Reborn

By _Mochiii_

21.9K 1.2K 136

සමහරු කොයි තරම් දුරකට බිඳුණු කෙනෙක් වෙනවද කියනවනම් ඒ අය එයාලගේ ජීවිතේ ලස්සන දේවල් සිදු වෙනකොට,බය වෙනවා!❤️‍🩹 More

Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
අවසානයි

Chapter 01

4.1K 184 17
By _Mochiii_

මහනුවර රත්නපුර A/c බස් එකක අන්තිම ශීට් එකේ වීදුරුවකට ඔලුවත් තියන් එයාර්පොඩ්ස් දෙක ඇතුළෙන් ඇහෙන සිංදුවකට තාලය මුමුණමින් ජනෙලෙන් පහුවෙන දේවල් දිහා බලන් ඉන්න කෙනෙක්.ඒත් එක්කම ඒ කෙනා දිහාවට යොමුවෙලා තියෙන තවත් ඇස් දෙකක් තිබුනා.හැබැයි ඒ ඇස් දෙකටනම් කිසිම වෙලාවක ඇස්දෙක අයින් කරගන්න උවමනාවක් තිබුණේ නෑ.

ඒත් එක්කම සිංදු අහන් ඉදපු කෙනාගේ අවදානේ බිදුනේ ෆෝන් එකට ආපූ කෝල් එක නිසා.ඉක්මනට ෆෝන් එක ආන්සර් කරා.

" හෙලෝ අම්මා , කියන්න ! "
" හ්ම්ම්..දැන් බස් එකේ ඉන්නේ. හ්ම්ම් ...ඔව්, අප්පච්චීට කියන්න මන් ළං වුනාම කෝල් එකක් දෙන්නම් කියලා ! "

"හරි හරි අම්මා , මන් පොඩි ළමයෙක්නෙමෙනේ මට එන්න පුලුවන්...මං තියනවා ! "

ටිකක් තරහෙන් වගේ කියවන් ගිහින් කෝල් එක කට් කරලා උකුලෙන් තියන් ඇස් දෙක වහන් ශීට් එකට හේත්තු වුනා.වම්කකුල මාර වේගෙන් හොලව හොලව අතේ ඇගිළි ගුලිකරන් එයා ඉදියේ මාර පීඩනයකින්.හයියෙන් ඉහළ පහළ යන හුස්ම වලින් කියන්න පුලුවන් පැනික් ඇටැක් එක කොච්චරද කියන්න.
එයාපොර්ඩ් එක ඇතුළෙන් ප්ලේ වෙන ජනනගේ මහනෙල් සිංදුවට ඒ හැමදේම අමතක කරලා සවන් දුන්නා.තමන්වම පාලනය කරගන්න උත්සාහ කරා.

හැබැයි ඒ හැමදේම එකපාරටම වෙනස් වුනේ එයාගේ අතට තට්ටු කරපු කෙනා කියලා කවුද බලන්න ඇස් ඇරියාමයි.

" මං මෙතනින් ඉදගන්නද ?"

ඒ කෙනා ඇහුවා.පෙනුමෙන් අවුරුදු 26ක් කියන්න පුලුවන් කෙනෙක්.හැඩිදැඩි පෙනුමක් වගේම කඩවසම් බවක් තිබුනා.

" ආ...සොරි ? "

ඉයර්පොඩ් එක නිසා ඇහුනේ නැති දේ ටග්ගාලා ඇහුවා.

" මන් මෙතනින් ඉදගන්නද ? "

ඒ කෙනා ආයෙමත් ඇහුවා.

" ආ..ඕකේ ! "

පුංචි හාදයටත් ප්‍රශ්නයක් නැති නිසාම එයාට ඉදගන්න ඉඩදීලා ජනේලේට හේත්තු වුනා.ඉයර්පොඩ්ස් දෙකත් ආයෙම කේස් එකට දාලා බෑග් එකට දාලා වැහුවා.බෑග් එකත් පපුවට තුරුල් කරන් පහුවෙන බිල්ඩින් දිහාවටයි වාහන දිහාවටයි අවදානේ දුන්නා.

" ගෙදර යනගමන්ද ? "

එහා පැත්තෙන් වාඩිවුන තරුණයා ඇහුවා.පුංචි හාදයා ළාවට ඒ දිහාව බලලා ඔව් කියන්න ඔලුව වැනුවා.

" ඔයාගේ නම මොකක්ද ? "

ඒ තරුණයා ඇහුවාම පුංචි හාදයා ආයෙමත් බැලුවා.

" ඇයි අහන්නේ ? "

ටිකක් තරහෙන් වගේම සද්දෙන් ඇහුවේ.හැබැයි බස් එකේ දාලා තියෙන සද්දේ නිසාම ඒක වැඩිය කාටවත් ඇහුනේ නෑ.අනික හැමෝමත් නිදිනේ.

" හායි , මන් සෙනාශ් අදීක්ශ ! "

තරුණ හාදයා නළදතක් පේන විදිහට පුංචි හාදයට හිනාවක් දීලා එයා ගැන කිව්වා.

" ඉතින් ? "

පුංචි හාදයා ආයේ තරහෙන් වගේ ඇහුවා.

" ඔයාගේ නමත් කියන්න මට , මාත් මගේ නම කිව්වානේ."

තරුණ හාදයා ශීට් එකට හේත්තු වෙලා ඉස්සරහා බලන් පපුවට අත්දෙක බැදගන්න ගමන් කිව්වා.පුංචි හාදයා තප්පරයක් විතර කල්පනා කරනවා කියලා තරුණ හාදයගේ ඇහැකොණටත් පෙනුනා.

" ම්ම්...මන් ආකාශ් ..! "

අන්තිමේදී කොහොම හරි කිව්වා .

" ආකාශ් ? ඉතුරු කෑල්ල ? "

" කල්හාර... ආකාශ් කල්හාර ! "

පුංචි හාදයා අන්තීමේදී කොහොම හරි තමන්ගේ නමම කිව්ව නිසා තරුණ හාදයා ඉදියේ චුටී සතුටකින්.

Main character of the story

" ආකාශ් කල්හාර "



============================================

ඕනම වෙලාවෙ මට හම්බ උනේ එයා♥️

Continue Reading

You'll Also Like

703K 43.7K 141
' මිහිරිතම තනුවක්ය සෙනෙහසේ කවියක්ය නුඹ එක්ක ආදරේ සසර දිගු ගමනක්ය ....... සෞම්‍ය සඳ කැන් සේය මල් පිපෙන හසරැල්ය නුඹ එක්ක ආදරේ මුදු සීත පවනක්ය...
7.6K 697 27
වෙනස් තමයි ඒත් ඒ වෙනසට මම ගොඩක් ආදරෙයි ෴.
102K 7.9K 40
සමහර වෙලාවට අපිට ජීවිතේ ඕනි වෙන්නෙ එකම එක ආශ්චර්‍යයක් විතරමයි..... ඉතින් කඩන් වැටෙන තරුවකින් ප්‍රාර්තනාවක් ඉල්ලන්න ඇයි අපි පරක්කු වෙන්නෙ...
400K 23.2K 142
" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."
Wattpad App - Unlock exclusive features