මෙහි ලියා ඇති සියල්ල මනඃකල්පිතයි.
══════════════════════
─── ⋆⋅☆⋅⋆ ───
"Fuck! මේක හිතුවට වඩා වෙලා යන වැඩක්නේ."
මම හිටියෙ මගෙ ඇඳුම් මාරු කරන අතරේ.මම ඇඳගෙන හිටපු ඇඳුම් ටික අයින් කරලා කළින් ලෑස්ති කරගත්තු waiter uniform එක ඇඳගන්න මට ඉතුරු වෙලා තිබුණෙ විනාඩි කීපයයි.
"පොර දැන් drink එක ගත්තා.වැඩේ පටන් ගන්න පුළුවන්."
එකපාරටම මට earpiece එකෙන් ඇහුනෙ මගෙ partner in crime,සහිරුගේ කටහඬ.
"හරි වැඩේ පටන් ගන්න."
එහෙම්මම සහිරුට command එක දීපු මම uniform එක ඇඳගෙන ඉවර වෙලා cctv cameras සේරම turn off වෙලාද කියලා ආපහු check කළා.ඊට පස්සෙ මම හැරුණෙ එතන බිම සිහි නැතිව වැටිලා හිටපු security officer දිහා.දැන්ම සිහිය එන එකක් නෑ කියලා confirm කරගන්න පයිනුත් එකක් ගහලා මාරු කරන්න කළින් ඇඳන් හිටපු ඇඳුම් ටිකත් අරගෙන මම කාමරේ දොර වහගෙන එළියට ආවේ සම්පූර්ණ waiter uniform එක ඇඳගෙන.දැන් බය වෙන්න කිසි දෙයක් නෑ.
පෙනුමෙන් එළියෙ හැමදේම සාමාන්‍ය විදිහට තිබුණා.Hotel එකේ මිනීමැරුමක් සිද්ධ වෙන්න යන බව නොදැන party එකට ආපු හැමෝම හිටියෙ විනෝද වෙවී එයාලගෙ ලෝකවල.මම ඔරලෝසුව දිහා බලාගෙන ආපහු earpiece එකට කතා කළේ වටපිටාව ගැන ඇහැ ගහගෙන.
Drink එකට දාපු sedative එක වැඩ කරන්න අඩුම විනාඩි දහයක්වත් යනවා කියලා මම estimate කරගෙන හිටියේ.
"සහිරු,මිනිහා ඇතුළට ගියාද?"
මම රහසින් වගේ earpiece එකට කොඳුරලා ඇහුවෙ VIP room area එක පැත්තට සාමාන්‍යයෙන් ගමනින් ඇවිදගෙන යන ගමන්.
"ඔව් දැන් ගියා.මම signal එක දුන්න ගමන් switch වෙමු."
සහිරු උත්තර දුන්නා.මගෙ ඔළුව දැන් ටික ටික බර වෙනවා වගේ මට දැනුණා.වෙන contracts වලදි වගේ නෙවෙයි.සමහරවිට මේක මම මෙහෙම යන අන්තිම contract එක නිසා වෙන්න ඇති.මම ටිකක් ලොකු හුස්මක් අරන් VIP room area එකට ගියා.Waitor කෙනෙක් විදිහට ඇඳන් හිටපු නිසා කවුරුත් මාව ගණන් ගත්තෙ නෑ.
මම පඩිපෙළ නැගලා උඩට යද්දි සහිරු අදාළ room එකෙන් එළියට ආවෙ room service uniform එකක් ඇඳගෙන.Room number 33.මොකුත් නොකියා හෙමින් ඔළුව වනපු මම එයාට outside area එක clear කරලා තියාගන්න කියලා ඇඟෙව්වා.මොකුත් නොවුණු ගාණට මම මගේ අතේ තිබුණු ඇඳුම් ටික සහිරුට පාස් කරගෙන ඒත් එක්කම හෙමින් lock කරලා නොතිබුණු door එක ඇරගෙන ඇතුළට ගියා. මට දකින්න හම්බවුනේ ඇඳක් උඩ වැතිරිලා හිටපු තව ටිකකින් අවසන් ගමන් යන්න ඉන්න ඒ අහිංසක පිරිමි පරාණය රන්දුල් සමරසිංහ.ඒ කියන්නෙ සමරසිංහ group එකේ එකම උරුමක්කාරයා.ඒ වගේම Graves ලගෙ අංක එකේ ප්‍රතිවාදියෙක්.
අහිංසකයි කිව්වට මිනිහගෙ ඇති අහිංසකකමක් නෑ.කරන තරමක් කරන්නෙ නීතිවිරෝධී වැඩ තමයි.
කළින් party එකේදි මිනිහට නොතේරෙන්න සහිරු එයාගෙ drink එකට දාපු sedative එක හින්දා මිනිහට හොඳටම නින්ද ගිහින්.මිනිහා hotel එකට ආවෙ තනියම කියලා මම දැනගෙන හිටියත් මට ලොකු වෙලාවක් ඉතුරු වෙලා තිබුණෙ නැහැ.
කාමරේ දොර වහලා ඇඳ ළඟට ගිය මම සාක්කුවෙ ඒ වෙනකොටත් ලෑස්ති කරලා තිබුණ injection tube එක එළියට ගත්තා.ඒකෙ clip එක ඇරලා කෙළින්ම රන්දුල්ගේ අතට inject කරපු මම tube එකේ පිරිලා තිබුණ සයනයිඩ් හෙමින් රන්දුල්ගෙ ඇඟ ඇතුළට යනහැටි බලාගෙන හිටියෙ කිසිම හිතක් පපුවක් නැති කෙනෙක් ගාණට
අවුරුදු දොළහෙ ඉඳන්ම මිනීමැරුම් ඇස් දෙකෙන් දැකලා තිබුණු මට මේ දේවල් දැන් සෙල්ලමක් විතරක් වෙලා.මාෆියාවක ජීවත් වෙනවා නම් කාට වුණත් ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් භාරගන්න වෙනවා.අද මම මේ දේ කරන්නෙත් Graves වෙනුවෙන්.Graves ලට අයිති දෙයක් ලඟ තියාගෙන හිටපු රන්දුල්ට ජීවත් වෙන්න අයිතියක් නෑ.
තප්පර තුනෙන් හිස් වුන tube එක එළියට ඇදලා අරන් සාක්කුවට දාගත්ත මම රන්දුල් දිහා ආපහු බලන්නවත් කාලෙ නාස්ති නොකර එළියට ආවා.
"වැඩේ හරි,මම දැන් එළියට එනවා."
earpiece එකට කියපු මම වටපිට නොබලා කෙළින්ම ගියේ exit එක පැත්තට බලාපොරොත්තු වුණ විදිහටම සහිරු VIP rooms වලට ටිකක් එහායින් තිබුණු bathroom area එකත් එක්ක තිබ්බ entrance එක ළඟ බලාගෙන හිටියා.
"Diamond එක හරිනේ?"
මම සහිරුගෙන් ඇහුවෙ කඩිමුඩියෙම වගේ hotel එකෙන් එළියට යන ගමන්.
"ඔව් ඔව්"
සහිරු උත්තර දුන්නෙ ටිකක් කලබලෙන්.කොහොමත් මේ වගේ වෙලාවක ඕන කෙනෙකුගේ හිත ටිකක් හරි කලබලයි.අපි exit එකේ පඩිපෙළින් බැහැලා backyard එකේ දැනටමත් නවත්තලා තිබුණු මගේ motorbike එකට නැග්ගෙ කිසිදෙයක් ගැන දෙපාරක් හිතන්න කාලෙ නාස්ති නොකර.
හරියටම විනාඩි පහළවකට පස්සෙ අපි ඇවිත් හිටියෙ මට තාත්තා එන්න කියපු cabin එකට.ඒක තිබුණෙ ටවුන් එකේ කවුරුත් නැති,අතෑරිලා ගිය පැත්තක.
කැබින් එක ඉස්සරහා තාත්තගෙ කළුපාට Audi එකයි තව මම මීට කළින් දැකලා නැති කළුපාට BMW එකකුයි පැත්තකට වෙන්න නවත්තලා තිබුණා.සහිරු මාත් එක්කම බයික් එකෙන් බැහැලා Jacket එකයි helmet එකයි අයින් කරලා අත්වල දාගෙන හිටපු කළු leather gloves ගැලෙව්වා.
"කෝ diamond එක?"
මම ඇහුවෙ ටිකක් හදිස්සියෙන්.එතකොට සහිරු සාක්කුවට අත දාලා කළුපාට සැටින් රෙද්දකින් ඔතපු ඒ ලස්සන දියමන්තිය මගෙ අතට දුන්නා.ඒ දියමන්තියෙ එළියෙන් මගෙ ඇස් දෙකත් light up උනා වගේ මට දැනුණේ.
"Good Job.Good Job."
මම එහෙම කිව්වෙ සහිරුට ද නැත්නම් මටමද කියලා කියලා මට තේරුණේ නෑ.කොහොම උනත් මගෙ හිතේ තිබුණු එකම බලාපොරොත්තුව අද ඉෂ්ට වේවි කියලා ලොකු විශ්වාසයක් මට තිබුණා.
දියමන්තිය පරිස්සමට ඔතලා තිබුණු සැටින් රෙද්දෙන්ම ආපහු ඒක ඒ විදිහටම ඔතලා සාක්කුවට දාගත්තු මම කැබින් එකේ දොර ගාවට ගිහින් ඒකෙ දොරට තට්ටු කළා.
"Safeword?"
ඇතුළෙන් ඇහුණෙ තාත්තගෙ Assistant ගෙ කටහඬ කියලා මට අඳුරගන්න පුළුවන්.
"Graves"
ඒක කියනවත් එක්කම දොර ඇරුණා."Graves" කියන්නෙ අපේ organization එකේ නම.ඒක පාවිච්චි වුනේ අපේ official members ලා අතර විතරයි.පිටින් කසිකබල් කැබින් එකක් වගේ පෙනුනට ඒක ඇතුළ හොඳ සැපපහසු විදිහට හැමදේම හදලා තිබුණා.organization එකේ secret meetings වලට විතරයි සාමාන්‍යයෙන් මේ කැබින් එක පාවිච්චි කළේ.
කැබින් එකේ දොර ඇරුණට පස්සෙ මම සහිරු එක්ක ඇතුළට ගියා.ඒක ඇතුළෙ තාත්තයි,මම ගෙනාපු Diamond එක ගන්න ආපු මනුස්සයයි වාඩිවෙලා හිටියා.මම ඒ මනුස්සයා දිහා යන්තම් ඕනවට එපාවට පොඩ්ඩක් බැලුවා.මොකද මම මෙච්චර මහන්සි වෙලා ගෙනාපු දියමන්තිය යන්නෙ කා අතටද කියන එකවත් මම දැනන් හිටියෙ නෑ.ඒ මනුස්සයා අවුරුදු විසි පහක තිහක විතර වෙන්න ඇති.ඒකත් මට හරියටම ගෙස් කරන්න බෑ.ඒ මිනිහා අර ඇමරිකන් ෆිල්ම්ස්වල ඉන්න
අපරාධකාරයෙක් වගේ තනිකරම කළු Full suit එකක් ඇඳලා මූණ වැහෙන්න කළුපාට ෆේස් මාස්ක් එකකුත් දාලා තව කළුපාට සන්ග්ලාසස් දෙකකුත් දාගෙන හිටියේ.
ඇත්තටම මේ Diamond එක යන්නෙ කා අතටද කියන එක මට ප්‍රශ්නයක් උනේ නෑ.contract එකේ විදිහට මගෙ වැඩේ රන්දුල් Graves ලගෙන් හොරකම් කරගත්තු මේ diamond එක විකුණන්න කළින් රන්දුල්ව මරලා වෙලාවට ඒ දියමන්තිය ආපහු ගෙනත් දෙන එක විතරයි.මට ඕනි උනේ මොන දේ කරලා හරි මගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න විතරයි.ඒ කියන්නෙ, Graves underworld organization එකේ leader වෙන එක.
"Thank god,යුවොන්...ඔයා කියපු වෙලාවට ඇවිල්ලා."
තාත්තගෙ කටහඬ ටිකක් නෝක්කාඩුවට වගේ.මම එයා කියන හැමදේම අකුරක් නෑර කළත්,මට හැමදාම හම්බවුනේ ඔහොම ප්‍රතිචාරයක්.මට දැන් ඒක හුරු වෙලා.තාත්තයි මායි අතර කවදාවත් බැඳීමක් තිබුණෙ නැහැ.තිබුණේ ගණුදෙනුවක් විතරයි.මේකත් ඒ වගේම එක ගණුදෙනුවක් විතරයි.
මම සාක්කුවෙන් දියමන්තිය එළියට අරන් තාත්තට අතට දුන්නට පස්සේ එයාගෙ ඇස් සතුටින් දිලිසුණා.මම ඉස්සර නම් ඒක බලන්න ආස වුණා.එයා මාව ප්‍රශංසා කරනවා අහන්න මම ඕනම දෙයක් කළා.ඒත් දැන් මට තේරෙනවා තාත්තා සතුටු වෙන්නෙ මම නිසා නෙවෙයි,මම මොන ජරා වැඩක් හරි කරලා එයාට ගෙනත් දෙන හරි කරලා දෙන හරි දේ නිසා කියලා.අදත් ඒ වගේ.
"Good boy."
ටික වෙලාවක් දියමන්තිය දිහා බලාගෙන හිටපු තාත්තා හෙමින් එහෙම කිව්වා.ඉස්සර තාත්තා මට Good boy කියලා කතා කරද්දි මම ආපහු ඒ වචන අහගන්න උත්සාහ කළා.එහෙම උත්සාහ කරලා අන්තිමට මම නැවතුනේ අමු මිනීමරුවෙක් වෙලා.මම දන්නෙ නෑ ඒක කාගෙ වරදින් වුන දෙයක්ද කියලා.මොනවා උනත් දැන් මට ආපහු හැරෙන්න බෑ.
"ඒ කියන්නෙ,mr.අල්විස්,දැන් අපේ deal එක settle ද?"
ටික වෙලාවකට පස්සෙ ඒ කිසිම හැඟීමක් නැති විදිහෙ කටහඬකින් ඇහුවෙ අර ඇවිත් හිටපු මනුස්සයා.
"Yeah.It's settled."
එහෙම කියපු තාත්තා දියමන්තිය පරිස්සමෙන් ඒ මනුස්සයගෙ අතේ තිබ්බා.ඒක අතට අරන් එහාට මෙහාට හරවලා බලපු එයා ඔළුව වනලා එයාගෙ උකුළෙ තිබුණු briefcase එක අරන් මේසෙ උඩින් තිබ්බා.තාත්තා හිනාවක් එක්කම ඒක අරන් ඇරලා බලද්දි ඒක සල්ලිවලින් පුරවලා තිබුණා.
කොහොම උනත් දෙන්නම මේ ගණුදෙනුවෙන් සෑහීමකට පත් වෙලා තිබුණු බවක් තමයි මූණුවලින් නම් පෙනුනේ.
ගණුදෙනුවෙන් පස්සෙ ඒ මනුස්සයා තාත්තා එක්ක handshake කරන හැටි මම සද්ද නොකර බලාගෙන හිටියා.එයා යන්න කලින් මං දිහාත් පොඩ්ඩක් නැවතිලා බැලුවත් මම ඒ මනුස්සයා දිහා බලන්නෙවත් නැතුව ඔරවගෙනම හිටියා.ඒ මොන හේතුවකටද කියන්න මම දැනන් හිටියෙ නෑ.
තාත්තගෙ assistant අර ආපු මනුස්සයා ගියාට පස්සෙ කැබින් එකේ දොර වැහුවා.ඊට පස්සෙ හුස්මක් පාතට දාපු මම තාත්තගෙ පැත්තට හැරුණෙ වැඩි කතා බහක් නැතුව කෙළින්ම කාරණාවට බහින්න හිතාගෙන.
"මට දැන්වත් organization එක භාර දෙනවද?"
Hotel එකේදි සේරම දේවල් හරියට උනාද කියලවත් කියන්න කළින් ඒ අහපු ප්‍රශ්නෙට තාත්තට කේන්ති ගිය බව මට තේරුණා.
"යුවොන්,What's with that attitude?"
තාත්තා එහෙම ඇහුවෙ සුපුරුදු විදිහටම සැරෙන්.ඒ සැරට මම බය වුණා හැබැයි ඒ ඉස්සර.
"මම සිංහලෙන් ඇහුවෙ මට organization එක දැන්වත් දෙනවද නැද්ද කියලා.තාත්තා පොරොන්දු උනානෙ මම රන්දුල්ව මරලා අර Diamond එක ගෙනත් දුන්නොත් organization එක භාර දෙනවා කියලා."
මම ආපහු වතාවක් කිව්වෙ කළින්ට වඩා ටිකක් සන්සුන් විදිහට.
"එහෙම ඉල්ලන ඉල්ලන විදිහට දෙන්න මේක මොකක් කියලා හිතුවද? තමුන් leader උනත් නැතත් organization එක run වෙන්නෙ මට ඕනි විදිහට."
තාත්තා කිව්වෙ කළින්ටත් වඩා සැර පාටට මූණ හදාගෙන.එයා මොන සැර දැම්මත් leader උනාට පස්සෙ මට කවුරුත් මෙහෙම සේවකයෙක් විදිහට සලකන්නෙ නැති බව මම දැනන් හිටියා.මට ඕන වෙලා තිබුණෙ එච්චරයි.මට ඕනි වුනේ puppet කෙනෙක් නොවී value එකක් තියන කෙනෙක් වෙන්න.
"It doesn't matter.මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න තාත්තා."
මම තදින්ම එහෙම කිව්වම මගෙ කට අද නම් වහන්න වෙන්නෑ කියලා තාත්තට තේරුණා.
"යුවොන්,I have something to discuss with you first."
ලොකු හුස්මක් ගත්තට පස්සෙ තාත්තා කළින්ට වඩා ටිකක් සැර බැහැපු සන්සුන් හඬකින් කිව්වා.කියන කියන හැමදේම කළාට පස්සෙ තවත් මොනවද discuss කරන්න තියෙන්නෙ කියලා අහන්න හිතුණත් මම එහෙම ඇහුවෙ නෑ.
"ඒ මොකක්ද?"
මම ඇහුවෙ ටිකක් නුරුස්සන විදිහට.මට දැන් නිකම් පිස්සු වගේ.මොකද මගෙ මුළු ජීවිත කාලෙම මොකක් හරි දෙයක් හරියාගෙන ආවොත් ඒක අන්තිම මොහොතෙ අන්තිම විදිහට සවුත්තු වෙලා යනවා.ඒක නම් මහ පුදුම කාලකන්නිකමක්.
"ඉස්සෙල්ලම ගෙදර යමු.ඊට පස්සෙ බලාගන්න පුළුවන්."
තාත්තා එහෙම කියලා මේසේ උඩ තිබුණු briefcase එකත් අරන් නැගිට්ටා.මම තවත් බර හුස්මක් ගත්තෙ මේ වෙලාවෙ කේන්ති ගන්නෙ නැතුව ඉවසීමෙන් ඉන්න try කරන්න ඕන නිසා.අවුරුදු ගාණක මහන්සිය අපතේ යවන්න මට කොහෙත්ම පුළුවන්කමක් තිබුණෙ නෑ. කොහොම හරි organization එකේ මට කියලා පිළිගැනීමක් හදාගන්න නම් පුළුවන් තරම් ඉක්මනට ඒකෙ leader position එක ගන්න එක හැර මට වෙන විකල්පයක් තිබුණෙ නෑ.
තාත්තා briefcase එකත් අරන් එළියට යන හැටි බලාගෙන හිටපු මම එතන පුටුවක වාඩි වෙලා බලාගෙන හිටපු,ඒ වෙනකොට ඇඳන් හිටපු uniform එකේ waistcoat එකයි bow එකයි ගලවගෙන,ගෙදර යන්න දැනටමත් ලෑස්ති වෙලා හිටපු සහිරුට නැගිටින්න කියලා ඔළුවෙන් ඇඟෙව්වා.සහිරු මගෙ හොඳම යාළුවා උනත් මේ වගේ වෙලාවක එයා මගෙන් ප්‍රශ්න අහ අහා කරදර කරන්නෙ නෑ.ඒක මට සැනසීමක්.
"හවසට හම්බවෙලා කතා කරමු.අද මම ගෙදර."
එහෙම කියපු මම ආපහු ඇඳුම් මාරු කරන්න පටන් ගත්තෙ වේටර් කෙනෙකුත් වෙන්න උනා අන්තිමට කියලා හිත හිත. helmet එකයි leather ජැකට් එකයි දාගෙන ආපහු එළියට එද්දි තාත්තා ආපු වාහනේම ආපහු ගිහින්.කැබින් එක වහලා යතුර අරන් bike එකට නැගපු මම කෙළින්ම ගියේ ගෙදරට.
විනාඩි දහයක් විතර යද්දි ගෙදර ආපු මම bike එක ගේ ඉස්සරහා නවත්තලා helmet එක ගලව ගලව ගේ ඇතුළට ගියා.ඒ වෙනකොට පොඩි වැස්සකුත් වහින්න පටන් අරන් තිබුණා.ඒ වැස්සට වහින්න කිසි පිළිවෙළක් තිබුණෙ නෑ.හිටපු ගමන් වැස්සා.
හිටපු ගමන් පෑයුවා.කාගෙවත් අවසරයක් වැඩක් නෑ.
හෙල්මට් එක ගලවලා අතට අරන් මගෙ තද කළු,සිනිඳු කොණ්ඩෙ අතින් පොඩ්ඩක් අවුස්සගත්තු මම සාලෙට එද්දි දැකපු දෙයින් මගෙ ඇස් දෙක විතරක් නෙවෙයි කටත් ඇරුණා.මම එතනම ගල් ගැහුණා.මට මේ පේන්නේ අවතාරයක්ද?
"ආයු???!!!"
මීලඟ කොටසට...