Mr. Mysterious! || yizhan

By MOoONAnGeL7

367 50 134

:වැරදි මොහොතක හරිම හදවත් පමා වී හැප්පීම ප්‍රේමයේ පුරුද්දය කියනවනෙ රයන්... සමහරවිට මේකත් මෙහෙම වෙන්න ඇති... ඒත... More

announcement
1📌️
2📌️
3📌️
4📌️
5📌️
6📌️
8📌️
9📌️
10📌️
11📌️
12📌️
13📌️
14📌️

7📌️

18 3 16
By MOoONAnGeL7

මතීශ කාර් එකෙන් බැහැල දුවන් යද්දි මාත් කාර් එක පාක් කරල ඇතුලට ගියා... අපි ඉඳන් හිටපු ටේබල් එකේ ලොකු වලියක් යද්දි මං ඉක්මනට එතන්ට ගියා.... බලද්දි රයනුයි සදීශයි.. යකෝ මුන් දෙන්නගෙ වැඩේ මරාගන්නෙක... මං පාඩුවෙ ගිහින් ඉඳගද්දි මතීශ මං දිහා බල බල ගෙනාපුවා ෆ්‍රිජ් එකේ අහුරන්න ගත්තා.....

මං දිහා බලනව...

එක බඩුවක් ගන්නව අහුරනව...

ආය මේ පැත්ත බලනව...

බඩුවක් ගන්නව අහුරනව...

හිනායන්න ආවත් මං කට තද කරන් මෙනූ එක බැලුවා... බලල එතන ඉඳපු කෙල්ලෙක්ට කතා කරා...



මට මේ ටික ඕන... දැන්ම.. ඒ වගේම මං කැමතී ඒක මතීශ අතින් හැදෙනවනං... ම්ම් ?

හරි සර් විනාඩි කීපයක් දෙන්න..

අර කෙල්ල අඩියට දෙකට මතීශ ගාවට දුවල යද්දි මං මගෙ ඇස් දෙකට කෙලින්ම පේන්න ඉන්න කෙනා... ඒ කිව්වෙ අයූ... නෑ... මගෙ අයූ... දිහා බලන් හිටියා... අර කෙල්ල එයා ගාවට දුවල එද්දි ඇස් හීන් කරල ඒකි දිහා බලන් ඉඳල මං දිහා බැලුව.... argh... I love the way you look at me.. ඊටපස්සෙ එයාගෙ ඇඳුමෙ අත්දෙක පිහාගත්ත මතීශ ඉක්මනට ලෑස්ති කරන්න ගත්තා... ලාවට වවපු කළු කොණ්ඩෙ මූණට වැටෙද්දි මට ඒක හදන්න තරන් හිතුන....

ඒත් මං මතීශට ලං උනොත් එයාගෙ ජීවිතේට ඒක ප්‍රශ්නයක්.... මේ කතාව තාම පටන්ගත්තෙ නෑ.. තාම හරියට ඉන්ට්‍රො එකක්වත් දීල නැතුව කොහොමද මං මගෙ අයූව පරිස්සං කරන්නෙ... අනික දෙයියනෙ මේ සාමාන්‍ය ලෝකෙට එයා අහිංසක වැඩී.. එහෙම එකේ underworld එකට?... ඒක දිගින් දිගටම මාව කල්පනාවකට ඇදන් ගියා... මං ඒත් අවදානෙ වෙනස් නොකර දිගටම බලන් හිටියෙ මතීශ දිහා වෙද්දි එයත් සැරෙන් සැරේ මං දිහා බැලුව... මං බලන එක අව්ල්ද කොහෙද... ඒත් කරන්න දෙයක් නෑ... මට අහක බලන්න හිතෙන්නෑ කොල්ලො සොරි...

කල්පනා කරන්න නං කීයක් දේවල්ද... කොහොමත් මාෆියා වල ලොකූ ඩීල් එකකට ඇරෙන්න මං අනිත් ඒවට මගෙ මැනේජල යවන නිසා මට මාෆියා බොස් කෙනෙක් විදියට තිබ්බෙ අන දෙන්නයි අනික මං ආසම වැඩේ... ගහගන්න මරාගන්න එකයි විතරයි... ආහ් තව වැඩක් වැරදුනොත් ඒක බලන්නත් ඕන... දිගටම මං ඉඳගන කල්පනා කරා.... මතීශ ඒ අස්සෙන් දුව දුව වැඩ... මේ කොල්ල මහන්සි වෙන තරමක්... ගිහින් මැන්ශන් එකෙන් තියාගන්න තිබ්බ නං... මට මතක් උනේ අහස්ගෙ ඇඳ යට තිබ්බ චිත්‍රෙ... මොකක්දෝ හුරුවක් ඒකෙ දැනෙද්දි මං ඇස් වහන් ඒක මතක් කරා... ලාවට බොඳ කරල උනත් අපි හැමෝම පැහැදිලිව ඇඳල තිබ්බා... සමහරවිට හිතළුවක් වෙන්න ඇති.... කල්පනාවෙ ඉද්දි මට ඇහුනෙ මං ඉස්සරහ පිඟන් වදින සද්දයක්... ඇස් අරින්න කම්මැලිකමේ උනත් මං ඇස් ඇරිය.. මං ඉස්සරහ හිටගන හිටියෙ මතීශ... සුවඳ ගහන බ්‍රෙක්ෆස්ට් එකත් එක්ක මං ඉල්ලුව ලාතේ එක තිබ්බා... කොල්ල දිගටම මං දිහා බලන් ඉන්නව...

ස්-සර්...ම්-

මට විනෝද් කියන්න... අනික තමා ලෙඩ තියාගන පැනල වැඩ කරන්න ගියොත් මං තමුසෙට වෙඩි තියනව

මතීශ ඉක්මනට එතනින් දුවද්දි මං හිනාවෙවීම කන්න පටන්ගත්තා... රයන් නං හරකා තණකොළ කනව වගේ හප හප කනව... දකිද්දිත් හිනා යනව.. කෑම කන එක කෙසේ වෙතත් මගෙ ඇස් දිගටම තිබ්බෙ මතීශ ගාව... අනේ ඒකා ඉඳගන ඔහේ බලන් ඉන්නවා..... ඇත්තටම දෙමව්පියන්ගෙ ප්‍රශ්න වලට ළමයි පළිනෑ... මට ඒක දැන් තේරෙනව.. මොකද මතීශ කියන්නෙ ඒතරම් අහිංසක කෙනෙක්...

උඹ කනවද නැත්තං අරූ දිහා බලන් බාවනා කරනවද ?

රයන් කතා කරද්දි සිහියට ආව මං ආය කන්න ගත්තා...... මතීශ දිහා බලන් ඉන්න ලෝබයි... එයා නැගිටල වොශෲම් එක දිහාට යද්දි මාත් කාල ඉවර උනා... මාත් අත් හෝඳගන්න කියල යද්දි මං දැක්කෙ....

උඹද මතීශ කියන්නෙ...

ඔ-ඔව් කවුද ඔයාල ?

හහ්...මූ බලපන්කො කවුද කියලත් අහනව... අපි උඹව මරන්න ආව අය කිව්වොත්

අ‍ලු ඇඳගත්ත පච්ච ගහපු සෙට් එකක් හිටගන හිටියා.... මගෙ අයගෙ ඩ්‍රෙස් එක කළු... එතකොට මේ අ‍ලු කාගෙද ? තවත් කෙනෙක් ඇවිත්ද ?

මං තව ටිකක් එතන වෙන්නෙ මොකද්ද බලන්න ළඟට කිට්ටු උනා... මතීශ පව්..මගෙ පව් වලට කරගහන්න වෙලා ඒකට...

අ-අනේ මට යන්න දෙන්න... අනේ ව්-විනෝද්...

දෙයියනේ එයාට මගෙ නම කියවුනා... තවත් බලන් ඉන්න බැරිවෙච්ච මං ඉක්මනට අඩි ඉක්මන් කරල එතෙන්ට ගියා...

මොකද්ද මෙතන වෙන්නෙ ?

අනේ-

මතීශ වැහෙන්න මං හිටගත්ත.මගෙ කටහඬ ඇහෙද්දිඋන් ටික පොඩ්ඩක් පස්සට උනත් ආය එතනිං එකෙක් කතාකරා...

විනෝද් සර් ඔයා මෙතනින් අයින් වෙලා හිටියොත් හොඳයි... නැත්තං ඔය ගෑන්ග් එකයි මේකයි අතරයිත් ප්‍රශ්න ඇතිවෙයි...

කවුද උබලගෙ මහ එකා ?

මං කෑගැහුව..

මේ අහිංසකයට කරදරයක් කරන්න තරන් කවුද තොපිලගෙ මහ එකා ආ ?

මං ආයෙත් කතා කරා...

විනෝද් සර් මං හොඳින් කියන්නං මෙතන.ප්‍රශ්න වලට අත දාන්නෙපා...

හහ් ? අත දාන්නෙපා ?

මං විනෝද්ගෙ අතකින් ඇදල මං ගාවට ගත්ත...

මං අත දාන්නැතුව වෙන කවුරු අත දාන්නද යකෝ මේ මං ආදරේ කරන කොල්ලා.....

මට කෑ ගැහුන..

මුන් දෙන්නවම මරපන්...

සෙට් එකම මං දිහාට එකපාර දුවන් එද්දි මං ඉක්මනට මතීශව වොශ් රූම් එක ඇතුළට තල්ලු කරළ දොර වහල ලොක් කරා... මතීශ දොර අරින්න ගගා දොරට ගහන්න ගත්ත....

ඌව මරන්න වෙන්නෙ තොපිට මගෙ මිනිය උඩින්...

සෙට් එකම දුවන් එද්දි ඉක්මනට වටපිට බලල ළඟ තිබ්බ පොල්ලක් ගත්ත මං ඒකෙන් එකෙක්ට ගහන ගමන් පයින් තව එකෙක්ට ගැහුවෙ විසි වෙලා යන්නම... ඒ එක්කම ආව තව එකෙක්ට උඩ පැනල බඩට පයින් එකක් ගහද්දි ඌ විසි වෙලා ගිහින් කාණුවට වැටුන... වෙන කිසිම දෙයක් දන්නැතුව මතීශ මගෙ නම කියල කෑගහනව ඇහෙද්දි මට සතුටු හිතුන හැබැයී... ඒ එක්කම එතනට ආව රයන් සිද්ද වෙන දේ දැක්ක... ඌත් ඉක්මනග මට සපෝට් එකට ෆයිට් කරද්දි අපි දෙන්නම ටිකක් වෙලා යද්දි එතන සේරම ගහල අතපය කඩල දාල තිබ්බ...

අපි බලාගමු...

මොනා බලන්නද හුත්තෝ... මගෙ හෙවනැල්ල මතීශට වැටිල තියන තාක් තොපි එකෙක්ටවත් ඌට අත තියන්න දෙන්නැ...

මං කෑගහල මතීශව එලියට ගත්ත... කොල්ල අඬලම රතු වෙලා... එලියට ආව ගමන් මගෙ මූණම අල්ලල බැලුව..

ආහ් අ-අනේ.. ඔ-යාට තුව්-වාල නැහ් නේද?

ඉකි ගගහ කඳුලු පුරෝගන අහන මතීශ... නෑ.. මගෙ අයු... දැක්කම මටම ලෝබ හිතුන.. හොඳට මං දිහා බලල අත් දෙකෙන් අල්ලගද්දි එයා දැක්කෙ මගෙ නකල් එකක් ලාවට රතු වෙලා...

අනෙ.. මේ ? එන්නකො ප්ලාස්ටර් එකක් ගහන්න..

මගෙ අතිං අල්ලන් ඇතුලට යද්දි රයන් කට තද කරන් බලන් හිටිය... කට කැඩිච්ච කතාවක් කිව්වොත් ගහනො මූටත් යනගමන්.

කැෆේ එක ඇතුලට ආවම මාර සැහැල්ලුවක් ආව.. සමහරවිට ඒසී එක නිසා වෙන්න ඇති... ඊටපස්සෙ මතීශ මාව ඇතුලෙ කිචන් එකට එක්කන් ගිහින් එතනින් ප්ලාස්ටර් බෝතලයක් ගත්ත... පුළුන් කෑල්ලකට සර්ජිකර් දාල තුවාල පිහින්න්ද වගේ මං දිහා බලන් ඉද්දි මං හිනා උනා... හිනා වෙන්නැතුව මොනව කරන්නද අනේ..ඉඳල ඉඳල මටත් හුරතලේකට හිත ගිහින්නෙ.. මතීශ දිගටම ඉකිගහනව...  මං එක අතකින් එයාගෙ කොණ්ඩෙ අවුල් කරල මූණ දිහා බලන් හිටිය.. එයා ප්ලාස්ටර් එකත් ගහලම මං දිහා බැලුව..

යං....

එලියට යද්දි කිචන් එකේ දොර ගාව එයා නැවතුනා...

ඇයි අයූ ?

මං එයා දිහා හැරෙද්දිම එයා මාව තද කරලම බදාගත්ත... ජීවිතේ පලවෙනි පාරට මමත් ශොක් වෙලා යද්දි මං හිමීට මතීශගෙ පිට අතගෑව. බඩ ඇතුලෙන් ගිනි කන්දක් මැවිල වගේ වෙද්දි මතීශ කතාකරා...

මං දන්නෑ ඔයා කවුද කියල... මගෙන් බැනුං ඇහුව... මාව මරන්න ගියා... මාව බලාගත්තා... මරන්න ආව අයගෙන් බේරගත්තා... මං වෙනුවෙන් ඔච්චර දේවල් කරන්න එපා.. පපුව අස්සෙ මූණ ගහන් එයා කියවද්දි මං දිගටම අහන් හිටියා...

මං උඹට ආදරෙයි බං...

එයා බෝල ඇස් මං දිහාට හරෝල බැලුව...

ඇත්තමද...

ම්ම්...

ආයමත් මතීශ මට තුරුල් වෙද්දි මං අනික්  අතට එයාව තද කරල බදාගත්ත මෙතන ඉඳන් අපෙ කතාව ලියවේවි මතීශ... මං ඔයා ගාව ඉඳන් ඔයා පරිස්සම් කරගන්නව...

ලා කලුවරේ තිබ්බ අනිත් කිචන් එක කේක් සුවඳ ගහද්දි මං තුරුල් වෙලා ඉඳිය මතීශව බිත්තිය දිහාට තල්ලු කරල දැම්ම.. ඒකා මං දිහා ආය ඇස් බෝල කරන් බලන් ඉද්දි මං හිමීට එයාගෙ රෝසපාට පිරුන තොල් වලට පාත් උනා...


'•´

අඤේ ඉහික්.. ලැජ්ජයි හුම්🤭

ඉක්ම්මන්ට යාලු උනා නේද... ඒනං ඉම්මන්ට එක්කෙනෙක්ව මරමු👉👈🙂

මං ගිහින් එන්නාං. ස්වොරි අනේ ඊයෙ මට ෆෝන් එක අතේ තියං එහෙම්ම නින්ද ගිහිම්.. මොනා කරන්නෙයි අන්තිම ටික දැන් ලියල දැම්මෙ.. මාර මහන්සි අනේ😭 ඔයාලගෙ ඕතර්ට පිස්සු තද වෙලා ඉන්නෙ වැඩ වැඩි වෙලා.. බලමු ඉක්මනට එන්නම්...

පරිස්සමට ඉන්න... ලව් යූ ළමයි.. උම්ම්ම්ම්ම්මාහ්🤭🌹

Continue Reading

You'll Also Like

37.4K 824 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...
186K 20K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
3.7K 381 13
සාතන්ට ආදරය කළ සුරදූතයා ඔහු පමණි 🥺
3K 462 10
මෙම කතාන්දරය, නැසීගිය මාගේ පෙම්වතිය වෙනුවෙන් හා කලකට පසු අැයගේ රෑපයෙන්ම මා දිවියට පැමිණි අැය වෙනුවෙන් ලියමි.