ඒ නින්දගිය නින්ද එලි වෙනකල්ම නින්දයද්දි මට රයන් ඇවිත් ඇහැරුවා..
ඕයි හුත්තො නැගිටපන් අද රෑ බඩු ටික පෝර්ට් එකට දාන්න ඕන ඔක්කොම ලෑස්තිද බලපන්.. මං බැලුව කෝකටත් උඹත් බලපන්..
මමත් නැගිටල නිදිමතේ රයන් පස්සෙ ගියා.. ගෙදර බඩු ගෙනල්ල දාල.. කී පාරක් කියල තියනවද ගෙදරට නැතුව පොට් එකට දාපන් කියල...
ගාඩ්ස්.. කවුද මං එපා කියල තියෙද්දි උඹලට ගෙදරට බඩු ගේන්න දුන්නෙ ආ ?
ස්-සොරි සර් පොට් එකට යන පාරෙ පොලිසිය වට කරන් හිටිය...
රයන්- තව අමතර පොට් එකක් හදපන්.. මං තව ටිකකින් වැඩකට එලියට යනව.. එද්දි මේ ඔක්කොම අස් වෙලා තියෙන්න ඕන.. තේරුනාද..
උඹ යමන් බලල මං බලාගන්නං ඒ ගැන..
ම්ම්..
.
.
.
සිංදුවකුත් දාගෙන මං ආවෙ මතීශව අරගන්න... ඒ එද්දි මං දැක්කෙ දැනටමත් ගෙයින් එලියට බැහැල කෝල් එකක ඉන්න එයාව වෙද්දි මට ලොකු හිනාවක් ආවා... එයා ඇත්තටම ලස්සනයි...
මං කාර් එකෙන් බැහැල එයා ගාවට ගියෙ එයාට ගත්ත මල් පොකුරත් අරන්... ඒක එයා අතට දුන්න මං කෙල්ලෙක්ටත් වඩා හීනි එයාගෙ ඉනෙන් අල්ලල උස්සල කරකෝල ගත්තා
ආහ් ඉහී මං වැටෙයි මෝඩයෝ..
මං එයාව බිමින් තියල නළලට කිස් එකක් දීල කාර් එකට නැග්ග...
එයා කාර් එකට නැග්ග ගමන් දාන් ඉඳපු සපත්තු දෙක ගලවල කකුල් දෙක සීට් එක උඩින් තියාගෙන හුරතලේටහිනා වෙලා මං දිහා බැලුව...
මට උඹව හරි හුරුයි බං.....
මං මගෙ අයූ දිහා බලල කල්පනා කරල කා එක ස්ටාට් කරල පාරට දැම්ම.. අයූ හඳට පහසුවට සීට් එකේ ඉඳගන මං දිහා බලල කට හැදුව.. ආය යටි තොල ඉස්සටහට පෙරලන් එයා ඉස්සරහ බලාගත්ත... කියන්න බැයිනං මංම අහගන්නංකො..
මොකද්ද අහන්නෝන?
ම්ම්...කමන්නෑ ඔයා පස්සෙ කියන්නම් කිව්වනෙ.. ඔයා කියනකල් ඉන්නම්..
ම්ම්.. කැමතිද ඕකට ?
මං එයාට දුන්න සූරියකාන්ත මල් පොකුර පෙන්නල ඇහුව...
ඔව් ගොඩාක්...
ම්ම්.. මං එක අතකින් එයාගෙ කණ්ඩෙ අව්ල් කරල ආය ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරේ එක දිගටම ඉවරයක් නැතුව එයා කියවද්දි...
.
.
.
අපි හිටියෙ මියුසියම් එකේ... අද එතන හැම රටකම වගේ මිනිස්සු... එතනින් ටිකට් අරන් ඇතුළට ගියා... යකෝ ටිකට් එකක් දෙදහයි.. මතීශ සල්ලි දෙන්න හැදුවත් කොහොමහරි මරාගෙන මං ටිකට් ගත්තා.. ඔය දෙදහ මොකද්ද් අනේ... ඒත් ටිකට් ගනන් වැඩී හෙන ගහන්න ඕන.. හරි ඉතින් හාරදහක් කියන්නෙ නතිං තමා.. ඒත් කමන්නෑ හෙන ගහනව.. බිකෝස් අයිම් අ බ්‍රෝකන් මිලියනියර්....
මතීශ නං හරි ආසාවෙන් හැමතැනම ඇවිද්දා... මමත් මතීශ පස්සෙන් හිමීට සාක්කුවට අත් දෙකත් දාගන ඇවිදන් ගියා... හැම රටකම වගේ අය එයාලගෙ පරන ඉතිහාසයෙ ආදර කතා, යුද්ධ කතා වගේ ගොඩක් දේවල් වල නටඹුන් ගෙනත් ඉඳිරිපත් කරල තිබ්බා... හැම දේම බලන් බලන් ඉස්සරහට යද්දි මතීශ ඇවිත් මගෙ අතේ එල්ලුනා... ඉස්සරහ තිබ්බෙ චීනෙ අය ඇවිත් කරන එකක් වෙද්දි එතන ඉඳන් එලියට ආපු අය හැමෝම මමයි මතීශයි දිහා අමුතුවට බලන් ඉන්න එක ඇත්තටම අපට අපහසුවක් උනා... බැරි වෙලාවත් මගෙ අනන්‍ය තාවය ලීක් වෙලාද ?
ඇයි නැවතුනේ විනෝද් අපි ඇතුළට යන්නැද්ද..
මතීශ අහද්දි මං ඉක්මනට ඔලුව දෙපැත්තට වනල නෝමල් වෙලා හිනා උනා..
යං මගෙ රෝසමල..
මේ තියෙන්නෙ චීනෙ තියන ආදරණීයම වගේම පැරණිම ආදරකතාවෙ නටඹුන්... මේ සිදුවීම් ගොන්න සිද්ද වෙලා තියෙන්නෙ පැරනි චීනයේ ගූසු කියන රාජධානියෙ... වන්ග් යීබෝ සහ ශියෝ ශාන් ගේ ආදර කතාව බාධක ගොඩක් මැද ගලන් ගියපු එකක්...
ටිකක් වයසක චීන හුරුවක් තියන මනුස්සයෙක් චීන භාශාවෙන් කියන දේ තව කෙනෙක් ට්‍රාන්ස්ලේට් කරන ගමන් හිටියා...
මේ තියෙන්නෙ ඒ දෙන්නගෙ පින්තාරු කරපු රූපයක් කියලයි කියන්නෙ...
ඒ මනුස්සය එතන තිබ්බ රෙද්දක් අයින් කරල පින්තූරයක් පෙන්නුවා...
මගෙ දෙයියනේ....
අනෙ විනෝද් ඒ-
එතන තිබුනෙ මගෙයි මතීශගෙයි පින්තූරයක් වෙද්දි මමයි මතීශයි ඒ ඔක්කොම තල්ලු කරන් එතනට ගියා... දැනටමත් එතනින් බාගෙට බාගෙකගෙ ඇස් අපි දිහාට හැරිල තියෙද්දි මං මතීශගෙ අත තද කරල අල්ලගත්තා.. දැනටමත් එතන ඉන්න මිනිස්සුන්ගෙ ෆෝන් වලින් සට සට ගාල ෆොටෝ වදිනකොට එතන ඉඳපු ස්ටාෆ් එකේ මිනිස්සු ඉක්මනට එයාලව එතනින් අහක් කරා...
එතන ඉඳපු වයසක මනුස්සයගෙ ඇස්වල හිනාවක් තියෙද්දි අමාරු අඩි තිය තිය ඇවිත් මගෙයි මතීශගෙයි අත අල්ලගන එකතු කරා...
වන්ජී... වෙයියින්ග්...
එයාගෙ ඇස් තරුකැට වගේ දිලිසෙද්දි දිගින් දිගටම එයා අපි දිහා බැලුව...... මතීශ දිගටම චිත්‍රෙ දිහා බලන් ඉද්දි මං ඒ මනුස්සය දිහා බලන් හිටිය...
ඒ ඔයාද තමා නේද විනෝද් ?.. ඔයා කියල මං සැක කරපු දේ හරි නේද මගෙ විනෝද්...
මතීශගෙ කටින් වචන පිටවුනා... හරි හිමී...ට....
Nǐmen liǎng gè zhōng de yīgè bìxū jì zhù zhèlǐ......
මමයි මතීශයි ඒ මනුස්සය කියපු දේ තේරුම් ගන්න බැරුව උඩබිම බලද්දි එතන ඉඳපු ට්‍රාන්ස්ලේට හිනා වෙලා අපිට ට්‍රාන්ස්ලේට් කරා...
එයා අහන්නෙ ඔයාල දෙන්නගෙන් කෙනෙක්ට මතකෙ තියෙනවද කියල...
මතීශ දිහා මං බලද්දි එයා ඔලුව වැනුවා...
විනෝද් ඔයා දකිද්දි මට හුරුවක් දැනුනා... ඒ වගේම රයන්.. ඒ වගේම සදීශ... හැමෝවම.. මට ඔයාගෙ මූණක් ලාවට මතක තිබ්බා උනත් ඒක අපැහැදිලී උනා විනෝද්... මට මතකයි.. ඒත් හැමදේම නෙමෙයි...
මතීශ කියද්දි ට්‍රාන්ස්ලේට ඒක ට්‍රාන්ස්ලේට් කරා.....
අර මනුස්සයහිනා වෙලා මතීශ දිහා බලද්දි මං ඉක්මනට මතීශව පස්සට කරගත්තා... මොන මගුලක්ද
එයා අපිව එක්කන් ගියෙ එතනින් තවත් ඇතුළකට වෙද්දි මතීශ බය වෙලාද කොහෙද මගෙ අත තවත් තද කරල අල්ලගත්තා...
බය නොවී ඉන්න අපි බලමු මොකද්ද මේ වෙන්නෙ කියල..
.
.
.
ටිකකින් අපි හිටියෙ ලොකු කළුපාට බෝලයක් වගේම නිල්පාට බෝලයක් වටේ ඉඳගන.. මතීශයි මමයි... ඒ මනුස්සයයි... අපි හැමෝම අත් අල්ලන් හිටියෙ... ඒ වගේම ඇස් වහගන... මං හිතන්නෙ අපිව අපෙ ආත්ම වලට අරන් යන්නයි හදන්නෙ....
මට සතුටක්.. බයක්... පුදුමයක් දැනුනා..... ඒත් එක්කම ලොකු හුළඟක් අපි අතරෙ දැනුන... පාවෙනව වගේ හැඟීමක් එක්ක මම ඇස් ඇරියා.... මගෙ අත තාමත් මහීශ එක්ක පැටලිල තිබුන වගේම තමයි මගෙ අතින් ඒ මනුස්සය අල්ලන් හිටියා... මගෙ ඉස්සරහ හිටියෙ... ඒ මම... ඒ වගේම මට ඉස්සරහින් මට රවාගන හිටියෙ.. මතීශ...
මොකක් හරි එකකට මං මතීශට හොඳටම බනින ගමන් හිටියා.. ඒත් මගෙ මූණෙ කිසිම හැඟීමක් පෙනුන්නෑ... මං වගේම මතීශත් ලොකු පව්ල් වල දෙන්නෙක් කියල පෙනුනා.. හිස්ට්‍රි එක ගැන වැඩි දැනුමක් නැති මං මෙතනදි අසරණ වෙද්දි මතීශ කඳුළු පුරවන් බලන් හිටියා... එයා මොකකට හරි පසුතැවෙනවද ? ඇයි එයා ඒක මට කියන්නැත්තෙ ?
එකපාරට එතන සිදුවීම් වෙනස් උනා.. මොකක් හරි දඟ වැඩක් කරල මතීශ හිටියෙ දණගහන් වෙද්දි මං කිණ්ඩියට හිනා වෙලා එතනින් ගියා...
ආයෙමත් මෙච්චර වෙලා ලස්සනට තිබ්බ හැමදේම වෙනස් වෙද්දි එකපාරට මිනිස්සු මහ ගොඩක් ෆයිට් කරන දර්ශනයක් අපිට පෙනුන... අපි හැමෝම ඉස්සරහ චායා ගොඩක් කඩු ඊතල වලින් මරාගද්දි මතීශ මං එක්ක පැටලිල තිබ්බ අත තද කරා....
ඒත් එක්කම සේරම මැකිල ආයෙ තද හුලඟක් එක්ක මට හරි සිහියක් ආවා... අම්මෝ... මැරිල ඉපදුන වගේ...🙂
මතීශ මං දිහා බලන් හිටියා.... ආය අර මනුස්සය මුකුත් කියන්න කලින් එයා ඉක්මනට එලියට ගියා..... මං එතන තනි උනා... වයසක මනුස්සයා රැව්ල අතගාන ගමන් ටිකක් කල්පනා කරා...
දරුවෝ" ඒ ආත්මෙ ඒ දේවල් එහෙම උනාට මේ ආත්මෙ ගොඩාක් දේවල් වෙනස් වෙලා... ගිය ආත්ම වල ආදරේ කරපු සමහරු මේ ආත්ම වල වෛර කරගන්නවා.... මට ඒක දැනෙනවා... ඒත් එකක්...මෙතනින් මේ කතාව ඉවර නෑ... මේක කොහොම උනත්... ආත්ම ගානක ඉඳන් ඔයාල මේ කරගන එන දේ... තවත් එක භවයකට තියනවා... මනුශ්‍ය හෝ අමනුශ්‍ය වේශයෙන් ඒවා එහෙම්මම වේවී තේරුනාද?
මොකුත් තේරුනේ නැති මෝඩයෙක් වගෙ මං ඔලුව වනල එලියට එද්දි මතීශ කඳුළු පුරවන් පැත්තක් බලන් ඉන්නවා...
මැනික?
අහ් විනෝද්... ම්-මං...
ඒකට කමක් නෑ අපි යමුද...
ම්ම්...
ඒත් චුට්ටක් ඉන්නවද අපි අර ෆොටෝ එක ගමු... ඒක ඒ කාලෙ ඇඳපු එකක්ලු...
ම්ම්..
මං ඉක්මනට ගිහින් අඬල අඬල ඩොලර් ලක්ශ සීයකට වැඩේ කරන් ෆොටෝ එකත් බදාගන එලියට ආවා... එතන තව කඩු කීපෙකුත්, බටනළාවකුත්, තව කීප දේවල් ටිකකුත් තිබ්බ වගේම.... අපෙ ෆොටෝ ගහපු මිනිස්සුන්ට කිසිම දෙයක් මතක නෑ වගේ අපිව මගෑරල ගියා... මං පිටිපස්ස හැරුනා...
මගෙ දෙවියනේ... එතන කිසිම දෙයක් නෑ... වහල දාල ලොක් කරපු ප්‍රදර්ශන කුටියක් ඇරෙන්න... එතකොට මගෙ ෆොටෝ එක... ඒක එහෙම්මයිනෙ... මං ට්‍රාන්ස කරපු සල්ලි එතකොට ? ඒක ගිහිල්ලත් නෑ... මොලේ විකාරයි දැන්නම් මගෙ...
අපි කොහෙද අයූ යන්නෙ ?
අනේ මංද මට මූඩ් ගියා වගේ🙂
මටත් එහෙමයි...මොකෝ කියන්නෙ කාල ඉමුද ?
ම්ම්...
ආදරෙයි මැනිකෙ.
මං පාත් වෙලා එයාට ශීට් බෙල්ට් එකත් දාල කම්මුලට කිස් එක්කුත් දුන්නා...
'•´
එයාල කන්න යන්නෙ.. අපි නිදාගමු... මාත් දොයි... මාර මහන්සි අනෙ.. දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී කියල ඉන්නව අනේ ඉතින්...
ඔයාලට කෝමද හොඳින් ඉන්නවද ?
ගිහින් එන්නම් මට දොයිමතයී..... පරිස්සමට ඉන්නලා ආදරෙයි ඔක්කොටම ගොඩා...............ක්