මාළිගාවට ආපු වෙලාවෙ ඉදන් මං කරේ ඇස් දෙකත් ලොකු කරගෙන ගල් පිළිමයක් වගේ බලාගෙන හිටපු එක.
හත්තික්කේකේකේකේ......ඒකේ ලස්සනනනනන....අනේනේනේ.....මට නම් පිස්සු වගේ වෘක තාත්තේතේතේ...
මාළිගාව තට්ටු තුනකට හදලා තිබුනා.ඒ වගේම ඒක ඉදිරිපස උද්‍යානය වටේට යන විදියට තමා හදලා තිබුනේ.මාළිගාවේ තිබුණු ඝනකම් බිත්ති රිදී පාට ආලේප කරපු තීරු ආකාරයට තිබුනා වගේම ඒ සිත් ඇදගන්නා සුලු බිත්ති වටේටම ජනෙල් මහ ගොඩකුත් තිබුනා.මේ රිදී පාටින් වැජබෙන මාළිගාව ඉස්සරහ රන් ආලේපිත ප්‍රතිමා වලින් වටවුණු දිය උල්පතක් සහිත හරි අපූරු උද්‍යානයකුත් තිබුණා.(ඒ උද්‍යානය දැකපු මට කලන්තෙ හැදුනේ නැති ටික විතරයි.)
මුලු පළාතම එක එක විදියේ මල් වලින් වැහිලා ගිහින් තිබුනා.ඒ වගේම මට ලොකු සතුටක් දැනුනා.ඇත්තටම මට ඒ උද්‍යානය දැක්කම මාරම ආස හිතුනා.ඒක හරියට නිකම් වෙනමම ලෝකයක් වගේ.
මාළිගාවට තිබුණේ හරි විශ්මයජනක,ටිකක් අත්භූත වගේම සාඩම්බර පෙනුමක් වුණත් ඒ අතරිනුත් "ගෙදර" කියන හැගීම මාළිගාව පුරාම පැතිරිලා තිබුණා.ඇත්තටම මට මාළිගාව ගැන හුගක් ආදරේ හිතුනා.
මං හිමීට උද්‍යානය පහු කරගෙන මාළිගාව දිහාට ගියා.ඒ යන අතරමග තිබුන හැම දෙයක්ම මතක තියාගන්නත් සෑහෙන ට්‍රයි එකක් දෙන ගමන් මාළිගාව ඇතුලට පය තිබ්බා.
මාළිගාව ඇතුලේ මගේ රේඩාර් සෝනාර් ක්‍රියාත්මක කරලා ඕපයක් හොයන්න හදනකොටම කොල්ලෙක් ඇවිත් මට කතා කරා.
"හායි,මං කේශව.ඔයා මාළිගාවේ හමුදාවට අලුතෙන් බැදෙන්න ආපු කෙනෙක්ද?" ජිරාෆ් කෙනෙක් වගේ උස කොල්ලෙක් ඇවිත් මගෙන් ඇහුවා.එයා හූඩි එකෙන් හැංගිලා තියන මගේ මූණ බලාගන්න ලොකු උත්සහයක් ගත්තා.ඒත් ඉතින් ඕක අස්සේ කොණ්ඩෙනුත් වැහිලා තීයන මගේ මූණ කාටවත් පේන්නේ නෑ.මේ මෝඩ මිනිහා ඉතින් ඕක දන්නවැයි.How sad නේ?
"හායි..අහ්..ඔව් ඔව්..මං නෙවාන්." මම උත්තර දුන්නා.
"අහ්..හරි එහෙනම්...එන්න මාත් එක්ක.මං ඔයාට ඔයාගේ කාමරේ පෙන්නන්නම්." එයා එහෙම කියලා එතන තිබුණ පඩිපෙල නැගලා උඩ තට්ටුවට යන්න පටන් ගත්තා.
අපි පඩිපෙළ දිගේ උඩට යන අතරේ,පහලට ඔලුව දාලා මං කලින් හිටගෙන ඉදපු ශාලාව දිහා බැලුවා.දන්නවද,ඒක පුදුම ලස්සනයි .කොච්චර ලස්සනද කියනවනන් මට මෙතනට සමාන කරන්න පුලුවන් දේවල් තීනවද කියලත් මාරම සැකයක් තීනවා.ඒ හැමදේම මාරම ලස්සනයි.එච්චර ලස්සන දෙයක් මං මගේ ජීවිතේට දැකලා තිබ්බේ නෑ.
මාළිගාවේ හැම බිත්තියක්ම වෘක රාජධානියේ හිටපු රජවරුන්ගේ සහ රැජිනියන්ගේ ඡායාරූප වලින් පිරිලා තිබුණා.මට නොදැනුවත්වම සුසුමක් පිට වුණා.මේ හැම රාජකීයෙක්ම දැන් මාව වටකරගෙන ඉන්නවා.ඒක දැනෙන්නේ හරියට නිකන් මායාවක් වගේ.මට දැනුනේ එයාලගෙ අතීත ජීවිත මගේ ඇගිලිතුඩු හරහා මගේ ආත්මයටම කිදා බැහැලා විපරම් කරනවා වගේ.
මම ඔලුවත් දෙපැත්තට ගසලා හරි සිහියට ආවා.ඉස්සරහ බැලුවම මං දැක්කා අපි දිග කොරිඩෝවක ඇවිදගෙන යනව කියලා.තව ටිකක් ඉස්සරහට ගිය කේශව ශාලාව කෙළවරේම තිබුණ දොරක් ලගින් නතර වුණා.
"ඉතින් නෙවාන් මේක තමයි ඔයාගේ කාමරේ.බඩු අස් කරලා ඉවර වෙලා ඔයා කැමති දෙයක් කරන්න.අලුතෙන් බදවාගත්ත සෙබලුන්ට හවස හතට පහළ කෑම ශාලාවේ රෑ කෑම සංග්‍රහයක් තියනවා.සැහැල්ලු ඇදුමක් ඇදන් එන්න.ඒක තියෙන්නේ ඔයා කලින් ආපු ශාලාවට දකුණු පැත්තෙන්.අවාසනාවකට වගේ අද රජතුමාට අලුතෙන් බදවගත්ත අයව මුණ ගැහෙන්න එන්න විදියක් නෑ.මොකද එතුමා රාජකාරි කටයුතු වගයකට එළියට ගිහිල්ලා.ඒත් හෙට පුහුණුවීම් තියන වෙලාවට එතුමා අනිවාර්යයෙන්ම එතනට එනවා.පුහුණුවීම් උදේ හයට මාළිගාව ඉදිරිපස උද්‍යානයේ තියනවා.පරක්කු වෙන්නෙ නැතුව එන්න." කියලා එයා යන්න ගියා.
වාව්......
මං කාමරේ ඇතුළට ගියාම,ඒක ලොකු කාමරයක් කියලත්,king size වියන් ඇදක්, ලොකු ඇදුම් අල්මාරියක්,බිත්තියට සවි වුණ full body mirror එකක්,පොත් මේසයක්,attached bathroom එකක්,සපත්තු රැක් එකක් තියනවා කියලත් දැක්කා.මං මගේ බෑග් ටිකත් බිමට විසි කරලා දුවලා ගිහින් ඇදට පැන්නා.
අහ්හ්හ්....මාර සොෆ්ට්.මං ලොකුම ලොකු හිනාවකුත් දාගෙන ඇද බදාගත්තම මට දැනුනේ හරියට පිහාටු ගොඩක් බදාගෙන ඉන්නවා වගේ.
සැන්ටාසියා වල ඉදන් මිඩෝරා වලට පැය දහයක් තිස්සෙම ඇවිත්,මං පාන් කියාගන්න බැරුව හිටියේ.ඒත් ඉතින් නිදාගන්න වෙලාවක් තිබ්බේ නෑ.
මං හිමීට ඇදෙන් බිමට බඩගාලා මගේ බෑග් මලු ටික අස් කරන්න පටන්ගත්තා.පොත් ටික ඔක්කොම හරියට අඩුක්කරලා ඇදුම් ටික ඇදුම් අල්මාරියට දැම්මා.
මං වෙලාව බැලුවමයි දැක්කේ හවස හයත් වෙලා කියලා.අලුත් ආරක්ෂකයොත් එක්ක රෑ කෑම ගන්න යන්න ඕන නිසා මං ඉක්මනට ලෑස්ති වෙන්න ගත්තා.
මං මෙහෙට වෙනකම්ම ඇදන් ආපු ඩෙනිම් එකයි හූඩි එකයි ගලවලා දාලා ෂවර් එක යටට ගිහින් හිටගත්තා.ගොඩ වෙලාවක් හොදට නාගත්තට පස්සේ,මං සැහැල්ලු දිග කලිසමකට හූඩි එකක් දාගෙන කොන්ඩෙත් මූණ වැහෙන විදියට හදා ගත්තා.
හූඩි එකෙන් වැහිලා තීන මගේ මූණ අනිත් අයට පේනවද නැද්ද කියලා කණ්ණාඩියෙනුත් බලපු මං එහෙම්ම වෙලාව හතට ලගද කියලා බලන්න මගේ ඩිජිටල් ඔරලෝසුව දිහා බැලුවා.මං කාමරෙන් එලියට ඇවිත් දොර වහලා දාලා හූඩි එකත් හොදට පහලට ඇදගෙන කෑම කාමරයට යන්න පඩිපෙළ බැස්සා.
ඇතුළට යනකොටම මං දැක්කා දිග මේසයක් වටේට ඉදගෙන ගොඩක් කට්ටිය කතා කර කර ඉන්නවා.මම හිමීට වටපිට බැලුවා තව කොළ පාට ඇස් තීන අය ඉන්නවද කියලා.ඒත් මං කාවවත් දැක්කෙ නෑ.මං හිතන්නේ කොළ ඇස් තියන එකම හාදයා මං විතරද කොහෙද.මේක නම් නියමයි.just wow.කොච්චර නියමද කියනෝනන් තනි ඇහැටත් ඇඩෙනවා.මම හිමීට කුටු කුටු ගගා මේසේ කෙළවරේම තියන හිස් පුටුවට ගිහින් වාඩි වුණා.මගේ රේඩාර් වලට ඇහුනා සමහරක් හොරෙන් එකේකේවා කියනවා.
"බලනවකෝ අර කොල්ලා දිහා.."(හනේ ඉතිම් මොනාත දන්නේ නෑ බලන්නේ)
"ඇයි එයා හූඩි එකක් ඇදන් ඉන්නේ.."(නැත්තන් හෙලුවෙන්ද යකොව් ඉන්න කියන්නෙ.හුත්ත...)
"ඌ පිස්සෙක්ද?"(මට නෙවෙයි තොට තමා යකෝ පිස්සු.පගයා)
"එයා මොනාද මෙතන කරන්නේ"(අහ් මං මේ ගෙදර ඉන්න බැරි අමාරුවට නිවාඩුවකටනෙ ආවෙ මෙහෙ.)
"හහ්..එයා වගේ බටු ඇටයෙක් මේ කොල්ලෝ සෙට් එක අස්සේ ඉදලා ඉතුරු වෙන එකකුත් නෑ"
(ඔව් ඔව් ඒක ඇත්ත...මගේ පස්ස තමා..මොනාද ඔට්ටු,තප්පර දෙක තුනකින් තමුසෙට සිහිනැති වෙන්නම ගහන්න මට පුලුවන්.හරීරී උස මිනිහනේ..ආවා මෙතන බටු ඇටයා යැයි යැයි ගාන්න.මෝඩ පගයා.)
හරි හරි ඉතිම් ඔය ඔක්කොම මං කිව්වේ නෑ හිතුවා විතරයි.ඉම්හි..ඉම්හි..
මොනා වුනත් මේක දිගම දිග භෝජන සංග්‍රහයක් වෙනවා කියලා නම් මට හොදටම විශ්වාසයි.
___________________________________
ඔන්න ඇලුත් චැපියා දැම්මා.සොරි පරක්කු වුනාට.ජොබ් එකත් එක්ක ලියන්න වෙලාවක් නැති වුණා.හොදයිද මන්දා 🥺
ඔන්න ඉතිම් අපේ කොළ ඇස් හාදයා මාළිගාවට ඇවිත්..
ඉතින් හෙට එයාට අපේ රජතුමාව මුණ ගැහෙයිද?
ඊට පස්සේ මොනා වෙයි කියලද හිතන්නේ?
බලමු..................
ඊලග එක ඉක්මනට දෙන්න බලන්නම්...
ආදරෙයි පෑන්කේක් එකක් තරම් 😗💜️
එන්නම් ඈ...චෙරියෝ 😌💜
🦋මන්දාකිණී🦋