||Mr.Mine||(PJM) [Sinhala ff]

Por lem_kia

15.7K 2.1K 693

ඒ කඩවසම් ආඩම්බරකාර මූණේ ඇදිල තිබ්බෙ සීතල හැගීම් විරහිත බැල්මක් උනත් ඒ දිගටි ඇස් නම් කිව්වෙ වෙනම කතාවක්... Mais

1🍇
2🍇
3🍇
4🍇
5🍇
6🍇
7🍇
8🍇
9🍇
10🍇
11🍇
12🍇
13🍇
14🍇
15🍇
16🍇
17🍇
18🍇
19🍇
20🍇
21🍇
22🍇
23🍇
24🍇
25🍇
26🍇
27🍇
28🍇
29🍇
30🍇
31🍇
32🍇
33🍇
34🍇
35🍇
36🍇
37🍇
38🍇
39🍇
40🍇
41🍇
43🍇
44🍇
45🍇
46🌶️

42🍇

364 50 8
Por lem_kia

දැන් නම් පැය භාගයක් යනකන්කන්වත් රූම් එකට යන්නෑ කියල හිතල මග් එක තියන්න කිචන් අයිලන්ඩ් එකෙන් බැස්සා විතරයි ආයෙමත් සැරයක් තාරාවා මන් ඉස්සරහ🥲...

"අජුම්මලා අද රෑට අපි දෙන්නට උයන්න එපා...ඒ වගේම හෙටයි අනිද්දටයි ඔයාලට ගෙවල් වලට ගිහින් එන්න පුලුවන්...මොකද මායි වයිෆුයි අද ට්‍රිප් එකක් යනවා ජේජු වලට ඒකයි...

අජුම්මලා දිහා බලලා ලා හිනාවක් දාලා කිව්ව තාරාවා මන් දිහා මූණ හරවලා කට කොනින් ප්ලේෆුල් හිනාවක් දාලා ඇහැකුත් ගහලා එක අතක් එයා ඇදන් හිටපු ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවකට දාගෙන කිචන් එකෙන් එළියට ගියා...

ඔහ් ශිට්🙂...ඒ මොකක්ද එයා කළේ🥲...ආයිශ් දැන් නම් ශුවර් එකට මගෙ කම්මුල් දෙක රතුවෙලා ඇති...අනේ ඇත්තමයි මේ තාරාවා නිසා මට දැන් ඉස්සරහ එයා ඉස්සරහ මාස්ක් දාන් තමයි ඉන්න වෙන්නේ මේ යන විදිහට...

එයා කිචන් එකෙන් යන දිහා බලන් හාට් එකත් අසූ හාරදාහට ගැහෙන අස්සෙම හිතින් හිතපු මන් ඉක්මන්ට මගෙ මග් එකත් උස්සන් මග් රැක් එක දිහාට ආවේ මගෙ දැන්ටමත් රත් වෙලා තිබ්බ කම්මුල් අජුම්මලා දකී කියලා ලැජ්ජාවෙන්...
.

.

.
අපි කොහොමින් කොහොමහරි හවස හතර හමාර වෙද්දි ලෑස්තිවෙලා එහෙම මැන්ශන් එකෙන් පිටවුනා...මොකද යන්නත් පැය දෙකක් විතර යන නිසා ඉක්මන්ට යන්නත් ඕනිනෙ...තාරාවා ගිහින් හොටෙල් එකෙන් ඇදුන් මාරු කරන් යන්න පුලුවන් කිව්ව නිසා මන් පාටි ෆ්‍රොක් එක අදින්නැතුව රෙඩ් කලර් ඕෆ් ශෝල්ඩර් ටොප් එකකට වයිට් කලර් ශෝට් පෑන්ට් එකක් ඉන් කරල ඇන්දේ...තාරාවත් ගිහින්ම ලෑස්තිවෙන්න පුලුවන් නිසා වෙන්නැති එයත් ඇදල තිබ්බෙ වයිට් කලර් ශෝට් එකකුයි සැහැල්ලු ආම්කට් වයිට් කලර් රෙද්දෙ බ්ලූ කලර් ආට් එකක් ගිය ශර්ට් එකක්...බොරු කියන්න ඕන්නෑ එයා ඒක ඇදලා එයාගෙ බ්ලැක් කලර් සන්ග්ලාස් එක දාන් ඩ්‍රයිව් කරද්දි එයා මරම හොට්🙂...ආයිශ් ඒ අස්සෙ ආයිත් හාට් එක අසූ හාරදාහට ගැහෙනවත් එක්ක...කෝකටත් කියලා ශීට් එකට හේත්තුවක් දාගෙන නින්දක් දැම්මා නම් හරි...නැත්නම් එයා ඩ්‍රයිව් කරන දිහා හොරෙන් බලන්න ගිහින් අහු උනොත් එහෙම තවත් එකක්...

බෙල්ලත් අත ගගා හිතින් හිතුව මන් අත් දෙකත් පපුවට කරල බැදන් ශීට් එකට හේත්තු උනේ ඊයේ රෑත් දෙක වෙනකන්ම ඇහැරන් එසයිමන්ට් එක කරපු නිසා ඒ නිදාගන්න බැරි උනු එකටත් හරියන්න නින්දක් දාන්න හිතාගෙන...

"කියූ...කියූ නැගිටින්න...කියූ...

හොද නින්දක හිටපු මන් ගැස්සිලා වගේ ඇහැරුනේ තාරාවගෙ කට හඩට...

"ව්...වේ  මොකෝ උනේ...

අඩ නින්දෙන්ම ඇස් ඇරපු මන් බෙල්ලත් කහ කහ වටපිට බල බලා ඇහුවේ බාගෙට නිදිමතේමයි...

"ආයිශ් මේ කෙල්ල...

මන් බෙල්ල කරකො කරකො වටපිට බලන අස්සෙ මට ඇහුනා තාරාවා හිනාවෙවී කියනවා...

"ඈ?...

මන් එයා දිහාට මූණ හරවල ඇහුවට මොකෝ මන් හිටියේ තාම අඩ නින්දෙන්ම වගේ...ඒ අස්සෙ මට තාරාවා තාරාවො දෙන්නෙක් වෙලා පේන්නෙ මොකද මන්දා...

"යා මැට්ටි නැගිටින්න...අපි ආවා...

මන් අඩ නිදිමතේ ඉන්නෙ කියලා තේරිලාද කොහෙද එයා හිනාවෙවී මගෙ කොන්ඩ අවුස්සලා කිව්වේ...

"ඔහ්...ආහ්...අපි ආවද?...ඔහ් සොරී...මන් නිදිමතේ හිටියේ...

එයා කොන්ඩෙ අවුස්සපු පාරට යන්තම් මගෙ නින්ද එහෙම්ම කැඩුනු නිසා පියවි සිහියට ආවත් එක්කම කිව්ව මන් දඩබඩ ගාලා ශීට් බෙල්ට් එකත් ගලවලා කා එකෙන් බැස්සේ එකපාරටම මන් එයා ඉස්සරහ නින්දෙන් කියෙව්ව එකට ලැජ්ජ හිතුනු නිසා...

අපි කා එකෙන් බහිනවත් එක්කම හොටෙල් එකේ වැඩ කරන දෙන්නෙක් ඇවිත් අපෙ ලගේජස් ටික ගත්තා වගේම තව වැඩ කරන කෙනෙක් අපෙ කා එක පාක් කරන්න තාරාවගෙන් කී එක ගත්තා...

ඒ දේවල් එක්ක වැඩ තවත් පහසු වෙද්දි මන් මගේ හෑන්ඩ් බෑග් එක අතට අරන් කොන්ඩෙත් අතින් හදාගෙන හොටෙල් එක පැත්තට යන්න හැරෙද්දිම තාරාවා වෙනද වගේම ඇවිත් මගෙ අතින් අල්ලග්ගත්තා...ආහ් ආයිත් හාට් එක උඩ පනිනවා ඔන්න...කාම් ඩවුන් කියූ...එයා ඒ අනිත් අයට පේන්න කරන දෙයක් විතරයි...ඒ නිසා ප්ලීස් එයා ඇක්ටින්ග් එකක් විදිහට කරන මේ දේවල් නිසා ඔයාගෙ හැගීම් අවුස්සගන්න එපා...

හිතින් මන් මටම තරවටු කරගත්තේ එයාට නොදැනෙන්න ලා හුස්මකුත් පාතදාන ගමන්...

තාරාවා අපිට බුක් කරල තිබ්බේ 5th ෆ්ලෝ එකේ රූම් එකක්...රිසෙප්ශනිස්ට් තාරාවා අතට කී කාඩ් එක දෙනකොට ඒකෙන් මන් දැක්කේ...කී කාඩ් එකත් අරන් තාරාවා මගෙ අතිනුත් අල්ලන් ආවේ ලිෆ්ට් එක ගාවට...ඒ එන අස්සෙ හොටෙල් එකේ හිටපු කීප දෙනෙක්ම අපි දෙන්නාගෙ ෆොටෝ ගන්න අස්සෙ තවත් කීපදෙනෙක් මගෙයි තාරාවගෙයි නම් කියලා කෑ ගහන්න ගත්තා...

අපි ලිෆ්ට් එක ගාවට ඇවිත් විනාඩියක් ගියෙ නෑ ලිෆ්ට් එක ඇරුනත් එක්කම එයාගෙ ෆෑන්ස්ලා දිහා බලලා ආඩම්බරකාර හිනාවක් දාලා අත වනපු තාරාවා මගෙ අත අතාරින්නැතුවම ලිෆ්ට් එක ඇතුළට ආවා...

අපි ලිෆ්ට් එක ඇතුළට ඇවිත් ලිෆ්ට් එක වැහුනත් එක්කම මන් තාරාවගෙ අතින් අත අතෑරගන්න හැදුවත් එයා මගෙ අත අතාරිනව වෙනුවට මගෙ අත තව ටිකක් තද කරල අල්ලගත්තේ කිසි දෙයක් නොවුනු ගාන්ට එයාගෙ බ්ලැක් කලර් සන්ග්ලාස් එක අස්සෙන්ම ඉස්සරහ බලාගෙනමයි...

ඇ...ඇයි එයා මෙතන කවුරුත් නැතුවත් මගෙ අතින් අල්ලගත්තේ...ම්...මේ තාරාවට මොකක් වෙලාද මේ...ඊට වඩා එයා මගෙ තදින් අල්ලගෙනත් තව මොකුත් දෙයක් නොකරපු ගාන්ටනෙ එක අතකුත් එයා ඇදන් ඉන්න ශෝට් එකේ දාගෙන ඉස්සරහ බලන් ඉන්නේ...බැරිවෙලාවත් මෙයා මාව ටීස් කරනවවත්ද🙄?...

මන් බෙල්ලත් අත ගගා එයා දිහා ඇහේ කොනින් බලන් කල්පනා කරන අස්සෙ එකපාරටම ලිෆ්ට් එකේ ඩෝ එක ඇරුනා...ඔමෝ අපි 5th ෆ්ලෝ එකටත් ඇවිත් ඒක තේරුනෙත් නෑ අර වෙඩින්ග් එක ගැන හිත හිත හිටපු නිසා🥲...

මාව අල්ලගෙනම ෆ්ලො එකේ තිබුනු රූම් එකක් ගාවට ආපු එයා මගෙ අත අල්ලන් ඉන්න අතින් නැතුව අනිත් අතින් කී කාඩ් එක ස්මාර්ට් ලොක් එකට තියලා ඩෝ එක ඇරියා...

ඩෝ එක ඇරපු පරක්කුවට ඉක්මන්ට එයාගෙ අතින් අත බලෙන්ම ගලවගත්තු මන් ඉක්මනින් එයාට කළින් ඇතුළට ආපු පාර මන් කෙළින්ම ඇවිත් නැවතුනේ බැල්කනි එකේ ෆෙන්ස් එක ගාව...

මන් දන්නෑ ඇයි කියන්න එයා මගෙ අත අල්ලන් ආපු ටිකට මන් හිටියේ යම්තාක් දුරකට නොසන්සුන් වෙලා වගේ...එයා එහෙම මගෙ අත අල්ලන් ආවේ අනිත් අයට පේන්න කියලා මන් දැනන් හිටියා උනත් එයා නිසා මගෙ හාට් එක දැන්ටමත් අසූ හාරදාහට ගැහෙන්න පටන් අරන් තිබ්බෙත්...

ආයිශ් ඇයි දෙයියනේ මගෙ හාට් එක මේ තරමට ගැහෙන්නේ?...නෝ නෝ නෝ...අයි කාන්ට් තින්ක් ලයික් දැට්☹️...එයා මගෙ අතින් අල්ලන්නේ ..සමහරවෙලාවට ප්ලේෆුල් විදිහට හැසිරෙන්නේ... ඒ හැමදේම ලෝකෙට පේන්න විතරයි...ඊයේ අර විදිහට මට ඇහැක් ගහලා එහෙම ගියේ අජුම්මලට පේන්නනේ☹️...

එයා මට කැමති නැතුවත් මන් එයාට ආදරේ කරනව කියල දැනෙද්දි මට දැනුනේ ලොකු වේදනාවක්...ඊට වඩා මේ අවුරුද්ද ඉවර උනාට පස්සෙ එයා ගාණක් නැතුවම මගෙන් අයින්වෙලා වෙන ඔන්නියෙක්ව මැරි කරයි...එතකොට මට තවත් දුක හිතෙයි...ඒ නිසා දැන් හොදම දේ දැන්ම එයාව හිතින් අයින් කරන එක...ඔව් පුලුවන් ඉක්මනින්ම...මොහොතකට හාට් එකත් එක්කම වේදනාවෙන් ඇදුන් කනව දැනෙද්දි මන් ලොකු හුස්මක් පාත දාලා අත් දෙක ෆෙන්ස් එකට තියලා ෆෙන්ස් එකට බර උනේ මේ අවුරුද්ද ඉක්මනින් ගෙවෙනව නම් කියල හිතින් හිතන ගමන්...

"කියූ?...

ලොකු කල්පනාවක ගිලිලා පහළින් පේන රැළි ගහන මුහුද දිහා බලන් හිටපු මන් පියවි සිහියට ආවේ එකපාරටම මගෙ ගාවින්ම ඇහුනු එයාගෙ කටහඩට...

මන් ගැස්සිලා එයා දිහා බලද්දිත් එයා මගෙ එහා පැත්තට වෙලා මන් දිහා බලන් හිටියේ ...නිකන්ම නෙවෙයි එයා හිටියේ සීරියස් ලුක් එකකින් මන් දිහා බලාගෙන...

"අ...ආ ඇයි ඔප්පා?...

ඉක්මනින් එයාගෙ දිහායින් අයිත් මුහුද පැත්තට හැරෙන ගමන් මන් කිව්වේ මගෙ ඇස් වලට ලාවට උනල තිබ්බ කදුලු ඇස් අස්සෙම හන්ගගන්න උත්සහ කරන ගමන්...

"ඇයි මේ?...ඊට වඩා ඇයි නිකන් අවුලින් වගේ...

"අනී...මුකුත් නෑ...

එයා දිහා බලන්නැතුවමයි මන් කිව්වේ...

"බොරු කියන්න එපා කියූ...ඔයා ඉන්නෙ මොකක් හරි අවුලක...ඇයි මොකක්ද උනේ?...යුනි එකේ ප්‍රශ්නයක්ද?...

එයා ඇහුවේ ඉස්සෙල්ලටත් වඩා සීරියස් හඩකින්...

"මන් කිව්වනෙ මුකුත් නෑ කියලා...

එයා දිහා නොබලම ලාවට කේන්තියෙන් කිව්ව මන් එයා ගාවින් අනිත් පැත්තට හැරිලා එන්න හදද්දිම එයා මගෙ අත අල්ලල මාව නවත්තගත්තා...

මගෙ හිතේ තිබ්බ කේන්තියයි වේදනාවයි නිසා එයා මගෙ අත අල්ලගත්ත පරක්කුවට මන් එයාගෙ අත ගසල දාලා එයා පැත්තට හැරුනේ එයා හිතන්නැතුව කරන මේ දේවල් නිසා ඇවිස්සෙන මගෙ සිතුවිලි ගැනම කේන්තියෙන්...

"ආයිත් කවුරුත් නැති තැන් වලදි මගෙ අත අල්ලන්න එපා...මන් ආස නෑ...ඊට වඩා මන් ගැන ඔයා හොයන්නත් එපා...මන් ආස නෑ පිට අය නිසා මගෙ පීස් එක නැතිවෙනවට...

එයා දිහා බලන් හිතේ තිබ්බ වේදනාව අස්සෙන් කේන්තියෙන් මන් කිව්වේ...

මන් කිව්වත් එක්කම ඒ ඇස් පුදුමෙන් වගේම කම්පනෙන් ලොකු උනේ මන් බලා ඉද්දිමයි...හරියට මන් කිව්ව දේවල් විශ්වාස කරගන්න බෑ වගේ කම්පනෙන් පිරුණු බැල්මක් ඒ ඇස් වල තිබ්බේ...

මෙතන තව ටික වෙලාවක් හිටියොත් හිතේ තියන දුකට මට ඇඩෙයි කියල හිතුනු නිසා මන් ඒ ගමන්ම එයා මුකුත් කියන්න කලින්ම රූම් එකට ආවා...

_________________________________________

😌...

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....













Continuar a ler

Também vai Gostar

13.6K 1.6K 12
"ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ." Start date: 01.12.2022 End date. : 23.07.2023
15.4K 2K 14
කියුට් කෙල්ලෙක් එක්ක විනෝදෙට බර Handsome කොල්ලෙක්...!!! 🌸 • BEAUTY & the BEAR • 🐻
566K 20.5K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
762K 17.2K 46
In wich a one night stand turns out to be a lot more than that.