𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 )

By _Crazy_Vibes_

4.1K 881 547

discreption ඉල්ලෙයි. කියවලාම බලන්න. School Love story එකක්. More

Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16
Episode 17
Episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
episode 41
Episode 42
Episode 43
Episode 44
A/N

Episode 31

92 14 15
By _Crazy_Vibes_

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

පහුවෙනිදා මෙතුලගේ ගෙදර එකම යුද්දයයි. කට්ටියක් තවත් කට්ටියක්ව ඇහැරවගන්න බැරුව ලත වෙද්දි තවත් කට්ටියක් washroom වලට මරාගත්තා. වෙලාව උදේ 6.30 වෙලා තිබ්බත් කට්ටිය තාම ගෙදර. මෙතුල ඇහැරෙන්නේ නැති උන්ට වතුර එකක් ගහලා washroom එකට තල්ලු කලේ මූණකට හෝදගෙන ලෑස්තිවෙන්න කියන්න. කොහොම හරි කට්ටියම හත වෙද්දි ගෙදරින් එලියට බැහැගත්තේ එකටම ඇවිත් බාලිකාව ලගින් දෙපැත්‍තකට යද්දි. යෂ් ට්‍රිනිටි එකට යද්දි අනිත් සෙට් එකම දර්මරාජෙට ගියේ 7. 15 වෙද්දි යාන්තමට ගේට්ටුව ගාවට එද්දි.

" යසයි පාසල් මාතාවගේ ශිශ්‍යනායකයෝ එන වෙලාව. "

සිහේල ලිහේෂ දෙන්නා පංතියට යද්දි යසස් හසෙක් දෙන්නා duty Book එක sign කරලා බෑග් එකත් අරන් duty වැටිලා තිබ්බ නවය වසර පංති වලට ගියේ යද්දිත් කොල්ලෝ බුදු පහන තියා පංතියවත් අතුගාලා නැති වෙද්දි.

" ඕයි මල්ලි උබලාට ඇවිත් බුලත් දෙන්න ඕනද අතුගාන්න කියලා විනාඩි පහක් දෙන්නම් මුලු පංතියම අතු ගානවා. අද අතුගාන්න ඉන්න උන් ඇවිත් නෑ මම අතුගාන්න නෑ ඒ බයිලා අදාල නෑ ඉන්න උන් අතුගානවා. "

යසස් මුලු බිල්ඩින් එකම දෙදරන්න කෑ කැහුවේ පංති සේරගෙම ලමයි දඩිබිඩි ගාලා කොසු අරන් අතු ගාද්දි සෙට් එකක් අතු ගාද්දි තවත් සෙට් එකක් බුදු පහන ලෑස්ති කලේ හොරෙන් යසස් දිහත් බලන ගමන්. යසස්ට ජැක් එකක් ගහගෙන හසෙක් හිනා වුනේ පොඩි උන් බය උන බය විල්ලට. 7.25 වෙද්දි බෙල් කරපු නිසා ගාථා කියන්න ගත්ත නිසාම ගාථාත් කියලා යසස් සිහේල හිමීට කොමස් සෙක්ෂන් එක පැත්තට ඇවිදන් ගියේ ඒ යනකොටත් කොමස් එකට නගින්න තියෙන පඩිපෙල ලග සිහේල ලිහේෂ හිටන් ඉද්දි. සිහේලගේ තුවාලේ තාම වේලිලා නොතිබ්බ නිසාම ඔලුවේ ඔතලා තිබ්බ බැන්ඩේජ් එකේ සීනියට ලේ පැල්ලමක් තිබ්බේ දාපු මැහුම් ඇදිලා තිබ්බ නිසා. ඊයේ අමතක වෙලා නාපු නිසාම ලිහේෂ උදේම තුවාලේ සුද්ද කරලා ආයෙත් බෙහෙත් දැම්මේ පැසවයි කියන බයට. අතත් ගාඩ් එකෙන් එල්ලගෙන ඔලුවත් බැන්ඩේජ් කරන් ඉන්න ඉස්කෝලේ ක්‍රිකට් කැප්ටන් දිහා දන්න කියන සේරම කොල්ලෝ බල බල ගියේ යසස් හසෙල් දෙන්නා කොල්ලෝ දෙන්නා ගාවට ඉක්මනට එද්දි.

" ඇයි මෙතන පන්තියට යන්න එපේ. "

" බෑ කිව්වේ. "

යසස් අහද්දි ලිහේෂ සිහේල දිහා බලලා කිව්වේ සිහේල ඔලුවෙන් එන වේදනාව හංගන් හිනාවෙද්දි. තුවාලේ හරි හැටි වේලිලා නොතිබ්බ නිසාම කොල්ලාට එන වේදනාව ටිකක් වැඩි උනත් බෙහෙත් බිව්ව නිසාම ඒක ගානක් ගියේ නැහැ කොල්ලාට. තවත් එතන හිටන් ඉන්න බැරි නිසයි යාන්‍තමට අව්වක් වැටෙන නිසයි යසස් සිහේලවත් වත්තම් කරන් පංතියට ගියේ පංතියට ඇතුල් වෙන්නත් කලින්ම ඇහුනු කතාවට සිහේල යසස් දිහා බලද්දි.

" අඩෝහ් රොමේෂ්ට පෝරියල් එකක් දීලා කව්දෝ. අතයි කකුලයි දෙකම කැඩිලා පොරගේ. "

පංතියේ එකෙක් කෑ ගහලා කියනවා ඇහෙද්දි සිහේලට මීටර් උනා ඊයේ ගෙදර කොහෙවත් කුමාර් පේන්න හිටියේ නෑ නේද කියලා. ඒ එක්කම යසස් කින්ඩියට හිනාවක් දාලා පංතිය ඇතුලට යන්න ගත්තේ මෙච්චර වෙලාම ගෝෂාවෙන් පිරිලා තිබුනු පංතිය එකපාරටම නිශ්ශබ්ද වෙද්දි. සිහේලට attack එකක් ආවා කියලවත් සිහේල හොස්පිටල් හිටියා කියලවත් පංතියේ උන් තියා ඉස්කෝලේ ප්‍රින්සිපල්වත් නොදැන හිටියේ මෙතුල මේ හැමදේම යටගැහුව නිසා.

" අඩෝහ් මොකද මෙ අපේ ක්‍රිකට් කැප්ටන්ට වෙලා තියෙද්දි. මැච් එක පැරදිච්ච දුකට උබ කෝච්චියටකවත් පැන්නද. "

පංතියේ ඉන්න එකෙක් අහද්දි සිහේල හිනාවක් විතරක් දීලා අදාල තැනින් ඉදගත්තේ ඔලුවේ වේදනාව නිසා. එහෙන්මම ඔලුව ඩෙස් එකේ තියාගත්ත කොල්ලාට නින්ද ගියේ කිසිම කෙනෙක් කොල්ලාට බාධා නොකරපු නිසා වගේම බාධා කරන්න යසස් ඉඩ නොදීපු නිසා. පංති භාර මැඩම් මොකක් වෙලාද තුවාල උනා අහද්දි සිහේල ගෙදර පඩිපෙලෙන් කකුල පැටලිලා වැටුනා කියලා බොරුවක් කිව්වේ kingswood එකේ කැප්ටන් එක්ක වලියක් ගිහින් ඒකේ ප්‍රතිඵල මේ කියලා කියන්න බැරි නිසා. ඊට පස්සේ ඕක හෙන කේස් එකක් වෙලා විනය පරීක්ෂන තියලා පංති පහනමක් ඇවිලා හෙන ජංජාලයක් වෙන නිසාම යසස් ඇගට පතට නැදැනී ගානට බොරුවක් කියලා ශේප් කලේ මැඩම් ඇවිත් සිහේලගේ නලලට අත තියලා බලද්දි. නෑ නෑ උණ නෑ.

" ඕයි නැගිටපන්. කාලා මේ බෙහෙත් ටික බීපන්. "

යසස් සිහේලට ඉන්ටවල් එකේ කතා කලත් සිහේල නෙවේ ඔලුව උස්සලාවත් බැලුවේ. ඒ නිසාම ලිහේෂ බලෙන්ම නැගිට්ටවලා බලෙන්ම කවලා බලෙන්ම බෙහෙතුත් පොව්වලා ආයෙත් සිහේකට නිදාගන්න දුන්නේ කොල්ලාගේ ඇග ලාවට මේ වෙද්දිත් රත් වෙලා තිබුන නිසා. පංතියට එන හැම එකාටම සිහේල ප්‍රදර්ශන භාණ්ඩයක් වෙලා තිබුනේ සිහේල නින්දේ ඉන්න අතරෙමයි. එකහමාර වෙනකම්ම සිහේල ලගින් හෙල වුනේවත් නැති යසස් හසෙල් දෙන්නා duty නිසාම එකහමාරට පංතියෙන් ගියේ 2.30 වෙනකනුත් සිහේල නිදාන් ඉද්දි. ඒ වෙනකොටනම් කොල්ලාගේ ඇග ගිනි කබල වගේ රත්වෙන්න අරන් තිබුනේ ඔලුවේ තිබුනු තුවාලෙන් ආයෙත් ලේ එන්න ගනිද්දි.

" යන ගමන් ඩිස්පෙන්සරියට යමන්. ඇයි දන්නෑනේ. ඩොකටර් ඇති. "

Duty ඉවර වෙලා පංතියට ආපු යසස් සිහේලගේ නලලට අත තියන ගමන්ම කිව්වේ තිබ්බට වඩා වේගෙන් අත ආයෙත් ගනිද්දි. ඔව් ඒ තරමටම සිහේලගේ ඇග රත් වෙලා කොල්ලාව හීනියට වෙව්ලන්න අරගෙනත් තිබ්බේ යසස් ලිහේෂ හසෙල් තුන් දෙනාම බය වෙද්දි. ඉක්මනට සිහේලවත් අරගෙන ටුක් එකක් දාගත්ත කොල්ලෝ තුන් දෙනා දිගන පාරෙන් ඇතුලට දාලා මෙතුලගේ ගෙදට්ට ටිකක් මෙහාට වෙන්න තියෙන ඩිස්පෙන්සරියටට ගියේ කාගේ වාසනාවටද කියන්න දන්නේ නැති උනත් ඩොක්ටර් හර්ශ ඩිස්පෙන්සරියේ ඉද්දි.

" මේ මොකද මේ. කෝ කෝ ඉක්මනට ගේන්න. "

සිහේලවත් වත්තම් කරන් එන යසස්ව දැක්කටත් වඩා බැන්ඩේජ් කරලා තියෙන බැන්ඩේජ් එකත් තෙමාන් ගලන ලේ දැකලා ඩොක්ටර් හර්ශ කලබල උනේ ඉක්මනට බෙහෙත් කරන්න සිහේලව ගනිද්දි. ඔලුවේ බැන්ඩේජ් එක ගලවද්දි බෙහෙත් දාලා තිබුනු තුවාලේ මැහුම් කැඩිලා තියෙන බව හැමෝටම තේරුනේ ඩොක්ටර් ආයෙත් තුවාලේ බිරිසිදු කරලා මැහුම් දාලා බෙහෙතුත් දාලා උණට බෙහෙතුත් දෙද්දි.

" තෙමන්න කරන්න යන්න එපා පැසවයි. මැහුම් කැඩිච්ච නිසයි උණ අරන් තියෙන්නෙ. හෙට වෙද්දි ඇරිලා යයි. සතියක්වත් බෙඩ් රෙස්ට් දෙන්න. "

ඩොක්ටර් හර්ශ එහෙම කිව්වට පස්සේ යසස් බිල් එකත් පේ කරලා සිහේලගේ ඉණ ලගින් අල්ලන් තමන්ගේ ඇගට තද කරන්ම ගෙදරට ගියේ ඩිස්පෙන්සරියේ ඉදන් ගෙදරට ඕන්නම් විනාඩි පහක දුර තියෙද්දි. ඒත් අද සිහේල නිසාම විනාඩි දහයක් විතර ගෙදරට යන්න ගත උනේ ගේට්ටුවෙන් ඇතුල් වෙනවත් එක්කම මෙච්චර වෙලා හොදට හිටිය සිහේලගේ කකුල් පණ නැතුව එහෙන්මම ඇදගෙන වැටෙද්දි. ඒ එක්කම වත්තේ මොකක්ම හරි වැඩක් කරන ගමන් හිටිය කුමාර් දුවගෙන ඇවිත් සිහේලව කරට ගත්තේ කොල්ලෝ ටිකත් කුමාර්ගේ පස්සෙන්ම සිහේලගේ කාමරේට යද්දි.

" නිදි වගේ. පස්සේ ඇහැරුනාම බොන්න මම සුප් එකක් හදන්නම්. ඒක පොවලා බොන්න දෙන්න තියෙන බෙහෙත් එකක් දෙන්න. "

කුමාර් සිහේලව ඇදෙන් තියලා school uniform එකේ කමිසෙත් ගලවලා සපත්තු මේස් ගලවලා එහෙම කියාන් යන්න ගියේ අනිත් දෙන්නාත් තමන්ගේ කාමර වලට යද්දි. ලිහේෂ බෑග් එක පැත්තකින් තියලා ටවල් එකක් තෙමලා අරන් මූණයි බෙල්ලයි අත් දෙකයි පිස්සේ සිහේලට ආයෙත් අමාරුවටම නින්ද ගිහින් තියෙද්දි. සිහේකට නිදාගන්න දීලා ලිහේෂත් නාගෙන යසස්ලා පල්ලෙහා කියලා සද්ද වලින් ඇහෙන නිසාම පල්ලෙහාට ගියේ යසස් හසෙල් කුමාර් තුන් දෙනාම කුස්සියේ ඉදැද්දි.

" ඒ කියන්නේ කුමාර්ද රොමේෂ්ට ගැහුවේ. ගැම්මක් තමා අයියේ. "

" මන්දිත බොස්ට අත තිබ්බ එකෙක්ව මම යහතින් තියන්නෑනේ පොඩි බොස්. "

" ඔය බොස් කෑල්ල අයින් කරනවා කුමාර් අයියා තමුසේ ඕන්නම් අපේ මාමට වඩා අවුරුදු පහක් බාල ඇති. මල්ලි කියලා කතා කරනවා. "

" එහෙම හරි නෑනේ. "

" මොනාද කුමාර් හරි නැත්තේ. "

යසස් කිව්ව දේට කුමාර් උත්තර දුන්නත් ආපිට ප්‍රෂ්ණයක් ආවේ ඒ වෙලාවෙම ගෙට ගොඩ උන මෙතුලගෙන් වෙද්දි කුමාර් හිනාවක් දීලා ආයෙත් සොහේකට හදමින් උන්නු සුප් එක හදන්න ගත්තේ මෙතුල ලිහේෂගෙන් සිහේල ගැන අහද්දි.

" කොහොමද සිහේලට. ආයෙත් මැහුම් කැඩිලා බෙහෙත් දාගන්න ආවා කියලා හර්ශ කිව්වා. "

" ඔව් මාමේ. ඊයේ ගොනා වගේ නෑවනේ. ශැම්පෝ ගාද්දි මැහුම් කැඩිලා. ඔන්න දැන් නිදි. "

" කුමාර් එහෙනම් සුප් එක හදන්න. "

" හදන ගමන් බොස්. "

" හරි මම කොල්ලාව බලල එන්නම්. "

තාමත් ෆුල් කිට් එක පිටින් හිටපු මෙතුල එහෙම කියන ගමන් බ්ලේසර් එක ගලවන ගමන් ටයි එකත් බුරුල් කර කර පඩිපෙල නගින්න ගත්තේ සිහේලගේ කාමරේට යන්න. මෙතුල දන්නවා සිහේලට උණු තුවාල එක්ක බලද්දි ඕක හරිම පුංචි තුවාලයක් කියලා. ඉතින් කොල්ලාව බලලා උණත් බලලා තමන්ගේ කාමරේට ගියේ හොද wash එකක් දාන්න හිතාගෙන. මෙතුල නාගෙන එද්දි කුමාර් සුප් එක හදලා තිබුන නිසාම සිහේලට සුප් එක පොවන්න කියලා ලිහේෂට භාර දීලා අනිත් අයත් දවල්ට කෑම කන්න ගත්තේ ලිහේෂ සිහේලව ඇහැරවලා සුප් එක පොවලා ආයෙත් නිදාගන්න හදලා දෙද්දි.

" ඉතින් ඊයේ ගිය එකෙන් ප්‍රයෝජනයක් උනාද. "

" අනිවාර්යයෙන් ඇයි නැත්තේ. ලබන සැරේ අපි එන්නේ අදාල පාර්ශවේ මුලින් උදුරලා දාන්න බලාගෙනමයි. කුමාර් පහල බේස්මන්ට් එක හදල තියන්න. "

" හරි පොඩි බ්.. නෑ මම කිව්වේ මල්ලි. "

කුමාර් බොස් කියන්න ගියත් යසස්ගේ රැවිල්ල දැකලා බොස් කෑල්ල ගිලගෙන මල්ලි කිව්වේ මෙතුලගේ මූණෙත් හිනාවක් ඇදෙද්දි. ඒ එක්කම යෂ් එක්ක පළිගු ආවේ පළිගු පැන්න ගමන්ම යසස්ගේ ඔඩොක්කුව අයිතිකර ගනිද්දි. යෂ් බෑග් එක තියලා යසස් ලගින්ම වාඩි උනේ යසස්ගේ උරහිසට ඔලුව තියාගෙන. යසස් ඒ ඔලුව අතගාන්න ගත්තේ යෂ් ඇස් පියාගෙනම දෙයක් කියද්දි.

" තාත්තා project එජට කැමති උනා. මේ සතියේ සිකුරාදා meeting එකක් ගන්න පුලුවන්ද ඇහුවා. "

යෂ් යසස්ගේ උරහිසේ ඔලුව තියාගෙනම කෙස් ගස් අස්සෙන් සනීපෙට යසස්ගේ ඇගිලි දුවන නිසාම පියවුනු ඇස් එක්කම කිව්වේ මෙතුල යෂ් දිහා බලද්දි. යෂ් කාගේ කව්ද කියන්න මෙතුල දන්නේ නැහැ. දන්නවානම් සමහර විට යෂ්ව එයා පිලිගන්නේ මීට කලින්.

" ඔයාගේ තාට්තා කව්ද යෂ්. "

" සුරිත් හසරංග ඒකනායක. "

යෂ්ගේ කටින් ඒ නම පිට වෙද්දි මෙතුලගේ ඇස් ගැස්සෙන විදිහත් ඒ ඇස් දිලිසෙන විදිහත් හසෙල් දැක්කත් නොදැක්කා වගේ හිටියෙ යෂ්ගේ තාත්තායි මෙතුල අතරෙයි තියෙන්නේ කොයි වගේ සම්බන්දයක්ද කියලා නොදන්න නිසාමයි. ඒක මෙතුල හෝ ඔය කියන අදාල පාර්ශවේ කියනකම්ම ඒක එක රහසක් විතරයි. ඉතින් company එකේ නැතුව restaurant එකක අදාල meeting එක ගන්න මෙතුල කැමති උනේ යෂ් ඒක තාත්තාට කියන්නම් කියලා කියද්දි. ඒ එක්කම මෙතුල එදාට යසස්ටයි හසෙක්ටයි ලෑස්ති වෙන්න කිව්වේ ඒ ඩබල යනවනම් අනිත් ඩබලත් කොහොමත් එනවා කියලා දන්න නිසා මෙච්චර වෙලාම යසස්ගේ උරහිසේ ඔලුව තියාන් හිටිය යෂ් කෙලින් වෙලා උඩට ගියේ නාගන්න ඕන කියලා වෙද්දි පළිගුටත් එයාගේ ඩඩා එක්ක නාන්න ඕන කියලා පොර අල්ලපු නිසාම යෂ් පොඩි එකාවත් අරන් උඩ කාමරේට ගියේ යසස් බත් එකක් බෙදාගෙන උඩට යද්දි.

" ඔය බාගෙටනේ පිහදන් තියෙන්නේ. "

ඇදේ ඉදගෙන හිටපු යසස්ගේ කම්මුලට නාගෙන ආපු යෂ් හාදුවක් තිබ්බේ ඒ විදිහටම පළිගුත් යසස්ට හාදුවක් දෙද්දි. පළිගුව මමියක් වගේ ඔතාගෙන වඩාගෙන හිටපු යෂ් ඉණට විතරක් ටවල් එක ඇදන් කර වගේ අනිත් ටවක් එක දාගෙන තිබුනේ කොන්ඩෙත් තවමත් වතුර බේරෙද්දි. යසස් යෂ්ව එයාගේ එහා පැත්තෙන්ම වාඩිකරවගෙන ඒ කොන්ඩේ පිහින්න ගත්තේ යෂ් පළිගුගේ කොන්ඩේ පිහදාද්දි.

" ඇදුමක් දාන් එන්න කන්න. "

" කවන්න. "

" හරි ඇදුමක් දාන් එන්නකෝ ඔහොම ඉන්නැතුව. "

දැනටමත් ලාවට රතු වෙකා තිබුනු කම්මුල් දෙක යෂ්ගෙන් හංගගන්න උත්සහා කරන ගමන්ම යසස් කිව්වේ යෂ් හිනා වෙවී නැගිටලා යසස්ගේ කම්මුල් දෙකටම හාදුව ගානේ දීලා සැහැල්ලු ඇදුමක් ඇදගත්තේ පලිගුටත් ඇදුමක් අන්දලා. ඊට පස්සේ පළිගුවත් තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන යෂ් යසස්ට එහා පැත්තෙන් වාඩි උනේ යසස් ගෙනල්ලා තිබුනු බත් එක යෂ්ටයි පලිගුටයි මාරුවෙන් මාරුවට කවද්දි. තාත්තාටයි පුතාටයි කවලා වතුර එකත් දීලා washroom එකෙන් අතත් සෝදන් පිගානත් සෝදලා පල්ලෙහාට ගියේ පිගාන තියන්න ඒ වෙද්දි හැමෝම තම තමන්ගේ කාමර වලට ගිහින් තිබ්බේ යසස් ආයෙත් කාමරේට එන ගමන් සිහේකගේ කාමරේට බෙල්ල දාලා බලද්දි.

" උන් දෙන්නානම් දෙවියෝ උන් දෙන්නා වෙනුවෙන්ම මවපු උන් දෙන්නෙක්. "

යසස් එහෙම හිතුවේ ඇදේ තුරුල් වෙලා නිදාන් ඉන්න සිහේල ලිහේෂ දිහා බලාගෙන. ලිහේෂ සිහේලගේ පපුවට තුරු වෙලා හිටියේ සිහේල නින්දෙන්ම ලිහේෂගේ ඉණ වටේ අතක් දාලා ලිහේෂව ඒ පපුවට තවත් තදකරගෙන ඉද්දි වගේම ලිහේෂගේ ඔලුව තිබුනේ සිහේකගේ පපුව උඩ. දෙන්නා හොදටම නිදාගෙන හිටියේ යසස් හිමීට දොරත් වහගෙන ආයෙත් කාමරේට යද්දි. ඒ යන ගමන් හසෙක්ගේ කාමරේට එබිලා බලන්නත් අමතක කරේ නෑ. හසෙල් කෝල් එක්ක හිටියා වගේම කතාකරන විදිහෙන්ම ඒ මලීෂ කියලා කියන්න පුලුවන් වෙද්දි යසස් හසෙල්ටත් අත වනාගෙනම කාමරේට ගියේ ඒ යද්දිත් යෂ්ගේ දකුණු අත පැත්තෙන් පලිඝු නිදාගෙන ඉද්දි. ඉතින් යසස් සද්ද නැතුවන ගිහින් පළිගුට එහා පැත්තෙන් ඇල වුනේ යෂ් නින්දෙන්ම යසස්ගේ වටේට අතක් දාලා තමන්ට යසස්ව ලං කරගනිද්දි.









" ඒක හරි ලස්සන පව්ලක්. දකින කෙනෙක්‍ට ලෝබ හිතෙන. "








මතුසම්බන්දයි____.

Continue Reading

You'll Also Like

12K 32 19
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...
15.2K 467 25
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
695K 33K 37
"You hate me right?" I shook my head but he pulled me closer to his chest. "Feeling is mutual honey " his hot minty breath reached to my ears. He gr...