුණේ නැවත වතාවක් ආදරය බලාපොරොත්තු වෙලා, ආයෙත් තනි වෙන්න.

රෑ වෙද්දී නිවස පුරා පැතිරුණේ නිහඬ බවක් විතරයි.මිරායාගේ කාමරයෙන් ඇසුණු පොඩි ශබ්දයක් පවා ටිකෙන් ටික නැතිව ගියා. මුළු නිවසම නිදාගෙන වගේ තිබුණත්, රිවේෂාගේ මනසට නම් විවේකයක් ලැබුණේ නැහැ.කාර්යාලයේ වැඩ, ව්‍යාපාරයේ තීරණ, අතීතයේ මතක... හැම දෙයක්ම එකින් එක ඇගේ සිතුවිලි අතරට ආවා.ලැප් එක වසා දැමූ ඇය පුටුවට හේත්තු වෙලා මොහොතක් ඇස් පියාගත්තා.

"ඇයි මට මේ තරම් අමාරු වෙන්නේ..."

ඇය තමන්ගෙන්ම අහගත්තා.
ඒත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් ඇයට කවදාවත් හම්බ වුණේ නැහැ.
ටික වෙලාවකට පස්සේ ඇය නැගිටලා කාමරයේ විදුලි පහන් නිවා දැම්මා. ජනේලයෙන් එළිය බලද්දී සඳ එළිය පමණක් කාමරයට වැටිලා තිබුණා.
අනිත් අයට සාමාන්‍ය දෙයක් වුණ නින්ද, රිවේෂාට හැමදාම ලොකු සටනක් වුණා.

ඇඳ මත වැතිරුණු ඇය සිවිලිම දිහා බලාගෙන නිහඬව හිටියා.අතීතයේ මතක, අමතක කරන්න උත්සාහ කළ වචන, නොලැබුණු ආදරය... හැම දෙයක්ම නැවතත් ඇගේ හිත ඇතුළේ දෝංකාර දුන්නා.

"මට කවුරුත් ඕන නෑ..."

ඇය හැමදාම කියන වචන ටිකම නැවතත් මුමුණලා ඇස් පියාගන්න උත්සාහ කළා.

ඒත් ඇගේ හිත දැනගෙන හිටියා...
ඒ වචන පිටින් කියන තරම් ඇත්ත නෙවෙයි කියලා.තමන්ට ඇහෙන ගානට මුමුනමින් රිවේෂා ටේබල් එක උඩ තියෙන නිදි පෙති වලින් දෙකක් අරන් බීලා ඇස් පියාගත්තෙ එයාට රෑට නින්ද යන්නෙ නැති නිසයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ මගේ 6 ,වෙනි gl කතාව.වචන කියන්නෙ මගේ ලොකෙ නැතිම දෙයක්.කොච්චර හැගීම් තිබ්බත් මට අනුව වචන නැත්තන් ඒ හැගීම් විස්තර කරන්න අමාරුයි.ඉතින් මං කියන්නෙම. පොත් ලියන කෙනෙක්ට නැති වෙන්න හොදම නැත්තෙ වචන.

මේක වෙනස්ම පැත්තටක යන කතාවක්. හැගෝම් ගොන්නක් හිතෙ රිරකරන් අමාරුවෙන් වචන ගැට ගහන් ලියන මගෙන් මොනා හරි අඩු පාඩුවක් වුණානම් කියන්න. ඒක ඉස්සරහට හදාගන්නම්.මාත් එක්ක හැම දාම ඉන්න පනු පැටියෝ ආදරෙයි 🖤.
මතක් කරලා මෙ මගෙ අලුත් කතාව ගැන ඔයාලගෙ අදහස් කියන්න. එපිය දිග වැඩිද , අඩුද කියලත් කියලා වෝට් එකකුත් දාන්න.🖤

ඉතින් මම යන්නම් දැන්. good night..

Sada✍️
2026/7/26

Continue Reading

You'll Also Like

7.4K 462 4
ශ්රී ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන ගමගේ මහතා ලෝකයට ඉතා දයාබර පුද්ගලයෙකි. විසල් ගේට්ටුවකින් වැසුණු බේජ් පැහැය ආලේප කළ විශාල නිවස තුළ විසල් රහසක් ඇ...
248K 2.7K 30
** Jon Bernthal fanfic ** **Older man trope** Naomi thought graduation night would be the beginning of her new life. Instead, she catches her longtim...
1.1M 29.8K 107
❛❛ I hate that I made you love me. ❞ Viola Winslet and Draco Malfoy have spent years pretending to be polite family friends to please their parents...
Wattpad App - Unlock exclusive features