සියපතක රොන්සුණු ( Completed |...

By BLinkergurl

49.5K 5K 1.7K

මේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අ... More

- 01 -
- 02 -
- 03 -
- 04 -
- 05 -
- 06 -
- 07 -
- 08 -
- 09 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
-14-
- 15 -
- 16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 35 -
- 36 -
- 37 -
- 38 -
- 39 -
- 40 -
- 41 -
- 42 -
- 43 -
- 44 -
- 45 -
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61 -
- 62 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
- 70 -
- 71 -
- 72 -
- 73 -
- 74 -
- 75 -
- 76 -
- 77 -
- 78 -
- 79 -
- The Last Chapter -
- නම වෙනස් කරා.. -
- නෙලුම් 🤍 • ~|~ • 🤍 සියපත් -
- අසිපත් 🖤✨ -
- ඒශ්වර් 🖤💫 -
- A/N | New Story -
- Q & A -
- මන්සාහි - New Book - ( AN එකක් විතරයි )
- හසුකෝ 🤍 -
- End Note -

- 63 -

254 40 12
By BLinkergurl



~~~~~~~~~~~~

' පාන නිව්ව සේ පාලුයි ලැයිම් කාමරේ..
මන්ද නුබ ගියේ.. කියපන්, පුංචි සාවියේ... '

" ලොකු අයියෙ.. "

" ම්ම්... " නෙලුම් ජනෙල් පඩියට හිස තබාන කල්පනා ලෝකයක සිටි බව සපත්තු පොලිශ් කරන අසිපත්ගේ නෙත ගැටුණඔහු කිසිත් නොකීවේ ය. ඇස් ඈත රැල්ල නගන වැව් දිය කඳ මතම තබාන නෙලුම් අසිපත්ගේ දුරකථනයෙන් නික්මෙන ගීතයට සවන් දුන්නේය.

" ලයිට් කාමරේ ඇයි පහන් පත්තු කරන්නෙ..? "

ගිලිමින් සිටි කෙල අසිපත්ගේ ඉස්මොලේ උඩුදිව්වේ ය. උස් හඩින් එන සිනහව වාවාගෙන ඔහු කැස්ස හා මොහොතක් පොරබැදුවේය.

" ලයිට් නෙවෙයි බං.. ලැයිම් කාමරේ.. "

" ඒ මොකද්ද ඒ.. " නෙලුම් නැගිට හිදගත්තේ උනන්දුවෙනි.

" මැනික.... " අදිමින් පැවසූ අසිපත් සපත්තු කුට්ටම බිම තැබුවේ අත ලේන්සුවකින් පිස දමමිනි. " දැන් අපේ ගම්වල තියෙන පැල් වගේ.. වතුකරේ තියෙන්නෙ පොඩි ගෙවල්.. ඒවට තමා ලැයිම කියන්නෙ.. "

" වතුකරේ කීවෙ? "

" ඔය නුවරඑළිය පැත්තෙ එහෙම තේ වතු තියෙන්නෙ.. ඒවගෙ තේ දලු නෙලන දුප්පත් දෙමළ අය ඉන්නෙවගේ පොඩි ගෙවල්වල.. ඒවට තමා ලැයිම් කියන්නෙ.. "

" මං කවදාවත් නුවරඑළිය ගිහින් නෑ.. "

" චූටි ලොකු උනාම අයියා එක්ක යන්නංකො.. අත්තා තනියෙන් යවන්නෑනෙ. අත්තයි කිරිඅම්මයි එක්ක එහෙ යන්න බෑ.. එහෙ සීතලයි. "

" වෙන රටවල් වල වගේ හිමත් වැටෙනවලු නේද.. "

" වැටෙනවා හිම... වෙන රටවල් ගැන දන්නවා මෙරට ගැන දන්නෑ.. "

" භූගෝලය ටීච කිව්වෙ.. මං ගිහින් තියෙනවැයි.. "

" ටීචලා කියන ඒව අහගෙනත් ඉන්නවද.. අන්න එහෙම හොදට ඉගෙනගත්තොත්... චූටිටත් පුළුවන් කැමති රටකට යන්න. "

" මට රටකට යන්න ඕන්නැති හින්දා.. ඉගෙනගන්න ඕන්නෑ. "

" මෙරට ජීවත් වෙන්න ඊට වඩා ඉගෙනගන්න ඕනැ. නෙළුම් මල් විකුණල නං කරන්න හම්බෙන්නෑ.. "

" ඔයා සල්ලි හොයන්නෙ.. මටත් එක්ක ටිකක් හොයන්න තව.. "

" උබට හම්බකරන්නෙ කෝමද මං කසාදයක් බැන්ද කාලෙක.. ගෑණු දරුවො බල්ලො පූසො.. එකක් ද..? "

" ඉතින් මාව බඳින්න. එතකොට මට විතරනෙ... "

" අන්ඩපාලයා... " නෙලුම් ඇසක් ඉගිමැරුවේ උස් හඩින් සිනාසෙමිනි. අසිපත් බොරුවට රැව්වේ ය.

" ...... " මොහොතක නිහැඩියාවකට පසු නෙලුම් නැවත හඩ අවදි කලේය.

" ලොකු අයියෙ.. "

" ඔව් රත්තරං.. "

" මේ සින්දුවේ තේරුම මොකද්ද.. ? ඒ හාවි කොහෙද ගිහින් තියෙන්නෙ.. ගිරව් එක්ක කැලේට ගිහින්ද.. "

" මෝඩ ගහ.. සිංහල ටීච පාඩම් කියල දෙද්දි කනෙන් නෙවෙයි පුකෙන්ද අහගෙන ඉන්නෙ..?! "

" තමුසෙනෙ මෝඩ ගහ.. තමුසෙ දන්නෙත් නැතුව ඇති.. ඕන්නෑ.. "

" ... ඔය කියන්නෙ හාවෙක් ගැන නෙවෙයි නෙලුම්. තාත්තෙක් දුවෙක් ගැන කියන සින්දුවක්.. ඒ දුව රස්තියාදුකාර කොල්ලෙක් එක්ක පැනල ගිහිල්ලා... තාත්තාදුකටමැරිල ගිහින්... "

" මැරිල කෝමද සින්දු කියන්නෙ..? "

" අනේ මැට්ටො.. ඒ තාත්තගෙ හැඟීම් මෙන්න මේම වෙන්නැති කියල කරන උපකල්පනයක් ඒක. සාහිත්‍ය කියන්නෙ ලිටරලි ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නෙලුම්.. ඔයාට මං ලස්සන පොත් ටිකක් ගෙනත් දීල කියල දෙන්නම්කො.. "

" අපෝ එපා. ටොකු කන්න වෙන්නෙ .. "

" ඇයි තමුසෙ ඉගෙනගන්න ඔච්චරම අකමැති..? ඔහොම කෝමද චූටි..? ජොබ් එකක් කරා නැතා.. ජීවත් වෙන්න හරි ඉගෙනීම ඕන රත්තරං.. "

" ඉගෙන ගත්තෙ නැති උං මැරිලද ඉතින්..? ඔය ඉන්නෙ යස අගේට.. "

" පන්ඩිතකමනං තියෙනවා පකයගෙ.. දෙන්ඩ පුළුවන් මට.. ! "

" ....... දුවෙකුත් හදන්න වෙන්නැති අනාගත බලාපොරොත්තුව.. ආව්ස්.. "

" තෝ.. එක වයසෙ උං එක්ක බුම්මට්ටා වගේ බුම්මගෙන ඉදල මං එක්ක ඇයි කටගහන් එන්නෙ..? මං උබට අවුරුදු කීයක් වැඩිමල්ද කියල ඉදපං මුලින්.. "

" ....... නාකී නෙ.. අවුරුදු දහයක් විතර නාකී.. නේහ්? විසි පහයි නේද..? "

" නාකි පෙන්නනවා මම.. "

" ඔයා දුවෙක් හැදුවම මාව අමතක කරයි නේහ්.. "

" කවුද දැන් දුවලා හදන්නෙ..? බඳින්නැතුව කෝමද දුවල හදන්නෙ? "

" රිතූ අක්කා දැනටම ඉන්නෙ බැදලා වගේ.. "

" අනේ හ්.. ඔය හොටබරිච්චි බඳී බල්ලො.. "

" බැන්දෙ නැත්තං ඇඳේ බැදලා හරි එයා දුවෙක් හදයි.. "

" උබ.. මගෙන් කට පොඩි කරගන්න එපා නෙලුම්.. වයසෙ හැටියට කියෝපං. මං ආස නෑ ඕවට උබ දන්නවනෙ.. ? "

" ...... මහ.. ලොකුකම තමුසෙගෙ.. "

" ලොකු මිනිස්සු එක්ක ඔයාට ඕන්නෑ නෙලුම්.. අරූගෙ පැල්කොට අස්සෙ රිංග රිංග කරන්නෙ මොනවද කියල මං හොයාගන්නංකො. අඩු කඩන්නෙ මං. නටපංකො "

" ................. "

" ......ඔය සින්දුව අහද්දි මට මතක් වෙන්නෙ අහවල් දුවෙක් නෙවෙයි.. තමුසෙව.. ඒකයි මං ෆෝන් එකේ තියං ඉන්නෙ. "

" ...... මට තාත්තෙක් නෑ නෙ.. "

" මං උබට ආදරේ කරන්නෙ තාත්තෙක් වගේ නෙවේද නෙලුම්..? "

" .......... "

අසිපත්ගේ මුහුණ දෙස බලා සිටි නෙලුම්ගේ දෙනෙත් බොඳව ගියේය.. ඔහු අසිපත්ගේ ඔඩොක්කුවට විත් ගෙල බදාගෙන හිදගත්තේ යම් හේතුවකට උගුරේ සිර වූ ඉකියක් වේදනා දෙන්නට වන් විටෙක ය.

" උබත් මටවගේ නාහෙට නාහන හිතුවක්කාර දරුවෙක් නෙලුම්.. නොසෑහෙන්න අයියගෙ හිත තැලුවට අයියා තාත්තෙක් වගේ උබට ආදරෙයි.. "

නෙලුම් කිසිත් නොකීවේ ය. කිරි සමඟ මිශ්‍ර කර ලබා දුන් ඖෂධ හේතු කොට ගෙන ඔහු නින්දට වැටුණා විය යුතුය.

පපුවට හේත්තු වූ මුහුණේ බේරී වැස්සුනේ අහිංසකකම කි. අසිපත් නැවීනලලත මොහොතක් තොල් තබා සිපගත්තේය.

ඔහු ඔසවා දෑතින් ගෙන සිය කාමරයට යන ඔහු පසුපස හාවාආවේ ය..

" කැලේ සත්තුත් උබට වශී වෙන එකේ.. මං රිතූට කැමැත්ත නොදුන්නොත් මං වැරදීද මැනික.. "

' ච්.. ඌ උබට දරුවෙක් වගේ කිව්වා නේද.. ' හිතම ඔහුට තරවටු කරන විට දැනුණේ වරදකාඊ බවකි. නෙලුම් සිය ඇද ඇතිරිලි මත තබා සන්ලයිට් සහ කම්ෆර්ට් මුහු වූ වියලි සුවදක් හමන නැවුම් පොරෝනයකින් ඔහු සුරක්ෂිත කළ අසිපත් ජනේලය විවර කළේය.. දහවල වැවේ ගල් තලාව මත ගිනි අව්ව කාගත් ඇතිරිලි මෘදු නැවුම්බවකින් අත්ලට දැනුණේය. වියලි වැව් දිය සිපගෙන අඹ ගොමු මැද්දෙන් උනුහුම් සිහිලස කැටි කොට හමාමදපවන මිදුල මැද කොහොඹ අතු අතරින් පිවිතුරුබව එක්කහු කරගෙන ලාබාල කැරලි කෙහෙරැල්ලක දැවටී සෙල්ලම් කළේ ය. තව මොහොතක් බලා සිටින්නට ලෝබ හිතුණු රත් නෙලුඹු කම්මුල මතින් කදුලු පාර පිස දමා අසිපත් කාමරයෙන් නික්මිනි.


කොළඹින් පිටත් වීමට නියමිත සිය මිතුරන් වෙනුවෙන් රාත්‍රී ආහාරය පිලියෙල කරන අරමුණින් ඔහු මුලුතැන්ගෙට ගියේ ය.

✨✨✨

" උබ මෙතන හුල්ලාහෙලුවයි කියලාආපහු එන්නෑ බං.. " අසිපත්ගේ හඩින් තිගැස්සුණු කොලුවා කම්මුල් පිසදමාගත්තේ ය.

ගල් තලාව මත සරම කැසපොට ගසාගෙන හිදගත් අසිපත් ඒශ්වර් දෙස නොබැලුවේ ය. " මේ මායිමේ තනියා කීප දොහක්ම කරක් ගැහුවලු පහුගිය ටිකේ... පලයං ගෙට.. ඌ කාල බීල නිදි ඇති දැං.. ඇමතිකෙනෙක් එක්කනෙ ගියෙ.. ඇරත්උගෙ අප්ප ලු නෙ.. "

" ......... මටනැතුව නින්ද යන්නෑ අයියෙ.. " ඒශ්වර් ගල් තලාවේ වැතිරී අහස් ගව්වක් පුරා දිදුලන තාරුකා වෙත නෙත් නැඹුරු කරගත්තේ ය. " මං කොළඹ යනවා අයියෙ.. "

" ...... කිරිඅම්මගෙයි අත්තගෙයි පපුව පැලෙයි.. හා.. ඒකට කාරි නෑ. උබට හිත හදාගන්න පුළුවන් ඒම නං උබ පලයං. මං උන්දැල ගැන බලාගන්නං. උගෙ සුවඳ කොට්ටෙ බෙඩ්ශීට් එකේ ඉදං දැනෙද්දි කොහෙ නින්ද යන්ඩ ද.. මං නොකාපු පරිප්පුවක් නෙවෙයි උබ කන්නෙ... "

" අයියා තරහ නැද්ද නෙලුම් එක්ක..? "

" නෙලුම්.. "

" සෙහස්... "

" හ්ම්.. උබ තරහ නැත්තං මට තරහ වෙන්න හේතුවක් නෑ බං. ඌ දන්න දෙයක් කියනව නං පොලිසියට.. මගෙ කොල්ලා පනපිටින් කොහෙහරි ඉන්නවා කියලා දැනගන්න.. "

ඒශ්වර් හිස් අවකාශයේ තරුකැට අතර ඉබාගාතේ දුව පනින දෑස් දෙස බැලුවේ ය. සුසුමක් සමඟ ඔහු නැගිට්ටේ ය.

" එයා කියයි අයියෙ.. එයාගෙ සහෝදරයට මැරෙන්න ඇරලා බලන් ඉන්න තරං දරුණු හිතක් මගෙ මැනිකට නෑ.. මං දන්නවා අයියෙ ඒක. "

ඒශ්වර් පැල් කොටය දෙසට යන දෙස අසිපත් බලා හුන්නේ ය. දොර විවර කරගෙන පිලිකන්නෙන් ඇතුලු වූ පසු ඔහුගේ දෑස් නැවත හිස් අවකාශයේ තාරුකා අතර ඉබාගාතේ පනින්නට විය..

" කොහෙහරි... උබ හොදින්මගෙ නෙලුම්.. "

**************

Continue Reading

You'll Also Like

41.2K 6.1K 26
වෛරයත් ආදරයට හැරවූ ආකර්ශනය
77.8K 1.5K 190
Author:Peach blossoms for wine 13 Category: Danmei Zombies are rampant, and Ye Qingrang relies on a broken jade sachet and wood powers to move fo...
3K 75 51
This was my first book and I will follow the story line of the anime with a twist of my very own oc but also has quite a few things like overpowered...
37.4K 4.3K 36
සඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්‍රේමය නම් කිමැයි කියා....