තඹ(රු)හිරු

Door mariojin62

1.5K 303 459

තඹර පෙත්තක ඇදි රුහිරු පින්තාරුව............ "තුවක්කු ලෝඩ් කරන්න හුරු වුණු මගෙ අතින් නෙළුම් මල් පූදවන්න බෑ සහස... Meer

01 කොටස❤️🤍
02 කොටස❤️🤍

පිවිසුම ❤️🤍

935 155 197
Door mariojin62

"මහත්තයා...මල්....ලස්සනට හදලා තියෙනවා මහත්තයා.......එන්න ගන්න......රුපියල් දෙසිය තිහට දෙනවා නෙළුම් මල් පහම....වෙන තැන් වල දෙසිය පනහයි.මගෙ ලග දෙසීය තිහයි..... නෝනා.... මහත්තයා.... එන්න.... මේ මල් ගන්න...මේ මල් පොකුර රුපියල් හාරසීයයි මහත්තයා...එන්න...ලස්සන මල් තියේ"

නුවර අහසෙ පෑයුව ඉර අද හරියට රළු වෙලා තියෙද්දි නුවර පිහගෙන හමන් ගිය හුලගත් ටිකක් රස්නෙ එකක් උනා.අදත් ඔහුමයි.නුවර දලදා මාලිගාවට සෑහෙන්න දුරකට මෙහාට වෙන්න ලීයෙන් අටවගත්තු පුංචි මල් කඩේ ඉස්සරහට වෙලා කෑ ගහන පුංචි එකා පාරෙ යන වාහන දිහා බලන් හිටියෙ ඇසුත් බෝල කරං.තමන්ගෙන් මල් ගන්නවට වඩා,දලදා මාලිගාව ලගම තියෙන මල් කඩවලින් කට්ටිය මල් ගන්න තියෙන සම්භාවිතාවෙ වැඩි බව දැන දැනත් ඊට සෑහෙන්න මෙහා උන්නු පුංචි එකා තමන්ගෙ සටන අතෑරියෙම නෑ.නෙළුම් මල්,ඕලු මල්,සමන් පිච්ච මල්,ගැටපිච්ච මල්,බාබන්ඩේසියා මල්,වල් සූරියකාන්‍ත මල්,රෝස මල්,ජේබරාස් මල් වගේ මල් ජාති ගොඩකින් ගහනය වෙලා තිබ්බ පුංචි මල් කඩේ ඉස්සරහ උන්නු පුංචි එකාත් මලක් තරම් සුන්දර උනා.

උදේ ඉදන්ම ජේබරාස් මල් වගේම බාබන්ඩේසියා මල් වලින් හදාගත්තු මල් පොකුරක් අතේ තියාන ඒක පාරෙ යන වාහන,මිනිස්සුන්ට පේන්න වන වන කෑ ගහන පුංචි කොල්ලව දකින සමහර මිනිස්සු මාලිගාවට සැලකිය යුතු ප්‍රමාණයක් මෙහායින් තියෙන මේ පුංචි මල් කඩේ ලගින් තමන්ගෙ වාහන නැවැත්තුවා.පුංචි එකා හරි ආසාවෙන් පුප්පවලා දෙන බුදු පුදට සුදුසු මල් වගේම,අලංකාරෙට තියාගන්න පුළුවන් විසිතුරු මල් පොකුරු පවා ඒ මිනිස්සු මිලදීගන්න අමතක කලේ නැහැ.

නුවර අහස වගේම හුගක් ආදරවන්තයන්ගෙ කෝඩුකාරකම් ගැන මුල්ම සාක්කි කාරයා විදියටත් මේ පුංචි කොල්ලා හරියට කටයුතු කලා.මොකද පුංචි එකා ලග විකුණන්න තියෙන ලස්සන ලස්සන විසිතුරු මල් පොකුරු දිහා නොබලා යන්න තරම් හුගක් ආදරවන්තයන්ගෙ හිත් දරදඩු උනේ නෑ.මේ පුංචි මල් කඩේ පහු කරං යන හුගාක් ආදරවන්තයන්ගෙ අත් වල පුංචි එකාගෙන් ගත්තු එක මලක් හරි නොරැදුනේ හරි අහම්බෙන්.

ඒ ලස්සන මල් කඩේ පිහිටලා තිබ්බෙ නුවර වැව රවුම කිට්ටුව ගස් වලින් ගහනය වෙලා තිබ්බ පිරිසුදු භූමියක.වටේටම වැවිලා තියෙන විශාල ගස් මැද්දෙ තිබ්බ ඒ ලීයෙන් අටවපු ලස්සනම ලස්සන මල් කඩේ හුගක් මිනිස්සුන්ගෙ හිත් වලට එක්කාසු කලේ සුරංගනා කතාවට හැගීමක්.පුංචි ලමයි උනත් හරි ආසාවෙන් ඒ පුංචි කඩේට එන්න හේතුව ඒක වගේම ඒ කඩේ හිටිය සුරදූතයෙක් වගේ උනු පුංචි කොලු පැටියා උනා.

කඩේ ඉස්සරහ උන්නු පුංචි එකාගෙ මූණ එලිය උනේ කඩේ ඉස්සරහපිට නවත්තපු වාහනයක් නිසා.පාවහන් දෙකක්වත් නොදා උන්නු පුංචි කකුල් වලට දැනෙන රස්නෙ නවත්තන්න වටේටම වැවිලා තියෙන ගස් වලටවත් පුළුවන්කමක් ලැබුනෙ නෑ.ඒ තරමට මේ ටිකේ නුවරට කාෂ්ටක අව්ව.

"මල් පහක් කීයද පුතා?"

"දෙසිය තිහයි මහත්තයා.....දෙන්නද?"

"ඔව් දෙන්න....මල් දහයක්ම දෙන්නකො"

"හොදමයි මහත්තයා"

කඩේ ඉස්සරහ පිට තිබ්බ වතුර බාල්දිය ඇතුලට කෝප්පයක් දාලා වතුර අරං ඒකෙන් අත සෝදගත්තු පුංචි එකා ඊලගට පිලිවෙලට නෙළුම් මල් දහයක් පුප්පවලා එතන පිලිවෙලකට තියලා තිබ්බ කාඩ්බෝඩ් වට්ටි දෙකකට මල් පහ පහ අඩුක් කරලා මල් ගන්න ආව කාරුණික මහත්මයා දිහා බලලා හිනා වුණා.

"මේ දඩු අරං යන්න දෙන්නෑ මහත්තයා මාලිගාවට....මෙතනින්ම මෙහෙම අරං ගියාම මහත්තේලට ලේසියි"

"ඕහ්....හරි පුතා....චූටි බබා,කෝ එන්න.මේ අයියාගෙන් එක වට්ටියක් ඔයා ගන්න"

ඈතට වෙන්න හිටිය මිනිස්සු ගොඩ අස්සෙන් දුවං ආව අවුරුදු දහයක විතර පුංචි කෙල්ල මල් කොල්ලා ලගට ඇවිත් අත දික් කරද්දි ඒ කොලු පැටියා අර කෙලි පැංච අතින් මල් වට්ටිය තිබ්බා.ඒත් එක්කම එතන බාල්දියක තිබ්බ කානේෂන් මලක් අතට අරං ඒකෙ කොල අහක් කරපු කොල්ලා පුංචි කෙල්ල ලග දණ ගහන් ඒ මල පුංචි එකීගෙ නිදහස් අත උඩින් තිබ්බා.

"බබා මේක අරං යන්න.....නෑ නෑ මහත්තයා සල්ලි එපා....මහත්තේලා මල් ගොඩක්ම ගත්තනෙ මගෙන්"

කරුණාවන්ත මහත්මයා තව සල්ලි කොලයක් අදින්න හැදුවත් මේ අවිහිංසක මල් කොල්ලගෙ ඒ වචන නිසා සල්ලි කොලේ සාක්කුවට දාගත්තෙ මනුස්සකම් සල්ලි වලට මනින එක පහත් වැඩක් කියලා දැනන් උන්නු නිසා.

"බොහොම ස්තූතියි පුතාට....අපි එහෙනම් ගිහින් එන්නම්"

"හොදමයි මහත්තයා...මහතේලට දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි"

හරි කලාතුරකින් හම්බෙන ඒ විදියෙ කාරුණික මනුස්සයට ආශිර්වාද කල පුංචි මල් කොල්ලා ආයෙමත් තමන්ගෙ කෑ ගහන වැඩේ පටන් ගත්තා.දලදා මාලිගාව ලග මල්.විකුණන කඩවල අයිතිකාරයො මුලදි මේ පුංචි කොල්ලා එයාලට වඩා අඩුවට මල් දෙන එකට වගේම මාලිගාවට සෑහෙන්න එහා ඉදලා එන පාරිභෝගිකයන්ව නවත්තගෙන මාලිගාව කිට්ටුව මල්කඩවල් වල අයගෙ ව්‍යාපාර කටයුතු අඩාල කරනවා කියලා දෝෂාරෝපණ එල්ල කලත් ඒ හැමදේම ලගකදි ඉදන් නැවතිලා තිබුනා.

පුංචි කොල්ලා කෑ ගගහා පාරෙ යන මිනිස්සුන්ව තමන්ගෙ පැත්තට අද්දවගන්න උපරිම උත්සාහ දරද්දි සෙරෙප්පු දෙකක්වත් නැති ඒ පුංචි කකුල් දෙක ඉර එලිය වැටිලා රත් වුණු පාරෙ රස්නෙන් පුපුරු ගහන්න ගත්තත් කකුල් උස්ස උස්ස පුංචි එකා මල් ගන්න කියලා ආයාචනා කලා.කලින් කිව්වත් වගේ අනික් මිනිස්සුන්ට වඩා මේ පුංචි කොල්ලගෙ වැඩ හුගක් වෙනස්.තමන්ගෙන් ගන්න නෙළුම්,මානෙල්,ඕලු මල් ගෙනියන්නෙ දලදා වහන්සේව වන්දනා කරන්න නිසා ඒකට දෙන්න පුළුවන් උපරිම ගරුත්වෙ ලබා දෙන්න තිබ්බ වුවමනාවටයි පුංචි එකා අඩුම සෙරෙප්පු දෙකක්වත් නොදැම්මෙ.

"මල් අස්සෙ මේකා දගලද්දි වෙනසක් හොයන්න බෑ...නමටම ගැලපෙන රූපෙ මොනාඋනත්"

කිරි ගරුඩ පැහැ හම,ලාමක පාට ගත්තු මුහුණ,රවුම් වුණු තද කළු පාට බෝල ඇස්,පුංචි සියුමැලි ශරීරෙ එක්ක පුදුමාකාර විදියෙ ලස්සන හිනාවකින් මූණ පුරවං මල් ගොඩ මැද්දෙ හිටන් ඉන්න පුංචි කොල්ලා දිහාට එල්ල වෙලා තිබ්බ කෝපි පාට හීනි ඇස් වල අයිතිකාරයා හෙමින් මිමිණුවා.කවිකාර අදහස්? මීට මාස කීපෙකට කලින්නම් මේ කෝපි පාට ඇස් අයිතිකාරයට කවිකාර අදහස් තියා ලස්සන වචනයක්වත් හිතන නොනැගුනු තරම්.හැබැයි දැන් මේ දැඩි පිරිමියා එකම එක රූපයක් ඉස්සරහ ලාමක වෙන්න පටන් අරං.ඒ රූපෙ වෙනුවෙන් කාටත් හොරෙන් පුංචි පුංචි වචන අමුණන්න පටන් අරං.ඒ රූපෙ හිතට එන හැමවෙලේම තනියම හිනාවෙන්න පටන් අරං.කලින්දා හවස ඉදන්ම රැවුල බාගන්න එක අතපහු වෙලා තිබ්බ හන්දා ලාවට වැවුණු රැවුල් කොට තමන්ගෙ ඇගිලි දෙකෙන් අතුල්ලන ගමන් ඒ තියුණු ඇස් දෙක හුරුබුහුටි මල් කොල්ලා ලග නැවතිලා තිබ්බා.

"උබ අදත් මල් ගන්නවද?"

"හ්ම්ම්....."

"මොකද්ද බං මේ වැඩේ තේරුම? උබ මාලිගාවට හැතැම්මක් විතර මෙහා තියෙන මේ කඩෙන් මල් ගන්නවා විතරයි.මාලිගාවට පයවත් ගහනවද ඒත්? අඩුම උබ මාලිගාව කිට්ටුවටවත් යනවද?"

"මම කරන දේවල් එක්ක මාලිගාවට පය ගහන්න පුළුවන්ද ආදිල්?"

"හ්ම්ම්ම්.......එක්කො ගෙදර ගිහින් වාස් එකකට දාන්න පුළුවන් මල් ජාතියක් ගනින්කො! ඔය කඩේ ඒවත් තියෙන එකේ? අර නෙළුම් මල් මිටක්ම උස්සන් එනවා!"

"උඹ කට කියවන්නෙ නැතුව ඉදින්! මම ගිහින් එන්නම්"

පුංචි කඩේ ඉස්සරහට වෙලා මෙච්චර වෙලා කෑ ගැහුව පුංචි කොල්ලා දිහාවට එල්ල වෙලා තිබ්බ දැඩි කෝපි පාට ඇස් දෙකේ අයිතිකාරයා තමන්ගෙ අතේ රැදිලා තිබ්බ G19 වර්ගයේ පිස්ටලය තමන්ගෙ කලු පැහැ බුගාටි කයිරන් වාහනේ අසුන උඩින් තියලා බැස්සෙ හැමදාම සදුදා,බදාදා,සෙනසුරාදා දවස් වල කරන වැඩේ කරන්න.අත් දෙක වැලමිට ලගට නවලා තිබ්බ කලු කමිසෙ ඇරිලා තිබ්බ උඩ බොත්තම් තුන අස්සෙන් ගහගෙන ගිය නුවර හුලග හන්දා ධවාන්ගෙ දකුණු උරහිසේ ඉදන් මැණික් කටුව ලගට වෙනකංම ගහලා තිබ්බ ටැටූව මදක් නිරාවරණය වුණා.

ඝන කලු පැහැ උඩට පීරුව කොණ්ඩෙ,අඩි හයකටත් වඩා උසැති ශරීරෙ,ගාණට මස්පිඩු මතු වෙලා තිබ්බ උඩුකය,ශක්තිමත් දෙපා,තියුණු බැල්මකින් හැඩ වෙලා තිබ්බ කෝපි පාට ඇස්,සිගරැට් වලට තියෙන ඇබ්බැහිය විදහා පාන රතුදම් පැහැගත් දෙතොල්....ඒ හැමදෙයින්ම සමන්විත වුණු අතිශය කඩවසම් රූපෙ....පුංචි මල් කඩේ ඉස්සරහින් නතර වුණු ඒ කඩවසම් පිරිමි රූපෙ මල් වලට වතුර ඉහින ගමන් උන්නු පුංචි කොල්ලා ලගින්ම වගේ නැවතුනා.

"මලක් දෙනවද?"

"මහත්තයා!!!"

"ම්ම්ම්ම්"

"මහත්තයා පහුගිය ටිකේම නාව නිසා මම හිතුවා මහත්තයා එන එකක් නෑ කියලා"

"ඕහ්හ්.....ඒ කියන්නෙ මම එනකං බලන් ඉදලා...එහෙම නේද?"

ධවාන්ගෙ ගැඹුරු කටහඩට ගැස්සිල ගිය පුංචි කොල්ලා ඉක් ඉක්මනටම මල් දෙකක් අරං පුප්පවන්න ගත්තෙ රතු කරගත්තු මූණ ධවාන්ගෙන් හංගන ගමන්.පුංචි එකාගෙ හැසිරීමට හිනා වුණු ධවාන් හෙමින් සැරේ දණහිස් වලින් ටිකක් නැවිලා පුංචි එකාගෙ මූණ ලගට පාත් වුණා.

"ආ සහසැස්?"

"ම්...මහත්තයා?"

...................................................................................................

තඹර සහසැස්
අවුරුදු 18යි 🤍

ධවාන් රුහිරු අභිරාජ්
අවුරුදු 30යි 🖤

ඉතින් මේ ඔවුන්ගේ කතාවයි,
තඹර පෙත්තක ඇදි රුහිරු පින්තාරුව

...................................................................................................

Outside book cover:- Freya_Celestie
තෑන්ක්‍යූ සෝ මච් නංගෝ මේ ලස්සන කවර් එක හදලා දුන්නට😭❤️

Inside book cover:- TeddyMMMJTeddyMMMJ
තෑන්ක්‍යූ සෝ මච් අක්කි මේ ලස්සන කවර් එකට😭❤️

Story name and main title:- -Honey_Quinn-
තඹ(රු)හිරු කියන නම වගේම තඹර පෙත්තක ඇදි රුහිරු පින්තාරුව කියන ලස්සන වාක්‍ය හදලා දුන්නෙ අපේ සනීතක්කා😭❤️ ඔයාට හුගක් ස්තූතියි අක්කෙ ඒ දේ කරලා දුන්නට.ඒක ලොකුම ලොකු දෙයක්😭❤️

සහසැස් කියන නමේ ක්‍රෙඩිට් එක යන්නෝනි :- Frosty_LvLv බබාට❤️

ධවාන් කියන නමේ ක්‍රෙඩිට් යන්නෝනි :- Gugichan_00_ අක්කට❤️

අභිරාජ් කියන නමේ ක්‍රෙඩිට් යන්නෝනි:- samii_kim බබාට❤️

ඔයාලා තුන් දෙනා කලෙත් කියන්න බැරි තරම් ලොකු උදව්වක්😭❤️ ස්තූතියි ගොඩාරියක් ඒකට❤️

මාෆියා කතාවක් ලියමු කියලා අයිඩියා එක ඔලුවට දැම්මෙ:- hopecha_9 අක්කා❤️ ඔයාටත් හුගක් ස්තූතියි අක්කෝ.....අපි දෙන්නා කතා උනු කැරැක්ටස් ටිකක් වෙනස් කරල දැම්මෙ හොඩේ🙊මේ කැමීලියාට ඒජ් ගැප් එජජ් දාන්නම ඕනි උනානෙ😪❤️

ඉතින් උඩ කිව්ව හැමෝටම වගේම මේ ටිකේම වට්සැප් එකේ ඉදන් මට ෆොටෝස් හොයලා එව්ව,නම් හොයන්න උදව් කල හැමෝටම ගොඩක් ස්තූතියි.ඔයාල් නැත්තං මේවා කරන්න බෑ මට.කැමීලියා ආදරෙයි 😭❤️

ඔයාලට මම අර නම් අහගත්ත කතාව අරං ආවා....මේකෙ පලවෙනි චැප මම තව සතියකින් වගේ දාන්නම්❤️


ඔයාලා කියන්නකො නිවාලන්න මා එකෙන් පස්සෙ ඕනි මේකද? එහෙම නැත්තං අවාරෙක මල්ද කියන එක.

තීරණේ ඔයාලගෙ අතේ....කතා දෙකම කොහොමත් ලියනවා.වෙනසකට තියෙන්නෙ එකක් කලින් ලියලා අනික පස්සෙ ලියන එක විතරයි ❤️

මොකද මේකෙ ඉන්ට්‍රො එක ගැන හිතන්නෙ👉👈

ඉතින් හිතනවා වෙනසක් වෙයි කියලා ❤️

අදහසක් කියං යං.

හැමදාම කියනවා වගේ,

අපිට පුළුවන් එතකොට අන්තිම චැපට වැටෙන කමෙන්ට්ස් එක්ක මේකෙ ඒවා සංසන්දනය කරලා සතුටු වෙන්න❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤
කැමීලියා ගොඩාරියක් ආදරෙයි ඔයාලට🥺❤️

මම කැමීලියා🏵️❤️

Ga verder met lezen

Dit interesseert je vast

6.2K 180 21
3 MONTHS REVENGE " ❤MAIN CHARACTERS OF STORY ❤ . OUR KUHUNAL ( KUHU AND KUNAL ) . MISHBIR ( MISHTI AND ABIR ) . KETU , JUGNU , MAMA, MAMA #MANY MORE...
5.6K 888 15
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀
34.7K 531 52
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.
45.5K 6.1K 53
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...