This Love Hurts |Sinhala | bl...

By shadowZeeD

19.4K 1.3K 160

ජීවිතේ එකම එක පාරක් අපිට හම්බෙනවා කොහේදෝ ඉදලා ටික කාලෙකට අපේ ජීවිත වලට ඇවිත් හැමදේම හරිගස්සලා ලස්සන කරලා යන M... More

2 කොටස
3 කොටස
4 කොටස
5 වෙනි කොටස
6 වෙනි කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
අවසාන කොටස

1 කොටස

1.7K 50 6
By shadowZeeD

1 කොටස

" ඕයි බල්ලෝ... නැගිටපන්.... නැගිටපන් අඩේ... ඉස්කෝලෙ ඇරියා..."

මම මහන්සියටත් එක්කම හොදට නිදාගෙන ඉද්දි සවේද් ඔලුව තියන් උන්න මේසෙටත් පයින් ගහලා මාව නැගිට්ටෙව්වෙ මාත් උගෙ හත්මුතු පරම්පරාවටම බැන බැන නැගිටිද්දි.

" උබ නම් මහ කරුමයක් සවේ... පට්ට හීනයක් දැක දැක උන්නෙ..."

" ගෙදර ගිහින් හීන බැයිනම් ඕනෙ පුකක් බලපන්. දැන් නැගිටපන්. අද අප්පච්චි එනවා කිව්ව එක්ක යන්න... "

අයිශ් මූ නම් එසේ මෙසේ වදයක් නෙමේ දෙන්නෙ. ගමේ කනිෂ්ඨෙ ඉදලා අවුරුද්දකට කලින් ටවුන් එකේ බාලක පාසලට ආපු මට සවේද්ව හම්බෙන්නෙ දැනට සතියකට විතර උඩදි. අවුරුදු ගානක් තිස්සෙ පවුල් පිටින් එන්ගලන්තෙ ජීවත් වෙච්ච හිච්චි විලියම් ගිය සතියෙ අපේ ඉස්කෝලෙට ආවෙ. කොල්ලට ලංකාව වැඩිය හුරු නැති උනාට සිංහල නම් හොදට හුරුයි. සුද්ධ සිංහලත් අගේට පුළුවන්. දොළහ ආට් ක්ලාස් එකේ මගෙ එහා පැත්තෙන් එදා ඉදගත්ත කොල්ලා සතියක් යන්න කලින් මගෙ හොඳම යාළුවෙක් වෙලා ඉවරයි. ඌටත් මේ ඉස්කෝලෙ ලොකුවට යාළුවො නෑ. මටත් කියලා වැඩි වෙනසක් නෑ.

" උබෙ අප්පච්චි එනවා කියලා මට එන්න කියන්නෙ පාවඩ එලන්නද බං. උබ පලයන්. මං බස් එකේ එන්නෙ..."

" මෙන්න මෙහෙ වරෙන් යන්න... උබෙත් හෙන කැටයන් වෙලාවකට..."

" අර උබෙ බඩකඩිත්තුවෙ නම් යන්න එන්නෑ පුතේ මාව මැරුවත්..."

මං කිව්වෙ සවේද් වෙනදට පාසල් එන ශ්‍රී අකුරක් ගහපු ඉබි කාර් එක මතක් වෙලා. අප්පච්චි එන්නෙත් ඒකෙ වෙන්නැතිනෙ.

" උබ වරෙන්කො අප්පච්චිගෙ බඩකඩිත්තුව පෙන්නන්න. "
සවේද් මගෙ අතිනුත් ඇදගෙන බලෙන්ම වගේ පාසලෙන් එළියට ඇදගෙන ආවෙ රට ඉදන් ආව ඌගෙ අප්පච්චියි අප්පච්චිගෙ වන්ඩියයි පෙන්නන්න.

" අන්න බලපන් කිරි ටොයියා වගේ තියෙන වාහනේ දිහා. බලපන් අර බඩකඩිත්තුවට වඩා හොදද කියලා. "

සවේද් පාරෙන් එහා පැත්තෙ නවත්තලා තියෙන සුදට සුදේ බබලන අලුත්ම වර්ගයක කාර් එකක් පෙන්නලා කියද්දි මං ඒදිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. හැබැයි ඊට එහායින් කාර් එකට හේත්තු වෙලා ඉන්න කෙනාව දැක්කම මගෙ ඇස් දෙක එළියටම පනින්න ඇති. කාර් එක වගේද ඒ ඉන්න මනුස්ස පරාණෙ හැඩ. තනි කළු ෆුල් සූට් එක උසට ගානට මේන්ටේන් කරපු ඇගට ලස්සනට ගැලපිලා තිබුණා. දාගෙන හිටපු සන්ග්ලාස් දෙකත් ගලවලා කාර් එකට මෙච්චර වෙලා හේත්තු වෙලා හිටපු එයා කෙලින් වෙද්දි මං උන්නෙ අභ්‍යවකාශගත වෙන්න ඔන්න මෙන්න.

" ඕයි බල්ලො... උබෙ ඇස් එළියට පනී..."
සවේද්ගෙ කටේ සද්දෙට මේ ලෝකෙට ආවා මිසක් ඒ රූපෙ මාව තව ටිකක් පරක්කුවුණා නම් ගිහින් නවත්තන්නෙ හදේ.

" උබට අයියා කෙනෙක් ඉන්නවා කියලා මං දන්නෑනෙ බං. උබ අපායට ගහපු පෝස්ටරේ වගේ උන්නට උබේ අයියා හෙන හැන්ඩි නේ..."

මං කිව්වෙ ඒ රූපෙට මත්වෙලා.

" අයියා... කොයි.... මට කොහෙදෝයි අයියලා..."

" එහෙනම් අර වාහනේට හේත්තුව දාන් ඉන්නෙ..."

" යකෝ.... හුත්...... ඒ මගෙ අප්පච්චි ඕයි..."

මොකක්! අප්පච්චි.... මගෙ කටත් ඇරුණෙ සවේද් ඒ ඉන්නෙ ඒකාගෙ අප්පච්චි කියද්දි. එච්චර හැන්ඩ්සම් ! පළවෙනි වතාවට මනුස්සයෙක් දිහා පෙරේතයෙක් වගේ බලන් උන්නට පස්සෙ ඒ මනුස්සයා හොඳම යාළුවගෙ තාත්තා කිව්වම වලක් කපන් වැලලෙන්න හිතෙන එක සාධාරණ නැද්ද. ඒත් ඒ මනුස්සයා පුදුම තරම් හැන්ඩ්සම් දෙයියනේ.....

සවේද් පාර පැනලා දුවලා ගිහින් එයාගෙ ඇගට පැන්නෙ ඒ අප්පච්චිත් සවේද්ව ආදරෙන් තුරුල් කරගනිද්දි. මං ඒ දිහා බලන් උන්නෙ හීනියට වේදනාවක් දැනෙද්දි. මගෙත් අප්පච්චි උන්නනම් කියලා අවුරුදු ගානකට පස්සෙ මට ආයෙම හිතුණා. අම්මාව මරාගෙන ආව කොල්ලා වෙච්ච මට අප්පච්චි ගැනත් මතකයක් නැහැ. එයත් මාව තනිකරලා වහ බිව්වෙ මං පුංචි කාලෙදි. ඒ හින්දමදෝ කොයිතරම් දරුවො තමන්ගෙ දෙමව්පියො එක්ක ඉන්නවා දැක්කත් මේ දුක මට හැමදාම දැනෙන්නෑ. ඉදලා හිටලා දැණුනොත් තමා. ඒක ඊරිසියාවක් නම් නෙමෙයි. නොලැබීම ගැන පොඩි කලකිරීමක් විතරයි.

" ගෞර්ව ... වරෙන් බල්ලෝ..."

සවේද් ආයෙම කෑගහද්දි ඇස් වල බැදෙන්න ගියපු කදුළු පටලෙ ඇස් පිය ගහලා නවත්තගෙන මාත් පාර පැන්නා. සවේද්ගෙ අප්පච්චි සන්ග්ලාස් ඉවත්කරපු කළු තියුණු ඇස් වලින් මගේ දිහා බලලා හිනාවුණේ මාත් පෙරලා හිනාවෙද්දි.

" මේ සුදු පුතාගෙ යාළුවද..."

" ම්ම්ම්. මං කිව්වෙ අප්පච්චි මූව විතරයි මට සෙට් උනේ. ක්ලාස් එකේ ඉන්න අනික් පුකාලා එකෙක්වත් මට සෙට් නෑ..."

" මොකක්ද පුතා ඔය කතා කරන විදිය. ලන්ඩන් ඉදන් ආවට මොකද සුද්ධ සිංහල අමතක නෑනේ..."

" අපේ දේ රැකගන්ඩ එපැයි අප්පච්චි කොහෙ ගියත්..."

සවේද් කියද්දි ඒ අප්පච්චි සවේද්ගෙ ඔලුව හරි ආදරෙන් අතගෑවා. මං ඒ බර ස්පර්ශය දිහා බලන් ඉද්දි අනේ මටත්... කියලා හිතුණා.

" සුදු පුතා නගින්න. ඔය දරුවත් නගින්න... ගෙදරින් ඇරලවන්නම් ම්ම්ම්..."
මගෙ ඔලුව උඩිනුත් ඒ ශක්තිමත් නහර පෑදුණ අත තියලා බරට ස්පර්ශ කරද්දි මගෙ කකුල් පන නැතිවෙන්න ආවා වගෙයි දැණුනෙ. ඒ ස්පර්ශය ඒ තරමට මගෙ පපුව බරකරා. එයාට තේරුණාද නැත්තන් මං හිතින් හිතුවට කටින් කියලද... මං ඒ ස්පර්ශයට ලෝභවුණා කියලා.

සවේද් වාහනේ යනකන්ම එයාගෙ අප්පච්චි එක්ක මොනවදෝ කියෙව්වා. ඒ සමහර දේවල් මට තේරුමක් නෑ.
වැඩිහරියක් මට ඇහුණෙත් නෑ. මොකද මං උන්නෙ කලින් දැණුන ස්පර්ශයේ බර දරාගෙන.

" මේකද දරුවෝ ගෙදර..."
මං එහෙන් මෙහෙන් කියපු පාරෙ ඇවිත් සවේද්ගෙ අප්පච්චි වාහනේ නැවැත්තුවෙ අපේ පුංචි ගෙදර ඉස්සරහා. මායි ආච්චියි විතරක් ඉන්න ගේ දිහා දෙන්නම බලන් ඉද්දි මට මං ගැන අනුකම්පාවක් දැණුණා. පොල් අතු සෙවෙලි කරපු තනි පලේ පොඩි සාමාන්‍ය ගෙයක්. මේ ගෙදර හදාගත්තෙත් ආච්චි අම්මා ගෙවල් ගානෙ ගිහින් බත් තම්බලා හම්බකරපු සල්ලි වලින්.

" මේ... ගුණවතී නැන්දලෑ ගෙදර නේද... එතකොට ඔය දරුවා..."

සවේද්ගෙ අප්පච්චි ඇහුවෙ මගෙ දිහාට හැරිලා.

" ගුණවතී කියන්නෙ මගෙ ආච්චි අම්මා..."

මං කියද්දි ඒ ඇස් හීනිවුණා. එයා වාහනේ දොර ඇරගෙන බහිද්දි සවේද් අප්පච්චිව අනුගමනය කරලා වාහනෙන් බැස්සා. මාත් බැහැගත්තෙ මෙයාලා මගෙ ආච්චිව දන්නෙ කොහොමද හිතන ගමන්. මගෙ යාළුවා උනාට සවේද් ඉන්නෙ කොහෙද කියලාවත් මං දැනගෙන උන්නෙ නෑ. සතියට මං ඒකා ගැන මොනා කියලා දැනගන්නද.

වාහනේ සද්දෙට ආච්චි අම්මා එලියට ආවත් හිටිය තැනම ගල්වුණේ ඉස්සරහට ඇවිදන් ගියපු සවේද්ගෙ අප්පච්චි දැකලා.

" අප්පොච්චියේ.... හාමු මහත්තයා.... දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ දැකපු කාලයක්...."

" ගුණවතී නැන්දා.... කොහොමද ඉතින්..."

මගෙ ඇස් අද දවසට කීවෙනි පාරටදෝ මන්දා එළියට පයින සයිස්වුණා. හාමු! මේ අපේ වලව්වෙ හාමු ! මට මතක කාලෙක ඉදන් ඔය වලව්වෙ උන්නෙ ලොකු මැණිකෙ විතරයි. අනිත් ඔක්කොමලා රට රටවල්වල.
සවේද් කියන්නෙ වලව්වෙ ලොකු මැණිකෙගෙ මුණුබුරාද....

" ලංකාවට ආවා නැන්දා... අපෙ අම්මගෙ කරදරේ බැරිකමට. සුදු පුතාගෙ යාළුවලු මේ දරුවා..."
මගෙ දිහාවට අත දික්කරලා කියද්දි මං දැක්කා සවේද්ගෙ ඇසුත් මගෙ දිහාට හැරවෙනවා. වලව්වෙ බත් අම්මගෙ මුණුබුරා තමන්ගෙ යාළුවා වෙයි කියලා සවේද් උනත් හිතන්න නැතුව ඇති. ඉදලා ඉදලා හදාගත්ත යාළුකම් උනත් මං හදාගෙන තියෙන්නෙ පෑහෙන්න බැරි තැනකින්. මට දැණුනෙ ඔලුව උස්සලා සවේද් දිහාවත් එයාගෙ අප්පච්චි එහෙම නැත්තන් හාමු මහත්තයා දිහාවත් බලන්න බැරි තරමේ අපහසුවක්.

" මේ අපේ කොළුවා සුදු බේබිව අදුරනවා කිව්වා? "
ආච්චි අම්මත් එකම මගුල ආයෙ අහනවනෙ. ඕකනෙ කරන්න බැරි. දැන් මෙයාලා ගියහම මට කෑගහයි වලව්වෙ බේබිලා එක්ක යාළුකම් හදාගත්තයි කියලා. වලව්වෙ මිනිස්සු ගාව අපි දූවිලි වැලි කැට ගානයි. ආච්චි අම්මා දොහොත් මුදුන් තියලා වදින්නැති ටික විතරයි.

" අපි එහෙනම් ගිහින් එන්නම් නැන්දා. මං මේ තවම එන ගමන් ....
අපි යන්නම් දරුවෝ..."
හාමු මහත්තයා කියද්දිත් මං උන්නෙ බිමට මූණ අලෝගෙන. ඔලුව උස්සලා සවේද් දිහාවත් බලන්න බැරි තරමෙ අපහසුවක් මට දැණුනෙ. වලව්වෙ සමහරදාට වැඩට යන කොල්ලෙක් වෙච්ච මං වලව්වෙ හාමු මහත්තයාගෙ වාහනේ නැගලා උජාරුවෙන් ආපු හැටි මතක්වෙද්දි.... සවේද්ට සුද්ධ සිංහලෙන් අමතන හැටි මතක් උනහම මට දැණුනෙ මං ගැනම පුදුමාකාර අනුකම්පාවක්.

සවේද් මාව අතාරියි නේද. යාළුවෙක් නෙමේ කියයි නේද. වලව්වෙ බේබි කොහොමද මං වගේ එකෙක්ගෙ යාළුවෙක් වෙන්නෙ.

" ආව්...."
ආච්චි අම්මා කෙලින්ම අල්ලගත්තෙ මගෙ කනින්.

" උබ කොහොමද බේබිහාමු එක්ක යාළුකම් හදාගත්තෙ. ලොකු මැණිකෙ දන්නව නම් විසුමක් වෙන්නෑ බොල. ඒ මදිවට හාමු මහත්තයාගෙ වාහනෙත් නැගලා. අපි වගේ එකාලට ඔව්වයෙ යන්න බෑ බොල. "

ආච්චි කියද්දි මං කරබාගෙන උන්නෙ වලව්වෙ පිලිකන්නෙ ගැට්ටෙන් උඩට වද්දගන්නෙ නැති මාව කාර් එකේ දාගෙන එන්න උන එකට හාමු මහත්තයාට කේන්ති යන්න ඇද්ද කියලා. අලුත්ම වාහනේ ජරා උනා කියලා හිතයිද. ඒත් පෙනුමෙන් නම් ඒ මනුස්සයාගෙ මාන්නක්කාරකමක් තිබුණෙ නැහැ. ඒත් හාමු කියන්නෙ හාමුටනෙ.

" මං දැනන් උන්නෙ නෑ ආච්චි අම්මා."
මං කියද්දි ආච්චි අම්මා බර හුස්මක් හෙලලා ගෙට ගියා.

දවල්ට මැටිකෝප්පෙට බෙදාගෙන බත් කන්දක් කාපු මං උන්නෙ බඩත් උස්සගන්න බැරුව. ආච්චි අම්මා හෙට කඩයප්පම් හදන්න පිටි තම්බනවා.

" ගුණවතියෝ.... ගුණවතියෝ..."

වලව්වෙ වත්තෙ වැඩට ඉන්න සිරිපාල දුවගෙන එද්දි මං ආච්චි දිහා බැලුවෙ මේ අවේලාවෙ මොකද කියලා.

" මොකදෑ බං බෙරිහන් දෙන්නෙ..."

" ආං උබටයි කොල්ලටයි ... ලොකු මැණිකෙ වලව්වට එන්න කිව්වා ඕං"

ආච්චි අම්මා මගෙ දිහා බැලුවෙ රවාගෙන. කුදු ගැහිලා උන්න ආච්චි අම්මා හිමින් සීරුවෙ කෙලින් වෙලා සිරිපාලටත් එන්නම් කියාගෙන ගෙට ගියා. මං උන්නෙ ඒ පාර මොන ගිණිගෙඩියක්ද කියලා හිත හිතා. වලව්වෙ ලොකුමැණිකෙ කියන්නෙම ගිණි බෝම්බයක්. ඒ ගෑනිගෙ වැඩේම මං අහල පහල උන්නොත් වැඩක් මවාගෙන හරි වැඩක් කරවාගන්නෙක. එහෙම එකේ හාමුවා ගිහින් මැණිකෙගෙ කනේ තියලද මං සවේද් එක්ක එක පන්තියේ ඉන්නවා කියලා.

" ලොකු මැණිකෙ මොනවා කිව්වත් කට පියාගෙන අහගෙන ඉදපන් කොලුවෝ. උන්දැලෑ එක්ක කතා කොරන්ඩ අපිට බැරුවා..."
ආච්චි අම්මා කියද්දි මං ඔලුව වැණුවෙ වලව්වෙ ඉඩමකම වැටීගෙන එහෙට කබුරලා හම්බෙන තුට්ටු දෙකෙන් ජීවත්වෙන අපි කොහොමද පෑහෙන්නෙ.

" අඩිය ඉක්මන් කොරලා වරෙන් කොල්ලෝ..."
වලව්වෙ ඉස්සරහා ගේට්ටුවෙන් නැතුව පිටිපස්සෙ පුංචි ගේට්ටුවෙන් ඇතුලට ඇවිදින් පිළිකන්න පැත්තට ඇවිද යනගමන් ආච්චි අම්මා මාව ඉක්මන් කෙරෙව්වා.

" ලොකු මැණිකේ... අපෙ මැණිකේ... "
ආච්චි අම්මා කෑගැහුවෙ පිලිකන්නෙ ඉදන්. මං උන්නෙ වටපිට බලන ගමන්. සවේද්ව හරි හාමුවා හරි පේන්න ඉන්නවද කියලා බැලුවෙ.

" ආහ් ගුණවතී ආවද..."

" එහෙමයි මැණිකෙ..."

" මොකක්ද මේ අපේ බේබිහාමු කියන්නෙ... ඒකාගෙ හොදම යාළුවා ගුණවතියගෙ කොල්ලාය කියලා..."

මගෙ ඇස් ආයෙම ලොකුවුණේ අද දවසට හම්බෙච්ච ඊලග පුදුමෙට. සවේද් මං කාගෙ කවුද කියලා දැනගත්තටත් පස්සෙ මාව යාළුවා කියලා අදුන්නලා දීලද. ඒකත් හොදම යාළුවා කියලා.

" එක පන්තියේ නොවැ අපෙ මැණිකේ..."

" කොලුවෝ... එක පන්තියේ උනාට කමක් නෑ යාළුකම් ඕන්නෑ. උබ අපේ බේබි හාමුව බලාගන්ඩෝනෙ ඉස්කෝලෙදි. ඒකා මේ පරිසරේට වැඩිය හුරුනෑ. උබ ඒ දරුවගෙ ඕනෑ එපාකම් ස්කෝලෙදි බලල උදව් කරන්ඩෝනෙ. යාළුකම් හිතවත්කම් වලට නෙමේ බේබිහාමුගෙ ආරක්ෂාවට මං කියන්නෙ."

මේ මුඩුම ගෑනි කියන්නෙ සවේද්ට යාළුවෙක් නොවී බේබිහාමුගෙ වැඩකාරයා වගේ ඉස්කෝලෙදිත් හිටපන් කියලනෙ. කොහොමත් ඔයිට වඩා දෙයක් ලොකු මැණිකෙගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

" අම්මා...."

" මං මෙහේ පොඩි පුතේ..."

හාමු මහත්තයාගෙ ගොරෝසු ඒත් නිවුණ කටහඩ කුස්සිය දිහාවෙන් ඇහෙද්දි මං ඇස් උස්සලා ඒ දිහාව බැලුවෙ ඒ පරිපූර්ණ දේහ ලක්ෂණ ආයෙම මගෙ ඇස් අස්සට කාවද්දගන්න හිතාගෙන.

" අහ්... මං ඒත් බැලුවා අම්මා කා එක්කද කතාව කියලා. මේ අර දරුවනෙ..."

හාමු මහත්තයාගෙ මූණෙ සිහින් ඒත් මුහුණ පින්පාට කරවන හිනාවක් ඇඳුණා.

" සුදු පුතානම් ඇතුලේ දරුවෝ. ඇතුලට එනවද මං අඩගහන්නද..."
මං බැලුවෙ හාමුට අමු කැවිලද කියලා. කවදාවත් වලව්වෙ ඇතුලෙ මොකක්ම හරි බර වැඩකට මිසක් පිළිකන්නෙ ගැට්ටෙන් උඩට එන්න නොදීපු මට හාමුවා ගෙට අඩගහනවා. ඒකත් සතුටුසාමීචියෙ යෙදෙන්ඩ.

" මේකා මෙහෙන් හිටපුවාවෙ පොඩි පුතා. මං ගුණවතියගෙ කොල්ලට කිව්වෙ බේබිහාමු එක්කලා වැඩි බජනෙට නොයා කොල්ලගෙ වැඩක් පලක් කරලා දීලා ඒකාට උදව් කරගෙන ඉන්න කියලා. "

මායාකාරී මොකද පරක්කු කියලා ඒත් මං බැලුවා. ලොකු මැණිකෙ බයවුණා මං ඒ වලව්වට ගොඩවෙයි කියලා. අනෙව් උබලෑ මහලොකු වලව්ව.

" මොකක්ද අම්මා කියන්නෙ. මේ දරුවා සුදු පුතාගෙ යාළුවා මිසක් සර්වන්ට් නෙමෙයි..."

" කොහෙ තියෙන යාළුකම්ද. අපේ පරම්පරාවෙ උන් කවද්ද වැඩකාරයො එක්ක යාළුකම් පෑවෙ. පුතා නොදන්නවා උනාට උබලා උන්න නැති දවස්වල මේ කොලුවා තමයි සිරිපාලට වත්තෙ වැඩට උදව් දෙන්නෙ. එහෙව් එකා අපේ බේබි හාමු එක්ක යාළුකම් පාන්න."

" මොනාද අම්මා මේ කියවන්නෙ. මේ පොඩි දරුවාගෙන් ඔයා වැඩ ගත්තෙ කොහොමද ... අනික සුදු පුතා ඉස්කෝලෙදි ආශ්‍රය කරන්නෙ කාවද ඒ කොයි විදියටද කියලා සුදුපුතාම තීරණය කරපුවාවෙ. අම්මා ඒ දරුවගෙ ඔලුවට මනස්ගාත දාන්න එපා එච්චරයි ..."

හාමු මහත්තයා තරහව උපරිමේට පාලනය කරගෙන ගැඹුරු ඒත් හඩ පාලනය කරගෙන කියාගෙන ගියෙ කොයිතරම් කේන්ති ගිහින් උන්නත් සන්සුන්බව ඒ විදියටම රදවගන්න මහන්සිවෙමින්.
ආයෙ කා දිහාවත් නොබලා එයා යන්න ගියාට පස්සෙ මං ආච්චි අම්මා වගේම බිම බලාගෙන උන්නා.

" ගුණවතියෝ වරෙන්කො ආව එකේ රෑ කෑම ටික රත් කරලම පලයන්. උබ ඔන්න ඔහෙන් ඉදපන් කොලුවෝ..."

ලොකු මැණිකෙ මට කියද්දි මං හිසවනලා පිළිකන්නෙ ගැට්ටෙන් ඉදගත්තා. මං බර හුස්මක් පිටකෙරුවෙ මං ගැනම උපන්න ආත්මානුකම්පාවට. කවදහරි දවසක මට බැරිවෙයිද මේ වලව්ව හතරමායිමේ නොයිද කොහේහරි දුරකට යන්න. මේ වලව්වෙ හුළගක්වත් වදින්නැති දිහාවකට. ආච්චි අම්මගෙ වගේ මගේ හුස්මත් මේ වලව්වටම යටවෙන්න දෙන්නෙ නැතුව කොහේ හරි ඈතකට යන්න මේ අවුරුදු ගානට කීවෙනි වතාවටද මන්දා මට හිතුණා.

" දුක හිතුණද..."
මං ගැස්සුනෙ මට පිටිපස්සෙන් ඇහිච්ච සද්දෙට. ඇවිත් උන්නෙ හාමු මහත්තයා කියලා දැකලා නැගිටින්න හැදුවත් මගෙ උරිස්සෙන් අල්ලලා වාඩිකරවපු එයා මගෙ ලගින්ම ඉදගත්තා. මලල ක්‍රීඩා කරණ නිසාම දිගටි අත් පා තිබ්බට හාමු මහත්තයා වගේ පෘෂ්ඨිමත් ඇගක් මට තිබ්බෙ නෑ. ඒ ශරීර කූඩුව එක්ක බලද්දි බඩට පොත්ත ඇලෙන තරම් ඇටකෝටු නොවුණට, මං හරි හීන්දෑරියි කියලා මට හිතුණා.

" නෑ හාමු..."

" බොරුනෙ. මට මේ මූණෙන් කිව්වෑකි නොසෑහෙන්න දුක හිතිලා ඉන්නෙ කියලා. "

මෙච්චර වෙලා නමාගෙන හිටිය ඔලුව උස්සලා මං හාමු දිහා බැලුවෙ එවෙලෙ. මට එහායින් ලගින්ම පේන කඩවසම් මුහුණ, වත්ත කෙරවලේ රදවගෙන ඉන්න කළු ඇස්වල දාරය, තියුණු නහය හරහා මගෙ ඇස් හදිස්සියෙන් දිව්වා. ආයෙම බිම බලාගත්ත මං ඇගිලි එකට පටලවාගත්තා.

" මට පුරුදුයි ඕවා..."

" අම්මා කියපුවා වැඩිය හිතට ගන්ඩෙපා..."

" මං සවේද් එක්ක.... මං කිව්වෙ බේබිහාමු එක්ක කතාකරනවට හාමු මහත්තයත් අකමැතිද. මං ඇහුවෙ යාළුවෙක් වගේ..."
මං ඇහුවෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ. අදුනගෙන සතියක් උනත් සවේද් මට හරි ලගයි කියලා දැණුණ යාළුවෙක්. ඒත් වලව්වෙ බේබිහාමුවුණ සවේද් තව දුරටත් මගෙ යාළුවෙක් වෙන්න පුළුවන් ද...

" අනේ ඒකට කමක් නෑ දරුවෝ. මගෙ මොන අකමැත්තක්ද... "

" සවේද් ආයෙ මං එක්ක කතා කරන එකක් නැති වෙයිද දන්නෑ නේද හාමු."

" ඇයි එහෙම හිතන්නෙ..."

" නෑ මං වලව්වෙ වැඩපල කරලා දෙන්න එන කොල්ලනෙ. අනික වලව්වෙ බත් අම්මගෙ මුණුබුරානෙ..."

" ගුණවතී කරන්නෙ එයාගෙ රස්සාවනෙ දරුවෝ. රස්සාවෙන් මිනිස්සු මයින්න බෑ. සවේද් එහෙම දරුවෙක් නෙමේ. සුදු පුතා කීයටවත් ඔය යාළුකම් අතාරින්නෑ මට ඒක ශුවර්..."

හාමු මහත්තයා කියද්දි ඉබේම මගෙ මූණ එළිය වැටුණා. මං හිතුවෙ මගෙ එකම යාළුවවත් මට නැතිවුණා කියලා.

අලුත් දවසක් උදාවුනාට කලින් දවසෙ ඉදන්ම මගෙ ඔලුවෙ වැඩකරේ සවේද් ඉස්කෝලෙදි මගෙ මූනක්වත් බලන්නෙ නැතිවෙයිද කියන හීනමානයක්. වලව්වෙ හාමුලායි මැණිකෙලාටයි වෙන් කරායින් පස්සෙ ඉතුරුවුණ කෑම පංගුවක් ඔතාගෙන ගෙනල්ලා රෑට කාලා එහෙම්මම නිදාගත්තෙ ඔලුවට කිසිම නිදහසක් නැතුව.

උදේ නැගිටලා ලෑස්තිවෙලා ආච්චි අම්මාටත් වැදලා මං ගෙදරින් එළියට බැස්සෙ පුදුම කම්මැලිකමකින්.

" ගෞර්වහ්.... වරෙන් නැගපාන්..."

මං එහෙම්මම පිටිපස්ස හැරුණෙ සවේද් මොකද තප්පුලන්නෙ කියලා බලන්න. කොල්ලා හාමු මහත්තයාගෙ කිරි කොකා වගේ වාහනේ වීරුවෙන් බෙල්ල එළියට දාලා කෑගහපු විදියට මට මෙච්චර වෙලා ඔලුවෙ වදදුන්න ප්‍රශ්න සියල්ල දූවිල්ලක්වත් ඉතුරු නොවී නැති වෙලා ගියා. ලොකු මැණිකෙ එහෙම කිව්වට සවේද් එහෙම නෑ.

" නගින්න දරුවෝ...."
වාහනේ මගෙ ලගින්ම නැවැත්තුවම වීදුරුව පාත්කරලා හාමු මහත්තයා කියද්දි මගෙ මූණත් එක්කම එළිය වැටුණා. උදේම පිපිච්ච සුදු නෙළුම වගේ දෙයියනේ .... ලස්සන...

" නැගපන් උට්ටෝ... පරක්කු වෙනවා..."

" සුදු පුතා !!!!
මොකද මේ කතා කරන හැටි...."

මහත්තයා සුදු පුතාට සැරවෙද්දි මං පිටිපස්සෙ සීට් එකට නැගගත්තා. වාහනෙත් එක්කම සුවදයි. මොකක්ද ඒ සුවද. මට මීටකලින් ජීවිතේට ඒ සුවද දැණිලා නෑ. ඒ සුවද එන්නෙ මහත්තයා ලගින්. සවේද් ගාවින් නෙමේ.

" අද මට ස්විමින් ප්‍රැක්ටිස් උබටත් ප්‍රැක්ටිස්ද..."

" ඇත්ලටික්..."

" එහෙනන් උදේ පීරියඩ් දෙක කට් පාරක් දාමු... උබ ඉවරවෙලා පූල් එක ලගට වරෙන් ..."

සවේද් පීරියඩ් කට් කරමු කියලා කියන්නෙ ඒකගෙ අප්පච්චි ඉස්සරහා නේද. මේ මනුස්සයා වචනයක් කියන්නෑනෙ. මං හිතන් උන්නෙ දරුවො පන්තියට යන්නෙ නැතුව කට් කරන එකට දෙමව්පියො අකමැති කියලා. හැබැයි හාමුගෙ මූණෙ ඇදිලා තියෙන හිනාවෙන් කිව්වැකි සවේද්ට ඒ නිදහස දීලා තියෙන්නෙ කියලා.

" හරි මං එන්නම්..."

" ආහ්... මේක ගනින්..."

සවේද් මගෙ දිහාවට පාර්සලයක් දික්කරා. මං ඒ දිහා බලද්දි දැක්කෙ කෑම පෙට්ටියක් වගේ. සේවියට් එකකින් හරි පිළිවෙලට ඔතලා.

" මේ මොනාද..."

" අප්පච්චි උදේ හැදුවෙ. උබටත් දෙන්න කිව්වා"
දෙයියනේ මටහ්! මොනාද දන්නෑ තියෙන්නෙ. මගෙ ඇස් දිලිසෙන්න ගත්තා. ආච්චි අම්මා උදේට තම්බන මොනාහරි කාලා ගියොත් ඇරෙන්න මං ඉස්කෝලෙට කෑම ගෙනිච්ච දවසක් මට මතක නෑ.

" සැන්විචර්ස් වගයක්. උදෙන්ම කාපන්. "
සවේද් ආයෙ කියද්දි මං ඒ කෑම පෙට්ටිය දෝතින්ම අරගෙන පපුවට බදාගත්තා. රටක් රාජ්‍යයක් මගෙ අත් දෙක උඩ තිබ්බා වගේ.

" තැන්කිව් මහත්තයා...."

" උදෙන්ම කන්න දරුවෝ...දෙන්නටම ඇතිවෙන්න මං බත් එකකුත් බැන්දා. දෙන්නත් එක්ක ඉන්ටර්වල් එකට කන්න..."

" පිං මහත්තයා..."

මං කියද්දි හාමු මහත්තයා මගෙ දිහා බලලා හිනාවෙලා ඉස්සරහා බලාගත්තා. ආයෙ ඉස්කෝලෙ ලගට එනකන්ම සවේද් රටේ නැති දේවල් මං එක්ක කියෙව්වත් මං උන්නෙ මේ ලෝකෙන් හුගක් දුර. මහත්තයා මට කෑම පෙට්ටියක් දුන්නාහ් !!!!

මිහින්ස විද්වාන්

ගෞර්ව අභිමන්ත්‍ර


_____________________________

කමෙන්ට් එකක් දාගෙන යන්න. දිගටම කියවන්න කැමති නම් සේව් කරලත් තියාගන්න. ඊලග කොටසින් හම්බෙමු.

Continue Reading

You'll Also Like

75.2K 4.5K 30
සමහරු සමාජය අනුමත නොකරන ආදරයක් හිතට හුරු කරගන්නවත් බයයි... ලෝකය "වැරදි" කියලා ලේබල් කළ හදවත "නිවැරදි" කියලා පිළිගත්ත තහනම් කළ ආදර කතාවක්. ඔවුන්ට එකට...
58.5K 3.7K 30
No descriptions , No spoilers , read on to find out the ending... 🚫
3.3K 205 8
" ඇයි දෙවියනේ මගේ ආදරේ ඔයාට තෙරෙන්නෙ නැත්තෙ මන් ගැන බැරි නම් අඩුම ළමයා ගැනවත් බලන්න" තාවින්ද්‍ය සිත්මිතු පෙරේරා " මන් උබට කිව්වා යකෝ මට තොගෙ ගැනවත...
38.7K 1.9K 16
ආර්යන්. ඔහුගේ ජීවිතයේ එකම අරමුණ වූයේ තම පවුල විනාශ කළ අයගෙන් පළිගැනීමයි. ඒ පළිගැනීමේ ගොදුර බවට පත් වූයේ අහිංසක කේවින්. ​මන්දිරයක බිත්ති හතරක් මැද සිර...
Wattpad App - Unlock exclusive features