RadhithReyshan cudumaththayahh හදලා එව්ව ලස්සනම ලස්සන කවර් පික් එක 🥺💚✨ බෝ බබාගෙ ලස්සන o_O Thank you so much බබා... Lab Rat එකටත් කව' එකක් හදල එව්වා ඒකත් ඉතින් just wow 💮
***********
සුදු ඇදගත්තෙ පන්සල් යන්න වුණාට ඒ සුදු ඇදුම් පිටින් ඉද්දිම ආව කෝල් එක පපුවත් පොඩ්ඩකට නැවැත්තුවා..
මං බෝපත්ව අතින් ඇදගෙන සාලෙට ගියෙ මොකුත්ම හිතාගන්න බැරුව. කොල්ලා තව කමිසෙ බට්න් දානවා. නිරුද් සාලෙ හිටියා..
" කෝ ගිමා... ? "
" නිදි කාමරේ.. "
" හ්ම්... "
මං බෝපත්ගෙ අතින් ඇදගෙනම ගෙයින් එලියට බැස්සා.. බයික් එක දිහා බලාගෙනම කැබ් එකක් දැම්මෙ ඇගත් තාම වෙව්ලන හින්දා..
බෝපත් දිහා බැලුවම ඉකියක් මගෙ උගුරෙ එහෙමම හිර වුනා..
අවුරුදු දෙකකට විතර පස්සෙ මං ගෙදරට කාවහරි එක්කරගෙන යන්නෙ. අම්මයි අයියයි බලලා ආව මිසක් මං එක දිගට සතියක් ඉදලා නෑ ගෙදර අවුරුදු දෙකකින්. ඒත් මට අද බෝපත් අරන් යනවා ඇර කරන්න කිසිම විකල්පයක් නෑ. ඔලුව එහෙන් ගිනි අරන්..
ගේට් එකෙන් ඇතුලට වාහනේ දානකොටම අර මූසල මළ හෝන්තුව ගාඩ්න් එකේ.. තූ නොදකින්... ඒ මදිවට මාරයා ඉස් මුදුනටම සම්ප්‍රාප්ත වුණේ ලොකූත් කිරි කෝප්පයක්ද කොහෙද අරන් ඉස්සරහ දොරෙන් එලියට බැස්සම..
කිරි නෙවෙයි පොවපං ඕකට කැරි.. වේස බඩුව.. මාරයා නැග්ගෙ නැද්ද මයෙ ඉස් මුදුනට.. මාව වෙව්ලන්න ගත්තා..
මේ බඩුව දැන් මෙහෙම ලගින්නත් අරන් ද..?! හුකල අතාරින්නෝන ඒව ගෙට දාගෙන ලොකුත් මොන හුත්තක් කරනවද මංදා..
මාව නිව්නෙ බෝපත්ගෙ හීන් කටහඩට..
" කොහෙද අයියා මේ... "
ගෙදර කියන්නත් ගිහින් කරබාගත්තෙ බෝපත්ට කෝම මේව පැහැදිලි කරන්නද කියල නොතේරුන හින්දා ... අනික මේ වෙලාවෙ ඕව පැහැදිලි කර කර ඉන්න මානසිකවයකුත් මට නෑ..
" යං මැනික.. මචං මං ආපහු එනවා යන්න එපා.. " අයියවයි බඩුවයි දැක්කෙ නෑ වගේ මං බෝපත්ගෙ අතකින් ඇදගෙන ගේ ඇතුලට ගියා. අම්මා ලිවින් රූම් එකේ තේ එකක් බොන ගමන් මැගසීන් එකක් දිගෑරගෙන හිටියා..
" පෘථිවි.. "
" අම්මා... "
" අම්මා?! " බෝපත්ගෙ කටේ සද්දෙ ලිවින් රූම් එකේ දෝංකාර දුන්න විදියට කොල්ලම බය වුණා. පුදුම නැද්ද රත්තරං කිලෝ දහයක් විතර එල්ලගෙන ඉන්න ලස්සන අක්කා කෙනෙකුට මං ගිහින් එකපාරටම අම්මා ගෑවම..
" ...... " අම්මත් බෝ බබා දිහා ටිකක් බලන් හිටියා. එයාට බෝ දකිජ එකම සැනසීමක් වෙන්නැති. අවුරුදු දෙකක් තිස්සෙ එකම ට්‍රම්පට් එක අහලම.. අයියගෙ මිනිහගෙයි මගෙයි වලි බේරලම අම්මට අප්පිරිය වෙලා ඇත්තෙ.. කොල්ලො දෙන්නම ගෙදරට දරු හුරතලයක් ගේනවා වෙනුවට කොලු හුරතල්ම උස්සන් ආව එකට දුක් වෙන්නවත් නොතියයි මගෙ මල්ලි බබා කියලා මං වැදගෙන උන්න පරට්ට පකයා මගෙ අයියා එක්ක නිදිවැද්දෙ.. ඕකගෙ පක පනනැති වෙයං.. හැමදාම මං අලුත් පස්චාත් බාගෙගට වන්දනාමාන කරලා වැඩ අල්ලන්න කලින් ඉල්ලුවෙ ඒක.
හැබැයි බෝ මැනික හම්බුනයින් පස්සෙ මගෙ වට වන්දනාව ඉබේම නැවතිල කියල මට මතක් උනෙත් දැන්..
මේකා බෝ කොළයක් විතරක්ම නෙවෙයි.. මේකා මැජික් එකක්.. ඇබ්බැහියක් එහෙම එකපාර නවතීද මැජික් එකක් නොවෙන්න.. ?
අනික මට දැනෙන්නෙවත් නැතුව..?
" යං... " මං බෝගෙ අතකින් ඇදගෙන ස්ටෙයාකේස් එක දිග උඩට ගියෙ ඒ ෆ්ලෝ එක තනිකර මගෙ විතරක් හින්දා.. අර පකයා අයියගෙ කාමරේ ලගින්න ගත්තට පස්සෙ මං ගෙදර බිත්තියක් කඩලා අලුතෙන්ම Suite එකක් හැදෙව්වා මටම කියලා. ඔය පකයා එක්ක එක හුලඟ හුස්ම ගන්නවත් ඕන්නෑ මට. ඒත් ඉදල හිටලවත් මුණගැහුනම මට බිත්තියට තද කරලා දත් එකින් එක ගලවලා බෙල්ල වටේ මාල බදින්න හිතෙනවා. අයියා ගැන හිතල ඌ වෙනුවෙන්මයි මං ගෙදරින් පිට වසන්නෙ.. මේ වෙලාවෙ නරක මිසක් බෝපත් මේ නරාවලට ඇදගෙන එන්න මගෙ තුන් හිතක ගෑවිලාවත් තිබ්බෙ නෑ.
මගෙ රූම් එකට බෝපත් එක්ක ගියාම කොල්ලා හෙන අන්කම්ෆටබල් වෙන්න ගත්ත වග මට තේරුණා.. බෝපත් මෙතන තනි කරලා යන්න බයකුත් දැනුන්නෑ කියන්නෑ. ඒත් එක අතකට තනියෙන් හැමදේම ඔලුවට දාගන්න එක කොල්ලට මං එක්ක ඉන්නවට වඩා ලේසි වෙයි..
" මැනික... මේ... " මං බෝපත්ව උස්සන් ගිහින් ඇදට දැම්මා... දාපු තැන පිටි මුට්ටෙ වගේ එහෙම්ම.. හුරතලයක් මේක. තොල් චුට්ටක් ඉබලා මං ඇදෙන් බැස්සෙ තව හිටියොත් මටම අමාරු වෙන වග දන්න හින්දා.. මැනික ලඟ නැතුව ඉන්න බැරි බැරි ගතියක් තිබ්බ මට දැන් දැන්..
" අයියා රෑ වෙද්දි එනවා. කෑම ගෙනත් දෙයි.. මං කියන්නං අම්මට ඔයා කන නොකන දේවල්. මං එන්න පරක්කු වුණොත් නිදාගන්න. දහයෙන් පස්සෙ ඇහැරල ඉන්න තහනම්.. ඕකේ? "
" ඔයා කොහෙද- "
" පොඩි ගමනක් යන්න වෙලා වස්තුව... අයියා විස්තරේ කියන්නංකො ඇවිදින්.. ආහ්.. මේ අයියගෙ ලැප් එක.. මේකෙ ෆිල්ම්ස් ඒම ඇති .. ආහ් ඉන්න. ටීවී එක දාල දෙන්නද. නෙට්ෆ්ලික්ස් දාල දෙන්නද සුදු මහත්තයට..? "
" මාවත් එක්ක යන්න.. මට මෙහෙ තනියෙන් ඉන්න බෑ.. "
" ඔයා එක්ක යන්න බැරි හින්දනෙ වස්තුව මෙහෙට ගෙනාවෙ. බය වෙන්න දෙයක් නෑ. ඔයා දොර ලොක් කරන් ඉන්න. මේඩ් හරි අම්මා හරි ආවොත් විතරක් අරින්න. "
" අනේ අයියෙ ම්- "
" කංකෙදිරියනං පටන්ගන්නෙපා වස්තුව මට කේන්ති යනවා ඔයා දන්නවා ඒක.. "
බෝපත් හරි අසරණ විදියට බිම බලාගත්තෙ.. පව් අප්පා.. සැර නොකර මට මෙතනින් යන්න හම්බෙන්නෙත් නෑ. ඒත් සැර කරලා හිතේ අමාරුවෙන් දාල යන්නෙ කෝමද මගෙ මැනික මම ?
පපුවට තුරුල් කරගෙන ඉදලා ඔලුවත් ඉබලා ඈත් වුණේ පුදුම අමාරුවෙන්.. කොල්ලට වඩා ඌ දාල යන්න මට අමාරුයි..
මේ පාර කෙලවීමට නියමිත හොදම එකෙන්.. ඒක නං ශුවර්.
" බෝ.. "
" ......... "
" බඩ පිරෙන්න කාල නිදාගන්න. මං අම්මගෙන් අහනවා හොදේ. "
" අද එනවද..? "
" ආවත් නැතත් දහය වෙද්දි නිදාගෙන ඉන්නෝන.. "
" මට කෝල් එකක් ගන්නවද දහයට කලින් එන්න බැරි වුනොත්..? "
" ගන්නං මැනික... "
" පරිස්සමෙන් අයියෙ.. "
පපුවම ඒ පින්වන්ත වචන දෙක පුරෝගෙන මං කාමරෙන් එලියට බැස්සෙ... දොර ලඟදි කදුලු සට සට ගාල වැටෙන්න ගත්තා..
මං පඩිපෙල් පල්ලෙහට බැස්සෙ අම්මගෙ කටහඩත් ඇහෙන නෑහෙන ගානට පහුකරගෙන..
.
" මචං කමලක්කා.. "
ගිම්හානටත් කෝල් එක ඇවිත් වගේ.. අම්මෙක් වගේ අපිව බලාගත්ත කට සැර වුණාට හිතේ දරදඩුවක් ගෑවිලාවත් නැති කමලක්කා ආපහු ලංකාවට එන්නෙ සීල් තියපු පෙට්ටියක කියලා විශ්වාස කරගන්න වෙනම ගේමක් දෙන්න වුණා..
ප්‍රශ්නවලින් පැනල යන එක සම්බන්ව ගෝල්ඩ් මෙඩ්ල්වලින් දමල ගහන්න වටින මට තිබ්බ එකම විසදුම බෝපත්ගෙ කන්වලින් මේ සිද්ධිය වසන් කරන එක..
මං කියලා වෙන මොනා කරන්නද..
ඌ ඔෆීශියලි අනාතයෙක් වුණා කියන ඇත්ත මට උගෙ අහිංසක ඇස් දෙක දිහා බලන් කියන්න බැරිකමක් දැනුණා..
ඒ ඇස් දෙකෙන් කඳුලක් වැටෙන්න නොදී බලාගන්නවා කියල මටම පොරොන්දු වුණ මට ඇස් තුවාල වෙලා ලේ ගලනකල් ඌ අඩාවි යි කියල හිතෙන කාරණාවක් ඒ අහිංසකම මූණ දිහා බලන් කියාගන්න බැරි මහ අසරණකමක් දැනුණා..
💚✨