From the beginning of the day Forth of March 2026....
මං දන්නව මං එච්චර ලස්සන නැති බව... එච්චර කියන්නේ ඉතින් ගොඩක් තියා චුට්ටක්වත් නැතුව ඇති...ඒත් ඉතින් කැත මිනිස්සුන්ටත් ලස්සන හැඟීම් තියෙනවනේ...මට එයා ගැන මගේ හිතේ කැමැත්තක් තියෙනවා කියලා තේරුනේ හරියටම එදා...
4th of March at house R****
" ඕක ඉක්මනට දීපං බං.
අඩෝ ඕක කැතයි ඉස්සරහට ලස්සන එකක් ඕනිනේ "
ඒ ඇහුනේ අපි ගියපු ගමන් හවුස් එකේ පැත්තක ඉඳපු සඳලි අක්කගේ කටහඬ එයා එතන ඉඳියේ තව යාළුවො දෙන්නෙක් එක්ක උණ බට වලට ගෝනි තියලා මහනගමන් වෙද්දි අන්තිම ටික මහන ගමන් ඒ කතා කරේ අනිත් උදව්වට හිටියා අක්කට... කොට අක්කා කෙනෙක් නම නම් දන්නෙ නෑ ඉතින් මන්...
එතන ඉඳී අනිත් අක්කා.... එයා නම් හිටිය තනියම වැඩ කර කර.. කොන්ඩේ කපපු ලස්සන හොඳ ඕරා එකක් තියෙන අක්කා කෙනෙක්... දැක්කත් ඇති ඉතින් මාව චූන් වෙන්න. අනේ මන්ද... මටත් සෙට් වෙන්නෙම ඕවා...
දැන් යන්නත් බෑ. මොකද මාව දැකපු අපේ හවුස් කැප්ටන් සේහා අක්කත් දුවගෙන ආවා...
" උඹ යන්නේ නෑ නේ නංගි.අඩෝ අතන තියෙන ගෝනි ටික ඉක්මනටම මහපන්කෝ... උඹ දන්නවනේ මහන්න "
අක්ක කිව්වෙ මට එතනින් යන්න තිබ්බ පොඩි ඉඩත් මකන ගමන් වෙද්දි මම හා කියන්න ඔළුව වනලා මගේ යාළුවා ඇදගෙන අදිති අක්කා ඉන්න පැත්තට නැතුව අනිත් පැත්තට යන්න ගියා...
හංසිනි කියන්නේ එහෙම නැත්නම් මගේ විදිහට හංසි කියන්නේ මට ඉතුරු වෙච්ච එකම හොඳම යාළුවා.... විස්තර වැඩි දිගට කියන්න ඕන නෑ... මම කියන්නම් එහෙම විතරක්
මම ගෝනි කාර් එකට නූල දදා අදිති අක්කගේ විරුද්ධ පැත්තට යද්දි ම එයා කතා කළා...
ඒත්....මට නෙවෙයි.
හංසිට...
මං එයාට වැරැද්දක් කලෙත් නෑ. අනේ මන්ද ඇයි එයා මාව මග අරින්නේ කියලා... කොහොමහරි මම හංසිට යන්න කියලා ඔලුවෙන් සයින් කරලා මගේ පාඩුවේ ඇවිදගෙන ගිහින් එතන තිබ්බ පුටුවකට නැගලා ගෝනිය මහන්න ගත්තේ දුකින් ඔළුව පුරවගෙන.... මං සැරින් සැරේට එයා දිහා බලපු එකෙන් උනේ තවත් දුකවැඩි වෙන එකද මන්දා... එයා හංසිට හිනා වෙවී කතා කරනවා, දෙන්නා එකමුතුවෙලා මහනවා.
මම...???
මම මෙතන තනිවෙලා...
කොටින්ම කිව්වොත් එයා මාව තනිකරලා
ඒ අහසේ අව්ව නිසා මගේ migrane වැඩිවෙලා... ඔලුව කැක්කුමයි පුපුරන්න වගේ. ඒ නිසා මම කිසි කතාවක් නැතුව තනියම වැඩ කළා. ඒ අස්සේ හංසි ගිහිල්ලා බීම පැකට් ගේන්නත් එයා අක්කට මුලින් දීලා මටත් එකක් ගෙනත් දුන්නා. මම අක්කා දිහා බැලුවත් එයා මා දිහා බැලුවේම නෑ. ඉතින් මගේ ඔලුව තවත් රිදෙන්න ගත්තද මන්දා...
" බීම පැකට් එපා බං මට කැප් එකක් හොයලා දෙන්නකෝ "
මම හන්සිට කිව්ව පමාවට එයාට තේරුණා...
" ඔලුව ගොඩක් රිදෙනවද " හංසි ඇහුවේ වොරි වෙන කටහඬකින් උනාම මං " ඔව් මං හිතන්නේ -....." ඒ නම මතක් කරන්නවත් මම කැමති නෑ...
ඒ අස්සෙම තෙවිඳු මං ගාවට ආවහම හංසි යන්න ගියා...
" ඒ උඹ අද BT Speakere ගෙනාවයි??? "
ඉතින් මම ඔලුව වනලා ඒක ගේන්න කියලා කිව්වේ " අනේ කැප් එක දීල පලයන්කො කියලා "
සමහරවිට වෙනද වගේ මගේ funny tone එක නැති හින්දා වෙන්න ඇති ඌ ඉල්ලන පමාවට දීලා ගියා...
මං ඒක ඔලුවට දා ගත්තහම තමයි මම අක්කා දිහා බැලුවේ. එයත් මං දිහා බලාගෙන but disguisting බැල්මකින්... ""හිතන්න ඇති කොල්ලා කියලා... කොහොමත් මං ගැන හිතන්නේ වැරදියටමනේ..."" මන් හිතුවා..
මම ඔලුව පහත් කරන් සිංදුවක් මුමුණ මුමුණ වැඩ කරා.. ටික වෙලාවක් ගියා. එයාට නං ඉතින් මාව මතකම නෑ. ඒක සාධාරණයිනේ. එයාට මාව අඳුරන කෙනෙක් විතරයි... ඔහොම කල්පනා කරද්දි නූල ඉවර වුනා. මම නූලක් දාගන්න විදිහක් නැතුව ඉඳීයේ මොකද පේපර් එක එයා ගාව නේ...
ඉතින් මං කරේ හංසි මං දිහා බලනකම් ඉඳලා අතින් පේපර් එක ඉල්ලුවා... ඉතින් හන්සි අක්කාගෙන් පේපර් කටාර් එක ඉල්ලලා මට දුන්නම අක්කා මං දිහා බලලා
" මොකෝ වෙලා තියෙන්නේ " කියලා ඇහුවා.
මම ඉතින් ""අනේ උඹ නිසා වෙන්න පුළුවන් ඔක්කොම වෙලා තියෙන්නේ අක්කේ "" කියන්න කටට ආපු එක ගිලගෙන හිමීට " ඔලුව රිදෙනවා " කියලා මිමිනුවා...
එතකොට අහනවා
" පැනඩෝල් ඕනද " කියලා... අනේ උබ හුකහන් akke...මිග්‍රේන් වලට පැනඩෝල් බීලා වැඩක් තියෙනවද... හහ්...
" ඌට පැනඩොල් බීලා හොඳ වෙන්නේ නෑ අක්කේ...ඒක වෙන ලෙඩක් "
අලුත් කතාවක්...කියවලා බලන්න.... මේක ගොඩක්ම දුරට sad ending but happy වගේම track ආතල් පිරිච්ච කතාවක් වෙයි... මොකද කිව්වොත්
that's My Type...
මොකද මන් උරුම කරන් ඇවිත් තියෙන්නෙත් දුක විතරයි... හිතන්න හැමතිස්සෙම හිනා වෙලා ඉන්න අයට ප්‍රශ්න නැතුව නෙවෙයි...එයාලා එයාලට හම්බවෙන safe...comforatable zone එකේදී ඒවා පෙන්නන්නේ නෑ... That's All...
Anyway This is My Story...
මගේ කියන්නේ ඉතිම් මගේ... මගේ විතරයි වෙන කාගෙවත් නෙවෙයි... Mn english වලින් අනිත් අය වගේ do not copy කියලා දාන්නේ නැත්තේ english බැරුව නෙවෙයි... Mn english medium But...
මේක මගේ comfortable zone එක...
In my comfortable Zone... I can behave like I want to behave...
So guys.... Good bye... Stay with me
I have no one expect you guys 🫵🫵
Luv U All...
Headless_angel 🖤🖤🖤