අලුත් ගුරුන්නාන්සේ (Taekook/O...

By shwe_min

4.8K 977 1.8K

Taekook Yoonmin Namjin Hope x girl Yizhan (Cameo) ජිනදාසගේ සාස්පාන් වැඩ... ජුන් සිඤ්ඤෝගේ මොළකාර වැඩ... චිමී ස... More

ඉන්ට්‍රෝ හෑල්ල
බිගිනින් වෙන්ට කලියෙන්
සම්ප්‍රාප්තිය
කඩේ යාම
පළමු ගුරුකම
අවනම්බුව
වශී කපුකම
ජෝඩු කිරීම
ජන්මදින සාදය දා
කවිකාර මඩුව
වෙරි මරගාතේ
පොඩි වචනයක්...
ඩෙඟා නැටීම
බිළාල ප්‍රේමය
වේශ මාරුව
ඇණවතී
කෙසෙල් කැවීම

දෙවෙනි හමුව

147 42 98
By shwe_min

ඊළඟ උදෑසන ශාන්ති නෝනා අවදි වන විට වේලාව අටත් පසු වී තිබිණ. වෙනදා මෙන් තමා අවදි කරවන්නට මෙදින ජිනදාස නොපැමිණියේ මන්දැයි ඕ මවිතයට පත්වූවා ය.

ඇය සාලයට පැමිණි වහා ම ඒ මවිතය පහළ වී ගියේ කෑම මේසය මත නිරුවතින් එකිනෙකා වැළඳගෙන සැතපී උන් යුවල දැකීමත් සමඟ ය. බියෙන් සලිත වී බෙරිහන් දුන් ඈ ආරච්චිලව අවදි කිරීම පිණිස වැටි වැටී දිව ගියා ය.

එහෙත් ඇගේ බෙරිහන් දීම ඇසීම නිසා ඊට පෙර ම අවදි වූ ආරච්චිල සාලයට පැමිණ නිවසේ තිබූ ලොකු ම ඇඳ ඇතිරිල්ල ගෙන නිවසට පැමිණෙන කිසිවෙකුටත් ඔවුන් දෙදෙනාව නොපෙනෙන ආකාරයට මේසය මත උන් ජුන් සිඤ්ඤෝවත් ජිනදාසවත් ආවරණය කර ඇගේ බිය දුරු කළේ ය. එයින් තම සිතට දිරි වඩාගත් ශාන්ති නෝනා බිම තිබූ වීදුරු කටු සියල්ල අස් කර සාලය පිරිසිදු කළා ය.

වෙනදා පවුලේ සැමට ම ආහාර පිසූ ජිනදාස අද තද නින්දේ පසු වූ හෙයින් ශාන්ති නෝනාට තනිවම ආහාර පිසින්නට සිදු විය. වසර ගණනකින් කිසිම ආහාරයක් පිස නොතිබූ ඇයට හරි පදමට ආහාර ටික සකස් කරගැනීමට හෝරා දෙකක් පමණ ම ගත විය.

ඇගේ පරණ කෑම වට්ටෝරු පොතේ තැනින් තැන මීයන් කා තිබීමත් මේ ප්‍රමාදයට හේතු වූයේ ය. ආහාර පිසීමෙන් පසු ඈ තම අනෙක් දරුවන් තිදෙනා අවදි කරවීමට ගියා ය.

ප්‍රථමයෙන් අවදි වූ චිමී සාන්ත සාලයට පැමිණ මේසය මත රෙද්දකින් වසා ඇත්තේ කුමක්දැයි දැනගන්නට කුහුලින් යුතුව දෑස් දල්වාගෙන බලා සිටියේ ය.

රෙද්දේ කොනක් ඔසවා බලත් ම දුටු දසුනෙන් මහත් කම්පනයට පත් ඔහු දඩාං හඬ නංවමින් භූමි අක්කා සිප ගත්තේ ය.

ඉතා අපහසුවෙන් ආපසු නැගිටගත් ඔහු වහවහා දොට්ට පිලට දිව්වේ ය. දැඩි ලෙස කම්පනය වී උන් නමුත් ඔහුගේ ටියුබ් ලයිට් මොළයට එම නිරුවත් දර්ශනයේ සැබෑ අරුත වැටහුණේ නැත.

ඊළඟට වූයේ නෙල්ලි මැණිකාව ය. ඇගේ වලත්ත මොළයට නම් මේසය දකිත් ම සිදුවී ඇති සියල්ල ඉතා හොඳින් වැටහිණි.

අන්තිමට අවදි වූයේ කුක්සෝම ය. එළි වන තුරු ම ජිනදාසගේත් ජුන්ගේත් සරුංගල් යැවිල්ල නරඹමින් සිටි ඔහුගේ නිදිමත තවමත් මුළුමනින් පහ වී තිබුණේ නැත. නිදි මරගාතේ අවසිහියෙන් පෙට්ටගම අසලට ගිය ඔහු එහි තිබූ හිස් කෙහෙල් කුක්කු බෝතලය සිපගෙන ගියේ ශාන්ති නෝනා ඉදිරිපිටදී ම ය. නමුත් නින්දේදි දුටු කුමක් හෝ සිහිනයක් නිසාවෙන් ඔහු මෙසේ හැසිරෙතැයි සිතූ ඈ එය එතරම් ගණනකට ගත්තේ නැත.

සිපගැනීම අවසානයේ ඔහු එය නැවතත් පෙට්ටගමට දමා වසනවාත් සමඟ ඔහුගේ සරම කඩාවැටුණේ ය.

ඒ සැණින් තමාට ටේ බණ්ඩා ගුරුන්නාන්සේ හමුවීමට යන්නට නියමිතව ඇත්තේ අද දිනයේ බව සිහිපත් වී ඔහුගේ නිදිමත ක්ෂණයෙන් දුරු වී ගියේ ය.

සිදු වූ දෙයින් අතිශය ලජ්ජාවට පත් ඔහු සිය මෑණියන් දෙසවත් ආපසු හැරී නොබලා දෑතින් ම සරම කිටි කිටියේ තද කරගෙන නා කියා ගැනීම පිණිස දොළ පාර දෙසට දිව ගියේ ය.

* * * * *

දොළෙන් නා ගත් කුක්සෝම වහා සරමකුත් බැනියමකුත් හැඳගෙන දේවාලය වෙත පිටත්වූයේ උදේ කෑම වේලවත් හරිහැටි නොගෙන ය.

ඔහු එහි ළඟා වන විටත් ටේ බණ්ඩා දේවාලයේ දොරකඩට වී ඔහු එන පෙරමඟ බලා සිටියේ ය. කුක්සෝමව දැකීමත් සමඟ මෙතෙක් වේලා අදුරු වැහි වළාවක් මෙන් දොම්නසින් බර වී තිබූ ඔහුගේ මුහුණත් හදවතත් සොම්නසින් පිරී ඉතිරී ගියේ ය.

කුක්සෝමගේ පොල් දත් සිනාව දැකීමත් සමඟ ගිය සඳුදාවේ දුටු ආශ්චර්යවත් දර්ශනය සිහිය සිහි වී ඔහුගේ සියොලඟ ම සලිත වී ගියේ ය.

"කුක්සෝම ඇතුළට ඇවිත් ඉඳගන්නැ"යි කියමින් ඔහු දොර අසලින් මෑත් වූයේ ය. ටේ බණ්ඩාගේ නියෝගය පරිදි සුගතන් විසින් මෙදින උදෑසනින් ම දේවාලය තුළ පුටු දෙකක් තබා සූදානම් කර තිබුණේ පෙර දිනයේ මෙන් අකරතැබ්බයක් සිදුනොවනු පිණිස ය.

එකිනෙකට මුහුණලා සිටින සේ සකස් කර තිබූ එම පුටු දෙකෙහි ටේ බණ්ඩාත් කුක්සෝමත් ඉඳගත් හ.

"ගුරුන්නාන්සේ මොකෝ ඊයෙ සාදෙට ආවෙ නැත්තෙ?" හා හා පුරා කියා කතාවට මුල්ගල් තැබූ කුක්සෝම විමසී ය.

"ගුරුකමකට ඕන කරන විශේෂ අරිෂ්ට වට්ටෝරුවක් පිළියෙල කරන්ට තිබුණා නොවැ. කුක්සෝමට මන් එවපු තෑග්ග හම්බවුණා නේද? ඒවා බීලා බැලුවද? රසද?" ගුරුන්නාන්සේ ප්‍රශ්න වැලක් ම අසාගෙන ගියේ ය.

"ඔව් මට ලැබුණා ගුරුන්නාන්සේ. බෝතල් දෙකක් ම බිව්වා මෙහෙ එන්න කලියෙන්. මන් බොහොම ආසයි ඒවයෙ රහට." ප්‍රශ්න වැලට පිළිතුරු වැලක් ම දුන් කුක්සෝම "රහටත් වැඩිය මන් ආස ඒ බෝතල්වලින් එන ගුරුන්නාන්සෙගෙ සුවඳට." යැයි කියවෙන්නට ආ හැඟීම මහත් වෙර යොදා සිත තුළ ම සඟවා ගත්තේ ය.

"ජිනදාසට කොහොමද? ඊයෙ දවස ලස්සනට ගෙවෙන්න ඇති මයෙ හිතේ." ටේ බණ්ඩා ඇසක් ඉඟි මැරී ය.

"ඇත්තට ම ඒක බොහොම ලස්සනට ගෙවුණා ගුරුන්නාන්සේ. ලොක්කයියයි ජුන් අයියයි දිහා හෝරා ගාණක් යනකල් යතුරු හිලෙන් බලන් උන්නු මට ඒක ටක්කෙට ම සහතික කරන්න පුළුවන්." ගුරුන්නාන්සේ කෙනෙකු සමඟ මෙවන් දේ නොපැවසිය යුතු බවට ඔහුගේ සිත කී නමුත් කුමක්දෝ හේතුවකට ටේ බණ්ඩාගෙන් සත්‍ය වසන් කරන්නට ඔහුට සිතුණේ නැත.

කුක්සෝමගේ එම ප්‍රකාශයට හිස සලා නිහඬ ප්‍රතිචාරයක් පමණක් දක්වා සිටිය ද ඇත්තෙන්ම ටේ බණ්ඩා ඔහුගේ එම කාර්යය හදවතින් ම අගය කළේ ය. කුක්සෝමගේ තැන ඒ වෙනුවට තමා සිටියා නම් තමා ද එලෙස ම සිදු කරන බව ඔහුට ගලේ කෙටූ අකුරක් මෙන් ස්ථිර විය.

"මයෙ අයියණ්ඩිගෙ දුක් කොරලා දුන්නට ගුරුන්නාන්සෙට බොහෝම පින්." යි කියමින් කුක්සෝම දොහොත් මුදුන් නඟා වැන්දේ ය.

"ඇත්තටම මටත් බොහොම සන්තෝස්ස්යි ජිනදාසගෙයි ජුන් සිඤ්ඤෝගෙයි තනිකඩ ජීවිත දෙකඩ කරලා දාන්න හැකි වුණ එකට."යි ගුරුන්නාන්සේ පිළිතුරු දුන්නේ ය.

හිඳගෙන සිටි පුටුව පසෙකට කරමින් නැගී සිටි ඔහු "එහෙනං අපි දැන් මේ සාකච්ඡාව හමාර කරලා අද දවසේ චාරිත්‍ර ටික කරන්න පටන් ගමු නේදැ"යි විමසී ය.

කුක්සෝම ද පුටුවෙන් නැගිට හිස සලා එයට තම එකංගතාව පළකරනවාත් සමඟ ම පුටු දෙක අතුරුදන් වී ගොස් ඒ වෙනුවට මස් සූපයක් වැනි දුම් දමන දියරයක් අඩංගු වූ කුඩා කල්දේරමක් දේවාලයේ වහල දෙබෑ කරමින් ඔවුන් දෙදෙනා අතරමැද පතිත විය.

ඒ ඊයේ දවස පුරා වෙහෙස මහන්සි වී ටේ බණ්ඩා විසින් සකස් කරන ලද මහා කුම්භකර්ණ අරිෂ්ටයයි. සුගතන් විසින් එය නිසි පදමට රත් කර තිබිණි.

"හොඳ ළමයා වගේ ඔක්කොම බොන්න." යැයි කියමින් ඔහු ඒ බඳුන කුක්සෝම අතට දුන්නේ ය.

ඊළඟට තිර රෙද්ද මෑත් කරමින් දේවාලයේ අපර භාගයට දිව ගිය ඔහු කාගෙදෝ පරණ සාරි පොටක් රැගෙන ආවේ ය. ඔහු එය දේවාලයේ බාල්කයක බැඳ තොටිල්ලක් තැනී ය.

මේ අතර කුම්භකර්ණ අරිෂ්ටය ම බිඳකුදු ඉතිරි නොකර පානය සිටි කුක්සෝමට සිදු වන සියල්ල බොඳ මීදුම් පටලයක් මෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. ටික වෙලාවකින් ඔහුට තමා අවකාශයේ පාවෙන සෙයක් දැනෙන්නට වූයේ ය.

මොහොතකින් ඔහු අසලට ආ ගුරුන්නාන්සේ ඔහුව දෑතින් ඉහළට ඔසවා ගත්තේ ය. ටිකෙන් ටික තම සිරුරේ ප්‍රමාණය කුඩා වන බව ඔහුට දැනෙන්ට ගත්තේ ය.

ටික වේලාවක් යද්දී ඇත්තටම ඔහුගේ සිරුර හාවෙකුගේ ප්‍රමාණයට හැකිළී තිබිණ.

අවසානයට ඔහුගේ මතකයේ රැඳුණේ ගුරුන්නාන්සේ තමා ඔසවාගෙන ගොස් තොටිල්ලේ තැබූ බවත් මවක් දරුවකු නළවන්නාක් තොටිල්ල ඒ මේ අතට පැද්දූ බවත් පමණි. ගුරුන්නාන්සේ ගැඹුරු හඬින් යමක් ගායනා කරන හඬ සිහිනයෙන් මෙන් ඔහුගේ සවන් වැකිණි.

"ඕං රීං බලගතු දේවා වරෝ
තව බල වඩ වඩා මේ මට දියෝ
සරමේ අපල දුරු කරාපියෝ
මොහුට සවිය තව වඩ වඩා දියෝ

දොයි දොයි මයෙ කුක්සෝමේ
බයි බයි පොල් දත් සෝමේ
හූනන් දුරු කරමි ගමේ
අපලය දුරුවෙයි සරමේ"

ඒ සුමධුර ගායනය අසමින් කුක්සෝම තද නින්දකට වැටුණේ ය. ගුරුන්නාන්සේගේ එම ගායනයේ ආනුභාවය කොතරම් වී ද යත් ගමේ සියලු ම නිවෙස්වල උන් හූනන් ඒ මොහොතේ ම උඩුකුරුඤ්ඤං වී ගියහ.

ගායනය අවසන් කළ ටේ බණ්ඩා ගුරුන්නාන්සේ තොටිල්ල මත කුඩා දරුවකු මෙන් ගුලි ගැසී සුරතල් ආකාරයට නින්දට වැටී උන් කුක්සෝම දෙස බලමින් මද වේලාවක් අනිමිසලෝචන පූජාවේ නිරත වූයේ ය.

ඔහුව තොටිල්ලෙන් ඔසවා ඉවතට ගත් ගුරුන්නාන්සේ දේවාලය මැද පැදුරක් දිග හැර ඔහුව ඒ මත තැබීමත් සමඟ කුක්සෝමගේ සිරුර යළි යථා ප්‍රමාණයට පත්වූයේ ය.

දහඩිය දැමීම නිසා ඇඳ සිටි බැනියම ඇඟට ම ඇලී තිබුණෙන් කුක්සෝමගේ සවිමත් අයෝමය මාංශ පේශී පිටතට කැපී පෙනෙන්නට විය. දේවාලයේ යකඩ කූරු අතරින් ගලා ආ හිරු කිරණ පතිත වී ඔහුගේ ආරෝහ පරිණාහ දේහය තවත් ඉස්මතු වී පෙනිණ.

මේ දසුනෙන් මහත් කැලඹිල්ලට පත් ගුරුන්නාන්සේ කරන්නට ගිය ගුරුකම පසෙක තබා ඔහුගේ ළැම පෙදෙස පුරා තම ඇඟිලි දුවවන්නට වූයේ ය. ඇත්තෙන් ම ඔහුට කුක්සෝමව සිපගන්නට පවා සිත් වී තිබිණ.

"එහෙත් බලහත්කාරයෙන් එවැන්නක නිරත වීම අමන වැඩකැ" යි ඔහුගේ මොළය ඔහුට කොඳුරා කීවේ ය.

කුක්සෝම අහිංසක මලක් නොවූව ද තම පවුලේ අය ගැන නිරතුරුව ම සිතූ යහපත් තරුණයකු වූයේ ය. එසේම ඔහුගේ රාජකාරි දිවිය පුරාවටම "හැකි නම් තම අපලය සොයාගෙන පෙන්වන්නැ"යි ටේ බණ්ඩාට අභියෝග කරන්නට තරම් නිර්භීත වී තිබුණේ කුක්සෝම පමණි.

ඉතින් එවන් තරුණයකු හට බලහත්කාරකමක් කිරීමට ඔහුට කොහෙත් ම නුපුළුවන. එබැවින් ඔහු කෙසේ හෝ වෙහෙස දරා තම හැඟීම් යටපත් කර දමා නැවතත් රාජකාරියට බැස්සේ ය.

කුක්සෝමගේ සුරතේ බැඳ තිබූ සුගතන්ගේ මයිල් ගස ගැලවූ ඔහු එය සඳුන් තෙලින් පොඟවා නැවතත් පෙර තිබූ පරිද්දෙන් ම බැන්දේ ය.

ඉන්පසු ඔහු තවත් තෙල් ටිකක් අල්ලට ගෙන කුක්සෝමගේ හිස එයින් සම්බාහනය කළේ ය. මිනිත්තු දෙකක් පමණ යද්දී ඔහු නින්දෙන් ආපසු අවදි වූයේ ය.

ගුරුන්නාන්සේ කිසිත් නොපවසා මැලවුණු වතකින් යුතුව තමා දෙස බලා හිඳිනු දුටු ඔහු විමතියට පත් විය.

"ගුරුන්නාන්සේ හිතේ කරදරයකින්ද?" අන්තිමේ ඔහු ඇසුවේ තවත් බලා හිඳින්න ම නොහැකි තැන ය.

"කුක්සෝමට පුළුවන්ද මට කෙස්ගස් ටිකක් දෙන්ට?" ඔහුට මේ හතරබීරි කතාව වැටහුණේ නැත. එහෙත් ගුරුන්නාන්සේ මීට වැඩි යමක් ඉල්ලුවත් තමා එය දෙන්නට සූදානම් වී සිටි හෙයින් දෙවරක් නොසිතූ ඔහු වේදනාව ගැන පවා නොසැලකමින් කෙස් මිටක් ම ගලවා ටේ බණ්ඩාගේ අතෙහි තැබී ය.

ඒත් සමඟ දේවාලයේ පොළොව පලාගෙන විශාල කල්දේරමක් උඩට මතු විය. එහි කට ළඟට ම පිරී තිබුණේ ප්‍රේම සිත් හඳුනාගැනීම සඳහා ප්‍රත්‍යක්ෂ වූ මලවි අරිෂ්ටයයි.

ටේ බණ්ඩා කුක්සෝමගේ කෙස්ගස් කීපය ඒ තුළට දැම්මේ ය. මේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව කුක්සෝම මුව අයාගෙන බලා සිටියේ ය.

මද වේලාවකින් අරිෂ්ටයේ තැම්බුණු කෙස්ගස් ටික එකට ඇඹරී නූලක් බවට හදවත් අර්ධයක හැඩයක් සාදමින් කල්දේරමෙන් එළියට ආවේ ය. එය මාරුවෙන් මාරුවට රන් පැහැයටත් තද රතු පැහැයටත් හැරිණි.

"කුක්සෝමගේ හිතේ මං ගැන මොනවාහරි අදහසක් තියෙනවද?" ටේ බණ්ඩා ඉතා අපහසුවෙන් වචන ගැටගසා ගත්තේ ය.

කුක්සෝම ඔහු දෙස දෑස් දල්වා බලා උන්නේ ය.

"අදහසක් කියන්නෙ මෙහෙමයි... මං ගුරුන්නාන්සෙගෙ කඩවසම් පෙනුමටයි ගැඹුරු කටහඬටයි ආසයි. ගුරුන්නාන්සේ වැඩ පෙන්නන විදිහටත් මං හරි ආසයි." ඔහු මද වේලාවක් නිහඬව උන්නේ ය.

"මට ගුරුන්නාන්සෙව හැම තිස්සෙම මතක් වෙනවා. ඊයෙ සාදෙටත් ගුරුන්නාන්සේ එන්නැති බව දැනගත්තම මයෙ බඩ පපුව මාව දාලා ගියා. ඊයෙ දවසෙ ම මට මහ පාළුවක් දැනුණා. කවිකාර මඩුවෙදි හොබීදාස අයියා අපේ නගා එක්ක කවි කියද්දිත් මට ගුරුන්නාන්සෙව මතක් වෙලා ඇඬුණා." ඔහුගේ දෑස දිගේ කඳුළු බිංදුවක් පහළට රූටන්නට විය.

"මයෙ හිතේ ගුරුන්නාන්සේ ගැන අදහසක් තියෙනවා. ඒත් ඒක ආදරයක් ද නැත්තං ඒ වගේ දැනෙන වෙන දෙයක් ද කියන්න මං දන්නෙ නෑ." ඔහුට ටේ බණ්ඩාගේ උරයේ හිස හොවාගෙන හඩන්නට සිතිණ. එහෙත් මේ එයට සුදුසු අවස්ථාවක් නොවේ යැයි ඔහු දිගින් දිගට ම විශ්වාස කළේ ය.

කොහොමටත් පෙර සිට ම ඔහුගෙන් මෙවන් පිළිතුරක් බලාපොරොත්තු ව සිටි ටේ බණ්ඩා මඳ වේලාවක් කල්පනාවේ ගැලී උන්නේ ය.

කුක්සෝමගේ සිත පරීක්ෂා කළ වේලාවේදී හදවතකින් අර්ධයක් පමණක් සෑදුණේ තවමත් ඔහුගේ සිත ඔබ මොබ වැනෙමින් තිබූ නිසා ය. මුලින් ම එය හරි හැටි ස්ථිර කරගන්නට ඔහුට ඉඩ ලබා දිය යුතුය.

"හදිස්සි වෙන්ට කාරි නෑ කුක්සෝම. කාලෙට ඉඩ දීලා හොඳට හිතලා බලලා තීරණයක් ගන්න."

"එහෙමයි ගුරුන්නාන්සේ. එහෙනං මං යන්නම්." ඔහු ගුරුන්නාන්සේගේ දෙපා මුල ඇද වැටුණේ හදෙහි ඇති වී තිබූ දැඩි කම්පනය වාවාගන්නට නොහැකිව ය.

ඔහුගේ දෙවුරින් අල්ලා නැගිටවූ ටේ බණ්ඩා "පරිස්සමින්" යැයි ඇසෙන නෑසෙන ගානට මිමිනී ය.

ගැහෙන හදින් ද බර වූ සිතින් ද යුතුව මළ හිරු බැස යන සැන්දෑ යාමේ කුක්සෝම ආපසු නිවසට ආවේ ය.

නමුත් නිවසට ඇතුළු වනවාත් සමඟ ම එම සියලු චිත්ත වේදනාවන් පහවී ගොස් ඔහුගේ සිත කෝපාග්නියකින් පිරී ගියේ කවුරුන් හෝ විසින් ඔහුගේ සරම් සියල්ල ම සාලය පුරා විසි කර තිබෙනු දැකීමෙනි.

ගහෙන් වැටුණු හාවාට කොටියා ගැහුවා සේ ඔහුට හඟවමින් ඒ මැද සෙම පෙරාගෙන වැටී සිටියේ...??

- මතු සම්බන්ධයි -

කවුද ඒ වැටිලා හිටියේ? ගෙස් කරන් යමු බලන්න :)

මේ චැප්ටර් එක මං නිදිමතේ ටයිප් කරේ. ඒ හින්දා ටයිපින් මිස්ටේක්ස් තිබ්බොත් සමාවෙන්න.

අප්ඩේට් එක දවසක් කලින් දුන්නට මට පින් දෙන්න හුම් 😗

කතාව කියවන හැමෝටම කුම්භකර්ණ අරිෂ්ටෙ පවර් එක තරම් ආදරෙයි. ;)

ඊළඟ චැපියෙන් හමුවෙමු. හැමෝම පරිස්සමින් ඉන්න..♡♡

♥shwe_min♥

Continue Reading

You'll Also Like

2.3K 53 7
Random stuff of countryhumans,countries generally and countryballs such as memes arts etc. All Rights goes to the owners of them.
42.7K 3K 8
❝ Now, now, let's play a game, shall we? ❞ ❝ What 'game'? The hell are you planning?! ❞ ❝ It's very simple, really... ❞ And that was how their mad ni...
36.1K 1.6K 88
"I expect that if we're going to be working together you learn to trust me." He demands hastily, his eyes boring into mine. Something in my head to...
5K 105 5
⚠There Will Most Likely Be Triggers Within This Story⚠ Within this book of mine, a star may shine. Beneath this sweet sweet nectar, Behold! Luz the C...