~අනුරාගික සිත්~ || BL || Nonf...

By Kitten_Black07

7.6K 785 700

" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ... More

හැඳින්වීම
01 🥀
02 🥀
03 🥀
04 🥀
05 🥀
06 🥀
07 🥀
08 🥀
09 🥀
10 🥀
11 🥀
12 🥀
13 🥀
15 🥀
16 🥀
17 🥀
18 🥀
19 🥀
20 🥀
21 🥀
22 🥀
23 🥀
24 🥀
25 🥀
26 🥀
27 🥀
28 🥀
29 🥀
30 🥀
31 🥀
32 🥀
33 🥀
34 🥀
35 🥀
36 🥀
37 🥀
38 🥀
39 🥀
40 🥀
41 🥀
42 🥀
43 🥀
44 🥀
45 🥀
46 🥀
47 🥀
48 🥀
49 🥀
50 🥀
51 🥀
52 🥀
53 🥀
54 🥀
55 🥀
56 🥀
57 🥀
58 🥀
59 🥀
60 🥀
NOT AN UPDATE 🙃
61🥀
62 🥀
63 🥀
64 🥀
65 🥀
66 🥀
67 🥀
68 🥀
69 🥀
70 🥀
71 🥀
72 🥀
73 🥀
74 🥀
75 🥀
76 🥀
77 🥀
78 🥀
79 🥀
80 🥀

14 🥀

150 18 0
By Kitten_Black07

කොහොමහරි මන් හිත හිතම ගේ ළඟටම ඇවිල්ලා...මන් එහෙම්මම ගියේ තයන්සව හොයාගෙන....තයන්සා....මගෙ නංගි....මට එයාව හුඟක් මඟ ඇරුණා...මන් දන්නව මන් එයාට කීයටවත් හොඳ අයියා කෙනෙක් උනේ නැහැ...එහෙම වෙන්නත් බැහැ...ඒත්....මන් හිතාගත්තා මීට පස්සෙ එයා ගැන හොඳට හොයල බලනව කියල... ඇත්තටම කිව්වොත්  ඩොක්ටර් යුගීෂ් සත්සර අබේකෝන් මට හොඳ මනෝ උපදේශනයක් දුන්නා...අයිය කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් සේරම මන් එයා වෙනුවෙන් කරල දෙනව කියල මන් එවෙලෙම හිතාගත්තා...මොකද මන් මෙච්චර කල් ඒ කිසි දෙයක් එයා වෙනුවෙන් නොකරපු නිසා....මන් තයන්සගෙ කාමරේට යද්දි දැක්කෙ එයා පොතකුත් අතේ තියාගෙන නිදාගෙන ඉන්නවා.....හ්ම්ම්.....පව් කෙල්ල...මන් නිකමටවත් එයාගෙන් ඇහුවෙවත් නෑ විභාගෙ කොහොමද කියලා.....එයාට එකපාරටම ඇහැරුනා...එයා මාව දැකල නිකම් පුදුම වෙලා වගේ බලාගෙන හිටිය ටික වෙලාවක්...ම්ම්ම්...එයාට පුදුම ඇති මන් කවදාවත් එයගෙ කාමරේට ඇවිත් නෑනෙ...

" අයියෙ....මේකත් එදා වගේ හීනයක්ද....."

ඇස්වල කඳුළු පුරවන් තයන්සා එහෙම අහද්දි මට දැනුණෙ මන් ගැනම ලොකු පසුතැවීමක්...එයා ඉපදුණ දවසෙ මට අම්මව නැති කළේ එයා කියල මම එයාට වෛර කරද්දි ඇයි මට එක දශමයක්වත් නොහිතුණේ මට වගේ නෙවෙයි.....එයාට අම්මගෙ උණුසුම එක මොහොතක්වත් දැනුණෙ නැහැ කියන එක.....අනික අනිත් අයියල නංගිලා දකිද්දි එයාට මොනා හිතෙන්නැතිද කියන එක ඇයි මට කලින් හිතුණෙ නැත්තෙ...ලොකු අයියා නැතිවුනාට පස්සෙ මට වගේම එයාටත් තනිකමක් පාලුවක් කොච්චර දුකක් දැනුණද කියන එක ඇයි මට හිතන්න බැරිවුනේ....ලොකු අයියා නැතිවෙලා එයාට තව අයියා කෙනෙක් හිටියත් එයත් එයා ගැන ගණන්වත් ගන්නෙ නැති උනාම එයාට මොනව හිතෙන්න ඇතිද..

මට දැනෙනව එයාගෙ වගේම මගෙ ඇස්වලිනුත් කඳුළු වැටෙනවා..මන් මහ වැඩකට නැති මනුස්සයෙක් තයන්සා...ඔයාගෙ අයියා වෙන්න මම සුදුසු නෑ...ලොකු අයියට තරම් කාටවත් ඔයාට හොඳ අයියෙක් වෙන්න බැරිවුනා.....වෙන්නත් බැහැ....

" මට සමාවෙන්න නංගි...."

මන් එහෙම කිව්වට පස්සෙ තයන්සා එකපාරටම මාව හග් කරා....මාත් එයාව තදින් වැළඳගත්තෙ මේ අපේ පළවෙනි වැළඳගැනීම නිසා...තමන්ගෙ එක කුස උපන් නංගිව වැළඳගන්න පළවෙනි වතාව...හහ්...ඒක මාර විහිළුවක්....

" ආපහු කියන්න....මට නංගි කියලා...මේ ඇත්තටම නේද...."

" ඔව්....මට සමාවෙන්න...."

" අනේ අයියෙ ඒකට කමක් නැහැ....දැන් හරි ඔයා මට ආදරෙන් සළකයිනෙ....."

" අද අපි රෑට කෑමකට යන්...."

" ඔය ඇත්තටමද...."

" ඔව් "

එයාගෙ ඇස් සතුටින් දිලිසුණේ මට එයාව කොච්චරක් නම් මඟ ඇරිලද කියල පෙන්නන ගමන්...මන් ආයෙත් ඔයාව තනිකරන්නෙ නෑ මගෙ නංගි මට බැරිවෙන දවසක් එනකම්ම....

" මට හරි සතුටුයි අයියෙ....ඒ කියන්නෙ මටත් දැන් අනිත් අය තමන්ගෙ අයියල එක්ක කරන හැමදේම කරන්න පුළුවන් නේද..."

" ඔව්....ඔයාට පුළුවන්....අද අපි රෑට යන්නෙ මගෙ බයික් එකේ...."

"ඇත්තටමද අයියෙ...මන් ගොඩක් දවස් බලන් හිටියා...."

" අද ඒ දවස ආවනෙ.....ඇති තරම් විනෝද වෙන්න....."

~~~

මන් තාමත් කාමරෙන් එළියට නොගියෙ අර දෙන්නගෙ මුකුළුව මට බලාගන්න කිසිම උවමනාවක් නැතිනිසා...තේජාන් අයියට අපෙ අයියව දැක්කට පස්සෙ මාවත් අමතක වුනා..ඇයි එදා අපේ අයියා එහෙනම් නිකමටවත් එයා කලින් ඉදන්ම තේජාන් අයියව දන්නව කියල නොකිව්වෙ...ඒ දෙන්න අතර එහෙම විශේෂ මුකුත් නැත්තන් ඇයි ඒ දෙන්නා මාවත් එළවගෙන තනියම කුටු කුටු ගෑවෙ....ඒ කියන්නෙ මාව එයාලට කරදරක් කියන එකනෙ....මන් මොකටද ඒ දෙන්නට වදයක් වෙන්නෙ..

දින සති මාස ගෙවුනා...මන් තේජාන් අයියව ගණන් ගත්තෙ නෑ...අපෙ අයියට වැඩිය මූණ දුන්නෙත් නැහැ...දන්නවද අයියා මාව බලෙන්ම බයෝ වලට දාන්න ඉන්නෙ..දැන් මන් බයෝ කරන්න ඉන්නෙ අයියගෙ බලේට....අයිය ඉස්සර වගේ නෙවේ.....එයා මාව පාලනය කරනව......එයා වෙනස් වෙලා...මන් කොච්චර බැහැ කිව්වත් එයා මාව බලෙන්ම මන් අකමැති විෂයක් වෙන බයෝ කරන්න පෙළඹෙවුව්වා.....එයා ඉස්සර එහෙම කිසිම දේකට මට බල කරන්නෙ නැහැ.....

ආ තේජාන් අයියා දැන් ඉස්කෝලෙ අවුට් වෙන්න ඔන්න මෙන්න ඉන්නෙ...මොකද එයා ගිය සතියෙ ඒලෙවල් ලිව්වා....ඒලේවල් කිව්වම මතක් උනේ මට ඕලෙවල්වලට  A නවයක් තිබ්බා...මන් පිළිගන්නව ඒ හැමදේම තේජාන් අයියා නිසා කියල....ඒත්.....මන් ඇයි මන් වෙනුවෙන් එච්චර දෙයක් කරපු තේජාන් අයියව මඟ අරින්නෙ කියල මටවත් තේරෙන්නෙ නෑ...අනිද්දට අපි සබ්ජෙක්‍ට් තෝරගන්න ඕන...මට ඕන නෑ බයෝ කරන්න...ආර්ට් හරි කොමස් හරි කරන්න තිබ්බනම් ඇති.....තයන්සානම් නිදහස් ඒකිව හයි එඩියුකේෂන්වලට england යවලා..ඒ අස්සෙ නවෝදයා බූටක් කාලා වගෙ ටික දවසක් ඉදල එකපාරටම කිව්ව කියාපි එහෙනම් මාත් ආර්ට් කරනව කියල.....පව් මොනා උනත් ඒ ලව් එකට කාගෙ ඇස්වහක් වැදුනද මන්දා....

මන් ඔහොම එක එක විකාර හිත හිත ඉන්නකොට එතනට ආවෙ මගෙ අයියා...එයා මොකක්ද එකපාරටම මගෙ කාමරේට ඇවිත් කරන්න යන්නෙ...

" නෙතූෂ් ඉක්මනට....ලෑස්තිවෙන්න..."

අයියා ඇවිත් කලබලෙන් එහෙම කියද්දි මන් බය වුනා...ඇයි මෙයා මේ කලබලෙන්....

" ඒ මොකටද......"

" තේජාන්ට ගොඩක් අමාරු වෙලාලු....අපි ඉක්මනට එහෙට යන්න ඕන.."

මො මොකක්ද....තේජාන් අයියට ආයෙත් අසනීපද...මොකක්ද දෙයියනේ මේ වෙන්නෙ එයාට...මන් එයත් එක්ක තරහ උනාට කවදාවත් එයාට නරකක් වෙන්න කියල හිතලා නෑනෙ දෙවියනේ...ප්ලීස් එයාට මුකුත් වෙන්න එපා.....මන් ඉක්මනට දඩි බිඩි ගාලා ලෑස්ති උනේ තේජාන් අයියව බලන්න යන්න තියන හදිසිය නිසාමයි.....

මන් ඉක්මනට ලෑස්තිවෙලා ආවා....අයියත් එක්ක මන් කාර් එකට නැග්ගා...අයිය හෙන කලබලෙන් වාහනේ එළවන්නෙ...එයා ගොඩක් බයෙන් ඇත්තෙ...එයා සමහරවිට මටත් වඩා බයවෙලා ඇති එයාලා ලවර්ස්ලනෙ....මට ඒක එයාගෙ මූනෙන් පේනවා...තේජාන් අයියට මන් නිකම්ම නිකම් යාලුවෙක් මල්ලි කෙනෙක් විතරයි...

මට මල්ලි කෙනෙක්ට වගේ සලකන්න එපා තේජාන් අයියේ...... ඒක ගොඩක් වේදනායි.......මන් ළඟින්ම ඉන්න......මාව හුරතල් කරන්න....මාත් එක්ක කියවන්න...හැබැයි.....ඒ ආදරවන්තයෙක් විදියට.....ඒක කවද වෙයිද.....මේ හිත බලන් ඉන්නව ඔයාගෙ ආදරේ ලැබෙන්කම්..

ඒත් ඒක හීනයක්ම විතරයි....මොකද ඔයාගෙ ආදරේ අපෙ අයිය.....ඒ දෙන්නට දෙන්නා කැමතියිනම් මට කිසිම උවමනාවක් නැහැ එයාලා අතරට තුන්වෙනියෙක් වෙලා එන්න.....කොහොම කොහොමහරි අපි ඉක්මනට තේජාන් අයියලගෙ ගෙදරට ආවා....එනකම්ම අයිය මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ...

අපි ගෙදරට යද්දිත් එහෙ හරිම කරුවලයි....මගෙ හිත මහ මූසල හැඟීමකින් වෙලාගනිද්දි අපි දෙන්නම ඇතුළට ගියේ තේජාන් අයියව බලන්න ඕන නිසා... 

" තේජාන් !!! "

අයිය කලබලෙන් තේජාන් අයියව හොයනව....මට දැනෙනව මගෙ හදවත හයියෙන් ගැහෙනව....අනේ දෙවියනේ ප්ලීස් එයාට කිසිම කරදරයක්නම් වෙන්න එපා...

" තේජාන් අයියෙ !! "

බයටමද කොහෙද මගෙ ඇස්වලින් කඳුළු බේරෙනවා..ඒ මදිවට මාව වෙවුලනවත් එක්ක...ඒත් එකපාරටම....

" හැපි බර්ත්ඩේ ටූ යූ....හැපි බර්ත්ඩේ ටූ යූ......හැපි බර්ත්ඩේ ඩියර් නෙතූෂ්.....හැපි බර්ත්ඩේ ටූ යූ...."

මොකක්....මගෙ ඉස්සරහින් එන්නෙ තේජාන් අයියා... එයා හිනාවෙවී මගෙ පැත්තට එනව...එයාගෙ අතේ කේක් එකකුත් තියනව...එතකොට මිනෙතයා, නවෝදයා,මිනේෂියා,සඳරු අයියා වගේ ම ජයෝද් අයියත් එයාගෙ පිටිපස්සෙන් අත්පුඩි ගගහා එනවා....අපෙ අයියත් හිනා වෙවී එයාලට එකතුවුනේ මන් හොල්මන් වෙලා යද්දි...අද මගෙ උපන්දිනේද.....මට කොහොමද ඒක අමතක වුනේ...තේජාන් අයිය හොඳින්නෙ .....එතකොට.....මේ සේරම මේකුන්ගෙ ප්ලෑන් එකක්ද....

" ප්ලෑන් එක මගේ.....හොඳයි නේද..."

"යා....කොතල හිඹුටු සක්කිලි මල් බඹරා....තව පොඩ්ඩෙන් මට හාර්ට් ඇටෑක් හැදෙනව යකෝ...."

මන් එහෙම කියද්දි අපෙ අයියයි තේජාන් අයියයි දෙන්නා මූනට මූන බලාගත්තෙ මගෙ වාග් කෝෂය ගැන පුදුම වෙලා වෙන්නැති....

" බර්ත්ඩේ එක දවසෙ ඔය වාග් කෝෂෙ දිග අරින්න එපා යකෝ...මෙන්න මේක නිවපන් මොකක් හරි ප්‍රාර්ථනාවක් කරලා..."

මිනෙතයා එහෙම කිවුවෙ තේජාන් අයිය අතේ තියන කේක් එක පෙන්නන ගමන්....මන් හිමින් ඒකට ළ‍ වෙලා " හැමදාම තේජාන් අයියා සතුටින් ඉන්න...මට අයිති නැතිවුනත්...." කියල හිතල් ඉටිපන්දම නිවුවා...ඊටපස්සෙ නවෝදයා මට දීපු පුංචි පිහියෙන් මන් කේක් කෑල්ලක් කපලා මගෙ කටේ ඔබාගත්තම කට්ටියම මූණට මූණ බලාගත්තා...ඇයි යකෝ කේක් තියෙන්නෙ කන්නනෙ...ඔහොම බලන්නෙ...

" ඔයාලත් කපාගෙන කන්න ඉතින්....ඔහොම බලන්නෙ....."

මන් එහෙම කිව්වම අර සක්කිලි මල් බඹරා හෙන Dramatic විදියට අත් දෙක ඔලුවට ගහගෙන 

" මොන ජාතියෙ බර්ත් ඩේ එකක්ද භල්ලො මේ....හරිනම් තෝ අපිට කේක් කවන්න ඕන.."

මාර මගුලක්නෙ ඒක....ඇයි මන් කවන්නෙ....මුන්ගෙ අත් පන නැතිවෙලාද....

" ඇයි ඔයාලගෙ අත් වැඩ නැද්ද "

අපෙ අයිය ඇතුළුව අනිත් සේරම මාව කන්න වගේ බලන් හිටියත් මන් දැක්කා තේජාන් අයියටනම් ලාවට හිනාවක් ගියා....කොහොමහරි අපි කේක් කාලා සින්දු කියල නටලා ෆන් එකක් ගත්තා...මුන් ෆිල්ම් එකක් බලන්න ගත්තත් මන් මට කම්මැළි නිසා පොඩ්ඩක් එළියට ගියා...උන් ෆිල්ම් එකේ සිහියෙ නිසා කවුරුත් මන් යනව දැක්කෙ නෑ...මට ඕන උනේ පොඩ්ඩකට හරි තනියම නිදහසේ ඉන්න..

~~~

කට්ටිය කට ඇරන් ෆිල්ම් එක බලාගෙන හිටියත් මට ඒක මහ කම්මැලියි කියල දැනුණා..මන් දැක්කා නෙතූෂ් හොරාට එතනින් ලිස්සනවා...එයාටත් කම්මැළි ඇති.....මාත් හිමීට එතනින් ගියේ එතන ඉන්නවට වඩා එළියට ගියාම සහනයක් දැනෙනව කියල දන්න නිසා...

~~

මට දැන් අවුරුදු 17 ක්.....මන් දැන් ලොකුයි මගෙ ආච්චි අම්මට අනුව....හ්ම්ම්ම්.....අද ඉදන් මන් ජීවිතේ පටන් ගන්න ඕන....මොකද හෙට අනිද්ද ඉදන් මන් ඒලෙවල් කරන ලොකු අයිය කෙනෙක්....හුම්..

" නෙතූෂ්...."

එතකොට මට ඇහුණෙ තේජාන් අයියගෙ කටහඬ...මන් හැරිලා බැලුවා...ඔව් ඒ එයා තමයි...එයා එතකොට මේ මගෙ පස්සෙන්ද ආවෙ....ඒත් ඇයි එයා මේ වෙලේ ඉන්න ඕන අපේ අයිය එක්කනෙ......එයා මන් ළඟට ඇවිත් මගෙ එහාපැත්තෙන් වාඩිවෙලා ඉස්සරහ බලාගෙන ලොකු හුස්මක් පිට කරලා මගෙ දිහා බැලුවෙ හරියට ලොකු කතාවකට මුල පුරන්න වගේ...

" ඇයි මාව මඟ අරින්නෙ..."

තේජාන් අයිය ඒක ඇහුවෙ මගෙ ඇස් දිහා බලාගෙන...මට තේරෙනව මට ඒ ඇස් දිහා කෙළින් බලන් ඉන්න තරම් හයියක් නෑ කියල...

" එ - එහෙම නෑ අයියෙ..."

" ඔයාට මාව පේන්නෙ බබෙක් වගේද නෙතූෂ්....ඔයා මේ ටිකේම මාව මඟ අරිනව....මගෙන් ඔයාට මොකක් හරි වැරැද්දක්වත් උනාද...."

මුල් ටික තදින් කියාගෙන ආවත් අන්තිම හරිය කියද්දි එයාගෙ හඬ බාල උනා කියල මට තේරුණා...

" අනේ නෑ අයියෙ...."

" එහෙනම් මොකක්ද හේතුව...."

මන් එතනින් හිමීට යන්න හැදුවත් තේජාන් අයියා මගෙ අත තද කරලා අල්ලගත්තා....

" නෙතූෂ්.....පැනලා යන්න ලෑස්ති වෙන්න එපා..."

තේජාන් අයියගෙ කටහඬ ගොඩක් රළු උනා...ඒක හරියට තර්ජනාත්මකව කිවුව වගේ....එයා මාව ආපහු එයාගෙ එහාපැත්තෙන් වාඩි කරවලා ආපහු බර හුස්මක් ගත්තා....

" මන් දන්නෙ නෑ මේ නුහුරු නුපුරුදු හැඟීම මොකක්ද කියලා......හැබැයි ඔය කළු බෝලගෙඩි වගේ අහිංසක ඇස් මට කියන්නෙ වෙනම කතාවක්......ඒත් මට ඒ කතාව මොකක්ද කියල තේරුමක් නෑ නෙතූෂ්......ඔයාව දකිද්දි මට දැනෙන හැඟීම්.....ඒ සේරම හරිම අමුතුයි........"

මො මොකක්ද...තේජාන් අයිය මොනාද මේ කියන්නෙ...එ එතකොට එයා....මන් ආපහු මට ඇහුණ දේ හරිද කියල ශුවර් කරගන්න එයා දිහා බැලුවා....

" අ අයියෙ.."

" ඔව් ඔයාට ඇහුණ දේ හරි....මන් ඒක තේරුම් ගත්තා නෙතූෂ්....ඒ හැඟීම මොකක්ද කියලා..."

" අ- අයියෙ...."

" මන් ඔයාට ආදරෙයි නෙතූෂ්....ඒකත් ආදරවන්තයෙක් විදියට...."

මගෙ ඇස්වලින් සතුටු කඳුළු වැටෙනවා...මන් බලාගෙන හිටපු ඒ මොහොත....තේජාන් අයියත් මට ආදරෙයිලු....එ එතකොට මගෙ අයියා...නෑ නෑ...එතකොට මන් තේජාන් අයියට කැමති උනොත් ඒක මන් මගෙ අයියටම කරන ද්‍රෝහිකමක්...

" ස් සොරි අයියෙ....ම් මන් ඒකට කැමති නෑ..."

මන් එහෙම කියල ඉක්මනට එතනින් දුවගෙන ගියේ තේජාන් අයියව මඟ අරින්න...මන් ඉක්මනට අනිත් අය ඉන්න තැනට ගියාම තේජන් අයියත් ටිකකින් එතනට ආවා....මන් දැක්ක තේජාන් අයියා මගෙ දිහා බලන් ඉන්නව....ඒත් මන් කළේ එයාව දැක්කෙ නෑ වගේ හිටපු එක...මට සමාවෙන්න තේජාන් අයියෙ...





හායිම්!!! මොකෝ හිතම්නෙ...!!

නෙතූෂ් කොළුවට පිස්සු නේහ් :((((

Continue Reading

You'll Also Like

63.4K 11.1K 42
ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට...
3.4K 529 15
ඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය නොදැනීම මගේ මූනට හිනාවක් ආ...
One Chance By Laura

Historical Fiction

2M 102K 29
To save her family from financial ruin, Annaliese Dawson agrees to marry a stranger. She knows that the arrangement would probably never lead to love...
16.7K 2.4K 20
දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමිය- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක්...