නාඹර (onhold)

By tae_tao

3.5K 476 154

අම්මා කිව්වා පොඩි කාලෙ මායි; අර පර සුද්දයි... අපෙ අහවල් එව්වා අල්ල අල්ල අර කජු ගහ යට හිටිය කියලා. හැබැයි දැන්... More

1
2
3
4
5
7
8
9
10

6

297 45 15
By tae_tao

අම්මා කිව්වා පොඩි කාලෙ මායි; අර පර සුද්දයි... අපෙ අහවල් එව්වා අල්ල අල්ල අර කජු ගහ යට හිටිය කියලා. හැබැයි දැන් ලොකු වෙලත් ඌත් එක්ක ඒ සෙල්ලම කරන්න මගෙ නම් අකමැත්තක් නෑ. ඌයි මායි කජු ගහ යට නාඹර කජු හොය හොය කඩද්දි මට හිතුනෙ එහෙම. පොඩ්ඩක් ඉන්න! කවදා ඉදන්ද යකෝ මට කොලුකාර හැගීම් පහල වෙන්න පටන් ගත්තේ... ආආආආආආආආආආආආආආ!!!!!!!

උදේත් මගෙ එක නැගගෙන නැගගෙන එන්න ගියා. අනේ මං කොලුකාරයෙක් වෙලාද දෙවියනී..

මම ඔලුව දෙපැත්තට ගැසුවෙ අරූගෙන් පොඩ්ඩක් ඈතට යන ගමන්..

_____________

අම්මා දවල්ට රාජ භෝජනයක් වගේ උයල තිබ්බෙ. කහ බත්, කජු ව්‍යාංජනේ, කුකුල් මස්, අච්චාරු, බටු මෝජු, කිරි කොස්, බැදපු කොස් ඇට.... ජාති ගොඩයි..මම බඩ පැලෙන්න කෑවට ඉතින් ඔව්වා ඔක්කොම අර පරසුද්දට තමා හදලා තිබ්බෙ.. ඌ සෝමාලියාවෙන් බැහැපු එකා වගේ අම්මට රසයි රසයි කිය කිය කෑවා. එක අතකට ඌ පව් කියල මට හිතුනා. එංගලන්තෙ කෑම මෙහෙ වගේ නැතුවැතිනෙ.. කව්ද අකමැති රසට කන්න..අවුරුදු ගානක් රට හිටියට ලංකාවෙ කොල්ලෙක්නෙ..

කාලා අනික් අතට මම ලෑස්ති වුනේ පන්ති යන්න ඕන නිසා. කොහෙටත් අදින මගේ කළු ඩෙනිමයි අළු පාට ටීශර්ට් එකයි මං දාගත්තා.
අද තියෙන්නෙ කෙමිස්ට්‍රි පේපර් ක්ලාස්.. කරුමයක් කියන්නේ ඉතින් ආයෙ ලෝක කරුමයක් ඒ විශය නම්.. මම ඕලෙවල් ලෙසටම ගොඩදාපු නිසා මොළේ තියෙනවයි කියල හිතාගෙන මැත්ස් තෝරගත්තට දැන් තමා හිතෙන්නෙ එතකොට මොළේ කලදක් තිබිල නැහැයි කියල.. මොළයක් තිබ්බ නම් මැත්ස් කරන්නෑ ඩෝ!!

මම මගේ කපුටු කූඩුව අමාරුවෙන් හරි මනුස්සයෙක් වගේ පීරගත්තෙ ඒකට ඉතින් කෙල්ලොත් එනවනෙ.. ඒ වුනාට ලස්සන උන් ඉන්නෙ එකයි දෙන්නයි උන්ටත් කොල්ලො ඉන්නව මදි නොකියන්න. ඒ වුනාට ගෙදරට ඉන්නව වගේ හඩු පිටින් යන්න බෑනෙ බන්..

මම කොණ්ඩෙ පීර පීර ඉද්දි නංගි ආවා කාමරේට දුවගෙන..

"මේ ලස්සනයිද?." ඒකි ඇහුවෙ වටයක් කැරකිලා.. සුදු පාට දිලිසෙන චාම් දිග ගව්මක්.. පට්ට ලස්සනයි ඒකට නංගි නිකම් පොඩි සුරංගනාවියක් වගේ..

" ම්ම්.. කොහෙන්ද?"

"සුදු අයියා දුන්නෙ.. ආන් ඔයාටත් එන්න කිව්ව.. ඔයාගෙ පංගුව දෙන්න.."

නංගි එහෙම කියල ගිහාම මම කොණ්ඩෙ අතින් හද හද කල්පනා කළා.. යන්නම ඕනද අප්පා. හිතට හරි නෑනෙ.. කමක් නෑ තෑගි දෙන්නනෙ.. කව්ද තෑගි එපා කියන්නෙ..

මම සුද්දාගෙ කාමරේ ළඟට ගිහින් ආයෙ පාරක් කල්පනා කළා. නිකම්ම දොර ඇරගෙන යන්නත් බෑනෙ. ඒ හින්දා මම චූටි තට්ටුවක් දැම්මා. ඒක කරලා අත ගන්න වුනෙත් නෑ දොර ඇරුනෙ හීයක වේගෙන්. හරියට නිකම් දොර අරින්න ඌ බලාගෙන හිටියා වගේ.
අහ් මේ ඇස්! ඇයි අනේ මේ යකා හැමවෙලේම මෙහෙම බලන්නෙ..

" එන්න.." ඌ මගේ අතින් අල්ලගන්න ගියේ.. මම අත අහකට කරගත්තෙ අහක බලාගෙන.

" දෙන එකක් ඉක්කන්ට දීපන්. පන්ති යන්න පරක්කු වෙනවා මට."

මම කිව්වහම ඌ හිනාවෙලා ඇද උඩ දිග ඇරලා තිබ්බ පොඩි පෙට්ටියක් ඇතුළෙන් ඊටත් වඩා පොඩි පෙට්ටියක් ගත්තා.

මගෙ ළඟින්ම හිටගත්ත එකා මගෙ අතින් තිබ්බා ඒ පෙට්ටිය. ඌ ගොඩක් ළඟින් ඉන්න නිසාම මම ඉක්මනින් යන්න හැදුවෙ. "තැන්ක් යූ..."

"වේයිට් වේයිට්.." පර සුද්දා අල්ලගත්තේ මගේ අතින්. මම හැරිලා ඌ දිහාව බැලුවා.
ඌ තෑගි පෙට්ටිය අරන් ඒක ඇරියා.. ඒකෙ තිබ්බෙ රිදී පාට මාලයක්. මගෙ ඇස් ඉස්සරහ ඒක දිලිසෙද්දි මට අරූගෙ ඇස් දෙක පෙනුනෙත් ඒ දිස්නෙම්මයි.

" මම මේක ගොඩාක් ආසාවෙන් ගත්තෙ.. "

" මං සුරයක් දාලනෙ ඉන්නෙ.. ඕකත් දාන්න ඕනද.. ?" මම ඇහුවෙ අරූ මාලෙ මගෙ බෙල්ලෙ බදින්න ළං වෙද්දි.

" එපා කියලද කියන්නෙ.. " ඌ උඩට ගත්ත අත් දෙකත් පාත දාලා ඇහුවෙ මූණ තැලිච්ච කජු ලෙල්ල වගේ කරන්. මටත් නිකම් අව්ල් වගේ ඒ මූණ දකිද්දි. මෙච්චර වෙලා මගෙ ඇස්වලට එබි එබි හිනාවෙවී ඉදලා දුක මූණක් හැදුවම ඔක්කොටම හපන් දුක හිතුනෙ මට.

" හා හා බැදපන්.. " මම උගේ අත්වලින් අල්ලලා මගෙ බෙල්ල ළඟට ගෙනාවෙ අහක බලාගෙන.. ඒ මූණ එළිය වැටුනා මම හොරැහින් දැක්කා. දැන් ඉතින් මේ අම්මලා පුතාලගේ මාල කෙරුවාව හින්දා මේ ගිනි ගහන රස්නෙට ලෙසටම දහඩිය ගලාවි.. කමක් නෑ මෙයාලගෙ සතුට වෙනුවෙන්නෙ මේ දුක් විදින්නෙ..
අරූ මගේ බෙල්ල බදාගෙන මාලෙ දානවා.. මගෙ ඇස් මානෙ තිබ්බෙ උගේ කිරි පාට බෙල්ල.. තීන්ත විසිරුනා වගේ දුඹුරු පාට ලප පේලියක් බෙල්ල පුරා ඇදිලා. මම ඇස් පියාගෙන හුස්මක් ඉහළට ඇද්දෙ ඌ ළඟින් එන ඒ සුවද මොකක්ද කියල බලාගන්න. පුදුම සුවදක් ඒක.. චූටි සැරක් එක්කලා ඉදුණු චෙරි ගෙඩියක වගේ සුවදක්.. මම දිගටම ඌව ඉව කරද්දි මගෙ හුස්ම උගේ බෙල්ලෙ වැදුන නිසාද කොහෙද ඌ ගැස්සෙන ගමන් මගෙන් ඈත් වුනා. කොහොමත් ඒක හොදයි කියල හිතුනෙ තව එහෙම හිටිය නම් මම ඌව ඉඹින්න ඉඩ තිබ්බ හින්දා.

මම බෙල්ලෙ තිබ්බ ඒ මාලෙ දිහා බැලුවා. ඒකෙ හිටියෙ පොඩි වදුරු පැටියෙක්. මම අරූට ඔරවගත්තා.

" මාව වදුරෙක් වගේද පේන්නෙ?"

" ඔයා චූටි කාලෙ මගෙ ඇගේ එල්ලුනෙ එහෙමනෙ.. වදුරු පැටියෙක් වගේ.."

" අනේ පලයන් උඹ තමා ඇලි හූනෙක් වගේ ඉන්නෙ.. ශික්.. මං යනවා.."

"හෝව් හෝව්.. කොහොමද ක්ලාස් යන්නෙ.."

"යාලුවෙක් එක්කලා යනවා..."

"එතකොට එන්නෙ..."

" ඌ එක්කම තමා.."

"ඉවර වෙන්නෙ කීයටද?"

"මොකක්ද යකෝ ප්‍රශ්න ගොඩ.. හතට විතර.. මං යනවා.."

කාමරේට ආපු මං බෑග් එකත් එල්ලන් කාමරෙන් එළියට ගියෙ අර මාලෙ දිහා එකපාරක් බලලා.. ඌට පොඩි කාලෙ මතකද ඒ කියන්නෙ.. අර කජු ගහ යට සීන් එකත් මතකද දන්නෑ.. සමහර විට මතක ඇති එතකොට පර සුද්දාට මතක හිටින වයසක්නෙ මට නැති වුනාට.

මම එළියට බහිද්දි සමහන් හිටියා මිදුලෙ බෑග් එකත් එල්ලන් අපි දෙන්නා වෙනද විදිහටම ඉතින් පයින් පාරට ඇවිල්ලා බස් එකේ නැග්ගා. අපි දෙන්නා ගොඩක් කල් ඉදන් යන නිසා බස් එක එන වෙලාව දැන් දන්නවා.. ඒ කරලා ටවුමෙන් බැහැල අතුරු පාරකින් ටිකක් ඇතුළට ගියහම පන්තිය. පන්තිය කරන්නෙ මිස් කෙනෙක්. මිස් බැදල චූටි බබෙක් ඉන්නවා. මිස් ඉතින් සමහර වෙලාවට බබාව අතේ තියන් උගන්නවා. මාත් ආසාවට ඒ පොඩි එකීව අරගෙන හුරතල් කර කර ඉන්නවා වෙලාවකට. අද තිබ්බෙ අන්තිමට ලියලා තිබ්බ එම්සීකිව් පේපර් එක සාකච්ඡා කරන්න. මට ඒකට ලකුණු පහළවයි තිබ්බෙ. මෙහෙම ගියොත් නම් ලෙසටම කෙලවෙනවා.. කෙලවිල්ල කෙසේ වෙතත් මම ඒක ඉවර වෙනකම්ම හිටියෙ ඈනුම් ඇර ඇර..

වෙනදට වඩා විනාඩි දහයක් පරක්කු කරලත් එක්කලා පන්තිය ඉවර වුනේ. අර අතුරු පාරෙන් එද්දි මායි සමහනායි අලුතෙන් ආපු කෙල්ලගෙ දිග කොණ්ඩෙ ගැන කියෝ කියෝ ආවෙ.

" කොණ්ඩෙ කන්නද බන්.. අනික ඒකිගෙ පෙනුමෙ හැටියට කොල්ලෙක් අනිවාර්‍යෙන් ඇති.." සමහනා ඉතින් පඩි ටෝක් දෙනවා.

" කමක් නෑ. කව්ද දන්නේ මට උට වඩා කැමති වුනොත්. උත්සාහයනෙ වටින්නෙ.. හා නැද්ද කියපන්.. මම ඒකිට ඇහැක් ගැහුවම දැම්මා බන් පට්ට හිනාවක්.."

"මාත් නම් දැක්කා ඈ ලස්සන හිනාව.. නළ දතක් තිබ්බා බන්. නළ දත් තියෙන උන් ඇත්තටම ලස්සනයි . මගෙ කලින් එකීගෙත් තිබ්බා. හැබැයි ඒකි නම් යකින්නක් වගේ හිනා වෙද්දි.. ආ ... උබලයෙ අර සුදු අයියටත් තියෙනවා නේද?"

" තියෙනවා පකක්.."  මං එහෙම කිව්වට උගේ හිනාව මතක් වෙලා බඩ නිකම් කැලතුනා වගේ වුනා.

" පකක් තියෙන්නෙපැයි ගොන් හිවලො.. නැත්තම් රෙන්නෙ කොහොමද බුරියෙන්ද?"

මට එතකොට මතක් වුනේ කජු ගහ යටදි මම දැක්ක උගේ සුදු බඩයි... තව ආහ්හ් ඒ බුරිය..
" බඩ රිදෙනවා ...." ඒ දර්ශනේ මතක් වෙද්දි මට මොකක්ද වෙනවා...

" ඒ මොකෝ.. බොකක්වත් සෙට් වෙලාද?"

"අනේ කට වහපන්කො. උඹේ කට හින්දා නැති එව්වත් හැදෙනවා.." මම කිව්වෙ අරූගෙ ඔලුවට එකක් ගහලා. එතකොටම මට ආවා අයිඩියා එකක්.

" එහ් මෙහෙ වරෙන් සමහනෝ..." මම අරූව මගෙ පැත්ත හරවන් උගේ ඇස් දිහා බැලුවා. වෙන මොකටවත් නෙමේ මට ඕන වුනේ මම කොලුකාරයෙක් වෙලාද කියල දැනගන්න.

සමහන් ඇස් කරකෝ කරකෝ බලනවා. ඌව දැක්කම මට එහෙම මුකුත් දැනෙන්නෙ නෑනෙ. ඌත් ලස්සන කොල්ලෙක්. ඒත් අර වගේ මට දැනෙන්නෙ නෑ.. මටත් පිස්සුනෙ. මූව මම දන්නෙ චූටිම කාලෙ ඉදලනෙ.. අපි දෙන්නා මුට්ටි සීරුවෙත් එකට. මං කියන්නෙ මොන්ටිසෝරි ගියෙ එකට.. කොටින්ම ස්කෝලෙ එක වසරෙ ඉදන්ම අපි දෙන්නානෙ එකට ඉන්නෙ. මම කොච්චර ඌ එක්කලා බදාගෙන නිදාගෙන ඇත්ද.. එහෙව් එකේ දැනිච්ච නැති මගුලක් ඇයි අර හුප්තා ගැන..

"මොකද බන් වෙලා තියෙන්නෙ.. අසනීපද උඹට.. බඩ රිදිල්ල වැඩියිද රන්දි..."

"නෑ... නෑ.. මේ.."

"ඇයි ඇයි මොකද?"

" කොලුකාරයෙක්ද කියල හොයාගන්නෙ කොහොමද?"

" ඇහ්.." සමහනා මගේ දිහා බැලුවෙ නිකම් බලු බෙට්ටක් දිහා බලනවා වගේ..

" ඊයා එන්නෙපා මගේ ළඟට. උඹ මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනව නේ.." සමහනා මාවත් තල්ලු කරලා දාලා බෑග් එක ගලවල ගත්තෙ මට ගහන්න..

"අනේ එහෙම හුත්තක් නෙමේ ඕයි.. මදැයි යාළුවත් එක්ක ප්‍රශ්නයක් කතා කරගන්න ගියා.. අන්තිමේ මම මැරුනම අඩන්නෙපා උඹ.. ප්‍රශ්න හිතේ හිරකරන් වැවේ පැනල මැරෙනවා මං.." හෙහ් බොරු රංගනයක් ඉතින්..

" අනේ ... ඇත්තටම උඹ ප්‍රශ්නෙකද කොල්ලො. මැරෙන්නෙපා.. ඕන එකක් කියපන්.. මොකක්ද කොලුකාර සීන්නෙක..?"

සමහනා මගේ ඔලුව බදන් අහපු විදිහට හිනා යන්න ආවත් මම හිනාව ගිලගත්තා. ඌ ගාව හඩු ගදයි යකෝ.. මම උගේ සිහියෙන් මිදුනෙ කව්ද මන්ද එකෙක් වාහනයක් නතර කරලා හෝන් එක උඩ නැගගත්ත හින්දා. අපි දෙන්නා ඉස්සරහම නතර කරලා දිගටම හෝන් ගහනවා. පොඩ්ඩක් ඉන්න මට මේ වාහනෙ දැකලා පුරුදුයිනෙ.

" මහීම! රන්-"

"ආනේඒඒඑර්.. උඹලෑ අයියා බන්.. යමන් යමන්. "

කාර් එකෙන් අරූ ඔලුව එලියට දාන් කෑගහද්දි සමහනා දිමි ගොට්ටක් කලිසම අස්සෙ තියෙනව වගේ දගලලා මාවත් ඇදන් ගියා එතෙන්ට. ඌ නම් නැගලත් ඉවරයි ඉස්සරහ සීට් එකට. මම ඉතින් පිටිපස්සෙන් නැග්ගා.

" මම ශොප් එකට යන්න ආවෙ. ඔයාලා ලේට් නිසා මේ පැත්තෙන් ආවා.." ඌ කිව්වෙ වංගුවෙදි තනි අතෙන් සුක්කානම කරකවන ගමන් කන්නාඩියෙන් මගෙ දිහා බලාගෙන.

සමහනා නම් ලෝකෙ නැති කුණු කියෝ කියෝ යනවා. අරුත් එව්වට හිනාවෙවී උත්තර බදිනවා. ඒ ගමන් පරයා මගේ දිහාවත් බලනවා. මොනවද දන්නෑ බලන්නෙ.. මාව පිටස්තරයෙක් ගානට දාලා ඒ දෙන්නම. කොටින්ම  යාලුවත්. මම අරූට මැද ඇගිල්ල උස්සලා ජනේලෙන් එළිය බලාගත්තා.

කාර් එක ෆාමසියක් ගාව නතර කරලා අයිතිකාර මහත්තයා බැහැල ගියහම සමහන් කියන වල් පරයා පිටිපස්ස හැරුනෙ දත් තිස් දෙකම එළියෙ දාන්.
" මොකෝ රන්දි ගොළුව වගේ ඉන්නෙ.. බලපන් අයියා කොච්චර හොඳද.. අපි දෙන්නා ගැන හිතලා එක්කන් යන්නත් ඇවිත්. යකෝ තැන්කිව් වත් කියපන් හුත්තො.. එක ගෙදර නේ ඉන්නෙ තොපි"

" අනේ මගෙන් මුකුත් අහගන්නැතුව ඉන්නවද? ඕකා කෙල්ල බලන්න එන්න ඇති.."

"උඹල සිරාවටම තරහයිද බන්?"

"තරහ වෙන්න යාලු වෙලා හිටියෙ නෑනෙ.."

" මොකෝ යාළුවා කියන්නෙ මහීම?" පර සුද්දා එහෙම අහගෙනම වාහනේට නැග්ගා. මුගෙත් බොරු කෝලම්..
ඔහොම ටික දුරක් එද්දි තමා මට තරු පෙනුනෙ. කාර් එකේ ඒසී එක උපරිමේටම දාලාද කොහෙද.. මට ඒසීවල ඉන්න බෑ පොඩි කාලෙ ඉදන්ම කැරකිල්ලට වගේ ඇවිල්ලා හුස්ම හිරවෙන්න එනවා. පස්සෙ කලන්තෙ දානවා.. දැනුත් එහෙමයි මං ඇස් ඇරන් හිටියෙත් හෙන අමාරුවෙන්.. වමනෙට වගේ එනවා. අරුන් දෙන්නගෙ කටහඬවල් ඇහෙන්නෙත් නෑහෙන ගානට.. මම කතා කළත් සද්දෙ පිට වුනේ නැද්ද කොහෙද

කාර් එක සමහන්ලගෙ ගෙවල් පාරෙන් නැවැත්තුවම ඌ මට බායි කියල අත වනලා ගියා. මම අමාරුවෙන් හිනා වෙලා අත වනන්න ගියත් ඊට කලින් ඌ ගෙදරට දුවලා ඉවරයි..

" අයි.. අයියෙ..." මම අමාරුවෙන් කිව්වෙ ඉස්සරහ කණ්ණාඩියෙන් අරූගේ මූණ දිහා බලාගෙන. ඌ එකපාරටම කාර් එක අයිනට කරලා නවත්තලා බැහැලා මගෙ පැත්තෙ දොර ඇරියා.

" රන්දිව්... රන්දිව්..." ඌ මගේ කම්මුලට තට්ටු කළා. මම ඒ සුදු පාට ශර්ට් එක ගුලි කරගත්තා.. අමාරුවටත් වඩා ඒ මූණ දැක්කම මට හිනාවක් ගියා.

" රන්- බේබ්... මොකද වුනේ... අනේ ඇයි මේ..?"

"ඒ....සී.." මම මැතිරුවා.. ඌ කාර් එකේ දොර ඇරලා තිබ්බ හින්දා ටික ටික මගෙ ඇගට හරියාගෙන ආවත් මම ඒ බව පෙන්නුවෙ නෑ.

ඌ ටක්ගාලා ඒසී ඕෆ් කරල මගෙ ළඟට ඇවිත් කරෙන් අතදාලා මාව සීට් එකෙන් ටිකක් එහාට කරලා ඉදගත්තා. මම ඒ උරහිසට බර වුනේ ඒ ඉන වටේ අත් බැදගෙන..

" කලින් කියන්න තිබ්බා ඔයාට.. ආ මේක බොන්න.. " වතුර බෝතලයක් දික්කලත් මට ඕන වුනේ ඒක බොන්න නෙමේ.. උගේ උණුහුම් තුරුලෙ තව ටිකක් ඉන්න..

"රන්දිව්.... කෝ ඉන්නකෝ... කෝ කෙලින් වෙන්න.. ලුක් ඇට් මී.. දැන් හරිද.. ම්ම්?"
මාව බලෙන්ම කෙලින් කරලා ඒ වතුර බෝතලේ අතින් තිබ්බම මම ඒක දිහාම බලන් කල්පනාවට වැටුනෙ මට මොකක්ද වෙලා තියෙන්නෙ කියල හිතන ගමන්..

"දැන් හරි.."

මම වතුර උගුරක් බීලා කිව්වා. ඒ වෙනකොට නම් මගෙ ඇගට හරිගිහිල්ලා හුස්ම ටිකක් ගන්න පුළුවන් කම තිබ්බා සාමාන්‍ය විදිහට..

" ඕකේ දෙන්.. ඉක්මනින් යන්.. මම වින්ඩොව්ස් ඕපන් තියන්නම්.. "

ගෙදරට යනකම්ම අර පරයගෙ ඇස් තිබ්බෙ පාර දිහාවෙ නෙමේ.. මගේ ළඟ. මට ලැජ්ජයි වුන දේත් එක්කලා. ශික්.. මොන කරුමයක්ද

"මගෙ දිහා නෙමේ පාර බලන් එලවපන්කො.. දැන් හරි කියල කිව්වනෙ එකපාරක්.." මම කෑගැහුවම අරූ හිනාවෙනවා.. ලා එළියක් යට ඒ හිනාව පෙනුනෙත් මට ලස්සනට. මම හිතන්නෙ මට ළඟදිම මේකට බෙහෙත් ගන්න වෙනවා..

ගෙදරට ආපු ගමන් එකෙක්වත් දිහා නොබලා මම බාත් රූම් එකට පැනලා ඇග හෝදන් සරම දාගත්තා. වෙනදට නොදාන ටීශර්ට් එකකුත් දාගත්තෙ පිටේ තඩි තුවාලයක් තිබ්බ නිසා. විටෙන් විටේ ඒක දැවිල්ල ගත්තට මම එළ කොල්ලෙක් හින්දා ඕක ගනන් ගන්න ගියේ නෑ. අම්මා කෑම මේසෙට ඇරිය ගමන්ම වගේ මම ඉක්මනින් කාලා ආවෙ කට්ටිය එක්කලා කන්න එච්චර කැමැත්තක් නැති නිසා. ඇත්තටම කිව්වොත් හේතුව තමා අර පර සුද්දාව මට දිරවන්නෙ නැති එක..

කෙමිස්ට්‍රි පේපර් එකේ විවරණයක් ලියන්න තිබ්බත් මම කවද්ද ඕවා කළේ අනේ. අනික කෙමිස්ට්‍රි.  ඉව්ව්..

මම කාමරේට ගියේ ලයිට් එකත් නොදාමයි. ඒ වුනාට ලාවට එලියක් තියෙනවා.. එළියෙන් දාලා තියෙන ලයිට් එක ජනේලෙන් පෙරිලා ඇවිල්ලා කාමරේට වැටෙනවා .ඔය මදැයි .. මං යද්දි වනමලී ඇද උඩ පුළුන් ගුලිය වගේ සැපට දොයියන් ඉන්නවා. මූ මෙහෙම්මමයි.. වැඩි හරියක් ඉන්නෙ මගෙ ඇද උඩ.. මගෙ බඩට ගුලිගැහිලා නිදියන්නෙ.. ඒත් මේ ටිකේ වනමලි පිට යනව වගේ හැගීමක් මට ඇවිල්ලා තියෙන්නෙ. බිංදුවත් කෙල්ලෙක් හොයාගෙනනෙ. මෙයත් මට බූට තියල පූස් කොල්ලෙක් හොයාගෙනද දන්නෑ.

මම වනමලීවත් බඩ උඩින් තියාගෙන ඇද වට්ටමට හේත්තු වෙලා උගෙ සුදු පාට බූල් අතගගා හිටියා. ඌ පුරු පුරු ගාන ගමන් මගෙ ටීශර්ට් එක උඩින් හූරනවා. ඒ හින්දා මම ඒක ගලවලා දැම්මා. ඌගෙ සිහියෙන් හිටපු මම ඔලුව ඉස්සුවෙ ඉස්සරහින් වනමලී මත්තෙ වැටුනු එළිය හරස් වුන නිසා. මම බය වුනේ මගෙ ඉස්සරහින් සුදු ඇදුමකුත් ඇදගෙන හිටන් ඉන්න එකාගෙ අඬ අදුරෙ දිලිසෙන කොළ පාට ඇස් හින්දා..

" පිස්සෙක්ද බන් උඹ.. මාව මෙහෙම බය කරලා මැරුනම දේපල ලියාගන්න නේද හදන්නෙ උඹ..?" මම ඇහුවෙ වනමලීව තව ටිකක් තුරුල් කරගෙන..

පර සුද්දා හිනා වෙලා ඇදෙන් ඉදගෙන මගෙ ළඟට ආවෙ මොකක්ද උරේකුත් අරගෙන. ඌ ඒක පැත්තකින් තියලා මගේ ළඟටම ඇවිල්ලා මගෙ උරහිස්සෙන් අතක් තිබ්බම මම කෙල ගුලියක් ගිල ගත්තා.

" කෝ.. මට පෙන්නන්න ඔයාගෙ පිට.."

මම වනමලීව ටිකක් උඩට කරලා තියාගත්තෙ අපි දෙන්නා අතර බාධකයක් විදිහට.. "මියෑව්ව්ව්"

" අහකට යමන්.."

"ආහ්.. මුරණ්ඩු වෙන්නෙපා ළමයො.. මම දැක්කා ඔයාව තුවාල වෙලානෙ. මම බෙහෙත් දාලා යනවා.. කෝ ඉතින් එන්නකෝ.."

ඇයි ඇයි මේ ඇලි හූනට තේරෙන්නෙ නැත්තෙ මට මේකාව පේන්න බෑ කියලා.. ළමයොත් කිව්වා මට. දත් ටික බඩට අරින්න හිතෙනව මට.

" කිව්වනෙ එක පාරක් මෙතනින් පලයන්.. මට ඇති තුවාලයක් නෑ.."

"මියෑව්!"

"දැන් ඔයා එහෙමයිද? කියන දේ අහන්නෙ නැද්ද? මට බෙහෙත් දාන්න දෙන්නෙ නැද්ද?"

"නෑ නෑ නෑ නෑමයි!"

මම ටිකක් හයියෙන් කෑගැහුවම මේ පගා මගෙ ළඟටම ආවා. පිටේ තුවාලෙ ඇද පත්තට තද වුනාම මට හික් ගෑවුනා. මම කටත් තද කරන් වේදනාව කාගෙන ඉද්දි ඌ මාව ඉස්සරහට ඇදල අරන් බදාගත්තා. වනමලී මමයි පර සුද්දයි අතරෙ ටිකක් දගලපුවහම ඌ මගෙ අත් දෙකෙන් රූටලා පපුවෙන් ඔඩොක්කුවට පැන්නා.

"මියෑව්ව්... මියෑව්ව්ව්..."

මම ඒත් ඌ බිමට පැනල යයි කියල බයේ අත් දෙකෙන්ම ඌව තද කරලා අල්ලගත්තා..

එතකොටම මට දැනුනෙ සුද්දගෙ සීතල ඇගිලි මගෙ පිටේ තුවාලෙ වටේ යන විදිහ.

" මොකක්ද එතකොට මේ තියෙන්නෙ රන්දිව්... ඇයි තුවාලයක් වුනාම බෙහෙත් දාගන්න බැරි.. මං අහන්නෙ තමන්ට බැරි නම් කාටම හරි කියලා...... ම්ම්.."
උගේ නිකට මගේ උරහිසේ වදිනවා. ඒ කටහඬ හරිම සන්සුන්.  අකුරෙන් අකුර වචන වෙලා හරි ලස්සනට ඒ හඬත් එක්කලා ලිස්සලා යනවා.. ඉංග්‍රීසි හුරුවට මිමිණෙන ඒ වචන මගෙ පපුව අස්සට කිදා බහිනව වගේ මට දැනෙනවා.

"කිව්වම අහලා පලයන්කො... මට ඕන්නෑ මුකුත් .."

"මියෑව්... "

"ඔහොම ඉන්න දගලන්නෙපා.." ඌ අර උරේ ඇදලා ඒකෙ තියෙන ඒවා ඇද උඩට හලලා දැම්මා. මාව තවත් ළඟට කරගනිද්දි මම ගොළුවෙක් වගේ එක වචනයක් කියාගන්න බැරුව ලතැවුනා..

"ස්ස්ස්ස්.." මොනව හරි දන දෙයක් තුවාලෙ උඩින් ඉලුවහම මම තොල හපාගත්තා.

" තව චුට්ටයි..."

"හිම්..මින්....." මම කිව්වෙ වනමලී මත්තෙ තිබ්බ එක අතක් උගේ ඉනට ඉබේම තද වෙද්දි. මට ඒක පස්සෙ තේරුම් ගියත් මම අත එහෙම්මම තියන් හිටිය..
" මම හිතුවට වඩා තුවාලෙ ගැඹුරුයිනෙ.. කොහොමද හිටියෙ..?"

"දරාගත්තා..."

"ගොඩක් රිදුනද?"

" හ්ම්ම්ම් ...."
ඌ මගෙන් තුවාලෙ ගැන අහනවා උනත් මම උත්තර දුන්නේ ඌ මාව චූටි කාලෙ දාලා ගිය එක මතක් කරගෙන..

" මට සමාවෙන්න... ආයෙ එහෙම කරන්නෑ ...."

විනාඩියක් දෙකක් යන්න ඇති. අපි දෙන්නගෙන් කවුරුත් කතා කළේ නෑ. වනමලිත් නිදිද මන්දා.. සුද්දා බෙහෙත් දාලා ඉවර වෙලා ප්ලාස්ටර් එකක් ගහද්දි මම ඒ ඉන තද කරගත්තෙ ඒ බෙල්ලට මූණ ඔබාගෙන. දවල් වගේමයි.... ඌ ළඟින් එන සුවද.. මම හිතේ හැටියට ඒ සුවද වින්දෙ ඇස් පියාගෙන. ප්ලාස්ටර් එක ගහලත් ඌ මගෙන් ඈත් වුනේ නෑ.. වනමලීගෙ පුරු පුරු සද්දෙයි මගේ හදගැස්මෙ සද්දෙයි විතරයි මට ඇහුනෙ.

මම නහය ඒ බෙල්ල පාමුලින් යන්තම් තද කළා.. ඒ බෙල්ල පැත්තට ඇල වුනේ මගෙ පිටේ තුවාලෙ මත්තෙන් ඒ සිතල අතේ ස්පර්ශෙ දැනෙද්දි.

මම මගේ ඇස් ඇරියා. ඒ බෙල්ල... ඒ සුදු පාට හම අඬ අදුරෙ වුනත් දිලිසෙනවා. ඒ සුවද... මගෙ ඇගම පණ නැති වෙනවා වගෙයි මේ පපුව අස්සෙ.. මම යන්තම් මගේ තොල් තිබ්බා. තද කරලා ඉඹින්න කියලමයි මමවත් නොදන්න මගේ හිත ඇතුළෙ මැරෙන්න ඔන්න මෙන්න වැටිලා ඉන්න අසරණයෙක් කෑගහන්නෙ..

ඒත්....
කොහොමද එහෙම කරන්නෙ? මට එහෙම කරන්න පුළුවන්ද? බෑ.. මේක වැරදියි. මම ඌව වේගෙන් තල්ලු කළා. ඌ ඇදට අත ගහලා වැටෙන්නැතුව හිටියා. ඒ ඇස් දිහා බලන්න මට බය හිතුනා.. නෑ බය නෙමේ.. මම ලෑස්ති නෑ.. වනමලී මගෙ ඔඩොක්කුවෙන් බිමට පැනල දිව්වා.

" තැන්ක් යූ ගොඩක්.. දැන් යමන් මට නිදි මතයි.."

එහෙම කියපු මං පොරවන රෙද්දත් අහුවෙච්ච විදිහට පටලන් අනික් පැත්ත හැරිලා ඇල වුනා.
අරූ ඇදෙන් බිමට බැස්සා.

" ගුඩ් නයිට්... ස්වීට් ඩ්‍රීම්ස්.."

ආආආආඅහ්හ්හ්හ්.. මගුලක් කියෝනවා.. මම එහෙම්ම විනාඩි ගානක් ඉදල පිටිපස්ස බැලුවෙ. ඌ ගිහින්. මම එච්චර වෙලාවක් හිරකරන් හිටිය හුස්ම එකපාරට දියෙන් ගොඩදාපු මාළුවෙක්ගෙ වගේ වුනා.
මම මෙච්චර කල්  හිතුවෙ මැච් එකක් ගැහුවම හරි මැරතන් එකක් දිව්වම හරි ඒ වගේ දේකදි විතරයි මෙච්චර හයියෙන් පපුව ගැහෙන්නෙ කියල. නෑ මට වැරදිලා...








***

Continue Reading

You'll Also Like

827 109 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
144K 3.1K 17
Anastasia is a 5 year old child left out the front of a forest to die. She is an abandoned alphas pup that is found by Alex, the Alpha of the White M...
1.5K 197 10
එදිනෙදා ජීවිතයේදී කාර්යයන් සාර්ථක කර ගැනීමට මනෝ විද්‍යා දැනුම රසවත් ලෙස භාවිතා කල හැකිය...☺️ .. ජීවිතේ හීනයක් තියෙන නංගිලා මල්ලිලා හැමෝටම.. (By an In...