බෝපතක පිනි කඳුලු ❦( Complete...

By BLinkergurl

30.1K 3.7K 764

සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ.. More

- INTRODUCTION -
බෝ පතක පිනි කඳුලු - 01
බෝ පතක පිනි කඳුලු - 02
බෝ පතක පිනි කඳුලු - 03
බෝ පතක පිනි කඳුලු - 04
බෝ පතක පිනි කඳුලු - 05
බෝ පතක පිනි කඳුලු - 06
බෝ පතක පිනි කඳුලු - 07 -
බෝ පතක පිනි කඳුලු - 08 -
- බෝ පතක පිනි කඳුලු - 09 -
- බෝ පතක පිනි කඳුලු - 10 -
බෝ පතක පිනි කඳුලු - 11 -
- බෝ පතක පිනි කඳුලු ✨ - 12 - ( republish කරනව නෙවෙයි අලුත් චැපියක් 🤐🖤 )
බෝ පතක පිනි කඳුලු 💚✨ - 13 -
- බෝ පතක පිනි කඳුලු ❦ - 14 -
- බෝ පතක පිනි කඳුලු - 16 -
බෝ පතක පිනි කඳුලු 💚✨ - 17 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 18 -
- මචකද 👉👈💚✨ -
- INTRODUCTION -
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 01
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 02
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 03
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 04
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 05
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 06 -
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 07 -
ස‍ඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 08 -
- සඳක්☪︎ ִ ֶ֢࣪⋆ - 09 -
සඳක් 🌙 - 10 -
සඳක් 🌙 - 11 -
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 12 -
සඳක් 🌙 - 13 -
- සඳක් -
සඳක් ✨ - 14 -
- සඳක් ✨ - 15 -
සඳක් 🌙✨ - 16 -
සඳක් ✨ - 17 -
- IFLY - 01 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 19 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - The Last Chapter -
- Author's note එකක් පමණයි 💔 Interested නැති අය බලන්නෙපා -

- ❦ බෝ පතක පිනි කඳුලු ❦ - 15 -

745 118 56
By BLinkergurl



බයික් එක ගේට් එකෙන් ඇතුලට දාද්දිම දැක්කෙ බෝපත් ගාඩ්න් එකේ බෙන්ච් එකක් සුද්ද කරනවා අයියගේ වේස වටබඩ්ඩ අත් පිටිපස්සට බැදගෙන බලන් ඉන්නවා. මට මරු විකල් වුණේ ඒකයි. බයික් එක පෙරලිල ගියත් එකයි කියල බැහැල ගිහින්  කයිල්ව ඇදලා පැත්තකට තල්ලු කරලා බෝපත්ගෙ අතේ තිබ්බ සබන් පොගවපු රෙද්ද විසි කරා අල්ලලා..

      මහ රෑ කාමරේ ඉන්නැතුව පිනිබාගෙන මොකද්ද නටන නාඩගම?!


      " තමුසෙට කවුද කිව්වෙ මේකෙ ඉන්න පකයලට වහල්කං කරන්න කියල?! රූම් එකට වෙලා ඉන්ඩ නේද මං කියල ගියෙ?! " ඇත්තටම කෑගැහුවෙ මං බෝපත්ට නෙවෙයි.. කයිල් කියන වටපකයට. කප්පාදු කරපු මල් වැට කඩාගෙන මූ පෙරලුනේ මං තල්ලු කරපු පාරට.

    බෝපත්ටත් දෙන්ඩ හිතුනා මට එවෙලෙනං...! කාගෙන ඉවසුවෙ අතින් ඇදගෙන ගෙට යන ගමං. මොකටද එක එක පකයලට කඹුරන්න යන්නෙ? මං ඌව ගෙදර වැඩකාරකමට ගෙනාව කියල හිතන්නැති වේස බඩුව.. ශිට්..

     " අයියෙ... කයිල් - "

  " කයිල්ගෙ පයියෙන් තමුසෙට වැඩක් නෑ දුවපිය ගෙට මගෙ යකාවුස්සගන්නැතුව..! " මං බෝපත්ව ගෙට තල්ලු කරලා දැම්මා..

    ලොකූත් ගේ ඉදන් මගෙ ගෑවී නොගෑවී ගිහිල්ලා වටයා අතින් ඇදලා නැගිට්ටෙව්වෙ මං දිහා බල බල රවන ගමං. ඒත් ඌ මට වචනයක් කියන්නෑ. වැරැද්ද උගෙ වටබඩුවගෙ කියල ඌ දන්නවා.


      කයිල්ගෙ අතක් ගස් අතුවලට සීරිලා තුවාල වෙලා. ඉතින් මට පකද?! බෝපත් ගෙට දුවලා ෆස්ට් ඒඩ් කිට් එකක් උස්සගෙන.. මාව පහුකරලා..?! පොඩි පකයා මාවත් පහු කරගෙන දිව්වා නේද අර ගොං බඩුවගෙ තුවාලවලට බෙහෙත් කරන්න?! The fuck's goin' on?!

      " බෝපත් මං කියන්නෑ ආය ගෙට යන්න කියලා! " මං දොරකඩ ඉදන් කෑගැහුව එක ඇහුන්නෑ වගේ මූ අර පකයගෙ තුවාලවලට බෙහෙත් දානවා විතරක් නෙවෙයි.. මට රැව්වා.. Wait a damn.minute! බෝපත්-මට-රැව්වා?!


       " පැටියො ඔයා ගෙට යන්න.. අරූ තමුසෙව කයි ඊලඟට- " කුටු කුටු ගගා කයිල් කිව්ව එක මට ඇහුන්නැත්තෙ නෑ. ඒත් බෝපත් නෑහුන ගානට පුලුන් කෑල්ලක් අරන් උගෙ තුවාල සුද්ද කර කර ඉද්දි මගෙ මාරයා ඉහ මුදුනෙ තොවිල් නටන්න ගත්තා..

     මං ගියා... ඇදලා ගත්තා බෝ ඇටේ ලඟට.. උස්සලා උරිස්සට දාගෙන මං ආවා උස්සගෙන කාමරේට එනකල්.. තව දගලන්නත් එනවා.

     ඇදට විසි කරලා මං බෝපත්ගෙ මූණ දිහා බලාගෙන හිටියෙ මේ මං දාල ගිය එකාමද කියලා ශුවර් නෑ නෑ වගේ දැනුන හින්දා. ඇයි යකෝ.. මගෙ බෝ පැලේ කවදාවත් මට රවයිද ඒම..?

      වැඩේ පත්තු වෙලාවද්ද?..



     බෝපත් මගෙ ඇස් මගාරින්න ඇගිලි දිගා බලාගෙන හිටියා.. ඌ හිතන්නැති මං උට රවනවා කියලා.. පව් හුත්ත.. ඇස්වල ටික ටික කදුලු පිරෙන්න ගත්තම මගෙ පපුව මොකද්ද වුනා..

    මගෙ මැනිකට රිද්දන්න අදහසක් තුන් හිතකවත් තිබ්බෙ නෑ.. මං ඇදට පැනලා බදාගෙන කම්මුලයි නලලයි මුලු මූණමයි ඉබගෙන ගියෙ මං තරහ නෑ කියලා එයාට දැනෙන්න අරින්න..

       " අහ්..යියෙ.. " කදුලු පිහ පිහ කොල්ලා හිනාවෙද්දි මට දැනුනෙ කියාගන්න බැරි හැඟීමක්.. පිරිමියෙක් ආසම හැඟීමක් ඒක.. ඒ හැඟීමට වචනයක් මං දන්නෑ.. ආදරේ කියන්නෙ ඒ වගේ දෙයක් වෙන්නැති...


     ආදරේ කියන්නෙ හැඟීමක් විතරයි.. ඒක කිසිම දේකින් මේමයි කියල විස්තර කරන්න බෑ.. පපුව මැද කැකෑරෙන ලස්සන රිදුමක් ඒක.. ඒ රිදුම හරි සැපයි.. ආදරේ කියන්නෙ ඒ වගේ එකක්..


       " මං තමුසෙට ආදරෙයි බෝ.. " දැනුන වෙලාවෙම කියලා දැම්මෙ ඒකට ඊටවඩා ලස්සන මොහොතක් හම්බවෙයිද කියලා මං දන්නැති හින්දා.. බෝපත්ගෙ කම්මුල් රතු වුනා.. අර බෝ දළු වගේම..


     මං ආසම ඒ රතු කම්මුල් හපන්න.. රිදෙන්නැති වෙන්න චුට්ටක් හපන්න..

බෝපත් මොකුත්ම කිව්වෙ නෑ.. ඒත් මං දන්නවා.. බෝපත්ට ඒ වචන ආපහු කියන්න ඕන වුණා.. එයාට කටක් ඇරලා මට ආදරෙයි කියන්න පුළුවන් වෙනකල් මට පුළුවන් ඉවසන්න. මොකද වචනෙන් නොකිව්වත් පපුව පිරෙන්න ඌ මට ආදරෙයි.. මං ඒක දන්නවා..


    " ආහ්ව්.. " මගෙ අහිංසක ලැජ්ජකාරයා බොරුවට මං එක්ක හුරතල් වෙද්දි ඒක වෙනමම එකක්.. මං උගෙ රිදෙන්න හැපුවෙ නෑ කියලා මට ශුවර්.. මූ හුරතලේට ආව් කිව්වෙ කියලා දැනෙද්දි.. පපුවම පිරිලා පැලෙන්න වගේ හැඟීමක් ඒක..

   ( තොපිට කිව්වට තේරෙන්නෑ තනිකඩ හැතිකරේ 😒 )

" ආව්...? ඇයි සුදු අයියට රැව්වෙ මිදුලෙදි...?! " මං පිරිච්චි කම්මුල්වලින් අල්ලලා එබුවම ඇගිලි හෙන දුරට ගිලුනා.. රැවුල් කොට සිනිදුවට තැන් තැන්වල තියෙන ඒ මූණ හෙන සිරියාවන්තයි..

     " සුදු කවුද..? "


" මොකද්ද.. මොකද්ද ඒ කිව්වෙ..? " දැනිල තියෙනවද බහ තෝරන්නෝන වයසෙ ඉන්නෙ කිරි දරුවෙක් පලවෙනි වතාවට වචනයක් වගේ එකක් කිව්වම උගෙ අම්මටයි තාත්තටයි දැනෙන සතුට.. ( ඔව් ඉතින් බොලාට දැනෙන්න විදියක් නෑනෙ..)

  මට ඒ වගේ එකක් දැනුණේ.. බෝ බබා සිර..සිර.. සිරාවටම මං එක්ක කටගහන් එනවා.. ස්වප්නයක් ද මේ..?


     හුරතල් ම අහිංසක ම බෝලම බෝ බබාට මං කොච්චර ආදරේ වුණත්.. මේ කටගහන් එන හුරතල් ලෝකෙට මං ඒ වගේම ආදරේ කළා.. එයා එහෙම ඉන්නෙ මං එක්ක විතරයි.. මුලු ලෝකෙන්ම මං එක්කම විතරයි ඒ එයාට මාව පිටස්තරයෙක් නෙවෙයි හින්දා..

    මට ඊටවඩා ගෞරවයක් නෑ මැනික.. මට දීපු ලස්සනම හැඟීම මං ඔයාගෙම කරගත්ත එක..


    " ඔයා සුදු නෑනෙ ඉතින්.. "

" ඒනම් මං මොන පාටද ..? " කොල්ලව කතාවට අල්ලගන්න මමත් ලෝකෙ නැති හුරතලයක් ඉස්සර කරන් කට උල් කරලා තොදොල් වුණා..



          " ම්ම්..හ්.. රත්තරන් වගේ පාටක්.. "

" අම්මෝ..හ්.. මැනිකගෙ බටර් පාර.. " හොද වෙලාවට කම්මුල් වැහෙන්න රැවුල තිබ්බෙ.. මං රතු වෙනවා කොල්ලා දැක්කනං වස ලැජ්ජාවයි..

      " නෑ... අයියා ඇත්තටම ලස්සනයි.. "

" මල්ලි අයියට වඩා ලස්සන හින්දා අයියට දුකයි.. " ඊව් ඊව්.. පෘථිවියො උබත් හෙන සෙවලයනෙ බලන් යද්දි.. කමන්නෑ කමන්නෑ පෙරපංකෝ..

    " මං..? "


" නෑ අල්ලපු ගෙදර මල්ලි.. "

   කොල්ලා අතත් දික් කරා අල්ලපු ගෙදර දිහාට.. මෝඩ ඇටේ මගෙ.. මං කොන්ඩෙම අවුස්සල අවුස්සලා දැම්මා අල්ලන්..

    " තමුසෙ ඕයි.. තමුසෙ.. "

    " ................ "


" අනේ... "

" ........? "

" ඇයි කියවන එක නැවැත්තුවෙ... හරී ලස්සනයි මැනික තමුසෙගෙ වචන.. කියවන්නකො.. අයියට මහන්සී.. "

" ....... " ඕව කියද්දි කොල්ලා තව ලැජ්ජ වෙලා කට ලොක් වෙලාම යනවා කියලා මං දැනන් ඉදලත් ඒ වැරැද්දම කරා.. ආහ් කමන්නෑ.. මැනිකට ඕන තරම් කල් තියෙන්නෙ මට හුරු වෙන්න.. ඊටපස්සෙ කෝමත් මට කනක්කැහෙන්න දෙන එකක් නෑ. මට දැනුනා ඒක..


      වචනයක් කතා කරන්න ඇඹරෙන කොල්ලො කෙල්ලො තමන්ගෙ පපුවට දැනිච්ච එකෙක් ඉස්සරහා කියවන්න ගත්තම නවත්තන්නෙ නෑ.. බෝපත් කියවන්න පටන් ගන්නවා කියන්නෙ මං දිනලා කියන එක.. දැනට මේ ඇති.. අපිට කල් තියෙනවා..

     බෝ මැනික පපුවට හිර කරගෙන මං ගෙනාව පොඩි කාඩ්බෝර්ඩ් බෑග් එක මැනිකගෙ අත දිගෑරල අත උඩින් තිබ්බා මම..


    " මොකද්ද අයියෙ මේ.. ? "

" බට්න් ෆෝන් ඔබ ඔබ ඉන්න අමාරුයි නෙ චූටි ඇගිලිවලට.. "


    " .... ම්..මොකද්ද මේ..? "

" .. කඩලා බලන්න.. ඔයා කල' එකට කැමති වෙයිද දන්නෑ.. මට ඕව තෝරන්න තේරෙන්නෑ.. "


Iphone 15 pro max දෙකක් ම මං ගත්තෙ මගෙ එකට මැච් වෙන පාටක් ම මැනිකටත් ගන්න ඕන හින්දා .. අවුරුද්දකින් විතර මගෙ ෆෝන් එක අප්ග්‍රේඩ් කරෙත් නැති හින්දා ලූස් නැතුව වියදම් කරා.. මැනිකට හොදම දේ දෙන එක අයියගෙ යුතුකම නෙ.. හා නැද්ද..?



      " පිස්සු අයියට.. මට එපා ෆෝන්.. "


" එහෙනම් මොනාද ඕන.. බණ පොතක්? "

     " හා.. ෆෝන් ඕන්නෑ මට.. එකක් අරන් දුන්නනෙ.. "


" ඒ හුටුහුටුව මොනා කරන්නද.. ? "

    " ලොකුඅම්මා මගෙ ඔලුව පලයි..  අනේ ෆෝන් එපා මට.. ඔයාට බැයිද මේක දීල සල්ලි ආපහු ගන්න? මේක තිස්දාහක් විතර වෙන්නැති නේද? අනේ ඕක දීල සල්ලි ගන්නකො.. මට අර ෆෝන් එක වැඩිත් එක්ක.. ඒකෙ ගේම් එකකුත් තියෙනවා.. "


      කමලක්කා මතක් කරේ ඇයි මැනික මේ අස්සෙ.. පපුව නිවාගත්තා විතරයි උබව චුට්ටක් ඉබලා.. ලොකු හුස්මක් පිට වුණේ ඉබේම..

      " අනේ මැනික දැන් ඕක දීල සල්ලි ගන්න බෑ. ඕක තියාගන්න කෝලං නැතුව. "

    " බණ පොතක් ගෙනත් දෙන්න.. අනේ මේව එපා මට.. "

" ආසාවෙන් දෙයක් තෝරල ගෙනත් දීල ඒක එපා කිව්වම හිත රිදෙනවනෙ මැනික.. අයියට රිද්දන්නද ඔයාට ඕන..? "


   " ……………………  "


   " බණ පොත් ඕකෙන් අරන් කියවන්න. මෝඩ අලේ. බණ පොත් කියවනවද කොල්ලො...? "



     " වයසට යන්නම ඕන්නෑ බණ පොත් කියවන්න.. "


" අනේ ඇත්තට..? "

      " ....... අයියෙ මාව ගෙදර එක්ක යන්නද ඔයා ආවෙ.. ? "


" ඇයි..  මෙහෙ ඉන්න බෑ බෑ වගේද? "


     " නෑ..හ්.. නිරූ නැතුව පාලුයි.. "


" අර බඩ්ඩ අල්ලගත්තෙ ඒකද..? "

  " කවුද? "

" කයිල්.. "

     " ... එහෙම මිනිස්සුන්ට කතා කරන්න එපා අයියෙ. එයයි ලොකු අයියයි හරි හොදයි.. "


" හොදයි.. ඔයා දන්නෑනෙ මැනික. ලොකු අයියා හොදයි හැබැයි අර බඩ්ඩ එක්ක ආශ්‍රයක් ඔයාට ඕන්නෑ. නිරුද් එක්ක ඉන්න.. උගෙ නැටිල්ලයි කටයි වැඩි උනාට ඌ හොද එකා.. "

     " එහෙනං අපි ගෙදර යං ද..? ලොකුඅම්මා එනවනෙ ලබන සතියෙ... "


     " ......... ලබන සතියෙනෙ.. ඔයා ආස නැද්ද අයියගෙ ගෙදර ඉන්න..? "

" ...... ගෙදර හැමෝම හොදයි ඉතින්... "


" .... හොද වුණාට එයාල කවුරුත් කියන කියන විදියට ඉන්න නං ලෑස්ති වෙන්නෙපා. ඔයා මේ ගෙදර චූටි බෑණා මිසක් වැඩකාරයා නෙවෙයි. අර පකයා කියන විදියට නටන්න ලෑස්තිවෙන්න එපා. මංනෙ ඔයාගෙ සුදු අයියා වෙන කවුරුත් නෙවෙයි.. "

   " ඒ කවුරුත් මට කිව්වෙ නෑ ඒක සෝදන්න කියලා.. මං සෝදද්දි එපා කිව්වා.. ඒත් ඒක පොඩ්ඩක් මඩ ඉහිලා හින්දා මං සෝදල දැම්මෙ.. ඔයා නිකන් අර අහිංසක චූටි අයියව තල්ලු කළා.. "


     චූටි අයියගෙ අහිංසකකම ගැන මං එක්ක කියන්න එන්නෙපා මැනික ඔයා.. මංනෙ දන්නෙ ඒක.. මං බෝපත්ව තුරුල් කරගත්තා..


      " ඔයාට ඒ කතා හිමින් කියන්නංකො.. බණ කතාවක් කියනවකො.. නිදිමත එන්නත් එක්ක.. "


    " බණ කතා තියෙන්නෙ නිදාගන්න නෙවෙයි... කියෝල අවදිවෙන්න.. "

     " ආහ්හ් ආහ් අවදිවෙන්න කියන්නකො ඒනම් එකක්... අයියගෙ පන්ඩිත බෝ ඇටේ... "


      " ..... උම්මග්ග ජාතකය කියා දෙන්නද..? "

" ඕන එකක්... "

     " ම්ම්... ඔන්න එකමත් එක කාලෙක... "

" ජාතක කතාවක් ද සුරංගනා කතාවක්ද? "


" අනේ ඔයා එක්ක බෑ අප්පා.. "


   " හරී.. ආය කට දාන්නෑ.. කියන්න සුදු මැනික අයියගෙ.. "


ජීවිතේ පලවෙනි වතාවට ජාතක කතාවක් උනන්දුවෙන් ඇහුවා.. හැබැයි අතහරින්න යි කිව්වට මේ කාම ලෝකෙ කොහෙ අතාරින්නද.. කටෙන් එකක් හුරතලේ දීලා.. මූණෙන් එකක් ලස්සන දීල.. පපුවෙ න් එකක් ආදරේ දීල මට අතාරින්න කිව්වම හරිද .. ස්වභාදහම් මාතාව.. I demand an explanation..!


මං හංගන ඇත්ත එලිවුණාම මට නිරා ගිනිවත් ඉතුරු වෙයිද කියලා නොතේරුණත් මං ලැබිච්ච අවස්ථාව අත් නෑර පපුව ආදරෙන් ම පුරවගත්තා..

❦❦❦

Continue Reading

You'll Also Like

10.1K 1.3K 14
එක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි...
51.4K 1.2K 15
It's been 300 years and you still haven't admitted your feelings to Jack, nor has he admitted his own to you. What kind of push needs to be applied...
2.7K 287 14
හීන රාශියක් අරන්ම යන්න ආවේ මං ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක් ආකහේට පෙම් බදින්න හේතු කෝටියක් තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් වේදනා කෙසෙ කියන්න දන්නේ න...
26.3K 3K 47
""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර ව...