MATHRA ♡' || TAEKOOK NF

By Angel_Yamasakura

13.6K 2.7K 912

දෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා.. ළං වී ඉන්නම්.... හැමදාමත්....' ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා.. තනුව... More

හැදින්වීම ♡'
01 කොටස ♡'
02 කොටස ♡'
03 කොටස ♡'
04 කොටස ♡'
05 කොටස ♡'
06 කොටස ♡'
අනිවාරෙන් බලන්න.!
07 කොටස ♡'
08 කොටස ♡'
09 කොටස ♡'
10 කොටස ♡'
11 කොටස ♡'
12 කොටස ♡'
13 කොටස ♡'
• නැවත ඇරබුමක දැනුම්දීමක් •
14 කොටස ♡'
15 කොටස ♡'
16 කොටස ♡'
17 කොටස ♡'
19 කොටස ♡'
20 කොටස ♡'
21 කොටස ♡'
22 කොටස ♡'
23 කොටස ♡'
24 කොටස ♡'
25 කොටස ♡'
26 කොටස ♡'
27 කොටස ♡'

18 කොටස ♡'

379 94 44
By Angel_Yamasakura

මේකට කලින් Chapter එකක් දැම්මා...~දාහත්වන දිගහැරුම ~ ඒක කියෝලම එන්න මේකට..

පෙන්ස් ඔයාල දන්නවනෙ දැන් wattpad එකේ notification යන්නෙ නැ...මම මාත්‍රා ඩේලි අප්ඩේට් දෙනව! ඒ නිසා notification ඇවිත් නොතිබ්බොත් මගෙ ඇක් එකට ඇවිත් බලන්න හොදද...
දවසක් හරි අදවස් දෙක තමා උපරිම පරක්කු උනොත්


" ආ ලොකූ.... බඩපිරිල වgey.."

" උබ මගෙන් ගුටිකනව තේව් හොදේ..!!"

ඕන් පටන් ගත්තා! දැන් කී වෙලාවක ඉදන්ම අයියයි මල්ලියි මේ මරාගන්න හදන්නෙ! අපි කට්ටියම කාල ඉවරයි පෙන්ස්..මම මේ අතුරු පසට එල්ලල තිබ්බ කෙසෙල් කැනෙන් ගෙඩි 3ක් කඩන් ආව අපි තින් දෙනාට..වසන්තනම් කලින්ම කෑව..එයැයි දැන් මේ හට් එකේ අයිතිකාරය එක්ක කතාවක්..මයෙ හිතේ අර බාගෙය හදපු එක ගැන කියවනව ඇත්තෙ... එක අතකින් අවතාරෙ පව්..අනිත් අතින් හොදෑඩේ! නේද පෙන්ස්..ඕකා දිසදගෙ හිත කොච්චර නම් රිද්දනෝද!

කෝමහරි පෙන්ස් මම අර අවතාරෙට බත් කවපු වෙලේ ඉදන් තේව් අරක කිය කිය අවතාරෙව අවුස්සන්න හදනව..මගෙනුත් පාරක් ගුටි කෑව තේව්..ඒත් තාම නවත්තල නෑ..මොනා උනත් දිසදටත් ලැජ්ජ හිතෙනෝ ඒම කියනකොට..ම්හ්ක්..අපි කපල් එකක් වගේනෙ අනේ මෙයැයි අපිට වීලු කරන්නෙ..

" ආ කනව.. මට ඇති..!"

අර දෙන්නටත් කෙහෙල් ගෙඩිය දීල මම ඒ දෙන්නගෙ මැද තිබ්බ පුටුවෙන් වාඩි වුනා...තේව් නම් එක කටට ඔබා ගත්තා..හැබැයි දිසදට ඒම කන්න බැනෙ..පුදුම පෙරේත කමක්නෙ මේක..! දිසදනම් පොඩ්ඩ පොඩ්ඩ කෑව..කෝම හරි මගෙ කෙහෙල් ගෙඩිය කාල ඉවරයක් වෙනකොටම වගේ අවතාරෙ එයාගෙ අතේ තිබ්බ කෙහෙල් ගෙඩිය මගෙ පැත්තට දික් කලා..මම එයාගෙ මූන දිහා බැලුව... එයාට ඇති මට කන්නලු.. දිසද ඉතින් මොකූඌඌත් නොකිය ඒක අරගෙන කෑව..ඇයි ඉතින් පෙන්ස්..ඕකට මොකක් හරි කියන්න ගියොත් ඒකටත් ඇනුම් පදයක් කියල දිසදව අඩෝනව ඕක..ඒක ශුවර්!

" කට්ටිය කාල ඉවරනම් යමුද..?"

ඔන්න එතොටම වගේ වසන්ත ආව..අපේ වසන්ත දිසද වගේ දෙකක් උස ඇති..හෙන සද්දන්තයි අනේ අපේ වසන්ත..ඈත එනකොට නිකන් පුවක් ගහක් ඇවිදිනව වගේ...අපේ අසෝකටත් කෝම සෙට් උනාද මන්ද අනේ වසන්තව...හැබයි පෙන්ස් අපේ වසන්තයි අසෝකයි තරම් කවුරුත් අපේ ගමේ එකට සතුටින් ලස්සනට ඉන්නව දිසද දැකල නෑ...එයාලගෙ පවුල් අතරෙ ප්‍රශ්න...ඒත් අපේ දිහා හරි වෙනස්..සත්‍යම කාරණාවනම්...අපේ අසෝක හරිම වාසනාවන්තයි වසන්තව ලබන්න...අනේ දිසදටත් ලැබුනොත් වසන්ත වගේ කෙනෙක්...නේත පෙන්ස්..?

අපි කට්ටියම ආයෙ ගෙදෙට්ට එන්න පිටත් උනා..අපේ අසෝකල එහෙම තාම කාලවත් නෑ..පව් අනේ..ආ තව දෙයක්...මම අවතාරෙට බත් කවල ඉවර වෙනකල්ම වගේ දුලාන් අයිය හෙල්ලුනේ නැනෙ හිටපු තැනින්...අවතාරෙ දිහා කන්න වගේ බලාගෙන හිටියෙ..කොච්චර කට කියෙව්වත් දැන්නම් දිසදට බය හිතෙනෝ අෆ්ෆා! මෙයැයිල රණ්ඩු වෙයිද පෙන්ස්..ඒම උනොත්නම් විනාසයිනෙ..අවතාරෙල ගමට ආපු පලවෙනි පාරම රණ්ඩුවක් දාගෙන හියොත්...සෝක් එකට හිටී නේ..



























දැන් වෙලාව හවස 6.34යි පෙන්ස්.. රෑ වෙලා..බිමට කරුවල වැටිල..ගේ වටේම තොයෙන මඩු වල ලයිට් නිසා හොදට එලිය තිබ්බ දවල් වගේ...දිසද දැන් මේ හදන්නෙ නාන්න යන්න..දැන් පෙන්ස්ල හිතන්ට එපා මෙච්චර රෑ වෙනකල් නාන්නෙ නැතුව අලතැම්බුවද කියල..ඒම නෑහ්හ්හ්හ්! වැඩ වැඩ වැඩ...විසාල වැඩ ගොඩක් තිබ්බෙ..

දැන් මාර වැඩේ කියන්නෙ පෙන්ස් නාන්න තැනක් නෑ..ගේ ඇතුලෙ බාතෲම් වලට යන්නත් බෑ මොකාද වගේ..ඇයි අනේ..ගේ හැම තැනම මිනිස්සු..පිරිමි අය එහෙට දුවනවා..මෙහෙට දුවනවා...ගෑනු අය එන එන අයට තේ උස්සන් එහෙට දුවනවා..මෙහෙට දුවනවා...වැඩ ගොඩයි...අපේ කිරි ආච්චි ගොඩාආක් පැරනි කෙනෙක්නෙ පෙන්ස්..ඉතින් යාලුවො වැඩියි..එහෙන් නෑයො..! කිරි ආච්චි එයාගෙ පවුලෙ 9වෙනි ලමයද කොහේ..තා කොච්චර ඉන්නවද පෙන්ස්..හවස 4යි ගානකට වගේ කිරිදිවැල..ඒක තමා අපේ කිරි ආච්චිගෙ උපන් ගම..එහෙන් බස් එකක්ම ආව සෙනග...ඒ ඔක්කොම නෑයො-වේයො තමා..ඉතින් ඔය කට්ටියත් ගේ අස්සෙ..එහෙන් එලියෙ ටැප් එක ලගත් මඩුවක් ගහල එතන නාන්නත් බෑ...දැන් දිසදට විසාල නස්පැත්තියක් වෙලා තියෙන්නෙ...

අපේ මේ ගෙට පල්ලෙහ තියෙන්නෙ වෙලක් පෙන්ස්..අපේ අසෝකගෙ තාත්තට අයිති වෙල් යායක්..ඕකෙ එක පැත්තක ලිදක් තියේ..ගෙට ටිකක් දුරයි..දැන් කොරන්න දෙයක් නැති නිසා දිසද එතනට යන්නයි හැදුවෙ..වෙලට උඩින් තියෙන්නෙ රබර් කෑල්ලක්..ඒ රබර් කෑල්ලට උඩින් දෙමළ ලැයිමක්...රෑත් වෙලා නිසා අනිවාරෙන් ලිද ලග ඇට හද්ද කරුවල ඇති..! කෝමද අනේ දිසද කරුවලේ නාන්න යන්නෙ..නාන්නෙ නැතුව ඉන්නත් බෑ..! වසන්තටත් ඉස්පාසුවක් නෑ..දැන් ඉතින් තනියට එක්කන් යන්න ඉන්නෙ එකම එක්කෙනයි...ඔව් ඔව් අනේ! ඒ අපේ දුලාන් අයියා...හෑ!? පිශ්ශුතේ...ඒ අපේ දිලේක් යකා එයැයිව එක්කන් යන්න වෙනෝ..කෝමත් එයාලත් නාල නැනෙ..

" අයියෙ යමු අපි..."

එලියෙ මඩුවක් ඇතුලෙ වාඩි වෙලා හිටපු එයාට මම කතා කරා..මායි, තේව්‍ අපි දෙන්න කාමරේට ගිහින් ඇදුනුයි, සාලුයි ඒව අරන් ආව.. අවතාරෙගෙ ඇදුම්නම් තේව් ගත්තෙ..

" ම්ම්ම්.."

මුලින්ම ගියේ තේව්...එයා දන්නව දැන් ලිද..අපි හවස මෙතනට අසෝක එක්ක ඇවිත් ගියා..එයැයිල කලින්ම නෑව.පාර දන්න නිසා තේව් ඉස්සරහින් යනකොට මම පිටිපස්සෙන් ගියා..මගෙ පිටිපස්සෙන් අවතාරෙ ආවෙ..එයැයිනම් මගෙ අතින් අල්ල ගත්ත ගල්ලැටියෙන් බැහැල එනකොටම..දිසදටත් මොකෝ ඉතිම්..මාත් එයැයිගෙ අතේ එල්ලිලා වගේ තමා ආවෙ...

" අම්මා බන්..මෙතන තියෙන සීතල..මාර සනීපයි ඕයි.."

ලිද තියෙන තැන ලොකු ගලක් තියේ..ඒ ගල උඩට ඇවිත් තමා ලිදට බහින්න තියෙන්නෙ..ඒ ගල උඩට ආපු ගමන් තේව් ඇදුම් ටික ගැලෙව්වා...බොක්සර් එක පිටින් තේව් ලිද ගාවට ගිහින් එතන තිබ්බ බාල්දියෙන් වතුර අරන් නාන්න පටන් ගත්තා..මේක කප්පි එහෙම දාල නෑ...නිකම් බාල්දිය අතින් අල්ලන් වතුර ගත්තෑකි...ගල් එහෙම අතුරල තිබ්බ වටේට..හරි ලස්සනයි පෙන්ස්..එහා පැත්තෙන් වටේට පර ගාලක්..ලිදට ඉස්සරහින් තියෙන්නෙ වෙල් යාය...ආස හිතෙනෝ නේ..?

" මොකක්ද ඔය කරන්නෙ!?"

මම එකපාරට ගැස්සිලා ගියා..තේව් බාගෙට නාල සබන් ගාන දිහා බලන් ඉදල මමත් ඇදුක් ටික ගලවන්න හැදුවම එක පාරට මගෙ පිටිපස්සෙ හිටිය අවතාරෙ කෑගැහුව!යකෝ බය වෙනව කියල තේරෙන්නෙ නැද්ද මේ මිනිහට!..

" මේ ටික ගලෝල නාන්න හැදුවෙ...ඇයි අනේ..?"

" දැම්ම එපා..තේව් නාල ඉවර වෙනකල් හිටපන්!"

" අනේ මොකක්ද ඒයි! මම නාන්නම්කො අනේ.."

" මගෙන් කනේ පාර නොකා මෙන්න මෙතනින් වාඩි වෙයන් දිසද..! "

යැයි යැයි තමයි! කොරන්න දෙයක් නෑ පෙන්ස්...දිසද ඒම්ම ගල උඩින් වාඩි උනා...මේ යකා එක්ක මෙතනට ඇවිත් නිදහසේ නාගන්නත් නැනෙ..මලසෙද්ද!

" තේව් උබ නාල ඉවරනම් ගෙදර පලයන්! උබේ අතේ පෝන් එක තියේනෙ!"

" ඔව් ලොකූ...මම යනව දිසද එහෙනම්.."

තේව් නාල ඇදුම් ඇදගත්ත ගමන් අවතාරෙ එහෙම කිව්වම තේව් මටත් කියාගෙනම පෝන් එකේ ටෝච් එක දාගෙන ගෙදර ගියා...ර්‍රර්‍රර් මූසල මෝඩ දිලේකය! ඕක මට යාලුව එක්ක නාන්න දුන්නෙ නැනෙ..වෛර බදිනව දිසද ඕවට හරිය...

" ම්ම්ම්...දැන් ඕව ගලෝල නානව තමුසෙ..!"

හුහ් කියනකල් හිටියෙ! ර්‍රර්‍රර්‍ර...දන්නෑ දිසදගෙ හැටි...මම ඒම්ම ටී ශර්ට් එකයි , කාසමයි ගැලෙව්ව..ඒක ගල උඩට දාල මම ඒම්ම ලිද ගාවට බහින්න යනකොට ...යකෝ මෙන්න අවතාරෙ මටත් කලින් බැහැල නානව..! යකෝ මේක මහසෝනගෙ කෙලියක් උනානෙ! මට තේව් ඉන්නකොට නාන්න එපා කියල.. දැන් මෙයැයි ඉන්නකොට නාන්න කියලත මෙයැයි කියන්නෙ..?

" මොකක්ද බලන් ඉන්නෙ.. එනව මෙහෙට..!"

ආයෙ කෑගහනව..! වටේ තියෙන පරකොලත් හුලගෙ යනව මෙයැයිගෙ කටේ සද්දෙට..මම පලිස්සමෙන් ගලෙන් බැහැල ලිද ගාවට ගියා..හීතලයි පෙන්ස්..උදේ ඉදන් දාඩිය දාල දැන් මේ ගලක් ගාව උල්පතකින් එන ලිදේ වතුර නෑවම..! ම්ම්ම්ම්ම් කෝමත සැප...

" හාහා...!"

දිසදට කෑගැහුන..! අනේ මේ මිනිහ එක්කනම් ආයෙ යන මගකවත් යන්නෙ නෑ..ඇයි අෆ්ෆාඅ..! ලිද ගාවට ගිහින් එතන තිබ්බ බාල්දිය ගන්න නැවුන විතරයි අවතාරෙ හැලුව කියහන්කො වතුර එකක් ඇගට..බලාපොරොත්තු වුනේ නැති වෙලාවක දැනුන හීතල ඇගේ හිරිගඩුත් පිපිලා..මම එහෙම්ම අත් දෙකෙන් මාවම බදාගත්තා...දිලේක් උබර් මගෙ අයියෙක් නොවී මලයෙක් උනානම්...උබර්ව අද මම ඔලුවෙන් හිට්ටෝල ඔබනව වෙලේ!! ඒක දැනගනිම් උනහපුලුව!

" එ-එපා අයියූ...දිසදට සීතලයිහ්..!"

" කෝ ඔය බාල්දිය තියල මෙහෙට වරෙන්! "

" ඇයි අනේ ඔහෙට එන්න කියන්නෙ..නාන්න දෙන්නකො අනේ පාඩුවෙ දිසදට..!"

" උබේ කට වැඩියි දිසද හොදේ...!!! වරෙන් මෙහෙට මම වතුර දාන්නම් ඇගට ..හෝදගනින් උබ!"

මෙයැයිටත් වෙලාවකට පුදුම සප්තකරුනාවක් පහල වෙන්නෙ..ආ නැද්ද..?මල යකා වගේ මට බැන බැන ඉදල මේන් දැන් කියනව එයැයි වතුර ඇදල දෙන්නම්ලු ... සෝක් හැබැයි...මටත් මොකද..කෝමත් ඔය වතුර දෙපාරක් තුන්පාරක් ඇද්දම දිසදගෙ අත් රතු උනොත් ඒම .... අහසෙ ඉන්න ගෝඩ්ලත් කම්පා වෙන වැඩක්නෙ අනේ ඒක..නැද්ද මන් අහන්නෙ පෙන්ස්..!?

" ම්ම්...සබන් ගාගනින්!"

වතුර බාල්දි 10ක් විතර මගෙ ඇගට හලල සබන් ගාගන්න කිව්වා..මාත් ඉතිම් ඔලුව වනල මගෙ බේබි සබන් කැටේ ගත්තා..බේබි සබන් පෙට්ටියකම තිබ්බ දිසදගෙ බේබි සබන් කැටේ...සූදාආආයි...

" තාම ගාන්නෙ බේබි සබන්! ඒත් උබේ කටනම් තියෙනව..!"

මම ඒක ඇහුන ගමන් සූද බල බක හිටිය සබන් කෑල්ල පහතට දැම්ම පෙන්ස්..එයෑයි ඒම කිව්වම දිසදගෙ හිත සුට්ටක් සිදුනා.. කෝමත් ඉතින් මෙයැයිගෙ වැඩෙත් ඕකමනෙ...මම ඉක්මනට ඇග අතුල්ලගෙන ආයෙ එයා ගාවට ගියා..ඒත් මම මූන ඉස්සුවෙ නෑ..බිම බලාගෙනම තමයි හිටියෙ... මට දුක හිතුනනෙ පෙන්ස්..

ඊට පස්සෙ අපි දෙන්න අතර එහෙම ලොකු කතාවක් ගියෙ නෑ..මම නම් එයැයි එක්ක කතා කලේ නැතිම තරම්..එයැයි එක්ක කොච්චර හොදින් ඉන්න හැදුවත් බෑ පෙන්ස්..දිසදගෙ හිතම රිද්දනෝනෙ.. මම එහෙම්ම ආවෙ මගෙ කාමරේට..ඇවිල්ල ටික වෙලාවක් ඉදල තමා එලියට ගියේ.. ඒ යනකොටත් අවතාරෙ වසන්ත ලගට වෙලා කයියක්..දිසද ඉතින් එතනට නොයා වෙනමම හිටියා... බොරුවට හිත රිද්දගන්න ඕන නැනෙ ...නේද පෙන්ස්..
















~ මාත්‍රා ~

හායි පෙන්ස්♡

අනේ ඔයාලට මොකද උනේ🥺 ඇයි කලින් update එක කියෙව්වෙ නැත්තෙ🥺 වෙනදට update කරපු ගමන් කියෝන කිසි කෙනෙක් හිටියෙ නෑ...ඔයාලට notification ආවෙ නැද්ද.!!?..නැත්නම් ඔයාලට කතාව එපා උනාද🥺!!?

මේකට කලින් තව update එකක් දැම්මා...දාහත්වන කොටස...ඒකත් කියෝල එන්න...මේකට සම්බන්දයි ඒකත්🥺

මට හරි දුකයි🥺

බායි 😔

SAKURA♡

Continue Reading

You'll Also Like

311K 17.1K 41
Winner of 2nd position in Limelight Award 2020. #Standalone .... A journey of a spirited woman who find herself after going through almost death. Jo...
1.7K 247 7
" ආදරේ දැනෙන්න මට උබගේ අරහෙන් මෙහෙන් අල්ලන්න ඕන නෑ බන්.. ආදරේදී මුලින්ම ඇල්ලෙන්නේ ඇස් වලින්.. හරියට මං උබේ ඇස් මගේ ඇස් වලින් ඇල්ලුවා වගේ "
50.9K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
46.5K 5.3K 50
ආදරය සෙනෙහස කියන දේ මං ඉගෙන ගත්තෙ මගේ අම්මා තාත්තාගෙන නෙමෙයි..පුංචි කාලේ ඉදලාම එයාලා කවදාවත් මට හොද ආදරයක් දුන්නෙ නැ අද වෙනකම්...ලස්සනට ආදරේ කරන්⁣න...